අතුරුදන් වූ අය වෙනුවෙන්
මරණ සහතික වෙනුවට නොදුටු සහතික

ඇමැති වජිර අබේවර්ධන

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

නොයෙකුත් හේතූන් මත අතුරුදන්ව සිටින පුද්ගලයන් සඳහා මරණ සහතික වෙනුවට "නුදුටු සහතික" නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අතුරුදන්ව සිටින අයකුට මරණ සහතික නිකුත් කළ නොහැකි බව කී වජිර අබේවර්ධන මහතා මෙසේ අතුරුදන් වූ පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක්‌ රට පුරා සිsටින බව කීවේය.

මේ අය වෙනුවෙන් ඥතීන්ට "නුදුටු සහතික" නිකුත් කරන බවද ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී ඇති බවද කී ඇමැතිවරයා එය නීතියක්‌ බවට පත් කිරීම සඳහා මේ වනවිට නීති කෙටුම්පත් අංශයට භාරදී ඇතැයිද කීවේය.

අතුරුදන්ව සිටින්නේ රජයේ සේවකයකු නම් මෙම නුදුටු සහතිකය ඉදිරිපත් කර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකිවන බවද කී ඇමැතිවරයා නුදුටු සහතිකය නිකුත් කළ පසු එකී අතුරුදන් පුද්ගලයා යළිs පැමිණියහොත් එම සහතිකය මගින් ලැබෙන වරප්‍රසාද අහිමිවනු ඇතැයිද කීවේය. රට පුරා අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කරන ලෙස ඉල්ලා මාතර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව විවාදයට ගත් අවස්‌ථාවේදී ඇමැති වජිර අබේවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.