2030 ඉලක්‌ක කරගෙන විදුලි උත්පාදන සැලැස්‌මක්‌

ශිරාන් රණසිංහ

විදුලි ඉල්ලුම කළමනාකරණය කරමින් 2030 වසර ඉලක්‌ක කොට ගෙන විදුලි උත්පාදන සැලසුමක්‌ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්‌ඩලය පියවර ගෙන තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස්‌වලට අනුව මෙම විදුලි නිෂ්පාදන වැඩසටහන ක්‍රියාවට නැංවේ.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ මුළු විදුලි සැපයුමෙන් වැඩි කොටසක්‌ උත්පාදනය කරනු ලබන්නේ පොසිල ඉන්ධන මගින් වන අතර නව ජල විදුලි ව්‍යාපෘති ද නොමැති නිසා පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් වෙත යැම විදුලිබල මණ්‌ඩලයේ අරමුණ වී ඇත.

ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනතාවගෙන් සියයට

අනූ අටකට පමණ මේ වන විට විදුලිබල හිමිකම ලබාදී ඇති අතර 2030 වන විට රටේ සංවර්ධනයට සරිලන පරිදි පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන්වලින් විදුලිය උත්පාදනය කර නව විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීම මෙම සැලසුම යටතේ සිදුකෙරේ.

මේ අතර විදුලිය අරපරිස්‌සමින් භාවිතා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විදුලිබල මණ්‌ඩලය මේ වන විටත් පියවර ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.