විග්නේෂ්වරන්ගේ තුරුම්පු වරදියි

කීර්ති වර්ණකුලසූරිය

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා හිටපු කොටි ක්‍රියාකාරීන් 200 දෙනකුට පොදු සමාව ලබාගැනීමට උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධානය ගත් උත්සාහය මුළුමනින්ම අසාර්ථක වී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු කොටි ක්‍රියාකාරීන්ට පොදු සමාව දුන්නොත් අයිසිස්‌ ත්‍රස්‌තයන්ට ද පොදු සමාව දිය යුතු ද යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ විග්නේෂ්වරන්ගෙන් විමසා තිබේ.

මෙම කොටි ක්‍රියාකාරීන්ව මුදාගැනීමට උත්සාහ ගත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය කිරීම පරීක්‍ෂා කිරීම සඳහා වූ දේශීය විශේෂ අධිකරණය තුළින් ඔවුන්ව ගලවා ගැනීමට බව ආරංචි මාර්ග සපල කළේය.

එම විශේෂ අධිකරණය මගින් මානව හිමිකම් කඩ කළ කොටින්ට ද දඬුවම් කළ යුතු බව ජිනීවා යෝජනාවේ දක්‌වා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.