රට වෙනුවෙන් කැපවූ මාධ්‍යවේදීන්
දෙදෙනාට එල්ල වූ තර්ජනය හෙළා දකිනවා

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නිවේදනය කරයි

රටේ උන්නතිය උදෙසා කැපවූ මාධ්‍යවේදීන් දෙදෙනකුට එල්ල වූ තර්ජනය මුළුමනින්ම හෙලා දකින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හදිසි නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියි.

'දිවයින හා දෙරණ' මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වූ තර්ජනය හමුවේ එම මාධ්‍යවේදීහු වෙනුවෙන් එක්‌ව කටයුතු කරන රටවල් 10 ක සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සැදුම්ලත් එකී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රංජිත් සොයිසා මහතා සඳහන් කර ඇත.

තර්ජනයට ලක්‌වූ මෙම මාධ්‍යවේදීන් වසර ගණනක්‌ තිස්‌සේ රටේ ස්‌වෛරීභාවය සහ ඒකීය භාවය උදෙසා කැපවූ බවත් ඔවුන් දේශප්‍රේමීන් බවත් එම සන්දේශයේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙතද දන්වා යවා ඇතැයි හෙතෙම එම සන්දේශයේ දක්‌වා ඇත.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සන්දේශය ජනාධිපති අගමැති ඇතුළු ඇමැති මණ්‌ඩලයටද යවා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.