මහින්ද ගෙදර යවන්න පළමු වෙඩි මුරය තිබ්බේ ශෂින්ද්‍ර
- ඇමැති විජිත් විජයමුණි සොයිසා

සුජීව තත්සර

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යෑවීමටත්, සුද්දාගෙන් පස්‌සෙ ඌව පළාතට ලොකුම විනාශයක්‌ සිදු කිරීමටත් මූලික වුණේ ඌව හිටපු මහ ඇමැති, ශෂින්ද්‍ර රාජපක්‍ෂ බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

රුපියල් බිලියන පනස්‌ එකක වියදමින් ඉදිකළ, වැලිමඩ පහළ කිරින්ද වැව ගොවි අයිතියට පත් කිරීමෙන් පසු ඉකුත්දා පැවති ජනහමුවේදී අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ශෂින්ද්‍ර රාජපක්‍ෂ ශ්‍රීලනිපයත්, මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමාත් පරදවන්න පළමු වෙඩිමුරය පත්තු කළේ ඌව පළාතෙන්. එයා මහ ඇමැති වුණාට පස්‌සෙ පළාතේ ජන දුක හොයන්න ආවෙත් නෑ. වැඩ කළේ මොනරාගලට විතරයි. බදුල්ල අමතක කළා. ආවත් මිනිස්‌සු හමු වුණේ නැහැ. අපි එජාපයට ගියේ නෑ.

මේ ආණ්‌ඩුවට එකතුවෙලා ඇමැති පට්‌ටම් අරන් ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් රට නව මාවතකට ගෙන යන යහපාලනය වෙනුවෙන් පෙනී සිටීම තමයි සිදු කරන්නේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.