ප්‍රවීණ සංගීතවේදී තිස්‌සසිරි පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

සුජීව තත්සර

ප්‍රවීණ සංගීතවේදී තිස්‌සසිරි පෙරේරා මහතා ඊයේ (12 දා) අභාවප්‍රාප්ත විය.

පානදුර පදිංචිව සිටි ඒ මහතා දිගු කලක්‌ අසනීප තත්ත්වයෙන් පසුවිය. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වූ හෙතෙම ශ්‍රී ලංකා ගුවන් විදුලි වාදක මණ්‌ඩලයේද වාදන ශිල්පියකු ලෙස කටයුතු කළ අතර රාගධාරී සංගීතය, ජන සංගීතය සහ බටහිර සංගීතය පිළිබඳව ද මනා නිපුනත්වයක්‌ දැක්‌වීය. මෙරට ජනප්‍රිය ගායන ශිල්පීන් ගැයූ ගී රැසකම තනු නිර්මාණය කළ ඒ මහතා ඒ ඔස්‌සේ ජනතාවගේ හදවතට සමීප කලා ශිල්පියකු විය.

අභාවප්‍රාප්ත, සංගීතවේදී තිස්‌සසිරි පෙරේරා මහතාගේ දේහය අංක 310/ඒ උයන්කැලේ, ගාලු පාර පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (14 දා) ඉරිදා සිදු කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.