කිසිදු විදේශීය බලපෑමකට, බලවේගයකට
මම යටත් වෙන්නේ නැහැ

ජනපති මෛත්‍රිපාල සිරිසේන බලංගොඩදී කියයි

* ප්‍රතිවාදීන් නගන අසත්‍ය ප්‍රචාරවලට
   ඔබලා බියක්‌ ඇති කර ගන්න එපා
* 'ඇතැමුන් කියන ලෙස රට විනාශ කරන්න නොවේ'
  
ජනතා කැමැත්තෙන් මම ජනපති වුණේ රට ගොඩනැඟීමටයි

තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජනතා කැමැත්ත මත රට ගොඩනගන්න මිස ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන් කතා කරන ආකාරයට රට විනාශ කරන්න නොවේ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ බලංගොඩ කිරිමැටිතැන්න ඉදිකළ පෙරනිමි කොන්ක්‍රීට්‌ විදුලි කණු නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (12 වැනිදා) පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද මේ උත්සවයෙහි කතා කිරීමට මගේ බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ. එහෙත් අද දවසේ පුවත්පත් කියවීමෙන් පසුව සහ මෙම කර්මාන්ත ශාලාවේ ඉතිහාසය පිළිබ`ද ස`දහනේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ නම ස`දහන් වීමත්, මල්ලිකා රත්වත්තේ මැතිණිය දැකීමත් සමඟ මා අදහස්‌ කළා කෙටියෙන් යමක්‌ පැවසීම සුදුසුයි කියා.

මේ වැඩසටහනට මාව ගෙන්වා ගැනීමට කටයුතු කළ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමාටත් ඒ වගේම මාව උනන්දු කළ දිස්‌ත්‍රික්‌කයේ සියලු මැති ඇමතිවරුන්ටත් ස්‌තූතිය පුද කරනවා.

මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සම්බන්ධයෙන් සේනක ගුරුසිංහ මැතිතුමා ස`දහන් කළ කරුණුත් අපි ලබාගත් තොරතුරුත් පදනම් කරගෙන රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමාත් අපිත් මේ නිෂ්පාදන සියල්ලම රජයේ කටයුතු ස`දහා ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තීරණයකට එනු ලැබුවා.

ලෝකයේ සංවර්ධිත රටවල් සිය සංවර්ධනය සහ ජාතියේ දියුණුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨත්වයට සහ විශිෂ්ටත්වයට පත්වන්නේ තම ජාතීන් ස්‌ව ශක්‌තියෙන් ගොඩනැඟීම හේතුවෙනුයි. තම රටේ ශක්‌තිය කෙරෙහි විශ්වාසය තබා රට ගොඩනැඟීම ලෝකයේ සෑම රටකම අපි දකින දෙයක්‌.

අපේ රටට හිමි වසර දහස්‌ ගණනක මහා ගෞරවනීය ඉතිහාසයේ අපි සැමවිටම ස`දහන් කරන්නේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨ වු ගෞරවනීය කතාව පිළිබ`දවයි. ඒ ඉතිහාසයෙන් උරුමවූ අපේ ගෞරවය හා අභිමානයම වර්තමාන තාක්‌ෂණික ලෝකයේත් ලබා ගැනීම ස`දහා අප මුහුණ දිය යුතු අභියෝග රාශියක්‌ තිබෙනවා. අපේ රටේ සංවර්ධනයේ විවිධ දිශාවන්, ක්‌ෂේත්‍ර සහ මිනුම් ද`ඩු පිළිබ`ද විමසා බැලුවහොත්a රට ගොඩනැඟෙන්නට තිබෙන්නා වූ දුර්වලකම්, අඩුපාඩුකම් සොයා ගත හැකියි. ඒ වගේම ඒ අඩුපාඩු සිදුවූ බවට පිළිගත යුතු වෙනවා. මේ කර්මාන්ත ශාලාව ඒ අප දකින අඩුපාඩුව සම්පූර්ණ කරන්න යම් පියවරක්‌ තැබු වැදගත් ආයතනයක්‌ ලෙස මා දකිනවා.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ යුගයත්, විශේෂයෙන්ම එස්‌.ඩබ්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාගේ කාලයත් දේශීය කර්මාන්තවල පිබිදීමක්‌ ඇති වූ, ජනසතු ව්‍යාපාරවල මහා පරිවර්ථනයක්‌ ඇති වූ, දේශීයත්වය පිළිබ`දව ගොඩනැඟුණු යුගයන් බව අප කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා වූ කාරණයන්.

ඉන් පෙර ජාතික නිදහස්‌ අරගල සටනේ නායකත්වය දුන් ඒ යුගයේ නායකයා වූ ඩී.එස්‌. සේනානායක මැතිතුමාගේ කාලය පිළිබ`දව කතා කළ විට අපිට අනන්‍යවූ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්‌ ගොඩනැඟුණු, අපේ දේශීය ආර්ථිකය ශක්‌තිමත් කළ නායකයෙක්‌a විදියට අපි දකිනවා.

අපි අද දවස ගත්විට මේ රට ඉදිරියට ගෙනියන්නට තිබෙන ප්‍රධාන බාධාවන් සහ අභියෝග හ`දුනාගැනීම ප්‍රමුඛයි. දේශීය කර්මාන්ත ස්‌වශක්‌තියෙන් නැ`ගීමට අවශ්‍ය වටපිටාව සකස්‌ කළ යුතුයි. එමෙන්ම රටේ දස ලක්‌ෂ විසි එකක්‌ වන ජනතාවගේ අවශ්‍ය සියලු දේ හ`දුනාගෙන ඒවා නිෂ්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම නව තාක්‌ෂණික යුගයට අවශ්‍ය දේ මෙන්ම හෙට දවස ජය ගැනීමට නිර්මාණය කළ යුතුදේ පිළිබ`දව අප හ`දුනාගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

මම පැහැදිලිව යමක්‌ කියන්නට ඕන. ගිය අවුරුද්දේ 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක්‌ ඇතිවයි. ජනතාව බලාපොරොත්තු වන්නේ මේ රටේ ඒකීයභාවය, මේ රටේ දේශීය ආර්ථිකය ශක්‌තිමත් කිරීම. මේ රටේ සංස්‌කෘතික උරුමයන් ආරක්‌ෂා කිරීම, ජාතියක්‌ විදියට ඉදිරියට යන්නට අවශ්‍ය පරිවර්තනයන් නව යුගයට ගැලපෙන ආකාරයට සකස්‌ කිරීම. දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රතිසංස්‌කරණ පිළිබ`දව මේ යුගයට අවශ්‍ය හෙට දවසේ මේ රට ලෝකයේ තැබිය යුතු ස්‌ථානය පිළිබ`දව ආදී බලාපොරොත්තු රාශියක්‌ ඇතුවයි රටේ ජනතාව මාව ජනාධිපතිවරයා විදියට පත්කර ගත්තේ.

අපේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය පිළිබ`දව යම් යම් විවාදාත්මක කරුණු ඇතැම් වෙලාවට සමාජය තුළ සාකච්ඡා කෙරෙනවා. කැබිනට්‌ මණ්‌ඩලය තුළ පාර්ලිමේන්තුව තුළ මෙන්ම අද දොරේ ගලා යැමට දී තිබෙන නිදහස්‌ මාධ්‍ය තුළ බොහෝ දේ කතා කරනවා. ඇතැම් දේ සත්‍ය මෙන්ම ඇතැම් දේ අසත්‍ය යි. ඇතැම් දේ පිළිගන්නවා වගේම ඇතැම් දේ මම දැඩි ලෙස ප්‍රතික්‌ෂේප කරනවා. මම මෙතැනට පත්වූයේ ජනතාවගේ කැමැත්තේන් මේ රට ගොඩනගන්න, ඉදිරියට ගෙනයැමට මිසක්‌ ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන් කතා කරන ආකාරයට මේ රට විනාශ කරන්න නොවේ.

මම කිසිදු විදේශීය බලපෑමකට, බලවේගයකට යටත් වන කෙනෙක්‌ නොවේ. මේ රට වෙනුවෙන්. මේ රටේ ගෞරවය ආරක්‌ෂා කරන්න සැමවිටම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙනෙක්‌ මම. එය ඉතා පැහැදිලිව කියන්නට ඕන. මම ලබන ස`දුදා යනවා ජර්මනියට. එතැනින් දවස්‌ 03 ට යනවා ඕස්‌ටි්‍රයාවට.

වෙළෝද, ආර්ථික, අධ්‍යාපන සහ තාක්‌ෂණික දේ සම්බන්ධයෙන් වූ ගිවිසුම් ස`දහා අපි ජර්මනිය සහ ඕස්‌ටි්‍රයාව සමඟ ගිවිසුම් ගණනාවක්‌ අත්සන් කරනවා. ඒ සියල්ල මේ රටේ යහපත ස`දහායි. අද දරුවන්ට සේම හෙට උපදින දරුවන්ටත් නව ක්‍රමවේදයන්, නව ආර්ථික සැලසුම් අවශ්‍ය වෙනවා. අපි ඒවා දියුණු රටවලින් ලබාගත යුතුයි. නව සැලසුම් දියුණු රටවලින් ලබාගැනීමේදී දේශීය සංස්‌කෘතියට හෝ වෙනයම් දෙයකට කිසිම ආකාරයක හානිදායක, අලාභයක්‌ වන දෙයක්‌ අප නොකරන බව මම පැහැදිලිවම කියන්නට කැමතියි. දේශපාලන ප්‍රතිවාදීන් නොයෙකුත් අසත්‍ය දේවල් ප්‍රකාශ කර ජනතාව මුලා කිරීමට උත්සහ ගත්තත් ජනතාව බියක්‌ ඇතිකරගත යුතු නැහැ.

අපි අනාගතයේදී ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට නියමිතව තිබෙන ගිවිසුමක්‌ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඇතැමුන් පෙළපාලි, උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. එය අද උදේ පුවත්පත්වලත් වාර්තා කර තිබුණා. මීට දින තුනකට පෙර අපේ අයි.ටී. ඉංජිනේරුවන්ගේ සංගමය මාව හමුවුණා. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට බලාපොරොත්තුවන ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස්‌ එහිදී ඉදිරිපත් කළා. ඒ වගේම පෙරේදා සන්ධ්‍යාවේ තරුණ දේශීය ව්‍යාපාරිකයින්ගේ සංගමය මාව හමුවුණා. ඒ අයත් මේ සම්බන්ධයෙන් කතා කළා.

ඇතැමුන් ගමේ පාසැල් දරුවාගේ සිට දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ආයතන මේ සියල්ල විනාශ කිරීම ස`දහා අන්තර්ජාලය භාවිතා කරනවා. නවීන තාක්‌ෂණයේ ප්‍රතිථලයන් ලෙසට බිහිවූ වෙබ් අඩවි නිර්මාණය කළේ දියුණු මිනිසා ස`දහායි. දියුණු මිනිසුන් මේවා නිර්මාණය කළේ මිනිසුන් ස`දහා මිස මිනිසුන් තුළ සිටින සතුන් ස`දහා නොවේ. උගතුන්ට බුද්ධිමතුන්ට මානව හිතවාදීන්ට සිය දැනුම, අවබෝධය, පරිණතභාවය පාව්ච්චි කරමින් රටක මිනිසුන් ගොඩනගන්න ඉදිරිපත් වන සැබෑ වූ මිනිසුන්ටයි මේවා නිර්මාණය කළේ.

නමුත් සෑම තැනම සිටින අයහපත් කියන අය යහපත් දේ අයහපත් ලෙස භාවිතා කරනවා. පසුගිය සතියේ දිවයිනට පැමිණි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්‌වරයා දින තුනක්‌ මෙරට

රැ`දී සිටියා. ඒ දින තුන තුළ එතුමා රටේ බොහෝ ප්‍රදේශවලට ගියා. යුද්ධය පැවති උතුරට, නැගෙනහිරට, දකුණට ගියා. කන්ද උඩරටට ගියා. දළදා වහන්සේ වැ`ද පුදා ගත්තා. එතුමා අගමැතිතුමාව හමුවෙලා, දේශපාලඥයන් හමුවෙලා, රාජ්‍ය නිලධාරීන් හමුවීමෙනුත් පසුවයි මාව හමුවූණේa.

එතුමා මාව මුණගැසුණුq අවස්‌ථාවේ මම ඇහුවා ඔබ දින තුනක්‌ මෙරට සිටියා. බොහෝ දේවල් දකින්නට ඇති අසන්නට ඇති. මගේ වසරක පාලන කාලය පිළිබ`දව ඔබේ අදහස කුමක්‌ද? කියා. මහකොමසාරිස්‌වරයා පැවසුවේ ඔබේ වසරක පාලන කාලය පිළිබ`දව මා ඉතාමත් සතුටට පත්වෙනවා කියලා. එලෙසම මේ රට දියුණු කරන්න අවශ්‍ය සහයෝගය කුමක්‌ද ඒ සියල්ල කිසිම අඩුවක්‌ නැතිව ලබාදෙනවා කියන එක එතුමා පැහැදිලිව මා සමඟ ප්‍රකාශ කළා.

පහළ වැටි තිබෙන අපේ විදේශ වෙළෝදපල අප විසින් ශක්‌තිමත් කර විදේශ සම්පත් වැඩි දියුණු කර ගැනීම අවශ්‍යයි. ඒ ස`දහා විදේශ වෙළෝදපලට අවශ්‍යදේ මේ රටේ නිෂ්පාදනය කිරීමට දේශීය කර්මාන්තකරුවා, ඉංජිනේරුවරයා, බුද්ධිමතා ශක්‌තිමත් කළ යුතුයි. බලවත් රටවලින් අපිට නියෝග නැහැ. බලපෑමි නැහැ. තර්ජන නැහැ. මා දුටුවා සමහර නායකයෝ රජයට චෝදනා කරමින් මාධ්‍ය වෙත නොයෙකුත් දේ පවසනවා. මම ඒ අයට කියන්නට ඕනෑ ඒ අය කරපු දේ තමයි අපිට හෝදන්න වෙලා තියෙන්නේ කියලා.අපිට නිදහසේ සතුටෙන් ස්‌වාධීන රටක්‌ ලෙසට කටයුතු කරමින් ලෝකය ජය ගැනීමට දැන් අවස්‌ථාව උදාවී තිබෙනවා. ඒ ස`දහා අපි සියලු දෙනා එකට එක්‌විය යුතුයි. කෘෂිකර්මාන්තය ප්‍රමුඛ දේශීය ආර්ථිකය ශක්‌තිමත් කරන්නට මෙන්ම විදේශීය වෙළෝදපොල ජයගැනීමට ශක්‌තිය සැපයීම අපේ වගකීමක්‌ ලෙස සිතා අප කටයුතු කරනවා.

එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය, අනෙකුත් පක්‌aෂ එකතුකරගෙන මේ කරන්නේ රට ඉදිරියට ගෙනයැමයි. එළහරකයි මී හරකයි දෙපැත්තට අදිනවා වගේ සමහර අය මේ පක්‌ෂ දෙක දෙපැත්තට අදින්නයි හදන්නේ. වසර හැට ගණනක්‌ අශීලාචාර ලෙස දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනගාගෙන මිනීsමරාගෙන, දේපල විනාශ කරන, රැකියා දහස්‌ ගණනක්‌ නැති කළ පශ්චාත් මැතිවරණ සමයන් තිබුණේ. ඒ අමිහිරි දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කර සැබෑ ප්‍රජතන්ත්‍රවාදී නිදහසක්‌ උරුම කිරීමටයි ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක එකතුවී මේ අසීරු ගමනක්‌ යන්නේ. ඒ ගමනටයි ඇතැමුන් මේ බාධා එල්ල කරමින් සිටින්නේ.

රටේ සංවර්ධන ගමනට මෙවැනි දේශීය කර්මාන්ත ඉතාම ශක්‌තියක්‌. මෙවැනි දේශීය කරමාන්තකරුවන්ට සිය කර්මාන්තයන් කරගෙන යැමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් අප දැනුවත් කරන ලෙස මම විවෘත ආරාධනයක්‌ කරන්නට කැමතියි. සාකච්ඡා කර ඒ ආයතන දියුණු කරන්න යම් බාධාවන් තිබෙනවනම් ඒවා ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

සිය රට දේ සිරි සැප දේ කියමනේ පරිදි අපේ දේ අගය කිරීම, අපේ උරුමයන් ආරක්‌ෂා කිරීම අප කළ යුතුයි. අපි සැමවිටම විශ්වාසය තැබිය යුත්තේ අපේ දේ පිළිබ`දවයි. ඒ වගේම මේ කර්මාන්තය ඉදිරියට ගෙනයාම ස`දහා රජයක්‌ විදියට දිය හැකි සහයෝගය අපි ලබාදීමට කටයුතු කරනවා.

ඒ වගේම සේනක ගුරුසිංහ මැතිතුමාට, අධ්‍යක්‌ෂ මණ්‌ඩලය ඇතුළු කාර්ය මණ්‌ඩලයට මම සුබ පතනවා. ස්‌තූතියි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.