ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතවරු බෙදුණොත් පරාජය අනිවාර්යයි
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා

නිර්මලා ලෙනගලආරච්චි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පළාත් පාලන නියෝජිතවරු පක්‍ෂවලට බෙදුණහොත් එය පක්‍ෂයට බලවත් පාඩුවක්‌ වන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (12 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවසීය.

මෙරට දේශපාලන ඉතිහාසය තුළ ප්‍රගතිශීලී ඡන්ද බෙදුණු සෑම අවස්‌ථාවකම ඔවුන් මැතිවරණ පරාජය වූ බවත්, පළාත් පාලන නියෝජිතවරු බෙදුණහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයට බලවත් පාඩුවක්‌ මෙන්ම බලාපොරොත්තු වූ ජයග්‍රහණය හිමි නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා, පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවැති රජය ඇමෙරිකන් ඩොලර් බිලියන 250 ක්‌ වටිනා ව්‍යාපෘති කිසිදු ආකාරයක ප්‍රතිපාදන නොමැතිව ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකුවලින් මුදල් යොමුකර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විගණනය පිළිබඳ පරීක්‍ෂණය හරහා නෛතික වශයෙන් සොයාබැලීමට මාර්තු මස මුල සිට ආරම්භ කරනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.