ඉන්දියාවෙන් ගිලන් රථ සේවාවට
රියෑදුරන් ගත්තේ මෙරටින් පමණයි

නි. ඇමැති හර්ෂ ද සිල්වා

ඉන්දීය රජයේ ආධාර මත ආරම්භ කළ නොමිලේ ගිලන් රථ සේවාව සඳහා ඉන්දියාවෙන් රියෑදුරන් ගේනවා යෑයි සමහරු පැවසුවත් මෙම වැඩසටහන ඔස්‌සේ රැකියා ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඉන්දීය රජය මගින් ප්‍රදානය කරනු ලබන රුපියල් කෝටි 76 ක මුදලින් මිලදී ගනු ලබන ගිලන් රථ ධාවනය සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම සඳහා ඉකුත් 10 වැනිදා ඇතුල්කෝට්‌ටේ සිංහ සමාජ ශාලාවේදී පැවැති උත්සවයේදී හෙතෙම මේ බැව් පැවසීය.

මෙම වැඩසටහන යටතේ මුල් අදියරේදී රැකියා අවස්‌ථා 600 ක්‌ හිමිවන බව පැවසූ නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ගිලන් රථ 297 ක්‌ යොදාගනිමින් රට පුරා හදිසි ගිලන් රථ සේවයක්‌ ආරම්භ කරන බවත් එම සේවය ජනතාවට නොමිලයේ ලබාගත හැකි බවත් සඳහන් කළේය.

පළමු අදියරේදී මෙම සේවාව බස්‌නාහිර පළාත තුළ ක්‍රියාත්මක වේ. මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද සහභාගි විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.