මාස්‌ කන්නයේ වී මිලදී ගැනීමේදී දැනට ගන්න කිලෝ 2000 පන්දහසක්‌ කරන්න නැත්නම් පාරට බහිනවා
පොලොන්නරුව ගොවි සමිති කියයි

කරුණාරත්න ගමගේ

මෙවර මාස්‌ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දැනට එක්‌ ගොවියකුගෙන් මිලදී ගනු ලබන වී කිලෝ දෙදහසක උපරිමය වී කිලෝ පන්දහස දක්‌වා වැඩි කර දෙන ලෙස පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවි සංවිධාන සභාපතිවරු ඉල්ලා සිටිති.

එසේ නොකළහොත් ඉදිරි දිනවලදී ඒ වෙනුවෙන් ගොවීන් පාරට බැසීම නොවැළැක්‌විය හැකි බවත් තමන්ට ඊට එක්‌වන්නට සිදුවන බව ද ඔවුහු කියා සිටියහ.

ගොවි සංවිධාන සභාපතිවරුන් මේ බව කියා සිටියේ මෙවර මාස්‌ කන්නයේ ගොවීන්ගේ වී අස්‌වනු මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ඊයේ (12 දා) දහවල් පැවැති රැස්‌වීමේදීය.

පොලොන්නරුව අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම රැස්‌වීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති ජයන්ත සේනානායක, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න යන මහත්වරුන් ද වී අලෙවි මණ්‌ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක, දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවිජන සේවා, වාරිමාර්ග ඇතුළු දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු ද ගොවි සංවිධාන සභාපතිවරුන් ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.