යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට
මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌


සිරිමෙවන් කස්‌තුරිආරච්චි

මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ විශ්‍රාම යැමෙන් පසු මාස 1 1/2 ක පමණ කාලයක්‌ පුරප්පාඩුව පැවැති යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්‌ ඊයේ (12 වැනිදා) සවස පත්කර ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිව කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් පීරිස්‌ සන්නාහ සන්නද්ධ බළකායට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

හෙතෙම සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු අධිපති ලෙස ද කටයුතු කරයි.

1980 අප්‍රේල් 28 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳී ඉන්දියාවේ පාඨමාලා අංක 01 යටතේ පුහුණුව ලැබූ මේජර් ජෙනරාල් පීරිස්‌ සිය සේවා කාලය තුළ යුද හමුදාවේ අණ හා මාණ්‌ඩලික තනතුරු රැසක්‌ ඉසිලූ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.