යුදමය නටබුන් මහජන ප්‍රදර්ශනයට සුදුසු නෑ
මනෝ ගනේෂන්

හමුදා කඳවුරු පිළිබඳ සලකා බැලීමට ආණ්‌ඩුව තීරණය කර තිබෙනවා
- ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

සාම්පූර්හි පිහිටි විදුර කඳවුර වෙනත් තැනක පිහිටුවීමට සහ ත්‍රි'මලයේ අනෙකුත් හමුදා කඳවුරු පිළිබඳ සලකා බැලීමටත් ආණ්‌ඩුව තීරණය කර ඇතැයි සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු වෙනත් ස්‌ථානවල පිහිටුවන ලෙසට එජාප මන්ත්‍රී අබ්දුල්ලාහ් මහරුµa මහතා ගෙන ආ පෞද්ගලික යෝජනාව විවාද කළ අවස්‌ථාවේදී ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (12 දා) පස්‌වරු 1.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපිලේඛණ සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

මීළඟට ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ඇරඹිණි.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා -

ශ්‍රී ලංකා ජල තීරයෙන් පිටත වැරදි කරන අයට වැඩි දඩ මුදලක්‌ අය කිරීමට මෙය ඉදිරිපත්a කරනවා. යුරෝපා කොමිසම නව මාර්ග සිතියමක්‌ හැදුවා. අප ඒ අනුව කටයුතු කළා.

පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කෙරිණි.

ඉන්පසුව පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනිණ. පළමුව මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ යෝජනාව විවාද කෙරිණි. (නියෝජ්‍ය කථානායකවරයා මුලසුනට පැමිණේ.)

බුද්ධික පතිරණ මහතා - උතුරු නැගෙනහිර අතුරුදන් වූ දෙමළ ජනතාවගේ මරණ සහතික ලබාදීම සඳහා යෝජනා කරනවා.

ඇමැති රවුµa හකීම් මහතා - දෙමළ කියා නොකියා සියලු ජාතීන් ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලනවා.

බුද්ධික පතිරණ මහතා - මම එය මගේ කතාවේදී සඳහන් කරනවා. මුස්‌ලිම් හා සිංහල ජනතාව මේ ගැටලුව නිසා පීඩා විඳින බවට මට ලිපි ආවා. මාතර, හම්බන්තොට, සංචාරක ධීවරයන්ටත් මේ නිසා අගතියක්‌ සිදුව තිබෙනවා. නැගෙනහිර මුස්‌ලිම් ජනතාව අතරත් මෙසේ අතුරුදන්වීම් සිදුව තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදන්ව ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සිටීද නැද්ද යන්න කඩිනමින් පරීක්‍ෂණ පවත්වනවා. ඔවුන් ජීවතුන් අතර නැතිනම් ඔවුන්ට මරණ සහතික ලබාදිය යුතුයි. අසූව අනූව අරගලවලදී දකුණේත් මෙවැනි සිදුවීම් වුණා.

රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා - මේක මුළු මහත් රටටම තිබෙන ප්‍රශ්නයක්‌.

මෑත අතීතයේ ස්‌වභාවික ව්‍යසන අතුරුදන් වූවන්ට මරණ සහතික නිකුත් කිරීමේ ප්‍රතිපාදන අපේ නීතියේ නෑ. එය මඟහරින්න 2010 දී පනතක්‌ හඳුන්වා දුන්නා. ඒ පනතිනුත් යම් යම් අවස්‌ථා මඟහැරුණා.

මුළු රටේ 20000 කට අධික පිරිසක්‌ ඉන්නවා මරණ සහතික නිකුත් කළ නොහැකි. මේ වන විට කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කර දැනට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මින් ඉදිරියට වර්ෂ කිහිපයක්‌ යමෙකු දුටුවේ නැත්නම් "නුදුටු සහතිකය" නිකුත් කරනවා.

පත්කළ මන්ත්‍රී (ජවිපෙ) බිමල් රත්නායක මහතා -

පසුගිය යුද්ධයේදී එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධව කටයුතු කළ මියගිය අයට මරණ සහතිකයට පෙර ග්‍රාම නිලධාරි සහතිකය ගැනීමේදී ඒ සඳහා අසීරු බවක්‌ තිබෙනවා. ජංගම සේවා පවත්වා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

ඒ මරණ සහතිකයට අමතරව මේ ප්‍රදේශවල පුද්ගලයන්ගේ අධ්‍යාපන සහතික විනාශ වෙලා මේක පොදු ප්‍රශ්නයක්‌.

තමන්ගේ දරුවා මළා කියා පිළිගන්න කවුරුත් කැමති නෑ.

වජිර අබේවර්ධන මහතා - අතුරුදන් අයකුට මරණ සහතිකය දෙන්න බෑ. මේ නොදුටු සහතිකය මගින් රජයේ සේවකයෙක්‌ නම් අදාළ වැන්දඹුවට විශ්‍රාම වැටුප් ගත හැකියි. තවත් වරප්‍රසාද තිබෙනවා මෙය ලොව රටවල ක්‍රියාත්මකයි.

මීළඟට ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අබ්දුල්ලාහ් මහරුµa මහතා පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.

ත්‍රිකුණාමලයේ පිහිටි හමුදා කඳවුරු වෙනත් ස්‌ථානවල පිහිටුවන ලෙස යෝජනා කරනවා. ත්‍රිකුණාමලය නාවික කඳවුර, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශය සඳහා ප්‍රධාන හමුදා කඳවුර වුවද යුද්ධය අවසන් වූ පසු පුල්මුඩේ සිට ලංකා පටුන දක්‌වා වූ ප්‍රදේශයේ කුඩා නාවික හමුදා සහ යුද හමුදා කඳවුරු ගණනාවක්‌ පිහිටුවා තිබෙනවා. මේවා ධීවරයන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම්වලට බාධකයන්.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) අලිසහිර් මවුලානා මහතා -

ජනතාවට, රජයට අයිති හැම ඉඩමකම හමුදා කඳවුරු තිබෙනවා. මේවා ඉවත් කළ යුතුයි කියා කියන්නේ නෑ. අවශ්‍යතාව අනුව පර්චස්‌ කීපයක මේ කඳවුරු ස්‌ථාපිත කළ හැකියි. අක්‌කර තුන්සීයක්‌ හාරසීයක්‌ අවශ්‍ය නෑ.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ (ද්‍රජාස) මන්ත්‍රීS ඥණමුත්තු ශ්‍රී නේෂන් මහතා -

හමුදා ආධිපත්‍ය පැතිරවීම සඳහා පිහිටුවූ මෙම කඳවුරු දැන් අඩුවීමක්‌ දක්‌නට ලැබෙනවා. තවත් අඩු කළ යුතුයි. බහුතර ඉඩම් අද ජනතාවට අහිමි වෙලා. අද යහපාලනය ඇතිව තිබෙනවා. මේ ප්‍රශ්න ගැන අද අපට කතා කළ හැකිව තිබෙනවා. මඩකලපුව ගුවන් හමුදා ප්‍රදේශයේ ජනතාවට ලබාදිය යුතුයි.

සභානායක ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා -

සාම්පූර්හි තිබෙන විදුර කඳවුර වෙනත් තැනක පිහිටුවීමට තීරණය කර තිබෙනවා. අනෙක්‌ කඳවුරු ගැන නුදුරේදීම ආණ්‌ඩුව තීරණයක්‌ ගන්නවා.

මීළඟට ඩග්ලස්‌ දේවානන්ද මහතා ගෙන ආ පෞද්ගලික යෝජනාව විවාද කෙරිණි. සිය යෝජනාව ගෙන එමින් දේවානන්දා මහතා මෙසේ කීය.

රට තුළ තිබෙන යුදමය නටබුන් ප්‍රතිසංස්‌කරණය කර ජනතා යහපත පිණිස යොදාගන්නා ලෙස යෝජනා කරනවා. උතුරු නැගෙනහිර ඇතුළු රටේ සියලුම ප්‍රදේශවල විනාශ වී තිබෙන ගොඩනැඟිලි, ජල ටැංකි, දුම්රිය, බස්‌ රථ හා ගුවන් යානා ආදිය ප්‍රදර්ශන ස්‌ථාන ලෙසත් ආරක්‍ෂක ස්‌ථාන ලෙසත් රජයේ වියදමින් නඩත්තු කර පවත්වාගෙන යැම ජාතීන් අතර සංහිඳියාවට බාධාවක්‌. තරුණ පරපුර සහ අනාගත පරපුර අතරින් අපේ යුධමය තත්ත්වයන් මතකයන් තුරන් කිරීම සඳහා මෙලෙස විනාශ වූ ස්‌ථාන හා දේපළ යළිs ප්‍රතිසංස්‌කරණය කර ජනතා යහපතට යොදාගත යුතුයි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා -

විනාශයේ නටබුන් ලෙස නොව දැනුම් සම්භාරයක සම්පත් ලෙස මේවා යොදාගත යුතුයි.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්‌කෘතික ඇමැති එස්‌. බී. නාවින්න මහතා -

එකමුතුකම වැදගත්. ජනාධිපතිතුමා, අගමැතිතුමා පසුගිය කාලයේ යාපනයට ගිහින් අඩුපාඩු රැසක්‌ සම්පූර්ණ කරන්න පියවර ගත්තා. අද අපේ පාර්ලිමේන්තුව තුළත් සංහිඳියාවක්‌ තියෙනවා. පරණ දේ පෙනෙන්න තිබුණම හිතට වෛරයක්‌ දැනෙනවා. යාපනේ දැක්‌කාම යුද්ධයක්‌ තිබුණද කියා හිතාගන්නත් බෑ. මේ යෝජනාව හොඳයි.

ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා -

යුද්ධයේ නටබුන් තවත් ප්‍රදර්ශනය කරනවාට වඩා අපි ඒවා විනාශ කළ යුතුයි. රට තුළ ජනතාව එක්‌සත්ව සිටිය යුතුයි.

පාර්ලිමේන්තුව මෙම 23 වැනිදා පස්‌වරු 1.00 තෙක්‌ කල් තැබිණි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.