FCID අහෝසි කරන්නේ නෑ
ආණ්‌ඩුව තීරණය කරයි

නිලන්ත මදුරාවල

කුමන විරෝධතා එල්ල වුවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය අහෝසි නොකිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය අහෝසි කළහොත් දැනට කෙරෙන පරීක්‌ෂණ සියල්ල නතර කිරීමට සිදු වනවා පමණක්‌ නොව ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත පරීක්‌ෂණ ද අත්හැර දැමීමට සිදුවීම ඉහත තීරණය ගැනීමට හේතු වී තිබේ. හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟම එම ඒකකයට එරෙහි විරෝධය උත්සන්න වීම පිළිබඳව පසුගියදා පැවැති සාකච්ඡාවේදී දැඩි අවධානය යොමු වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂය පමණක්‌ නොව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට දැඩි විරෝධය පළ කරමින් සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.