සිංහල නිෂ්පන්න කවිය
අලංකාරවාදී වැල්ලේ ගිලී ගියේද ?


ආරියවංශ රණවීර

සිංහල කවියේ මුල් සුහුඹුල් ලක්‍ෂණ අපට සොයාගත හැකි වනුයේ සෙල්ලිපිවලය. සිංහලයා හෝඩියක්‌ නිර්මාණය කිරීමේ ඉතිහාසය ක්‍රි. පූ. 5 වන සියවස දක්‌වා දිsවෙන බවට යම් යම් සාධක ඇතැයි පැවසුවද, අපේ ශිලා ලිපියේ ඉතිහාසය නිශ්චිත ලෙස සටහන් කළ හැක්‌කේ ක්‍රි. පූ. 3 වන සියවසේ සිට යයි විද්වත්හු පවසති. ''ලංකාවේ ඉතාම පැරණි ශිලා ලේඛන ක්‍රි. ව. 3 වන සියවසට පෙර යෑයි කිව හැකිය.'' සිංහල ශිලාලේඛන - ඩබ්ලිව්. එස්‌. කරුණාරත්න -2 පිටුව. ඉතා පැරණි ලිපි ලෙස සැළකෙන වෙස්‌සගිරි ලෙන් ලිපිවලින් එකක්‌ ඩබ්ලිව්. එස්‌. කරුණාරත්න මහතා තමාගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.

''පරුමක පලිකඩ පුත උපසක හරුමස

ලෙනෙ චතුදිස ෂගස්‌'

(ප්‍රමුඛයෙක්‌ වූ වලිකඩ නමැත්තාගේ පුත්‍ර හරුම උපාසකයාගේ ලෙන, සිව්දිසින් එන සංඝයාට)

ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි මගින් නම් කළ හැකි මේ ශිලා ලිපිවල ආදිතම උදාහරණයන්ගෙන් අපට පෙනෙනුයේ ඒවායෙන් ඉතා කෙටි පණිවිඩයක්‌ දීම අපේක්‍ෂාව බවයි. මෙය පණිවිඩයක්‌ පමණක්‌ ප්‍රකාශ කිරීමේ මුල් ස්‌වරූපය, පොදුවේ ගත් විට අපගේ ශිලා ලිපිවල 8 වන සියවස දක්‌වාම පාහේ පෙනී යන බව සෙල්ලිපි අධ්‍යයනය කරන්නකුට වැටහේ. කෙසේ වුවද, ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 8 වන සියවස දක්‌වා කාලය තුළ, ඉතා කෙටි පණිවිඩයක්‌ දීමට පමණක්‌ පොහොසත් වූ සිංහල භාෂාව, ඊට වඩා වැඩි ව්‍යක්‌ත බවක්‌ කෙමෙන් ලබා ගන්නා අයුරු ද මෙහිදී විද්‍යමාන වේ. එමෙන්ම සිංහල හෝඩියද මේ කාලය තුළ කෙමෙන් වැඩි වර්ධනය වූ අයුරු පැහැදිssළිය. මුල් බ්‍රාහ්මී අක්‍ෂර සිංහල අක්‍ෂර මාලාවේ ස්‌වාධීන ලක්‍ෂණ ගෙන වැඩෙන්නේ 9 වන ශතවර්ෂයේ සිටය. මේ වර්ධනය පැහැදිsළි වන උදාහරණයක්‌ දළ මුගලන් රජුගේ නිලගම සෙල්ලිපියෙන් හෙළි වේ.

''සිද්ධම් පුවින මපුරපු බුධස දළි මුගලන

මහරජි අප ඉනි වතලග අටම අවනක

වශිනි වෙසෙක වදහි අටවැසි පොහොයි දවස

නිලගමතිස අරම් රජි මහ වෙහෙරට සිය දිසි වගෙ රිල වඳිමි ගල අරකි''

මෙහිදී සඳහන් වන්නේද දළ මුගලන් රජු විසින් නිලගම විහාරයට ලබා දුන් වරප්‍රසාද වුවත්, මුල්ම ලෙන් ලිපිවලින් පවසනුවාට වඩා වැඩි අදහස්‌ මාලාවක්‌ බසින් ගත හැකි පමණට ලිත බසෙහි වර්ධනයක්‌ වී ඇති බවය. බසකින් අදහස්‌ ප්‍රකාශ කිරීමේ ව්‍යක්‌ත බව වැඩෙත්ම එය කවියට දොර විවෘත කිරීමක්‌ වැනිය.

සෙල්ලිපිවල සඳහන් ගද්‍ය ස්‌වරූපය විරිත් සහිත පද්‍යයකට පරිවර්තනය කිරීම, ක්‍රි. පූ. 1 වන සියවස පමණ කාලයේ පටන් අපගේ ශිලා ලිපිවල සටහන්ව තිබීම සැලකිය යුත්තකි. එය බස නවා තලා සකස්‌ කිරීමට තරම් සුරු වන තරමට බස සුඛනම්‍ය වීමේ ලක්‍ෂණයකි. කොස්‌ගම කන්ද ශිලා ලිපිය මේවා අතර ආදිතම එකකි.

''මහා රක්‌ඛග ගමණි

අභයහ දෙවින පියශ

රමණි බරිය විලක තිශ

විහරේ හරිත කතිය''

මෙහි නම් සඳහන් ගමණි ක්‍රි. පූ. 168 - 137 දක්‌වා රජකම් කළ දුටුගැමුණු රජතුමා බව බොහෝ පඬුවන්ගේ මතයයි. මේ රජතුමන්ගේ රමණීය භාර්යාව වන කතී නමැත්තිය මිලකතිස්‌ස විහාරය කළ බව මේ පැදියෙහි සඳහන්ය.

මින් පෙර ලියෑවුණු සෙල්ලිපිවලට වඩා මෙහි ඇති විශේෂ ලක්‍ෂණ කිහිපයකි. 'රමණි බරිය' වැනි විශේෂණ පදයක්‌ මේ බිසවට ආරෝපණය කිරීම විශේෂය. කෙමෙන් හුදු ප්‍රකාශනයට පමණක්‌ නොව, ඊට වැඩි අලංකාරයක්‌ එක්‌ කිරීමේ ප්‍රවණතාවයක්‌ මෙහිදී පෙනේ. දෙවැන්න නම් මේ ගීය මාත්‍රා මත පිහිටුවා තිබීමයි. එම මාත්‍රා 8 - 10 - 11 බැගින් පිහිටුවා ඇත.

''මෙය ගද්‍ය රීති අනුව නම් පිහිටුවිය යුත්තේ, දෙවැනි පියශ ගාමිණී අභයහ මහරක්‌ඛග රමණි බරිය කතිය මිලක තිසෙ විහරෙ හරිතා යනුවෙනි. නමුත් මෙම ලිපියේ මහ රක්‌ඛග, දෙවන පිය, කතිය යන වචන වෙනත් තැන්හි යොදා ඇත්තේ යාගී විරිත අනුව මාත්‍රා හා සඳැස්‌ සකස්‌ කර ගැනීමට අවශ්‍ය වූ බැවින් බව මහාචාර්ය සෙනරත් පරණ විතාන ශූරීන් ද පෙන්වා දී ඇත. රමණිබරිය හා කතිය යන වචන දෙක අතරෙහි කර්මය හා ආඛ්‍යාතය යොදා ඇති ආකාරය අනුවද අපට එය තවදුරටත් පැහැදිළි වේ.''

(සිංහල සෙල් ලිපි ගී - දොරවක යසකුල චන්ද්‍රසිරි - 14 පිටුව)

සෙල්ලිsපි කවියේ මුල් ලක්‍ෂණ අපට ක්‍රි. පූ. 1වන සියවස තරම් ඈත කාලයේ සිට විද්‍යමාන වේ. කවියක්‌ තැනීමේදී කවියා විසින් ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක්‌ වේ. එනම් කවියේ ගර්භය තුළ බහාලීම සඳහා වූ අවශ්‍යම වන්නා වූ වදන් තෝරා ගැනීමයි. අනවශ්‍ය වදන් බැහැර කිරීමයි. සෙල්ලිපි කවියක කවියක්‌ ගොතන විට මේ අවශ්‍යතාවය තවත් තීව්‍ර වේ. මන්ද යත් කවියාට තම කවිය සටහන් කිරීමට ඇති භෞතික අවකාශයද ඉතා සීමිත වීමෙනි. සෙල්ලිපියේ භෞතික ඉඩකඩ සලකා මේ වචන විචක්‍ෂණ ලෙස එක්‌තැන් කිරීමට කවියා පෙළඹේ. කවියට අවැසි ගුණයක්‌ වන සංක්‍ෂිප්ත බව මෙහිදී පෙරට ඒ.

''තර`ග වැල රැළි හොත් - මහමුන්ද් මේ නිල් උපුල්

හන් නුබ ග`ග මෙදළ ලෙළ මුත් හරින් සොබනා''

තිස්‌සමහාරාමයේ රණකෙළිය බිමින් හමු වී දැනට කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ටැම් ලිපියක මේ කව සටහන් වේ. මෙය හතරවන මිහිඳු රජ කල කරවන ලද්දකි.

''දඹදිව පැරණි අග මෙහෙසිය තරග වැල් ඇති මුහුද නම් නිල් සාරිය ඇඳ සිටි ඇගේ ගෙලෙහි ලෙළ දෙන මුතුමාලය අහස්‌ ග`ගයි. ඇගේ දෙකන්හි පැළඳගෙන ඇති මැණික්‌ කුණ්‌ඩලාභරණ දෙක වන්නේ උදයගිර හා අවරගිරයි. මෙම අගමෙහෙසිය පැළඳගෙන සිටින මැණික්‌ ඔටුන්න නන්සිරි ගත් ලංකාදීපයයි.''

දළ පණිවිඩයකින් ආරම්භ කරන ලද සෙල් ලිපිය මේ වන විට කාෙව්‍යාaක්‌ති සහිත පරිපූර්ණ කවියක තත්ත්වයට වර්ධනය වීමේ අවස්‌ථාවක්‌ මේ කවියෙන් ප්‍රකට වේ. වචන බොහෝ සේ තෝරා බේරා ගැනීම, තෝරා ගත් වචන මතුපිට අර්ථය ඉක්‌මවා අභ්‍යන්තරික චින්තන ධාරාවන් ඉස්‌මතු කරන ආකාරයට පිහිටුවීම උචිත උපමා යෙදීම වැනි ගුණයම්ගෙන් මේ කව පෝෂණය. 'මහ මුහුන් මේ නිල් දියුල්' ආදී ආකාරයෙන් ශබ්දවනිය කෙරෙහි සැලකිල්ලක්‌ ද කවියා ප්‍රදර්ශනය කරයි.

සෙල්ලිපි කවියේ ඉතාමත් රමණීය උදාහරණය අපට හමු වනුයේ අභයගිරි පරිශ්‍රයෙනි. නව වන සියවසෙහි ලියෑවුණැයි අනුමාන කරන මේ කවිය අභයගිරි පංචාවාසයට එළඹෙන දොරටුවෙහි කොටා ඇත්තකි.

''පියුම් පතැ දිය බින්දු

සෙයින් සක්‌විති ඈ සැපතුදු /සසිලිල් සෙසිතා

ලැව්ගිනි හමු ඉලුඹූ මලක්‌

සෙයින් දිවි මරණ හමුවත

සන්ද එසෙත් සිතා

පෙන්දපත් සිත්වමක්‌

සෙයින් යොවුන් වර් වුලුඹින් ලද සෙත්සිතා

මෙලොව පරලොවට ගුණ

මුත් වතල නැති සෙත් සිතා

හැලින්ම හැල්වත සෙයින් බුද්ධ ගුණ පොහොමි''

(නෙලුම් පත්‍රයේ දිය බිඳක්‌ මෙන් චක්‍රවර්තී ආදී සම්පතක්‌ද චංචල සේ සිතා, ලැව්ගින්න හමු වූ ඉලුඹු මලක්‌ (මී මලක්‌) සේ ජීවිතයට මරණය හමුවන කල ඒ ගැනද සිතා, පෙඳ පාසියෙන් සැදි සිතුවමක්‌ සේ යෞවනය විලෝප කරන ආකාරය ද සිතා, මෙලොව දී හා පරලොව දී ඇති කර ගත් ගුණ මුත් වෙනත් පිටුවහලක්‌ නැති ආකාරය ද සිතා ඇල් වී වලින්ම ඇල්වී ඇති වන හෙයින් ගුණ බුද්ධ භාවය පෝෂණය කරමි.)

මෙය නම් පරිපූර්ණ භාව කාව්‍යයකි. කවිය පළමු වන පාදයේ සිටම කිසියම් ආරම්බනයක්‌ කරා ගමන් කරයි. එය කවියේ අභ්‍යන්තරික තේමාවයි. බුද්ධ භාවය (මෙහිදී කතා කරනුයේ බුද්ධභාවය ගැන වීමද විශේෂයි. මහායාන දහමේ අවසාන රක්‍ෂස්‌ථානය බුද්ධ භාවයයි) කරා යන ගමන එකී තේමාවයි. කවියා ඉතා ශූර ලෙස තම කවියේ වචන ගොනු කිරීම කරන්නේ මේ මූලිකාධ්‍යාෂය නිතරම සිත්හි තබා ගෙනය. කවියේ ආධ්‍යාෂය කරා කවියා Rජුව එළඹේ. කවි නිමිත්ත වටා රවුමේ යාමක්‌ නැත. කවි නිමිත්ත ඔප් නැංවීමට කවියා යොදා ගන්නා වචනවල පැහැදිළි ලෙසම තෝරා බේරා ගැනීමක්‌ පෙන්වයි. 'දිය බින්දු', 'ලැව් ගිනි', 'ඉලුඹු මල්', 'සසල වන පෙඳ පාසි' පැවැත්මත් ලෞකික නැවතීමත් ගම්‍ය කරයි. 'හැලින්ම හැල්වත' ඇල් වී වලින්ම ඇල් වී ලබා ගැනීම ජීවත් වීමෙන්ම ජීවිතයෙන් මිදීම ලබා ගැනීම කළ යුතු වේ යෑයි පවසන ඉ`ගියක්‌ද ජීවිතයත් ජීවත් වීමේ ක්‍ෂණභංගුර බවත්, එහෙත් ජීවිතයම ජීවිතයෙන් එතෙර වීමේ මග ගෙන එන බවත් කවියේ සමස්‌ථාර්ථය ගෙන හැර දක්‌වයි. මෙය සෙන් බුදු දහමේ එන මූලධර්මයක්‌ පිළිබඳව ඉ`ගියක්‌ සපයන්නේ දැයි විමතියක්‌ පැන නගී. ස්‌වාධීන කාව්‍ය මාර්ගයක ඉතා උච්ච ස්‌ථානයක ලකුණු මේ කව ගෙන හැර දක්‌වයි. මෙය නම් සීගිරි කවියේ පෙනෙන කාව්‍ය සමාජයේම වැඩුණු පෝෂණය වුණු කවියෙකුගේ ප්‍රශස්‌ථ නිර්මාණයක්‌ බව පැහැදිළිය.

''මෙපරිද්දෙන් මේ ලිපිවල තිබෙන බස අනුව, හෙළබස ස්‌වාධීනවම ලිවීම ඇරඹී ආ කාලය 7 වන සියවසෙන් පසු බව ඒත්තු ගත හැකියි. මේ නිසා වර්තමාන සිංහල භාෂාව ලිවීමේ මුල් කාලය ඒ අවස්‌ථා බව සැලකුව මනාය.''

(සිංහල සාහිත්‍ය වංශය - පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල - 60 වන පිටුව)

සීගිරි කැටබිතෙහි සඳහන් කරන ලද සීගිරි ගී සිංහල ස්‌වාධීන කවි මගේ කුසුම් ඵලයයි අවිවාදයෙන්ම ප්‍රකාශ කළ හැක. ක්‍රි. ව. 8 වන සියවසේ සිට 11 වන සියවස දක්‌වා වූ කාලය තුළ ලියා යන්න ඇති කවි වලින් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කවි කියවා තමාගේ මහාර්ඝ වූ Sසටසරස ඨර්සෛඑස ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට ඇත. මේ හැරෙන්නට තවත් අඩ වශයෙන් කියවූ ගී පාද වෙනත් ලේඛකයන් විසින් ප්‍රසිද්ධ කර ඇත.

සීගිරි කවිවල ඇති කාව්‍යමය ගුණ පසිඳලීමට පෙර මේ කවි පිළිබඳව පොදුවේ පැවසිය යුතු කරුණු කීපයක්‌ වේ. ඉන් එක කරුණක්‌ නම් මුළු සීගිරි ගීතාවලියම අනාගමික (Seජමක්‌ර) කවි වීමයි. කැටපත් පවුරෙහි චිත්‍ර ගත කරන ලද පන්සියයක්‌ පමණ වූ නාරි රූ කවියන් මෙහෙය වූ මූලික ප්‍රබෝධකයයි. නාරි රුව ප්‍රමුඛ ප්‍රබෝධකය ලෙස ගෙන කවි ලිවීමම ආදි සිංහල කවියාගේ ස්‌වාධීන ප්‍රයත්නය හුවා දකින්නකි. ගද්‍ය පද්‍ය නිර්මාණය කොට ආගමික ප්‍රස්‌තුතයන්ම ප්‍රධාන කොට ගත යුතු යයි නම නියම කිරීම පසුකාලීනව අපගේ සාහිත්‍යයට පිළිපන් වතාවතක්‌ බව පෙනී යයි.

අනුරාධපුර සංස්‌කෘතිය සමීපව විභාග කරන්නකුට, බුදු දහමෙහි බලපෑම නිසා සමාජයට අති මහත් සේ බලපෑ පාරලෞකික ලක්‍ෂණයන් සමඟම, ලෞකිකමය වූ බලපෑම්ද පවතින්නට ඇති බව සිතීම සාවද්‍ය නිගමනයක්‌ නොවේ. අනුරාධපුරයේම එන මඟුල් පොකුණ, ඉසුරුමුණි පෙම් යුවළ, නානා ඉරියව් පාමින් රඟන නළු නිළි රූ, සිනහව අතිශෝක්‌තියට නගන වාමන රූ ආදියෙන් එවක සිංහල මිනිසාගේ භාවමය පක්‍ෂය පිළිබඳ ඉඟි පහළ වේ. දෙවන පෑතිස්‌ සමයේ බුදු දහම අප රට ස්‌ථාපිත කිරීමට පෙර, නිශ්චිතවම සමාජයේ පවතින්නට ඇත්තේ මේ ආකාරයේ ඉන්ද්‍රියානුසාරී (Seබිමදි) ජීවිතයකි. ගැහැණිය හා සොභාසත්තාව එකට ප්‍රතිමුඛ කර ලියෑවුණු සීගිරි ගීතාවලිය ලොව ආදිතම රොමාන්තික කවි නොවේ දැයි කෙනකුට සිතෙන්නේ නම් ඒ අරුමයක්‌ නොවේ. සීගිරි කවියේ සමස්‌තයෙන් පෙනෙන්නේ ජීවිතය හා බද්ධ වෙමින් ඉදිරියට ආ මේ ජීව ප්‍රවාහය අනුරාධපුර යුගයේ දීS මුළු මනින් නිවාලා පරම සුචරිත (ඡමරසඒබ) වේශයක්‌ ගත්තා යෑයි සිතීම යථා යෝග්‍ය නොවේ. සීගිරි කවියේ සමස්‌තයෙන් ප්‍රකට වෙන්නේ ජීවිතය හා බැඳුණු මේ ආලම්භන ගුණයයි.

දෙවැන්න නම් සීගිරි කවි ගෙතූවන්ගේ කාව්‍යමය පසුබිමයි. තනි තලයක්‌ දෙබෑ කොට පැන නැගී මහත් ගිරිකුළ, එහි බඳෙහි ඇති නාරි රූ, ගිරිකුළ පහළ මහ ප්‍රපාතය, අවට ගහකොළ අමදින සුළඟ, පිපුණු මල්වල පැහැය හා සුවඳ, කවි පුබුදුවන ප්‍රබෝධක ලෙස ගෙන ඒ ක්‍ෂණයෙහි පැන නැගි කවි සිතිවිලි එක්‌තැන් කිරීමට තරම් සපන් කවීන් පහළ වීමට නම්, ඊට උපස්‌තම්භක වන සාරවත් කාව්‍ය අවකාශයක්‌ පැවතිය යුතුය. එසේ නොමැතිව මෙවැනි ශූර කවීන් ඕපපාතිකව පැන නගින්නේ නැත. සීගිරි කැටපතෙහි කවි ලියූ කිහිපදෙනා මේ පොහොසත් කාව්‍ය සමාජයෙහි දූතයන් පමණක්‌ වූහ. සීගිරිය නැරඹීමට ආ ජනයාගෙන් බොහෝ දෙනෙක්‌ නොයෙක්‌ වෘත්තීන්හි නිරත වූ සාමාන්‍ය ජනයා වූහ. ඒ අතර, කුලීනයන් කීප දෙනෙක්‌ද සිටි බව සැබෑවකි. එහෙත් ඔවුන් අතර රජ, මැති ඇමතිවරු වූයේ අල්ප ගණනකි. වෙළෙන්දන්, වෙදුන්, වඩුවන්, ලෝකුරුවන්, බෙරකරුවන් හා විවිධ කාර්මිකයන් ඒ අතර වූහ. කවියකු යෑයි තමන් හඳුන්වා ගත් එක ගීයක්‌ පමණක්‌, පරණවිතානයන්ට පසුව කියෑවූ ගී ඇතුළත් පොතක සටහන් වී ඇතැයි ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා සඳහන් කරයි. (ගිරිගිතෙහි ගී - 106 වෙනි පිටුව) කවිය බහුල ලෙස භාවිතාවට නොගැනෙන්නේ නම්, මෙසේ සාමාන්‍ය ජනයාට කවි ලිවීමේ හා විඳීමේ පරිචය පිහිටන්නේ යෑයි කෙසේවත් සිතිය නොහේ.

මෙවැනි කාව්‍ය සමාජයක්‌ ස්‌වාධීනව වැඩීගෙන ආ බවක්‌ යම් යම් සාධක වලින්ද දැක්‌විය හැකිය. ''මුල් අනුරාධපුර සමාජ සංවිධානයේ කවියන් ප්‍රබල සමාජ කණ්‌ඩායමක්‌ වූ බවට සාධක මූල බ්‍රාහ්මීය සෙල්ලිපිවල ඇත්තේය.''

''සාපුත ලපන - තිසඟ පුත ක (මී)

හඡ් යන පුත තියහ ලෙනේ සහස දිනේ''

''තිස්‌සගේ ලෙන හඡ් යන කිවිඳුගේ පුත් සංඝයාට දෙන ලදී.''

(ගිරිබිතෙහි ගී - ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා - 107 වන පිටුව)

කවියන් විශේෂ කණ්‌ඩායමක්‌ ලෙස සිටි බවට නිකාය සංග්‍රහයේ එන දොළොස්‌ මහා කවියන් පිළිබඳ සටහන ද හොඳ සාධකයකි. නිකාය සංග්‍රහයේ සඳහන්ව ඇති දොළොස්‌ මහා කවීන්ගෙන් අඩක්‌ රාජකීයන් වන අතර, ඉතිරි අඩ සාමාන්‍ය පුරවැසියන් වීමද අපගේ සැලකිල්ලට ලක්‌ විය යුතු වැදගත් කරුණකි. සක්‌දාමල, අසක්‌දාමල, දැමිය, බැබිලිය, සූරියබාහු, තනතුරු නාම නැති අය වන අතර, දළ බිසෝ, අනුරුද් කුමරු, දලගොත් කුමරු, දළ සළ කුමරු, පුරවඩු කුමරු, කසුප්තොට ඈපා රාජකීයයන් බව පෙනේ. රජ, රදළ හා පොදු ජන භේදයකින් තොරව කවිය පිළිබඳ පැතිරුණු විඤ්ඤාණයක්‌ පොදු සමාජයේ පැවති බවට ඒ කරුණ නිදසුන් ලෙස ගත හැකිය.

කාව්‍ය ශාස්‌ත්‍රය පිළිබඳ ගැඹුරු සාහිත්‍යයක්‌ සීගිරි කවීන්ට තිබුණු බව සීගිරි ගී ඇසුරින්ම මහාචාර්ය පරණවිතාන මහතා පෙන්වා දෙයි. ඉන්දියාවේ ප්‍රචලිත වූ රසවාදය 8 වන සියවසේ සීගිරි කවීන්ට දැනගන්නට අවස්‌ථාවක්‌ නොලැබුණු නමුදු කාව්‍ය රසය ගැන සඳහන් වන ගී රාශියක්‌ම කැටපත් පවුරේ ලියවී ඇත. (556, 206, 164, 356, 517).

මතු සම්බන්ධයි...

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.