ශ්‍රී ලංකාවේ අහිකුණ්‌ඨික ජනතාව පිළිබ`ද මානවවංශ අධ්‍යයනයක්‌

කේ. එම්. අනිල් සුරේෂ් කුමාර
අභයගිරි විහාර ව්‍යාපෘතිය

ලොව පුරා පැතිර වාසය අහිකුණ්‌aඨක ජනතාව තැනින් තැන ගමන් කරමින් දේශ දේශාන්තර වල සැරිසරමින් ජීවත්වන මොවුන්ගෙන් බහුතරයක්‌ වාසය කරනුයේ යුරෝපයේය. ලෝකවාසීන් බොහෝ දෙනාගේ අවතක්‌සේරුවට භාජන වී පවතින අහිගුණ්‌ඨික ජනතාව දෙස බැලීමේදී ඔවුන් ද නූතන සමාජයට අනුව වෙනස්‌ වෙමින් එයට අනුගත වීමට තනන පිරිසක්‌ ලෙස හ`දුනාගත හැකිය. මොවුන්ගේ ආරම්භය පිළිබ`දව සලකන විට බොහෝ විද්වතුන් විශ්වාස කරනුයේ අහිගුණ්‌ඨික ජනතාව ඉන්දිය සම්භවයක්‌ ඇති පිරිසක්‌ ලෙසය. අහිගුණ්‌ඨික ජනතාව ඔප්පු කිරීමට අපහසු වනුයේ මොවුන්ට ලිත ඉතිහාසයක්‌ නොමැති නිසාය. මේ ජනයාගේ ඉතිහාසය විවිධ ජනප්‍රවාද, ජනකතා අනුව ගොඩනැගී ඇති අතර ඔවුන්ට උරුම වූ සංස්‌කෘතික, සාහිත්‍ය කලාශිල්ප වැනි විශේෂ සංස්‌කෘතික ලක්‌ෂණ කිසිවක්‌ ඉතිරි වී නොමැති වුවද යටිගියාව පිළිබ`දව යම්සාධක ප්‍රමාණයක්‌ මත ගොඩනැගුණු ඉතිහාසයක්‌ ඇත. අහිකුණ්‌aඨික ජන කණ්‌ඩායම් ඉන්දියාවේ ආන්ද්‍රd ප්‍රදේශයෙන් පැමිණි ඇති බව විශ්වාස කළ හැකි යෑයි ඡේ.බී. දිසානායක අදහස්‌ දක්‌වා ඇති ලිපියක්‌ "Ahikuntika:Sri Lanka gypsy clan" හි සඳහන්වේ. ^W.W.W- virtual libray- Sri Lanka) බොහෝ සමාජ විද්‍යාඥයන් විශ්වාස කරනුයේ අහිගුණ්‌ඨික ජනතාවගේ නිජබිම භාරත දේශය බවටත් එහි සිට ඔවුන් ලොව පුරා පැතිර ගිය බවත් ය.

සමහරු ජිප්සි හා අහිගුණ්‌ඨිකයක්‌ එක්‌ වර්ගයකැයි සලකා මොවුන්ට ලංකා ජිප්සි (Ceylon Gypsies) යෑයි කියති. දැනට මෙවැනි සංචාරක ගෝත්‍ර ස`දහා ජාත්‍යන්තර වශයෙන් පොදුවේ යොදෙන නම "ජිප්සි" යි. 12 වැනි ශතවර්ශයේ දී උත්තර භාරතයෙන් ගිය මොවුහු යුරෝපීය රටවල් නිජබිම් කොටගෙන වාසය කරති. වර්තමාන හින්දි භාෂාවේ ආදී ස්‌වරූපයට සමාන බසක්‌ ඔවුන් කතාකරන බව ප්‍රාග් විද්‍යාඥයෝ කියති. ඔවුන්ගේ බස රෝමානු නැතහොත් ජිප්සි යන නම්වලින් හැ`දින්වේ. ජිප්සින්ගේ ගුප්ත දිවි පෙවෙත් ගැනත් ඔවුන්ගේ දරදඬු සමාජ සිරිත් විරිත් ගැනත් ජිප්සි ස්‌ත්‍රීන් ශාස්‌ත්‍ර කීමෙහි දක්‌වන නිපුණත්වය ගැනත් ආහ්ලාදජනක ජන ප්‍රවාද සහ රස පුවත් මේ අටුවා සාහිත්‍යයේ පවා ගැබ් වෙයි. දඩයම, ශාස්‌ත්‍රකීම වැනි රැකියාවල නියුතු ඔවුහු ස්‌වවාර්ගික අභිමානයෙන් දෑපුන සංකලන විරෝධී පිරිසකි. විදීමත් සංස්‌කෘතියෙහි රැහැනට අසු නොවී ඔවුහු ජීවත් වෙති. ලංකාවේ අහිගුණ්‌ඨිකයින් ජිප්සිවරුන් හා වෘත්තිමය වශයෙන් සමානත්වයක්‌ ඇත ද මේ අය අතර ලේ නෑකම් නැත. ලංකා අහිගුණ්‌ඨික බස තෙළිගූ බසට සමාන වේ. ලංකාවේ ගෝත්‍රක ජනයා පිළිබ`ද අධ්‍යනයක්‌ කළ රාඝවන් සලකන්නේ මොවුන් කුරවර හෙවත් කොරවනර නම් ද්‍රවිඩ මිනිසුන්ගෙන් පැවත එන්නන් ලෙසය. කුජීවර් ග්‍රෝතිකයන් "කුරම්" හෙවත් හස්‌ත ශාස්‌ත්‍රය දන්නා උදවියයි. අහිගුණ්‌ඨිකයන් භාවිතා කරන පම්පෙට්‌ටි - නයි පෙට්‌ටි, පසරයි - මිරිස්‌ගල, ක`දව - කලය, කුණ්‌ඩ - බත් උයන වල`ද, පුල්වට්‌ටි - ඇතිලිය, රෝලු - වංගෙඩිය, මස්‌කන්-වක්‌පිහිය, ඉරමන් - හිරමනය, උප්ප - ලුණු වැනි වචන මෙම ද්‍රවිඩ සම්බන්ධය තහවුරු කරයි. ලංකාවේ වසන අහිගුණ්‌ඨිකයන් සිංහල දෙමළ ප්‍රදේශ පුරුෂයින් නිරතුරු ඇවිදින නිසා උභය සංස්‌කෘතියෙ ම ලක්‌ෂණ ඔවුන් සතුව ඇත.

මෙම ජන කොටසෙහි සුවිශේෂී ලක්‌ෂණයක්‌ වනුයේ සංචාරය පදනම් කරගෙන ලෝකයේ අනෙකුත් සංචාරක ගෝත්‍ර හා සමානකම් දරන හෙයින් විටෙක මෙම පිරිස එක ම මූලයකින් පැවත එන්නන් ලෙස ඇතැම් විද්වතුන් පෙන්වා දේ. මේ අතර ජර්මනියේ සිහියුනර් (Zigeuner), ප්‍රංශයේ ටිසිගැන් (Tisigan) , ස්‌පාඤඤයේ ගිටැනෝ (Gitano), ස්‌වීඩනයේ ටටරා (Tatara්), තුර්කියේ සහ ග්‍රීසියේ ටිෂිංගැන් (T ishigan)) රුසියාව, බල්ගේරියාව සහ රුමේනියාව ටිසිගැන් (Tishigan), ඇමරිකාවේ රාඡ්පුටිස්‌ (Ragputs), බ්‍රිතාන්‍යයේ ජිප්සීස්‌ (Gypsis) යන ජල කණ්‌ඩායම් ප්‍රධාන වේ. (සමරසේකර, 2001, පිටු 139-140).

මෙලෙස ඉන්දියාවේ බිහිවුනා යෑයි සලකන අහිගුණ්‌ඨික ජනතාව කුමන කාලවලදී බිහිවූවාද යනුවෙන් නිශ්චිතවම පැවැසිය නොහැකිය. කෙසේ වුවද මොවුන් ක්‍රි.පූ. හයවන වන සියවසේ සිට හෝ ඊට පෙරාතුව ද ඉන්දියාවේ සිට ඇති බවට බෞද්ධ සාහිත්‍යයෙන් ද තොරතුරු හෙළි කරගත හැක. ෙ-මිස්‌ ඇල්බට්‌ ඇගතැන්න (අහිගුණ්‌aඨික) ප්‍රකාශ කරනුයේ ලක්‌දිව විජය කුමරු ඇතු`ඵ සත්සියක්‌ පිරිස පැමිණන විට ඔවුන් සමග තමන්ගේ ගෝත්‍රයට අයත් ගෝත්‍රික පිරිස්‌ පැමිණි බවත් ලක්‌දිව අහිගුණ්‌ඨික ජනතාව ඉන්දියාවේ වඩිග පරම්පරාවෙන් පැවත එන බවත් ලක්‌දිව අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිරි`ද වූ "වෙන්කත රෙංගජමිමාල්" තමන්ගේ ගෝත්‍රයට අයත් බවත් ය.

අහිගුණ්‌ඨිකයින් ගේ ඉතිහාසය පිළිබ`ද සොයා බලනවිට ඔවුන් බුද්ධ කාලයට පෙර සිටම පැවත එන බවට බෞද්ධ සාහිත්‍යයෙන් තොරතුරු සොයාගත හැක. මේ ආකාරයට බලන විට අහිගුණ්‌ඨික ජනතාව ඉන්දියාවේ බිහිව එයින් ලෝකයේ වවිධ රටවලට ව්‍යාප්ත වි ඇති බව සිතිය හැකි අතර ඔවුන්ගේ ආරම්භය බුදුරාජණන් වහන්සේ ජීවත් වූ ක්‍රි.පූ. 6 වන සියවසටත් වඩා ඈත යුගයට විහිදෙන බවත් පෙන්වා දිය හැකිය. කෙසේ වුවද ශ්‍රී ලංකාවට අහිගුණ්‌ඨික ජනතාව පැමිණි කාලය පිsළිබ`දව නිශ්චිත වශයෙන් ස`දහන් නොවුනද අහිගුණ්‌ඨික ජනතාව විශ්වාස කරනුයේ තමන්ගේ ගෝත්‍රයේ අය ලක්‌දිවට පැමිණියේ විජය කුමරු ඇතු`ඵ සත්සියක්‌ පිරිස ලක්‌දිවට පැමිණි අවස්‌ථාවේ ඔවුන් සම`ග ආ බවය.

ලක්‌දිව සැම පළාතක ම පාහේ සාමාන්‍යයෙන්ද උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත්වල නිරන්තරව ද මොවුන් දක්‌නට ලැබේ. (රණසිංහ 2003 පිටුව 01) කෙසේ වුව ද අහිගුණ්‌ඨිකයන්ගේ ලංකාවේ පැතිරීම පිළිබ`දව සොයා බලන විට පෙනීයන්නේ මුලින් ඔවුන්ගේ දිවි පෙවතේ මූලික ලක්‌ෂණයක්‌ වූ සංචාරක දිවි පෙවෙතක්‌ ගත කිරීම ස`දහා පැමිණි නමුත් ඔවුන් දැන් ලංකාවේ ස්‌ථිර පදිංචිකරුවන් වී ඇති බවකි. ලංකාවේ කලාවැව, තිරුක්‌කෝවිල්, නාච්චාදුව, කැකිරාව, විජිතපුර, කරච්චිකුලම්, කුඩාගම හා මඩකලපුව යන ස්‌ථානවල ඔවුහු ජීවත්වේ.

අධ්‍යයනට හසුකරගත් පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ සෙවනපිටිය දුම්රිය ස්‌ථානයේ ආශ්‍රිත අහිගුණ්‌ඨික ජනතාවය. කදුරුවෙල බස්‌නැවතුම්පළ සිට මඩකලපු පාරේ කි.මී. 20 පමණ පැමිණි පසු සෙවනපිටිය දුම්රිය ස්‌ථානයේ ඉදිරිපිට මොවුන් ජීවත් වෙති. මෙහි පවුල් 13 ක්‌ ජීවත් වේ. මෙහි සිංහල පවුල් තුනකA ද දෙමළ හා තෙළි`ගු මිශ්‍ර අනෙක්‌ පවුල් වෙති. මොවුන්ගේ නැදෑයෝ තඹුතේගම කුඩාගම, කලාවැව, කැකිරාව ආශ්‍රිතව සිටියි. මෙම ස්‌ථානයේ වසර 15 ක්‌ පමණ ජීවත්වන නමුත් මෙහි දැනටත් මොවුන් ස්‌ථිර පදිංචි කරුවන් නොවන අතර තාවකාලිකව ජීවත් වෙති. මෙහි දැනට ජනගහනය 71 ක්‌ වේ. කුඩා ළමුන් 28 දෙනෙක්‌ වෙති. මෙම ස්‌ථානයට මුල් ම පදිංචියට පැමිණ ඇත්තේ බෙඡ්මිස්‌ ඇල්බට්‌ ඇගතැන්න (අහිගුණ්‌aඨික) ය. ඉන්පසුව අනෙක්‌ පවුල් මොහු විසින් ගෙන්වාගෙන ඇත. ඡේමිස්‌ ඇල්බට්‌ ඇගතැන්න මොවුන්ගේ නායකයා වශයෙන් ක්‍රියාකරයි.

අහිගුණ්‌ඨික සමාජයේ සමාජ සංස්‌ථා

අහිගුණ්‌ඨික සමාජයේ සංස්‌ථා යන මාතෘකාව යටතේ සෙවනපිටිය දුම්රිය ස්‌ථාන ආශ්‍රිත අහිගුණ්‌ඨික ජනතාව තුළ දක්‌නට ලැබෙන ඔවුන්ට ම ආවේණික වූ ලක්‌ෂණයන් පිළිබ`ද විමර්ශනාත්මකව බැලීමට උත්සාහ කරනු ලබන අතර එහිදී ඔවුන්ගේ පැවැත්ම, විවාහ චාරිත්‍ර වාරිත්‍ර විධි හා අනෙකුත් චාරිත්‍ර, ජීවනෝපායන්, ආදිය පිළිබ`දව කතාකරනු ලැබේ.

පැවැත්ම

ඈත අතීතයේ මෙන් ම අද්‍යතනයේ ද සිංහල කුලීනයන්ගේ පමණක්‌ නොව සමස්‌ත සිංහල ජනයා අහීගුණ්‌ඨකයෝ "කූතාංඩි" ලෙසද ජනවහර හ`දුන්වයි. "කුතාංඩි පළියවාගේ" යනුවෙන් හ`දුන්වනු ලබන ප්‍රස්‌ථාව පිරුළක්‌ අපගේ ගැමි ජනතාව තුළ ඇත. එහි තේරුම සොයා බලන විට පෙනෙන්නේ මෙම අහීගුණ්‌ඨක ජනතාව සි`ගමන් යනවිට මිනිසුන්ගේ නිවාස වලට ගොස්‌ නිවැසියන්ගේ අනවරසයෙන් ද යම් යම් දේ බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ කරන බවත් බලහත්කාරයෙන් එම නිවාස වල වාඩිලා ගන්නා ඔවුන් පන්නා ගැනීමට අපහසුවන බවත්ය. එම නිසා සිංහල සමාජය තුළ ද යම් යම් දේ ඉල්ලා බලකරන මුරණ්‌ඩුකමට "කුතාංඩි පළියවාගෙ" යනුවෙන් කියනු ලැබේ.

ජංගම ජීවිතයට කැප වූ අහිගුණ්‌ඨිකයා තමා හා තමනයින් අව්වැස්‌සෙන් ආරක්‌ෂා කිරීම ස`දහා තාවකාලික නිවාසයක්‌ තනා ගනු ලබන්නේ තල් අතු එකට මැසීමෙනි. (රණසිංහ 2003 පිටුව 05). තැනින් තැන ඇවිදින ඔවුහු තල් අතුවලින් අටවාගන්නා කූඩාරමක ජීවත් වෙති. ඒ තුළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ වන නයි පෙට්‌ටිය, නළාව, වළං කිහිපයක්‌ ද ඇ`දුම් ද වෙයි. රිළව් හා නයා ද ඒ අතර වෙයි. ඔවුන්ගේ අපිරිසිදු බව විශේෂ ලක්‌ෂණයකි. ඒ නිසා ම එක්‌ රැයකටවත් සිංහල මිනිසුන්ගේ අතු පිළකවත් නවාතැන් ලබාදීම ප්‍රතික්‌ෂේප කරනු ලැබේ. සෙවනපිටිය අහිකුණ්‌aඨිකයෝ ලී ද`ඩු, පොල් අතු, තල් අතු, ඉටි රෙදි හා වෙනත් දෑ උපයෝගි කරගෙන තමන්ගේ නිවාස නිර්මාණ කරගෙන ඇත.

තැනින් තැන යමින් සිඟමන් යදින ඔවුහු නිදහස්‌ තැනක පිටියක හෝ කුඹුරක නවාතැන් ගනිති. එය අහිකුණ්‌aඨික තිප්පල නමින් ව්‍යවහාරයේ පවතී. එතැන දින කිහිපයක්‌ සිට තවත් තැනකට යැම ඔවුන්ගේ සම්ප්‍රදායික සිරිත වන්නේය. එයට හේතුව වනුයේ ඔවුන් එතැනට පැමිණී මුලA දිනවලට වඩා ඔවුන්ගේ ආදායම අඩුවීම, දඩයම් නිසරු වීම සහ ආර්ථිකය පහළ බැසීම යන කරුණු යි. නමුත් සිංහල මිනිසුන් පවසනුයේ ඔවුන්ට එක්‌ තැනක දින හතකට වඩා සිටීමට නොහැකි වනුයේ, "ඔවුන්ගේ අපිරිසිදු භාවය නිසා ගුබ්බෑයටම පණුවෝ ගැසීම බවය." මෙම මතය කෙසේ වුව ද අහිකුණ්‌aඨික ජනතාව එක්‌ තැනක දිගු කාලයක්‌ වාසය නොකරන බව පැහැදිලි කරුණක්‌ වන අතර ඔවුන් සංචාරක දිවියක්‌ ගත කිරීම නිසා ම කුඩාරමට අවශ්‍ය තල් අතු ආදිය ඔවුන් යනවිට රැගෙන යැම සිරිතය. සෙවනපිටිය දුම්රිය ස්‌ථාන ආශ්‍රිතව මොවුන් අවුරුදු 15 පමණ කාලයක්‌ ජීවත්වන අතර මෙහි තාවකාලිකව ජීවත්වෙති.

අලුතින් වාඩියක්‌ ගසා ගැනීමට පළමුව ඔවුන් කරන්නේ එම ස්‌ථානයෙහි තාවකාලිකව පුදසුනක්‌ තනා එය ඉදිරිපිට පොල් ගෙඩියක්‌ ගසා බිඳීමයි. නාගයාගේ නිවහන නමැති අරුත් ඇති "නා ඉල්ල" හෙවත් "ඉල්ලම" යනුවෙන් හ`දුන්වන වාඩිය දිගින් අඩි 9 ක්‌ හා උසින් අඩි 5 කට වැඩි නොවේ. ඒ තුළ එකිනෙක මත ගොඩගැසූ නයි පෙට්‌ටි, මැටි හා පිත්තල හැළි වළං ඇඹරුම් ගල්, කු`ඵ බඩු, බෝතල්, වතුර කළ අදී ලට්‌ටපට්‌ට හැම එකක්‌ම ඇත.

මේ ආකාරයෙන් ගොඩගැසූ බඩුමුට්‌ටු සෙවනපිටිය දුම්රිය ස්‌ථාන ආශ්‍රිත අහිකුණ්‌aඨිකයෝ තුළ ද දක්‌නට ලැබේ.

අහිකුණ්‌ඨික ජනතාව පිළිබ`දව විමසා බලන විට ඔවුන් කිසිම සංවිධානාත්මක භාවයක්‌ නොමැතිව තැනින් තැනට යන පිරිසක්‌ ලෙස පෙනුනද මනාව සංවිධානය වූ සමාජ සංස්‌ථාවක්‌ ඇති ජනකොටසක්‌ ලෙසින් සැලකීමට සාධක නැත්තේ ද නොවේ. හේතුව ඔවුන් ප්‍රබල නායකයෙකු යටතේ සංවිධානය වූ නීති රෙගුලාසි මත කටයුතු කරන බවක්‌ද හෙළි වී ඇති හෙයිනි. මේ ජන කොට්‌ඨාසය සරල විනෝදකාමී සැහැල්ලු දිවිපෙවෙතක්‌ ගත කරන ජන කොට්‌ඨාශයක්‌ ලෙස ද පෙන්වා දිය හැකිය. අත්‍යවශ්‍ය දේ පමණක්‌ ගෙන සැරිසරන කණ්‌ඩායම් වශයෙන් ජීවත් වන මොවුන් තුළ සරළ බව මෙන්ම එකමුතු බව ද, නොහික්‌මුණු බවද නිතර ප්‍රදර්ශනය වේ. සරල බව නිසාම දේපළ රැකීම පිළිබ`ද ආශාවකින් තොර වූ ඔවුහු විශේෂයෙන්ම ඌෂ්ණ ප්‍රදේශවල එළිමහන් පිට්‌ටනිවල තාවකාලිකව වාසය කරති. කෑමට ඉතාම ගිජු බවක්‌ දක්‌වන නිසා ඇතැම් අය පවසනුයේ කෑම, බීම ඇති තැන ඔවුන්ගේ පාරදීසය බවයි. එයින්ම ඔවුන්aගේ ජීවිතයේ පවතින සැහැල්ලු බව අවබෝධ වේ. සෙවනපිටිය අහිකුණ්‌ඨික ජනතාව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට ඇති එළිමහන් ස්‌ථානයේ තම නිවාස සදාගෙන ඇති අතර මේ ආශ්‍රිත ඇළ මාර්ගයක්‌ (ඉසෙන්ඩි ඇළ) ගමන් කරන අතර මොවුන්ගේ අත්‍යවශ්‍යතා සපුරා ගැනීමට භාවිත කරයි.

නීතිරීති

මොවුන්ගේ නීතිය ගෝත්‍ර නීතියයි. ඒ වගේම පවුල් කණ්‌ඩායම් බෙදී සංවිධාන වී සිටීම දක්‌නට ලැබේ. වර්තමානයේ විවිධ වෙනස්‌කම් පැවතියද ඔවුන්ගේ ගෝත්‍ර නීතිරීතිවලට හා සම්ප්‍රදායන්ට ඔවුන් දක්‌වන්නේ පුදුමාකාර සැලකිල්ලකි. අහිගුණ්‌ඨික ජන සමාජයේ ඈත අතීතයේ දී සිට තහනම් යෑයි සම්මත විවාහයක්‌ සිදු කළහොත් දෙනු ලබන ද`ඩුවම් ක්‍රමය දිව පිළිස්‌සීම. තහනම් විවාහ කළ දෙදෙනා පිරිස රැස්‌ව සිටින ස්‌ථානයට ගෙනැවිත් දෙනොගේ කරේ මල්මාලා දමා පොල්ගෙඩියක්‌ හා බුලත් කොලයක්‌ ගෙන දෙකට කඩා ඔවුන්ගේ දිව මතින් තබන අතර සභාවේ රැස්‌ව සිටින සියලු දෙනාම ගිනිකුර බැගින් ගසා ගිනි තබනු ලැබේ.

මෙලෙස සියලු දෙනාම පිළිවෙළින් ගොස්‌ ගිනි තියන අතර එහිදී ඔවුන් නොයෙක්‌ උසුලු විසුලුකම් කරනු ලබමින් හා නොයෙක්‌ ඇණුම්පද කියමින්, බණිමින් මෙම දඬුවම දෙනු ලබන අතර ඔවුන්ගේ අදහස වනුයේ මෙලෙස වැරදි කරන අය සමාජය හමුවේ සිනාවට ලක්‌කළ විට අනෙක්‌ අය ද වැරදි නොකිරීමට පෙළඹෙන බව ෙ-මිස්‌ ඇල්බට්‌ ඇගතැන්න (අහිකුණ්‌ඨික) පවසයි.

තමන්ගේ වර්ගයේ දෙදෙනෙක්‌ අතරේ අනියම් සබඳතාවක්‌ ඇති බවට වර්ගයේ ප්‍රධානියාට ආරංචි වුවහොත් ඔහු මුලින් ම කරනුයේ වර්ගයේ සියලු දෙනාම කැ`දවා නඩුව විනිශ්චය කිරීමය. එහිදී ඔවුන් වැරදිකරුවන් වුවහොත් මිනිසෙකුට ඉසිලිය නොහැකි ලොකු ගලක්‌ (බරක්‌) ගෙනත් දෙදෙනාගේම කරමතින් තබයි. ඔවුන් එය ඔසවාගෙන නිවස වට හතක්‌ ගමන් කළ යුතුය. මෙහිදී රැස්‌ව සිටින අය අසභ්‍ය වචන කියමින් බැණ අඩ ගසමින් ඔවුන්ට නොයෙක්‌ දේ දමා ගසමින් හිරිහැර කරයි. මේ වැනි දඬුවම් ක්‍රම තමන් මුලින් ම සිටි කුඩා ගම සිදුකළ බව ෙ-මිස්‌ ඇල්බට්‌ ඇගතැන්න පවසයි. නමුත් දැනට මෙවැනි දේ සිදු නොකරන බවද ඔහු පවසයි.

අහිගුණ්‌ඨික සමාජයේ හොරකම් කරනු ලබන දෙනු ලබන ද`ඩුවම් කිහිපයක්‌ ඇත. ඉන් එකක්‌ නම් රත් වූ කටාරමකට අත දැමීමයි. එහිදී හොරකම් කළා යෑයි සලකන පුද්ගලයා තම වරද පිළිගත්තේ නැත්නම් ඔහු වෙන ම කුටියක තබන අතර ඔහුට මුරකරුවන් පවා යොදවනු ලබයි. එහිදී ඔහුට මුත්‍රා කිරීමට පවා යැමට සිදුවන්නේ මෙම රැකවලුන් යටතේය. මෙම කුටියේ දවස්‌ හතක්‌ තබන අතර එම කාල සීමාව තුළ දී මොහුට පිළිහුඩු ආහාර කිසිවක්‌ ගත නොහැකිය. කිසිම කෙනෙක්‌ ඔහුට දර්ශනය විම ද සිදු නොකරයි. හත් වන දින කට්‌ටිය රැස්‌ව සිටි ස්‌ථානයක තෙල් තාච්චියක්‌ ළිපේ තබා තිබෙන අතර එය උණුව පැසවන තෙල් වලින් යුක්‌ත වූවකි. වැරදිකරු යෑයි හ`දුන්වනු ලබන පුද්ගලයා තෙල් තාච්චිය වටා වට හතක්‌ ගමන් කළ යුතු අතර කටාරමෙන් ඉවතට අත ගත් පසු ඇල්වතුරෙන් පේගු රෙදිකඩකින් අත බඳිනු ලබයි. පසුව දවස්‌ තුනකින් අත ලිහා බලන අතර අත පිළිස්‌සි තිබුණොත් ඔහු වරදකරු ලෙස තීරණය කෙරේ. මීට අමතරව හොරා සෙවීම ස`දහා රත්කළ යකඩයක්‌ අල්ලන්න දීම ද කරනු ලැබේ. මේ හා සමානව තවත් ක්‍රමයක්‌ වනුයේ ලොකු වළක්‌ හාරා එම වළ පතුළට පතොක්‌ කටු දමා එහි සැතපීමට සැලසීමයි. මේ වැනි දඬුවම් ක්‍රම තමා කුඩා කාලයේදී දැක ඇති බව ෙ-මිස්‌ ඇල්බට්‌ ඇගතැන්නගේ දුව වන ඇගතැන්නගේ මංජුලා පැවසීය. මෙවැනි දැඩි ද`ඩුවම් ක්‍රම අහිගුණ්‌ඨිකයන් අනුගමනය කළද බොහෝවිට සිදුවනුයේ වරදකරු මෙම ද`ඩුවම් වලට බියේ වරද පිළිගැනීම බව ඇය ප්‍රකාශ කරති.

විවාහ චාරිත්‍ර

විවාහ සංස්‌ථාව පිළිබ`දව අවධානය යොමු කිරීමේදී ඈත අතීතයේ සිට ම අද දක්‌වා දැකිය හැකි විශේෂ ලක්‌ෂණයක්‌ නම් අඩු වයසින් විවාහ විමයි. සෙවනපිටිය දුම්රිය ආශ්‍රිත අහිකුණ්‌ඨිකයෝ අඩු වයසින් විවාහ සිදුකරගෙන ඇති බව එවුන් සමග තොරතුරු විමසන විට තහවුරු වේ. විවාහ සංස්‌ථාව දෙස අවධානය යොමු කිරීමේදී අහිකුණ්‌aඨක සමාජයේ නෑනා මස්‌සිනා විවාහය මහ ඉහළින් පිළිගෙන ඇති අතර මෙය අතීතයේ සේම වර්තමානයේ ද බහුල ලෙස සිදුවන විවාහ ක්‍රමය වේ.

අවාහ, විවාහ සිදුවන පුද්ගලයන් ද මෙහිදී තීරණය කරන අතර හුදෙක්‌ නෑනා - මස්‌සින විවාහ ස`දහා ප්‍රධාන තැනක්‌ ලබා දේ (ජයතුංග 2009 පිටුව 126). අවැස්‌ස නෑනා කෙනෙකු නොමැතිනම් විවාහය ස`දහා බොහෝකල් බලා සිටිය යුතු බව ද එසේ බලා සිටින බව ද ඔවුන් ස`දහන් කරයි. කුඩා අවධියේදී ම (එනම් දරුවෙකු ලැබුණු විට) ඇවැස්‌ස නෑනා කෙනෙකු හා මස්‌සිනෙකු ලෙස විවාහය තීරණය කරනු ලබයි. වර්තමානයේ ද මෙම ක්‍රමය බොහෝ දුරට ආරක්‌ෂා වී පැවතිය ද නූතන තරුණ තරුණියෝ මෙයට දැඩි අකැමැත්තක්‌ දක්‌වති. නමුදු ඔවුනට ඔවුන්ගේ ගෝත්‍ර නීතිය පිළිගැනීමට සිදුවෙයි. එයට එරෙහි වීමට ශක්‌තියක්‌ නොමැත. අතීතයේ මෙන් ම වර්තමානයේ ද නෑනා කෙනෙකු ඉපදුණු බව ආරංචි වූ විට මස්‌සිනාගේ දෙමව්පියන් ඒ නෑනාගේ නිවසට ගොස්‌ තෑගි බෝග දී (අරක්‌කු ආදී බීම වර්ග) විවාහය තීන්දු කරයි. දෙපසම අය ඒවා කා, බී විනෝද වෙති. නමුත් වර්තමානයේ දී පෙනෙන්නේ අරක්‌කු වෙනුවට මෙය පැණි බීම බෝතල් වලට මාරු වී ඇති බවකි. එකී චාරිත්‍රය එලෙසම රැකීම තම පවුලේ මෙන්ම පරපුරේ ගෞරවය රැකීමත් ලෙසත් මේ ගෝත්‍රයේ අය බොහෝ විට සලකති. එසේ නොසලකන නෑනා කෙනෙක්‌ වෙනත් තරුණයකු හා හදිස්‌සියේ විවාහ වුවහොත් හෝ පැනගියහොත් මස්‌සිනාට දඩ ගෙවිය යුතුය. නෑනාගේ දෙමව්පියන් විසින් මස්‌සිනාට දඩ ගෙවිය යුතුය. වර්තමානයේ බොහෝ දෙනා මෙම ගිවිසුම් නොතකා ප්‍රේම සබ`දතා ඇතිකරගෙන විවාහ වීමේ ප්‍රවණතාවක්‌ දැකිය හැකිය. අතීතයේදී විවාහයේ දී රිළවෙක්‌, නයෙක්‌, නයි පෙට්‌ටියක්‌, නයි නලාවක්‌, බූරුවෙක්‌ හා බල්ලෙක්‌ දෑවැද්දට දීම සිරිත වූ නමුත් වර්තමානයේ මෙම ලක්‌ෂණ දැක ගැනීමට නොහැකිය.

අහිගුණ්‌ඨික මංගල චාරිත්‍ර ඉතා චාම්ය. මංගල උළෙලේ ප්‍රධාන අංගය වන්නේ රත්රන් පබ`ඵවක්‌ සහිත (හෝ රහිත) ක`ඵ පබ`ඵ පස්‌ පංටකින් යුත් මාලයක්‌ මනාලයා විසින් මනාලියගේ ගෙල වටා බැඳීමයි. ම`ගුල් දිනයේදි මනාලයා මනාලියගේ දකුණතට වළල්ලක්‌ දීමයි. දෑතෙහි ම වළලු පැළඳිය යුත්තේ විවාහක කතුන් විසින් පමණකි. (රණසිංහ 2003 පිටුව 15) මෙවැනි දෑ අදටත් කරන බව ඇගතැන්නේගේ මංගලිකා පසවයි. ඇය පවසන පරිදි හත් දවසක්‌ ම`ගුල් කෑම සිරිත බවයි. නමුත් අද වන විට මෙය එක්‌ දවසකට සීමා වී ඇති බවද ඇය පවසයි. මේ ආකාරයට නොයෙක්‌ චාරිත්‍ර වාරිත්‍ර අතීතයේදී පැවතුන ද අද වන මෙවැනි දෑ ඔහුන්ගෙන් ගිලිහී යන බව ඇය පවසයි. සෙවනපිටිය දුම්රිය ස්‌ථානය ආශ්‍රිත මොවුන්ගේ විවාහ දක්‌නට ලැබුණ ද ඉහත ස`දහන් චාරිත්‍ර වාරිත්‍ර අද වන විට බොහෝ සු`ඵ වශයෙන් සිදුවේ. බොහෝ විට ඇතැම් ඒවා නැති තරම්ය.

උපතේදි කරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර

ඇගතැන්නගේ මංජුලා පවසන්නේ දරුවෙකු ලැබීමට සිටින මවකට දක්‌වන ගෞරවය වනුයේ දරුවා ලැබීමට ආසන්න වූ විට පොඩි කුඩාරමක තබා මව එහි තබයි. වින්නඹු මාතාව සහ තවත් කෙනෙකු එහි සිටිය යුතුය. සියලු මව්වරුන්ට නැතත් කු`ඵඳුලේ දරුවෙකු ලබන මවක්‌ මේ ගෞරවාදරයට ලක්‌ කිරීම මොවුන්ගේ ගෝත්‍රයේ විශේෂ ලක්‌ෂණයක්‌ බවයි. එමෙන්ම ඇය මත්පැන් පානය කිරීම තහනම් වන අතර දරුවා ලැබුණු පසු කානම නම් පානයක්‌ ලබාදෙයි. මෙය සාදාගන්නේ අරක්‌කු බෝතලයට තිප්පිලි, අසමෝදගම්, කරාබුනැටි, ඉ`ගුරු, ගම්මිරිස්‌ ආදිය දමා සාදා ගන්නකි. මෙය සිංහල මව්වරුන්ට දරුවන් ලැබුණු පසු දෙනු ලබන ගම්මිරිස්‌ හොද්ද හා සමාන පෝෂණයෙන් යුක්‌ත පානයකි.

දරුවෙකුට නම තබන දිනයේ දී ඇස්‌වහ කටවහ නොමැති වාසනාවන්ත යෑයි ඔවුන් සලකනු ලබන පුද්ගලයෙකු ගෙන්වන අතර දරුවා කොහොඹ වතුරෙන් නාවා අනතුරුව බත් කටක්‌ කවා එම පුද්ගලයාගේ කටින් ම නමක්‌ දරුවාට දමනු ලබයි. මෙහිදී ඔවුන්ගේ ගෝත්‍රනාම අනුව වාසනාවන්ත නාමයක්‌ තබයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසවු වෙන්කතරෙංගජම්මාල් ඔවුන්ගේ ගෝත්‍රයේ කාන්තාවක්‌ බව ද ඇය ඒරක්‌කා නමින් ද හැඳින් වූ බව ඔවුන් සලකයි. ගෝත්‍රක නාම වලට අනුව වාසනාවන්ත නාමයක්‌ ලෙස අනවත්තු, ජලිලෝඩා, ඇගටන්නා, යර්රක්‌කා, ඇගටක්‌කා, නල්ලක්‌කා ආදි නාම තබයි(ඡායාරූප,04).

වැඩිවිය පැමිණීම

ගැහැනු ළමයෙකු වැඩිවියට පත් වූ විට ඇය වෙන ම වාඩියක දවස්‌ හතක්‌ නවත්වනු ලැබේ. දං, කර`ද, අතුවලින් සෙවිලි කරන ලද වාඩියක්‌ වේ. නැකත් බැලීමක්‌ සිදු නොවන අතර එළව`ඵ බත් දින හත පුරා ම එම වැඩිවිය පැමිණි දැරිවියට ලබා දෙයි. හත්වන දිනයේදි දැරිය පාන්දර හතරට දිය නාවා අඟුරු කෑලි, තුනක්‌ කහ ගුලි තුනක්‌, හුණු සහ කහ මිශ්‍ර කළ ගුලි තුනක්‌ ද සාදවා දැරියගේ ඔළුව වටේ රවුම් තුනක්‌ කරකවා විසි කරනු ලබයි. පසුව කුකුළෙකුගේ බෙල්ල කඩා මරා ඌගේ මස්‌ පිළියෙල කර ආහාරයට ඇයට දෙනු ලබන අතර යළිත් දින දෙකක්‌ ගිය පසු ඇගේ සහෝදරියක්‌ සමග යළි ඇය පන්වලින් තනන ලද වාඩියක දවස්‌ 7 ක්‌ නතර කරයි. පසු ඇය හත්වන දවසේ වැවකින් නාවා ගෙදරට රැගෙන එන අතර කහ දියරයද ඉසිනු ලැබේ.

වැඩිවියපත් අහිගුණ්‌ඨික දැරියක නැගණියක ද සම`ග සත් දිනක්‌ ගෙවෙන තුරු අතු පැලක වෙන් කර තබන්නේ ද සෙස්‌සන් කිල්ලට හසුවීමෙන් බේරාගනු ස`දහා ය. ඇය තවත් පස්‌ දිනක්‌ තල් අතු මඩුවක ගත කළ පසු, පස්‌ වන දිනයේදී හිදි ඇගේ නැන්දා පැමිණ ඇය නාවා වාඩියට වැද්ද ගනියි (රණසිංහ 2003 පිටුව 19). නමුත් අද වන විට මෙම චාරිත්‍ර එතරම්ම නැති බව ඇගතැන්නගේ මංජුලා පවසයි.

අවමංගල්‍ය උත්සව

අහිගුණ්‌ඨික ගෝත්‍රයේ මළගෙයක්‌ වූ විට අතීතයේදී දේහය දින දෙකක්‌ පමණ තබාගන්නා අතර ගම්මුලාදෑනියා කියන තැනකට එය ගෙනගොස්‌ දමනු ලැබේ. ලී ද`ඩු වලින් සාදන ලද මැස්‌සක මළ මිනිය තබා ඊට උඩින් දෙපැත්තෙන් ලී කෑලි දෙකක්‌ තබා බැ`ද මළ මිනිය ඔහු පාවිච්චි කළ රෙද්දකින් වසා කැලයට ගෙන ගොස්‌ දමනු ලැබේ. අතීතයේ කූඩාරම් අසල මරණයක්‌ සිදුවුවහොත් එය කූඩාරම මැදට සිලින්ඩරාකාර වළක්‌ කපා එයට පළමුව හිස බහාලන පරිදි මෘත ශරීරය එයට ඇතුල් කොට ඔහු හෝ ඇය පරිහරණ කරන ලද සියල්ල එයට දමා වසනු ලැබේ. එහිදී මතුපිටට නොපෙනන ආකාරයට පස්‌ පිඩලි අතුරා කුඩාරම ද එතැන පු`ඵස්‌සා ඔවුන් වෙන තැනකට ගමන් කරනු ලැබුව ද වර්තමානයේ එම මරණය දින තුනක්‌ එම නිවසේ තබා වළලනු ලැබේ. එම කාලයේ දී හො`දට කෑමබීම උපයා රැහේ සියල්ලෝම ඒ ස`දහා සහභාගි වේ. මෙහිදී එක්‌ චාරිත්‍රයක්‌ ලෙස විවාහක පිරිමියා මැරණහොත් ගැහැනිය නෑවීමකුත්, ගැහැනිය මැරුණු පසු පිරිමියා නෑවීමකුත් දැකිය හැකිවේ (ජයතුංග 2009 පිටුව 128). ඇගතැන්නගේ මංජුලා පවසනුයේ ඔවුන්ගේ ගෝත්‍රයේ එක්‌ පුද්ගලයෙකු මැරුණු අතර මොවුන් එම මළමිනිය තමන් ජීවත්වන ස්‌ථානයට රැගෙන එන් නැතිව පොළොන්නරුව රෝහලට භාරදී එහිදී අවසන් කටයුතු සිදුකරනු ලැබූ බවයි. ඇය පවසන පරිදි සිංහල මිනිසුන් හා පරිදි මාස තුනක්‌a ගිය පසු දානයක්‌ දෙන බවයි.

ආගමික විශ්වාස

සෙවනපිටිය දුම්රිය ස්‌ථානය ආශ්‍රිතව ක්‍රිස්‌තියානි හා බෞද්ධ හා වෙනත් ආගමික විශ්වාස හා බැඳී අහීගුණ්‌ඨිකයෝ ඇත. ඇගතැන්නගේ මංජුලා ක්‍රිස්‌තියානි කාන්තාවක්‌ වන අතර ඇගේ නිවසේ ෙ-සුස්‌ වහන්සේගේ ඡායාරූප දක්‌නට ලැබේ. රත්නායක මුදියන්සේලාගේ නිමල් රත්නායක (අහිකුණ්‌ඨිකය) විසින් මෙම ස්‌ථානයේ අලුත් නුවර දැඩි මුණ්‌ඩ දෙවියන්ට අයත් දේවාලයක්‌ සාදාගෙන ඇති අතර මෙහිදි විවිධ ගුරුකම් හා සාස්‌තර කියනු ලැබේ. ඔහුගේ දරුවෙකු පවා මහණකර ඇති බව ඔහු මා සම`ග පැවසීය. ඔහු විසින් පෝය දවසට දළදා මාලිගාවට, කිරි ආහාර පූජා රැගෙන යන බව ද මා සම`ග පැවසීය.

අහිගුණ්‌ඨිකයාගේ ජීවන ආකල්පය පිළිබ`දව විමසා ඒ කෙරෙහි එතරම් බල නොපාන්නක්‌ බවය. පරිසරයට ඔරොත්තු දෙන පරිදි හැඩ ගැසෙමින් මෙලොව සතුටින් හා සැහැල්ලුවෙන් ද ගත කිරීම පිළිබ`දව සිත මෙහෙයවන ඔහු අතට පත් කිනම් ආගමක්‌ වුවද ප්‍රයෝජ්‍යතාවාදයක්‌ (ඹඑසකසඒරබසිප) බවට පත්වීම නිරායාසයෙන් සිදු වන්නකි (රණසිංහ 2003 පිටුව 21). මෙම ස්‌ථානයේ අංජනම් එලියෙන් සාස්‌තර කියන පුද්ගලයෙකු සිටින අතර මොහු ආබාධිත පුද්ගලයෙකි. එමෙන්ම වෙදෙහෙදකම් ද ඔහු කරන බව මා සම`ග පැවසීය. මොවුන්ගෙන් සාස්‌තර ඇසිමට අවට සිංහල මිනිසුන් පැමිණෙති. ශිව දෙවියන්, කාලි අම්මා ආදි දෙවිවරුන් පිළිබ`දව විශ්වාස කරයි (ඡායාරූප 05, 06).

ජීවනෝපායන්

සෙවනපිටිය දුම්රිය ස්‌ථාන ආශ්‍රිත අහිගුණ්‌ඨික ජනයාගේ ආර්ථික කටයුතු පිළිබ`ද විමසා බැලීමේදී නයි නැටවීම, රීළානැටවීම, සාස්‌තර කීම, සිඟා කෑම, ධීවර හා කෘෂිකාර්මික කටයුතු හා කුඩා පොත් විකිණීම හා ගඩොල් කැපීම ආදි කටයුතු වල මොවුන් නියෑළෙමින් තම ජීවිතය ගත කරනු ලැබේ.

නයි නැටවීම මොවුන් 1940 පසු පටන්ගත් බව මොවුන්ගේ අදහසයි. අහිගුණ්‌ඨික පිරිමියා නයි නැටවීමෙන් මුදල් උපයන අතර ගැහැනියගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ අත බලා සාස්‌තර කීමයි. සාමාන්‍යයෙන් දරුවා ද පොට්‌ටනි ගන්වා සාස්‌තර අසන්නවුන් සොයමින් තැන තැන ඇවිදින අහිගුණ්‌ඨික ගැහැනු ඔවුන්ගේ කුප්පායමක්‌ අවට ප්‍රදේශයේ නොවරදවා දක්‌නට ලැබෙන දර්ශනයකි. සාස්‌තර කීමට පළමුව ගාස්‌තුව අය කරගැනීමටද වග බලා ගනී (රණසිංහ 2003 පිටුව 10). (ඡායාරූප 07,08)

භාෂාව

අහිගුණ්‌ඨිකයන්ගේ භාෂාවේ සීමිත වචන ප්‍රමාණයක්‌ ම පමණක්‌ ව්‍යවහාරයේ පවතින බවයි. ඇතැම් දේ ප්‍රකාශ කිරීම ස`දහා ඔවුන්ගේ භාෂාවේ වචන නොපවතින අතර ඒ ස`දහා සිංහල වචන භාවිත කර ඇති අයුරු ද දක්‌නට ලැබේ. නිශ්චිත හෝඩියක්‌ නොමැත. මෙහි වචන බහුතරය තෙලි`ගු භාෂාවට අදාළ වේ.

අතීත පරම්පරාවේ නම් බොහෝ කොට තෙලි`ගු භාෂාවට නෑකම් කියනු ලැබුව ද වර්තමානයේ කරුණු කොටස්‌ සිංහල නම් භාවිත කරන අතර හුදෙක්‌ ඔවුන් න`ඵ නිළියන්ගේ නම් ද ඒ ආකාරයට ම භාවිතා කරන බවක්‌ද හ`දුනාගත හැකිවිය.

සතියේ දින

සිංහල නාම අභිගුණ්‌ඨික නාමය

ඉරිදා ආයිතරම්

ස`දුදා සොවාරම්

අඟහරුවාදා මහලාරම්

බදාදා බුදාරම්

බ්‍රස්‌පතින්දා බ්‍රාහැස්‌තරම්

සිකුරාදා සුකරම්

සෙනසුරාදාd සෙනැරම්



එදිනෙදා කරන දේවල්

සිංහල නාම අහීගුණඨික නාමය

කනවා තීටර්

බොනවා නාග්තාර්

අ`ඩනවා එරස්‌තර

නානවා නීල් ෙµdaස්‌කී



සංඛ්‍යා

සිංහල නාමය අහීගුණ්‌ඨික නාමය

එක උගටු

දෙක රොන්ඩු

තුන මුඩු

හතර නාල්ග්

පහ අයියිද්

හය ආර්

හත යෝඩි

අට එනිමිදි

නවය තොම්මිදි

දහය පදි

ආහාර පාන ඇඳුම් පැළඳුම් ස්‌ථාන නාම හා වෙනත් දෑ ස`දහා ඔවුන්ට ආවේනික වූ භාෂාවක්‌ දක්‌නට ලැබේ.

සෙවනපිටිය දුම්රිය ස්‌ථාන ඉදිරිපිට ජීවත් වෙන මෙම අභිගුණ්‌ඨික ජනතාව දෙස බැලීමේදී දැනට අවුරුදු 15 ක්‌ තිස්‌සේ මොවුන් තාවකාලිව ජීවත් වේ. රජය විසින් මොවුන්ට ස්‌ථිර ඉඩම් ලබාදීමට කටයුතු කරනවා නම් මොවුන්ගේ ජීවිත තවත් සාර්ථක වනු ඇත. නූතන සමාජයට හැඩ ගැසීම හමුවේ මොවුන්ගේ සංස්‌කෘතික අංගයන් ආභාගයට ගොස්‌ ඇති බවත් මෙම අධ්‍යනය තුළින් මා හට පැහැදිලි විය. මෙහි වෙසන දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ නොලැබීම මහත් ආභාග්‍ය සම්පන්න කරුණකි.

ආශ්‍රිත ග්‍රන්ථ

01. රණසිංහ චන්ද්‍ර ශ්‍රී, 2003, ලොව පැතිර වසන අහිගුණ්‌ඨිකයෝ, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ

02. සෝමසුන්දර දයානන්ද, බණ්‌ඩාර මාදන හේරත්, 2009, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජන සමාජ

සම්මුඛ සාකච්ඡා

i ජේමිස්‌ ඇල්බට්‌ ඇගතැන්න (වයස 57 -2014.11.20)

ii  ඇගතැන්නගේ මංජුලා (වයස 37 -2014.11.20)

iii රත්නායක මුදියන්සේලාගේ නිමල් රත්නාය (වයස 48 -2014.11.20)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.