2016 අප්‍රේල් 18 සඳුදා

 

 
 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

ද්‍රවිඩ ජනයා අකමැති
ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්
ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා නොදෙන බව විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා යාපනයේ පැවැති රැස්‌වීමකදීය.

දවස්‌ තුනට අධිවේගයට කෝටි තුනක්‌
අවුරුදු සමයේ දින තුනක්‌ (13, 14, 15) ඇතුළතදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබූ ආදායම රු.කෝටි 3 කට අධික බව අධිවේගී මාර්ග, මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා "දිවයින"ට පැවැසීය.


බස්‌නාහිර මහ ඇමැතිගෙන්
කොළඹ මහ නගර සභාවට චෝදනා පත්‍රයක්‌
බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කොළඹ මහ නගර සභාවට එරෙහිව කරුණු 5 ක්‌ යටතේ චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කර ඇත.

මන්ත්‍රී සනත් නිශාන්තගේ රිය උඩුකුරුව පෙරළෙයි
එජනිස පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා ගමන් කරමින් තිබූ රථය කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී උඩුකුරුව පෙරළී ගොස්‌ තවත් රථයක ද ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම මන්ත්‍රීවරයා, බිරිඳ ඇතුළු සිව්දෙනකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ලග්ගල පොලිසියේ
ගිනි අවි සිද්ධිය
ඇතුළේම වැඩක්‌ ?
ලග්ගල පොලිස්‌ ස්‌ථානයේ ගිනි අවි සොරා ගැනීමට එම පොලිසියේම නිලධාරීන් කණ්‌ඩායමක්‌ සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇත.

බන්දුල දුමින්දට එරෙහිව
විනය පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

ජනපතිට ලිපියක්‌
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ කරන ලෙස ඉල්ලා හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යවා ඇත.

දින 6ට රිය අනතුරුවලින් මරණ 60ක්‌
අවුරුදු සමයේ (10 වැනිදා සිට 16 වැනිදා දක්‌වා) ගතවූ දින හයේදී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 60 දෙනකු මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්‍ෂාව හා රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතා 'දිවයින'ට ඊයේ (17 වැනිදා) පැවැසීය.

මහින්ද ඒකාබද්ධ
විපක්‍ෂයේ මැයි රැලියේ
ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වන මැයි දින රැලිය සඳහා ස්‌ථිරවම සහභාගීවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තහවුරු කර ඇත.

බොර දියේ මාළු බෑව
බස්‌ 20කට වැඩ වරදියි
අලුත් අවුරුදු විශේෂ බස්‌ සේවාව සඳහා යෙදවූ දුර ගමන් සේවා බස්‌ රථවල ගමන් ගත් මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකළ බස්‌ රථ 20 කට අධික ප්‍රමාණයක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවූ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා "දිවයින" ට ඊයේ (17 වැනිදා) පැවැසීය.

ආයුබෝ වේවා
අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්‌ථානයේදී පෙරේදා (16 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.එදින පෙරවරු 10.41 ට යෙදුණු සුබ මොහොතින් බෙන්තර, වලල්ලාවිට, දොකෝරළයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් ජනාධිපතිවරයාගේ හිසෙහි හිසතෙල් ගැල්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

නැකත දෝෂ සහිත බව කියා මහින්ද වෙනම වෙලාවක
හිස තෙල් ගායි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් පෙරේදා (16 දා) පෙරවරු 10.41 ට යෙදී තිබුණු නැකතට හිසතෙල් නොගෑ අතර එම නැකත දෝෂ සහිත බව පවසමින් ඉන් පසු එළඹි මොහතකදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකර තිබේ.

තහනම නොතකා තිරික්‌කල රේස්‌
දොම්පේ නගරයේදී පැවැති අවුරුදු උත්සවයකදී සත්ව හිංසනය යටතේ තහනම් කරන ලද තිරික්‌කල් රේස්‌ දෙකක්‌ තරග කාණ්‌ඩ දෙකක්‌ යටතේ පැවැත්විණි. එහිදී කුඩා සතුන් (වසු පැටව්) යටතේ පැවැති තරගයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයෙන් දැක්‌වේ.ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

බැඳුම්කර මගඩි
දිගින් දිගටම
මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ කියති
ගිය වසරේ (2015) දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද එවැනි ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම් සිදුවෙමින් පවතින බවත් එහිදී සිදුවන පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුවන බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඊයේ (17 දා) 'දිවයින'ට ප්‍රකාශ කළහ.

'අහවල් වැඩේ' කළ සර් බස්‌නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට
විවාහක ගුරුවරියක රැගෙන ගිය බවට චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්‌නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


 
  • චූන් පාන්වලින්
    චූන් වන දේශපාලනය

    රට පුරා අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ගම් දනව් ඔස්‌සේ විසිල් ගසමින් පැමිණෙන පාන් බේකරි රථයට වශීකෘත ව සිටින සමාජයකට රටේ ස්‌වාධීනත්වය මෙන්ම ජාතික ආරක්‌ෂාවට තිබෙන අනතුර ගැනද පවසන්නට නොහැකිය. කීවත් එය නෑසුනා මෙන් සිටිති. නමුත් හෙක්‌ටයාර් සියයක්‌ ලක්‌ෂයක්‌ මෙදා යල්කන්නයේ වී ගොවිතැන තහනම් කරන බවට රජය කියන කල්හි මේ පාන් කන ගොවීන්ගේ බඩ පපුව දාගෙන යති. නගර බද චූන් පාන් කන ඇත්තන්ගේද ඇඟ මයිල් කෙලින් වෙති.

  


 
  • මම ගියේ වැරදි ගමනක්‌ දැයි මට කියන්න...
    - ලසිත් මාලිංග
    මම ක්‍රීඩා කරපු වසර 12 ක කාලයේදී කිසිම දවසක මම ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන්වත් දඩයක්‌, තහනමක්‌ ලබපු කෙනෙක්‌ නොවෙයි. මම හැමදාම කටයුතු කළේ ක්‍රීඩාවේ අදාළ නීති රීතිවලට අනුවයි. අයි.පී.එල් කියන්නේ ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් අනෙක්‌ රටවල ක්‍රිකට්‌ පරිපාලනයන් එක්‌ක අවබෝධයෙන්, අනුදැනුමෙන් යුතුව මෙහෙයවන තරගාවලියක්‌. මාව ක්‍රීඩක වෙන්දේසියෙන් යම් කණ්‌ඩායමකට අයත් වුණාට පස්‌සේ ඒ තරගාවලියට අදාළ නිර්දේශයන්ට යටත්ව මට කටයුතු කරන්න වෙනවා. මම ඉන්දියාවට ගිහින් අයි.පී.එල් එකේ සම්මත වෛද්‍ය පරීක්‍ෂණයට මුහුණ දුන්නා.

  

Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.