වැට්‌ වැඩි වීමෙන් හෝටල් කෑම මිලත් නගී

ලසිත දුමින්ද

වැට්‌ බදු සියයට 15 දක්‌වා වැඩි කිරීම නිසා සියලුම ආපන ශාලාවල අලෙවි කරන ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඊයේ (03 වැනිදා) 'දිවයින'ට පැවසීය. මේ වන විට ආපන ශාලාවල නිෂ්පාදනය කෙරෙනආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව සමීක්‍ෂණයක නිරතව සිටින බව කී අසේල මහතා අද (04) වන විට නව මිල ගණන් නියම කිරීමට හැකිවනු ඇතැයි ද කීවේය.

දිවයින පුරා පිහිටි විසිදහසකට ආසන්න ආපන ශාලාවල නිෂ්පාදනය කරන ආහාරපානවල මිල මෙසේ ඉහළ යන බව ද හෙතෙම සඳහන් කළේය.

µ්‍රයිඩ් රයිස්‌, කොත්තු, බත්, ඩෙවල් වර්ග ඇතුළු සියලුම ආහාර වර්ග ඉහළ යන මිල ගණන්වලට අයත් වන බව ද අසේල සම්පත් මහතා පැවසීය.

මෙම ආහාරවල මිල ගණන් අඩුම වශයෙන් රුපියල් 10 කට වඩා ඉහළ යනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.