අම්බුළුවාවට කුණු ගෙන ඒමට මාරාන්තික විරෝධය පාති

ගම්පොල - සුරංග දිල්හාන්



කොතරම් විරෝධය දැක්‌වුවද ගම්පොල නගර සභාව මගින් අම්බුළුවාව කඳු මුදුනට කසළ දැමීම දිගින් දිගටම සිදු කරන නිසා ගම්වාසීන් එක්‌ව කුණු ට්‍රැක්‌ටර්වලට ඒමට නොහැකි වන ලෙස මාර්ගය අවහිර කොට එම බිමේ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කොට ඇත.

මෙම උපවාසය වෙනුවෙන් සහයෝගය පළ කිරීම සඳහා මහත් ආන්දොaලනයට තුඩුදුන් රතුපස්‌වල උද්ඝෝෂණයට ක්‍රියාකාර ලෙස සිටි හෙළයේ මහා ජන පවුර සංවිධානයේ සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ හයනමක්‌ ද වැඩසිටියහ.

ගම්පොල අම්බුළුවාව කඳු මුදුනට ගම්පොල නගර සභාව මගින් කසළ බැහැර කිරීම නිසා සිදුව ඇති පරිසර හානිය සහ ජල දූෂණය නිසා Rජුව පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක්‌ සහ තවත් මිලියන 2 ක පමණ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව අම්බුළුවාව සුරැකීමේ සංවිධානය පවසයි.

වසර ගණනාවක සිට අම්බුළුවාව කඳු මුදුනට කසළ බැහැර කිරීම නවතා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු මේ වන විට සිව් වතාවක්‌ උද්ඝෝෂණය කර ඇති බවත් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධව අවස්‌ථා ගණනාවකදී ලිතව පැමිණිලි කර ඇතත් ඔවුන් ඒ කිසිවක්‌ නොසලකා හරින බවත් ඔවුහු පවසති.

මෙසේ කුණු දැමීම නිසා අම්බුළුවාව පහළ කොටස බලත්ගමුව වත්තේ කඩේ තඹවිට අක්‌කර 100 ක්‌ ඕලාන කුඩා ඔය ඇතුළු ගම්මාන රැසක ජනයාට දැඩි හිරිහැරයක්‌ වී ඇති බවත් මොවුන්ගේ පානීය ජලය දැඩි දූෂණයට ලක්‌ව ඇති බවත් පවසති.

වර්ෂා කාලයට කඳු මුදුනේ දමා ඇති කුණු කන්ද සමඟ පහළට ගලා එන ජල පහර මෙම ගම්මානය පසුකරමින් ගොස්‌ මාවනැල්ල තල්ගමුව ප්‍රදේශයෙන් මාඔයට එක්‌ වන බවත් මාඔය දෙපස දහස්‌ ගණනක්‌ ජනයා ඉන් පීඩාවට පත් වන බවත් මොවුහු පවසති.

ගම්පොල නගර සභාවෙන් පමණක්‌ දිනකට කසළ ට්‍රැක්‌ටර් 13 ක්‌ මෙම ස්‌ථානයට බැහැර කරන අතර හරක්‌ මස්‌ අපද්‍රව්‍ය කුකුළු අපද්‍රව්‍ය අසූචි ඇතුළු සියලු දැ මෙහි දැමීම සිදු කරයි.

ප්‍රදේශවාසීන් විසින් මෙසේ විරෝධය දැක්‌වීම නිසා ගම්පොල නගරය තුළ එකතුවන කසළ බැහැර කිරීමට ස්‌ථානයක්‌ නොමැතිව ඒවා මාර්ගය අසල ගොඩගැසී තිබෙන අයුරු දක්‌නට තිබූ අතර අද දින

රැගෙන යාමට තිබූ ට්‍රැක්‌ටර් 7 ක්‌ ද නගරය තුළ නවතා තිබේ.

මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ගම්පොල නගර සභා ලේකම් බී. එම්. බස්‌නායක මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ මාධ්‍යයට කිසිවක්‌ නොපවසන බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.