රෝහල් සේවකයන්ට "කතා" පුහුණුවක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

රෝහල්වලට පැමිණෙන රෝගීන්ට කාරුණිකව කතා කරන ආකාරය ගැන මීට වඩා රෝහල් සේවකයින් ඉදිරියේදී දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.

දැනටමත් මෙම රෝහල් සෞඛ්‍ය සේවකයන්ට සේවාස්‌ථ පුහුණුවක්‌ ලබාදෙමින් දැනුම්වත් කරන බවද හෙතෙම කීය.

සමහර රෝහල් සේවකයන් රෝගීන්ට අකාරුණික අන්දමින් කතා කිරීම සම්බන්ධයෙන් දරන අදහස ගැන මාධ්‍යවේදියකු ඊයේ (03 වැනිදා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ ද කීය.

මේ රෝහල් සේවකයන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ කරන වැරදි නිසා තමයි මේ ප්‍රශ්න. මේ අයට රෝගීන්ට කතා කරන විදිහ ගැන දැනුවත් කරලයි තියෙන්නේ. වැරදි කරන අය ගැන කිව්වොත් ඒ අයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.