අවුරුදු සමයේ වැඩිම අලෙවි භාණ්‌ඩය විදුලි පංකාවට

අම්බලන්තොට විශේෂ - එස්‌. සෝමසිරි

අවුරුදු සමය තුළ වැඩියෙන් අලෙවි වූ විදුලි උපකරණය විදුලි පංකාව බව එම භාණ්‌ඩ විකුණන අම්බලන්තොට වෙළෙඳසල් හිමියෝ පවසති. වෙනත් කාලයන්හි රූපවාහිනී යන්ත්‍රවලට වැඩි ඉල්ලුමක්‌ පැවැතියද මෙවර එය අභිබවා විදුලි පංකාවල ඉල්ලුම ඉහළ ගොස්‌ ඇත.

මෙසේ වීමට හේතුව මේ දින වල පවත්නා දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වයයි. අවුරුදු දිනවල මද වැසි පැවතියද උෂ්ණයෙහි අඩුවක්‌ නොවීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.