මතුගම මතු දියුණුවට දිවි කැපකළ දයා ටී. පැස්‌කුවල්

1912 ජුනි 09 දා මෙලොව එළිය දුටු දයාසේන තර්නෝලිස්‌ පැස්‌කුවල් මහතාගේ 104 වැනි ජන්ම දිනය පසුගිය ජුනි 09 දිනටයෙදී තිබිණි.

සියවසක්‌ දිවිගෙවූ ඒ මහතා අඩසියවසකටත් වැඩි කාලයක්‌ සැබෑ ජනතා සේවයේ යෙදුණු ජනතා පුත්‍රයෙකි.

වසර 21 ක්‌ ශ්‍රී. ල. නි. පක්‍ෂයේ මතුගම මන්ත්‍රීවරයා විය. ඒ අතර මුදල් උප ඇමැති කර්මාන්ත හා වෙළෙඳ උප ඇමැති අධිකරණ උප ඇමැති ආදි තනතුරු රැසක්‌ හෙබවූවෙකි.

මතුගම රජයේ පාසලින් හා කළුතර සිරි කුරුස විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයෙන් ලබා ඉංග්‍රීසි සහතික පත්‍ර විභාගය අවසන් කර පසුව ලන්ඩන් ඉන්ටර් ආර්ට්‌ විභාගය සමත්ව ආනන්ද ශාස්‌ත්‍රාලයෙහි ගුරුවරයකු විය.

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා යටතේ ඔහුගේ ප්‍රතිපත්ති අනුගමනය කළහ.

ලෝක යුද්ධය අවධියේදී ආනන්ද ශාස්‌ත්‍රාලය වැසූ අවස්‌ථාවේ එනම් 1942 පෙබරවාරි 22 මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලය බිහි කෙරුණි. එය මුලදී ගමේ විහාරස්‌ථානයේද පසුව තම ඉඩමකද පිහිටුවාලීය.

1977 පැවැති මැතිවරණයේදී සිය ගෝලයකු වූ තුඩුගල පොඩිරාළහාමි හෙවත් රෙජිනෝල්ඩ්. වී. විඡේගුණරත්න මහතාට පරාද විය.

පරාජයෙන් පසුව ගමින් ගමට ගොස්‌ වරින් වර සිය හිතවතුන් හා එක්‌ව දුක සැප බෙදා ගැනීමටද යොමු වුණේ නැති බැරි එවන් අයට මුදල් ආධාර පවා පිරිනමමිනි. ඔහුට විවිධ අත්දැකීම්වලට පවා මුහුණ දෙන්නට වූ පුවත් ද එමටය.

චාම් ජීවිතයක්‌ සරලව ගත කිරීම එයට හේතු විය.

අද මහජන නියෝජිතයනට හොඳ ආදර්ශයක්‌ පස්‌කුවල් මහතා සපයා දෙමින් 2013 වසරේ මැය 20 දින අප අතරින් - වෙන්විය.

එතුමාට අමා නිවන් පතමි

දොඩන්ගොඩ - එඩ්වඩ් සමරවීර

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.