පත්තිනි ගිය පසු "මායා" එයි



මෙරට සිනමා ලෝලීන්ට අලුත් අත්දැකීමක්‌ ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 3 D චිත්‍රපටය "මායා" ළඟදීම තිරගත වේ. ඒ "පත්තිනි"ට පසු ඊඒපී මණ්‌ඩලයේ සිනමා ශාලාවලය.

"මායා" වඩාත් සුවිශේෂී වන්නේ එහි ප්‍රධාන කාන්තා චරිතය ප්‍රවීණ ජනප්‍රිය ශිල්පී රන්ජන් රාමනායක විසින් රඟපෑමය.

කුඩා කලදීම සිදුවන ලිංගික විපර්යාසයක්‌ නිසා සමාජයෙන් අත්විඳින්නට සිදුවන අසාධාරණකම් හේතුවෙන් මෙම වීර කාන්තාව මතුවේ.

"මායා" ක්‍රියාදාම චිත්‍රපටයක්‌. මම මෙතෙක්‌ රඟපෑ චරිත අතරින් වඩාත් ඇළුම් කරන චරිතයක්‌. මෙවැනි චරිත අපට සමාජයේ බොහෝවිට හමුවෙනවා. ඔවුන්ට අභියෝගාත්මක සහ ගෞරවනීය මට්‌ටමෙන් ජීවත්වීමට නිශ්චිත අදහසක්‌ මේ චිත්‍රපටයෙන් ලබාදෙනවා යෑයි මායා පිළිබඳ අදහස්‌ දක්‌වමින් රන්ජන් රාමනායක කීවේය.

"මායා" ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්‍ෂණයකි. නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ය. කැමරාව අයේෂ්මන්ත හෙට්‌ටිආරච්චිය. කතාව ආර්. සදේශ් කුමාර්ගෙනි. පුබුදු චතුරංග තිර රචකයාය. භාතිය සංතුෂ් සංගීත අධ්‍යක්‍ෂණයෙන් එක්‌වන "මායා" සමග රංගනයෙන් රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, ගිරිරා- කෞෂල්‍ය, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිහාල් ප්‍රනාන්දු, නිල්මිණි කෝට්‌ටේගොඩ, උපේක්‍ෂා ස්‌වර්ණමාලී, කුමාර තිරිමාදුර, ඇතුළු ශිල්පීහු රැසක්‌ රඟති. සොමි රත්නායක ගරු රඟපෑමක්‌ ඉදිරිපත් කරයි.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.