සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්‌ සමාගමෙන්
ව්‍යාපාර සහ නිවාස සඳහා ආපදා රක්‌ෂණයක්‌


අර්ත් ගුණවර්ධන
ප්‍රධාන විධායක නිලධාරී
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්‌ සමාගම

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්‌ සමාගම, ව්‍යාපාරිකයන් සහ නිවාස හිමිකරුවන් සඳහා පසුගියදා ස්‌වභාවික විපත් රැසක්‌ ආවරණය කරමින් ආපදා රක්‌ෂණාවරණයක්‌ හඳුන්වා දෙන ලදී.

මෙමගින් ව්‍යාපාරිකයන්ට ගොඩනැඟිලි සහ භාණ්‌ඩ තොග ඇතුළු ඔවුන්ගේ දේපළ සඳහා ආවරණයක්‌ සැලසෙන අතර නිවාස හිමිකරුවන්ට තම නිවෙස්‌ සහ නිවෙස්‌වල ඇති වටිනා බඩු භාණ්‌ඩ සඳහා රැකවරණය හිමි වේ.

මෙම නවතම රක්‌ෂණාවරණය පිළිබඳව අදහස්‌ පළ කරමින් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ත් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

පසුගිය කාලයට සාපේක්‌ෂව බැලීමේදී මෑත කාලීනව විශාල වශයෙන් ස්‌වභාවික විපත්වලට මුහුණදීමට බොහෝ පිරිසකට සිදු වුණා. ස්‌වභාවික විපත් කල් වේලා ඇතිව හඳුනාගෙන ඉන් ගැලවීම ලේසි පහසු කටයුත්තක්‌ නොවේ. ඉතින් එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට සිදු වුවහොත් ඊට පූර්ණ වන්දියක්‌ ලබාගැනීම සඳහා ගත හැකි හොදම පිළියම වන්නේ රක්‌ෂණාවරණයක්‌ ලබාගෙන තිබීමයි. ඒ නිසා ස්‌වභාවික විපත් ඉලක්‌ක කර ගනිමින් අපි අපගේ රක්‌ෂණාවරණ දෙකක්‌ යළි හඳුන්වාදීමට කටයුතු කළා. ඒ අනුව හඳුන්වාදී ඇති අපගේ zව්‍යාපාරික ආපදා රක්‌ෂණයZ සහ zනිවාස හිමිකරුවන්ගේ ආපදා රක්‌ෂණයZ තුළින් ජල ගැලීම්, සුණාමි, භූ කම්පන, කුණාටු, සුළි සුළං, උදම් රළ, චණ්‌ඩ මාරුත, ටෝනාඩෝ, ටයිපුන්, අකුණු කුණාටු, හිම වැසි සහ සුළං කුණාටු වැනි ස්‌වභාවික විපත් අවස්‌ථාවලදී රක්‌ෂණය කර ඇති දේපළ අහිමිවීම් සහ ඊට සිදු වන හානි සඳහා වන්දි පිරිනැමෙනවා."

මෙම ස්‌වභාවික විපත් ආවරණය හිමිවන්නේ අපගේ ව්‍යාපාරික ආපදා රක්‌ෂණය මගින් පිරිනමන අනෙකුත් ප්‍රතිලාභවලට අමතරවයි. ගිනි සහ අකුණුසර වැදීම්, ගොඩනැඟිලි තොග සහ දේපළ සඳහා සොරුන්ගෙන් සිදු වන හානි මෙන්ම ව්‍යාපාරික ස්‌ථානය ඉහත සිදුවීම් මත තාවකාලිකව වෙනත් තැනකට රැගෙන යැමේ වියදම්, පොදු වගකීම්, සේවක දිරි දීමනා, ව්‍යාපාරික ස්‌ථානයේ ඇති මුදල්, වෙනත් ස්‌ථානයකට

රැගෙන යැම, ව්‍යාපාරික ණය නැවත ගෙවීම, සේවකයන්ට සිදු වන හදිසි අනතුරු, ස්‌වභාවික මරණ සහ පුද්ගල හදිසි අනතුරු රැකවරණය මෙන්ම රක්‌ෂිතයාගේ පවුලේ අයට අවමංගල්‍යාධාර ඇතුළු සහන රැසක්‌ද මෙම රක්‌ෂණාවරණය මගින් පිරිනමනවා. නිවාස හිමිකරුවන් සඳහාද ගිනි සහ අකුණු, සොර සතුරු විපත්, නිවාස බිඳීම්, ජල ටැංකි පුපුරා යැම හෝ උතුරා යැම, සවි කරන ලද වීදුරු සහ කණ්‌ණාඩි හදිසි අනතුරු මගින් හානි වීම්, විදුලි කාන්දු ගිනි ගැනීම් වැඩ වර්ජන සහ කැරළි කෝලාහල, මගින් ගොඩනැඟිලි සහ ඒවායෙහි බඩු බාහිරාදියට වන හානි, මෙන්ම සේවක වන්දි, මහජන වගකීම් සහ රක්‌ෂිතයාටත් ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයාටත් පුද්ගල හදිසි අනතුරු රක්‌ෂණය ඇතුළු ප්‍රතිලාභ රැසක්‌ හිමි වෙනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.