ග්‍රීන් වැලි මහල් නිවාස සංකීර්ණයේ
ඉදිකිරීම් ඇරැඹෙයි


හෝම් ලෑන්ඩ්ස්‌ ස්‌කයිලයින් ආයතනයේ ග්‍රීන් වැලි මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් පසුගියදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මේ අවස්‌ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්‌විජය සාගර පලන්සූරිය, සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී වීරසිංහ, හෝම් ලෑන්ඩ්ස්‌ ස්‌කයිලයින් සමාගමේ සභාපති නලීන් හේරත් යන මහත්ම මහත්මීහු සහභාගි වූQහ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්‌ෂණය සහිතව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමාගේ මධ්‍යම පාන්තික නිවාස පන් ලක්‌ෂයේ සංකල්පය යථාර්ථයක්‌ කිරීමට ඉදි කරන මේ නිවාස ව්‍යාපෘතිය අතුරුගිරිය හා හෝමාගම කේන්ද්‍ර කර අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට නුදුරුව ඉදි වෙයි.

මේ සෑම නිවෙසකටම වෙනම විදුලිය, ගෑස්‌ හා ජලය සපයන අතර අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක්‌ද තිබේ. පැය 24 පුරා ආරක්‌ෂාව, පිහිනුම් තටාක දෙකක්‌, කායවර්ධන මධ්‍යස්‌ථානයක්‌, දරුවන් බලා ගැනීමේ මධ්‍යස්‌ථානයක්‌, වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌, ඇවිදීමේ මංතීරු, වෙළෙඳ සංකීර්ණ, ආපනශාලා ආදී පහසුකම්වලින් සපිරි කුඩා නගරයක්‌ ව්‍යාපෘති භූමියේ නිර්මාණය වේ. අක්‌කර අටකින් සමන්විත මේ නිවාස සංකීර්ණයේ නිවාස 288 ක්‌ කාමර දෙකකින් යුත් වර්ග අඩි 688ක නිවාස වන අතර ඉතිරි නිවාස 64 කාමර තුනකින් යුත් වර්ග අඩි 1056 ක නිවාස වේ. කාමර දෙකේ නිවාසවල මිල ලක්‌ෂ 45 සිට 50 දක්‌වාත්, කාමර තුනේ නිවාසවල මිල ලක්‌ෂ 75 සිට 79 දක්‌වාත් වේ. රුපියල් ලක්‌ෂයක්‌ ගෙවා නිවෙසක්‌ වෙන් කර ඉන්පසු නිවසේ වටිනාකමින් 20%‍ ක්‌ මාසයක්‌ තුළ ගෙවිය යුතුය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.