ලංකා බැංකුව 77 වැනි සංවත්සරය සමරයි

ලංකා බැංකුවේ 77 වැනි සංවත්සරයට සමගාමීව බැංකුවේ අවුරුදු 40 සේවා කාලය සම්පූර්ණ කළ සේවකයකුට බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා තිළිණයක්‌ ප්‍රදානය කළ අයුරු.

ලංකා බැංකුව සිය 77 වැනි සංවත්සරය ඊයේ (01වැනිදා) පෙරවරුවේ කොළඹ ලංකා බැංකු මූලස්‌ථානයේදී මහත් උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

මෙම අවස්‌ථාවට ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර යන මහත්වරු ඇතුළු බැංකුවේ අධ්‍යක්‍ෂවරු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ.

මෙම දේශීය නවීන බැංකුවෙහි පහළවීම වර්ෂ 1939 දී සිදුවූ අතර එවක පටන් එය ගනුදෙනුකරුවන්ට විසඳුම් සපයමින් බැංකුකරණ කර්මාන්තය හැඩ ගන්වමින් සිටී.

සරල පාස්‌පොතේ සිට ජංගම දුරකථන බැංකුකරණය දක්‌වාද මුදල් කවුන්ටරය ගනුදෙනුවල සිට පැය 24ම විවෘතව ඇති ස්‌මාර්ට්‌ සෝන්ස්‌ දක්‌වාද සාම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවල සිට හරිත බැංකුකරණය ඇතුළත් කර ගනිමින් සයිබර් / වර්චුවල් බැංකුකරණය දක්‌වා ආදී වශයෙන් ඩිජිටල් නවීකරණය දක්‌වා වසර 77ක බැංකුවෙහි ගමනෙහි වෙනස්‌කම් කීපයක්‌ නම් කොට දැක්‌විය හැකිය.

ලංකා බැංකුවේ 77 වැනි සංවත්සරයට සමගාමීව බැංකුවේ අවුරුදු 40කට වැඩි සේවා කාලයක්‌ සම්පූර්ණ කළ සේවක සේවිකාවන් ඇගයීමද විශේෂත්වයක්‌ විය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා, පැරණි සාම්ප්‍රදායික පාස්‌ පොතෙන් සහ මුදල් කවුන්ටරයෙන් ආරම්භව නිර්ලේඛන අන්තර්ජාලය සහ ජංගම දුරකථන බැංකුකරණය දක්‌වා කර්මාන්තය සහ ප්‍රජාව ඩිජිටල් බැංකුකරණය කරා ගෙන යමින් අපි දිගු ගමනක්‌ පැමිණ ඇත්තෙමු යෑයි කියා සිටියේය.

ගනුදෙනුකාර පහසුව සහ කඩිනම් සේවයක්‌ සඳහා පහසුකම් සලසමින් ගනුදෙනුකරුවන් හට වඩා උසස්‌ අත්දැකීමක්‌ ලබා දෙන්නට ශාඛා ජාලය පරිණාමනය කිරීමේ ක්‍රියාවලිය තුළ බැංකුව දැන් තවදුරටත් ඉදිරියට යමින් සිටින බවද රොනල්ඩ් සී පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අපගේ ජයග්‍රහණය ර¹ පවතින්නේ අප ගනුදෙනුකරුවන්ගේ ජයග්‍රහණය මතය. ඩිජිටල් නවීකරණය සිදු කිරීම මගින් ගනුදෙනුකරුවන් අප කෙරෙහි 77 වසරක්‌ පුරා තබා ඇති විශ්වාසය වෙනුවෙන් අප ඩිජිටල් නවීකරණය යොදාගෙන ඔවුන්ට හැකි ඉහළම අත්දැකීමක්‌ ලබාදීමට අප වග බලා ගන්නෙමු යෑයි මෙහිදී අදහස්‌ දැක්‌වූ ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.