දිප්පිටිගොඩ පී. ඒ. පෝල් පෙරේරා දැන් එංගලන්තයේ පදිංචිව සිටීම ගැන මෙහි යමක්‌ නොලිව්වහොත් අසාධාරණයක්‌ යෑයි මට සිතේ.

පෝල් අයියා මගේ පියාගේ වැඩිමල් සොහොයුරාගේ එක්‌ පුත්‍රයෙකි. ඔහුගේ තවත් සොහොයුරෝ දෙදෙනෙක්‌ දැන් දිප්පිටිගොඩ පදිංචි වී සිටිති. එක්‌ අයෙක්‌ ක්‍රිසන්ටස්‌ (කිසී)ය, කැම්ලස්‌ පෙරේරා අනෙක්‌ අයයි.

පෝල් පෙරේරා දිප්පිටිගොඩදී එදා ගීතිකා කණ්‌ඩායමක්‌ ආරම්භ කළේය. මෙම ගීතිකා කණ්‌ඩායමේ සාමාජීකයන් පිරිස අතර පැටි්‍රක්‌ සමරතුංග අයිවන් සහ මම ද සිටියෙමු.

අපට වඩා තවත් "ගීතිකා" කණ්‌ඩායමක්‌ දිප්පිටිගොඩ "පාතිමා" දෙව්මැඳුරට සම්බන්ධ වී තිබුණේය. එම ගීතිකා කණ්‌ඩායම නියෝජනය කළේ වර්නන් පෙරේරාගේ වැඩිමහල් සොහොයුරා වූ ස්‌ටැන්ලි පෙරේරා සහ කැනීෂියස්‌ගේ වැඩිමහල් සොහොයුරා වූ සනී අයියාය. එහෙත් මෙම ජ්‍යෙෂ්ඨ "ගීතිකා" කණ්‌ඩායම දෙව්මැඳුරේ නුවාන සහ මංගල්ලයට පමණක්‌ ගීතිකා ගායනා කිරීමට පුරුදුව තිබුණි. අර්නස්‌ට්‌ පෙරේරා අර්නි අයියාද (දළුගම දෙව්මැඳුර අසල පදිංචි වී සිටියි) එදා මෙම ජ්‍යෙෂ්ඨ ගීතිකා කණ්‌ඩායමට සම්බන්ධ වී සිටි අතර ඇතැම් විට "ගීතිකා" දන්නා බැතිමතුන් පවා ගීතිකා කණ්‌ඩායමට සහාය දීම පුරුද්දක්‌ කරගෙන තිබුණි.

පෝල් අයියා "ගීතිකා" කණ්‌ඩායම වඩාත් දියුණු කිරීමට මහන්සි ගත්තේය.


ලතින් ගීතිකා

ඇතැම් දවස්‌වල මහ රෑ වෙනතුරු අපි "ගීතිකා" පුරුදු වුණෙමු. "ලතින්" බසින් ගැයෙන ගීතිකාවන් වූ "ආවේ මාරිස්‌ටෙල්ලා" මා වඩාත් ශබ්ද නඟා ගායනා කරන නිසා පෝaල් අයියා වඩාත් සතුටු වූයේය. ඔහු "පියානෝව" අපූරුවට වාදනය කළේය.

"ගීතිකා" පුහුණු වෙද්දී ගෙදර සියලුම ප්‍රශ්න මට අමතකය. ඒ තරමට භාරගන්න වැඩේ අකුරටම කිරීමට මා පෙළඹි සිටින හේතුවෙනි.


දැරණියගල ගමන

දැරණියගල පළාතේ දෙව්මැඳුරක මංගල්ලයකට "ගීතිකා" ගායනා කරන ලෙස පෝල් අයියාට ඇරයුමක්‌a ලැබී තිබුණි.

ඒ ඇරයුම භාරගත් පෝල් අයියා දිගට හරහට "ගීතිකා" පුහුණු කිරීම් සිදු කළේය. වචන උච්චාරණය කිරීමේදී ඇතිවෙන වැරදි වලට ඔහු මට තදින් අවවාද කළ අවස්‌ථා පවා තිබුණි. මම වැරදි සාදා ගත්තෙමි.

කෙසේ හෝ වේවා එදා අපි දැරණියගලට ගියෙමු. මෙම උත්සවයට ඇරයුම් කළ තේ වතු නිලධාරියා සහ ඔහුගේ බිරිඳ අප ඉහළින් පිළිගත්තේය.

මගේ මතකයේ හැටියට එදා මෙම ගමනට අයිවන්, පැටි්‍රක්‌a සමරතුංග දිප්පිටිගොඩ පදිංචිව සිටි ඇන්ඩෲ ජයකොඩි ඇතුළු කිහිප දෙනෙකු පැමිණ තිබුණි.

මංගල්ලය නිමිත්තෙන් සැඳෑ මෙහෙය ආරම්භ කිරීමට කලින් දිප්පිටිගොඩ පාතිමා "ගීතිකා" කණ්‌ඩායම පිළිබඳව පියතුමා හැඳින්වීම්ද කර තිබුණි.

අප එදා මෙම "ගීතිකා" අපූරුවට ගායනා කළෙමු. මංගල්ලයෙන් පසු දහවල් කෑම කා දැරණියගල අවට දැක බලා ගැනීමට තේ වතු නිලධාරියා පෝල් අයියා ඇතුළු කීපදෙනාම ගියහ.

එහෙත් එම ගමනට මා සහභාගි නොවූයේ තරමක හිසරදයක්‌ සැදී තිබූ හේතුවෙනි.

වතු නිලධාරියාගේ බිරිඳ මගේ හිසට බෙහෙත් තෙලක්‌ ආලේප කරමින් ප්‍රතිකාරයක්‌ කළහ.


මල්ලිට අපිව අමතක වෙයි

ඇය ඉතාමත් කාරුණිකය. දිප්පිටිගොඩ ගමට ගියාට පස්‌සේ මල්ලිට අපිව අමතක වෙයි නේද? කියා ඇසුවාය. "මා අමතක නොවන්න මෙන්න මේ ලේන්සුව තියා ගන්න යෑයි" පවුඩර් සුවති ලේන්සුවක්‌ ඇය තෑගි කළාය.

"දෙසැම්බර් නිවාඩුවට මෙහේ එන්න දවස්‌ කීපයක්‌ නතර වෙලා ඉන්න පුළුවන් යෑයි" කියමින් ඇය මගේ ලිපිනය ඉල්ලා ගත්තාය.

ඇගේ ලිපිනය මට ලැබුණි. ගෙදර ගියාට... පස්‌සේ..... ඇයට ලිපියක්‌ ලියන්න යෑයි දැනුම් දුන්නාය.

පසු දිනම අපි දිප්පිටිගොඩ පැමිණියෙමු. සෙනසුරාදා දවසක තැපෑලෙන් මට ලිපියක්‌ ලැබුණි.

ඇය මට දීර්ඝ ලිපියක්‌ එවා තිබුණි. දැරණියගලට එන ලෙස කළ ඇරයුම සමඟ රුපියල් පහක මනිඕඩරයක්‌ද එහි තිබුණි.

එනපොට හරි නැති නිසා මම ඊට පිළිතුරු නොලීවෙමි.

රුපියල් පහේ මනිඕඩරය මාරු කර යළිත් ඇයගේ නමට ලියා වෙනත්a මනිඕඩරයක්‌ ඇයට මම යෑවුවෙමි.

යළිත් දැරණියගල පැත්තේ දෙව්මැඳුරේ උත්සවයකට ඇරයුමක්‌ ලැබුණෙන් එහි යැමට මම අකැමැති වුණෙමි. නැති ප්‍රශ්න ඇති කර ගැනීමට මා කැමැති නැත. ( මෙම ප්‍රශ්නය පැටි්‍රක්‌ සමරතුංගට පවසා තිබුණි.)

ඇය මට ලිපි දෙකතුනක්‌ම එවා නතර කළාය. අන්තිම ලිපියේ ඇය මට තදින්ම දොස්‌ නඟා තිබුණි.


කෙටි කතාවක්‌

මෙම සිද්ධිය අළලා කෙටි කතාවක්‌ ලියා පත්‍රයට යෑවූ නමුත් එය පළ වූයේ නැත.

බැරිම තැන එම කෙටි කතාව ජනතා පත්‍රයේ කර්තෘ මහතෙකුට භාර දුනිමි.

"පුතා ඔයාට තාම මේ කතා ලියන්න බැහැ. ලිපි විතරක්‌ එවන්න යෑයි" ඔහු මට උපදෙස්‌ දුන්නේය.

ඉතිරි කොටස ලබන සතියේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.