මහින්දගේ පාද යාත්‍රාව ආපු ලිප්ටන් වටරවුමේ ඇත්ත නම මොකක්‌ද?

සංඛනාද වෙදගෙවත්ත

* සියලුම ඉඩම් හෙන්රි ද සොයිසාගේ
* ලිප්ටන් ගේ තේ මූලස්‌ථානය ටවුන්හෝල්
* වතු කම්කරුවන්ට කසිප්පු පුරුදු කළේ ඡේම්ස්‌ ටේලර්



පසුගියදා අවසන් වූ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් නායකත්වය දෙන ලද පාද යාත්‍රාවේ ගමනාන්තය මුල සිටම අර්බුදයට ලක්‌ වූවකි. පාද යාත්‍රාව හයිඩ් පිටියෙන් කෙළවර කිරීම මුලින් තිබූ සැලසුම විය. එහෙත් එහි 'හදිසි වළවල් හෑරීමක්‌' පටන් ගත් බැවින් බුක්‌කර ගැනීමට බැරි විය. ඊළඟ ඉලක්‌කය කැම්බල් පිටිය වූ නමුත් වෙනත් පාර්ශ්වයක්‌ විසින් එය කල්තියා වෙන් කරගෙන තිබිණි. මේ අනුව සියලු දෙනා විශ්වාස කළේ පා ගමන ගෝල්ෙµaස්‌ පිට්‌ටනියෙන් අවසන් වන බවත් එම සමාප්ති රැස්‌වීම එහි පවත්වන බවත් ය. එහෙත් පා ගමන සමාප්ත කරන ලද්දේ ලිප්ටන් වටරවුමෙනි. මොකක්‌ද මේ ලිප්ටන් වට රවුම?

 

මේ රටේ දේශපාලන විරෝධතාකරුවන්ගේ ලොකුම පිට්‌ටනිය වූ පුංචි ලිප්ටන් වටරවුම ආශ්‍රිතව වසර 2010 දී වැදගත් යමක්‌ සිදුවිය. ඒ මෙසේයá ඒ අවුරුද්දේ පැවැති ජනාධිපතිවරණයේදී සරත් ෙµdන්සේකා පැරදී මහින්ද රාජපක්‍ෂ ජය ගත්තේය. එම ඡන්ද ව්‍යාපාරයේදී ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිස වැඩ කළේ සරත් ෙµdන්සේකා දිනවනු පිණිසය. ෙµdන්සේකාගේ පරාජයෙන් බලවත් කෝපයට පත් ජවිපෙ කණ්‌ඩායම සෝමවංශ පෙරටු කරගෙන ලිප්ටන් රටරවුමට ගොස්‌ තදබල උද්ඝෝෂණයක්‌ පටන් ගත්තේය. "මේ අසාධාරණය ගැන ගෝඨාභය රාජපක්‍ෂගෙන් අහන්න. මෙන්න එයාගෙ ටෙලිෙµdaන් නම්බර් එක. 0777126126" කියමින් සෝමවංශ කෑ ගැසුවේය. ඊළඟ දින කිහිපය තුළදී ගෝඨාභය රාජපක්‍ෂට දුරකථන අංකය මාරු කිරීමට සිදුවිය. එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ඔහුගේ පුද්ගලික දුරකථන අංකය එසේ ප්‍රසිද්ධ වීම ඔහුට ප්‍රශ්නයක්‌ වන්නට ඇත.

++++++++++++++++++++

කොළඹ නගර ශාලාව ආසන්නයේ පිහිටි මාර්ග පහක්‌ සම්මුඛවන හන්දිය ලිප්ටන් වටරවුම හෙවත් ලිප්ටන් සර්කස්‌ ලෙස හඳුන්වනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේදී සර්කස්‌ කණ්‌ඩායමකට සහ සැණකෙළි භූමියකට මෙන්ම වෘත්තාකාර පිටියකට ද 'සර්කස්‌' යන නම යොදනු ලැබේ. ලිප්ටන් වටරවුමෙන් පටන් ගන්නා එක පාරක්‌ ඩීන්ස්‌ පාරය. එය මරදානට වැටෙයි. ඊළඟ පාර මහ රෝහල අසලින් ගොස්‌ බොරැල්ලට යයි. තුන්වන පාර ටොරින්ටන් හන්දිය දක්‌වා ගොස්‌ බෙදෙයි. සිව්වන පාර ඉබ්බන්වල හන්දිය සහ ඉන් ඔබ්බට යන අතර පස්‌වන පාර නව නගර ශාලා භූමිය මායිම් කරගෙන ගොස්‌ බෙදී කොල්ලුපිටියටත්, 138 පාරටත් සම්බන්ධ වෙයි. කොළඹ නගරාසන්න ප්‍රදේශයට අයත් පැරැණිතම ගොඩනැඟිලි ලිප්ටන් වටරවුම ආශ්‍රිතව පිහිටා තිබේ. එයින් පළමුවැන්න 1802 දී සාදන ලද දවටගහ මුස්‌ලිම් පල්ලියයි. දෙවැන්න 1879 දී සාදන ලද කුරුඳුවත්තේ බැප්ටිස්‌ පල්ලිය. ලිප්ටන් වටරවුමට ද සොයිසා වටරවුම ද කියනු ලැබේ. අද එම වටරවුම තිබෙන ඉඩම මෙන්ම එයට යාබද හතරදිග්භාගයේ පවතින සියලුම ඉඩම් 1890 දී අභාවප්‍රාප්ත වූද, අංග්ලිකන් ක්‍රිස්‌තියානි වූද චාල්ස්‌ හෙන්රි ද සොයිසාට අයත්ව තිබිණි. ලිප්ටන් වටරවුමේ සිට දිවෙන පාරවල් සියල්ල ගොස්‌ ඇත්තේ එම ඉඩම් මැදින් ය. ඉහත සඳහන් ඉඩම් සියල්ල කුරුඳු ඉඩම් බව ද අද කුරුඳුවත්ත ලෙස හැඳින්වෙන එම ප්‍රදේශය මෙයට වසර 150 කට පෙර 'බරන්දෙණිය' යනුවෙන් හඳුන්වන ලද බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

++++++++++++++++++++++++++++

ලිප්ටන් වටරවුමට එම නම ලැබුණේ තෝමස්‌ ලිප්ටන් නමැති සුද්දා විසින් සිය තේ සමාගමේ ලංකාවේ මූලස්‌ථානය ලෙස කොළඹ නූතන ටවුන්හෝල් ප්‍රදේශය තෝරා ගැනීමත් සමග ය. තෝමස්‌ ලිප්ටන්ගේ කතාව මෙසේය. 1848 දී ස්‌කොට්‌ලන්තයේ උපන් තෝමස්‌ ලිප්ටන් අර්තාපල් වගා කළ පවුලක දරුවෙකි. වයස අවුරුදු 16 දී ඔහු දුම් බෝට්‌ටුවක අත්උදව්කරුවකු ලෙස ඉතාම දුක්‌ සහගත ජීවිතයක්‌ පටන් ගත්තේය. රැකියාවෙන් මුදල් ඉතිරි කළ ඔහු එමගින් ටිකට්‌ පතක්‌ ගෙන දුම් නැවක නැඟී ඇමරිකාවට ගියේය. ඒ රටේ වැඩ කරමින් සහ සංචාරය කරමින් අවුරුදු 5 ක්‌ ගත කළේය. 1870 දී සිය රට වූ ස්‌කොට්‌ලන්තයට පැමිණි ඔහු කුඩා කඩයක්‌ පටන් ගත්තේය. මෙය සිල්ලර බඩු කඩයකි. එයින් වසර 17 ක්‌ ගත වන විට ඔහු එවැනි වෙළෙඳසල් 300 ක හිමිකාරයා විය. ඔහු 1888 දී තේ ව්‍යාපාරයට අවතීර්ණ විය. මේ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාව සිය තේ වත්ත බවට පත් කර ගෙන අවසන් ය. ලෝකයේ හොඳ තේ වවන රටවල් ගැන සොයා බැලූ තෝමස්‌ ලිප්ටන්ට ශ්‍රී ලංකාව ගැන ආරංචි විය. ස්‌කොට්‌ලන්තයේ සිට වහාම ලන්ඩනයට ගිය ඔහු දුම් නැවක නැඟී දෙමසක පමණ සමුද්‍ර ගමනකින් පසු කොළඹ වරායට ගොඩ බැස්‌සේය. ඒ 1890 අවුරුද්දේ ය.

ලංකාවට පැමිණි ඔහු මුලින්ම කළේ ගාලු මුවදොර හෝටලයට ගොස්‌ එහි නැවතී සිටි ඡේම්ස්‌ ටේලර් නමැති වැවිලිකරුවා හමුවීමය. ලංකාවට තේ වගාව හඳුන්වා දුන්නේ ටේලර් විසිනි. ඒ පමණක්‌ නොව දෙමළ වතු කම්කරුවන් ද ලංකාවට හඳුන්වා දෙනු ලැබ සිටි හේ දිනකට රොටි තුනක්‌ සහ කසිප්පු භාගයක්‌ පරිභෝජනය කර පාන්දර පහේ සිට රෑ දහය වන තුරු වැඩ කරන හැටි එම කම්කරුවන්ට පුරුදු කර තිබුණේය. මේ ක්‍රියාවලියේදී ඡේම්ස්‌ ටේලර් එලොවත් මෙලොවත් යන දෙකම අහිමි කරගත් අයෙක්‌ බවට පත් වෙයි. මන්ද නිසි පෝෂණයක්‌ නැති රොටී කා බොකු බඩවැල් තැම්බූ කසිප්පු පානය කළ එම කම්කරුවෝ කෘෂ වී ක්‍ෂය රෝගීන් බවට පත් වී අවුරුදු 30 - 35 වන විට මිය ගිය බැවිනි. මේ පව තේ බොන බොන අපට පල නොදේවා· එය ඡේම්ස්‌ ටේලර්ගේ ගිණුමට බැර විය යුතු පාපයකි.

තෝමස්‌ ලිප්ටන් මිය යන්නේ 1931 දී ය. ඒ වන විට ලංකාවේ තේ වතු වලින් 75% ක්‌ අයත්ව තිබුණේ ඔහුටය. මිය යැමට වසර 30 කට පෙර බ්‍රිතාන්‍යයේ හත්වැනි එඩ්වර්ඩ් රජතුමා ඔහුට නයිට්‌ නාමයක්‌ දුන්නේය. ඒ කුමකටද? ලංකාවේ කඳුකර භූමියත්, දෙමළ ජනයාගේ ශ්‍රමයත් සූරා කෑම වෙනුවෙන්ද? එයට පිළිතුරු අපි නොදනිමු. කෙසේ වුවද ඔහු මැරෙන්නේ ද ඔහු උපන් ස්‌කොට්‌ලන්තයේමය.

ලිප්ටන් යනු පසුගිය ශත වර්ෂයේ ලොව පහළ වූ හොඳම සන්නාම (ඊර්බා) වලින් එකකි. 1991 දී ලිප්ටන් වෙළෙඳ ලකුණ සහ නිෂ්පාදන අයිතිය බ්‍රිතාන්‍යයේ යුනිලීවර් සමාගම සහ ඇමරිකාවේ පෙප්සිකෝලා සමාගම විසින් හවුලේ මිලට ගන්නා ලදී. ඒ දෙගොල්ලටම ලිප්ටන් කොටස්‌වලින් සියයට පනහ බැගින් තිබේ.

එක්‌දහස්‌ අටසිය ගණන්වල අග භාගය වන විට ඇස්‌ රෝහලක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට ඉතා තදින් දැනෙන්නට විය. ඒ බව දැනගත් ඉඩම් හිමි සහ මහා දානපති චාල්ස්‌ හෙන්රි ද සොයිසා ලිප්ටන් වටරවුමට යාබදව පිහිටි විශාල ඉඩමක්‌ ආණ්‌ඩුවට පරිත්‍යාග කළේය. එහි ඉදිකළ ඇස්‌වාට්‌ටුව 1905 දී විවෘත කරන ලදුව, ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සැලසුම් කළ මනරම් වර්ණවත් ගොඩනැඟිල්ලක්‌ ලෙස අදටත් නැගී සිටී. චාර්ල්ස්‌ හෙන්රි ද සොයිසා විසින් කළ පරිත්‍යාගයට ගරු කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම ලෙස නැවත නම් කර එම නම ගැසට්‌ කළේය. මේ නිසා ලිප්ටන් වටරවුමේ නීත්‍යනුකූල නාමය අදටත් ද සොයිසා වටරවුම ය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.