ශීත සීතාට හාද කර නුවරඑළිය
ගිනි තියනා පූසාරි ප්‍රවාද

ආචාර්ය සූරිය ගුණසේකර

* "ශීත" ශබ්දය "සීතා" ලෙස රිසිසේ කතා ගෙතූහ...
* වසර 1300ක්‌ පැරණි බෝධිය කපා ලෑලි ඉරා
   රිමාන්ඩ් බාරයේ සිටින හිමිනමක්‌...
* රාවනා  කතාව ගැන අලුත් හෙළිදරව්වක්‌

රාමා, සීතා, චරිත ඇත්තේ රාමායණ මහා කාව්‍යයේය. එය රචනා කළේ වාල්මිකීය. එම කතාවේ තොරතුරු අප ලබා ගත යුත්තේ රාමායණ කාව්‍යයෙනි. නමුත් ඊට පටහැනි "සීතා ජනප්‍රවාද" ගොතන ලද හින්දු පූසාරීන් නිසා නූගත් නුවරඑළිය, බදුලු දිස්‌ත්‍රික්‌ ජනතාව මෙම ඊනියා ජනප්‍රවාද පිළිගෙන මහත් අමාරුවට පත් වී ඇත. කැප්පෙටිපොළ රජමහ විහාරයේ තිබූ III අග්බෝ රජුන් දවස (ක්‍රි.ව. 683) රෝපණය කළ අවුරුදු 1300 ක්‌ පමණ පැරණි බෝධීන්වහන්සේට මෙනිසා තම ජීවිතය පූජා කිරීමට සිදු වුණේ පසුගිය අප්‍රේල් මස 28, 29 දිනවලදී බව කැප්පෙටිපොළ ගම්වාසීහු පවසති. විහාරාධිපති හිමියන් බෝධිය කපා ලෑලිවලට ඉරා තිබියදී සොයා ගන්නා ලදී. ඊට හේතුව 2016 මැයි 16 දා දකුණු ඉන්දියානු දෙමළ හින්දු පූජකයකු විසින් "සීතා දේවිය හා සීතා අම්මාන් කෝවිල" අභිෂේක කර යැමයි. ඊට අවශ්‍ය පරිදි ශුද්ධ පවිත්‍ර කිරීම් ඉටුකරලීමට සිදුවිය. තවදුරටත් පන්සලේ හා බෝධියේ ආධිපත්‍යය එහි තිබිය නොහැකි බව මේ මගින් ගොළු බසින් පැවසේ. මේ කතාව අග මුල ගැලපූ විට මෙසේය.

කැප්පෙටිපොළ හා වැලිමඩ ප්‍රදේශයේ මුලින්ම 1833 දී ගවේෂණය කරන ලද්දේ මේජර් ෙµdaබ්ස්‌ විසිනි. ඔහුගේ වාර්තාවේ සඳහන් වන්නේ මේ නුගතලාව සානුව (උස්‌ තැනිතලාව) බවය. එම තලාවේ එක්‌ කෙලවරක "දිවුරුම් ගස" නමැති නුග (බෝ) ගසක්‌ විය. ඒ අවට විහාරස්‌ථානයක යයි සැලකිය හැකි නටබුන් විය. මෙම දිවුරුම් ගස යොදාගනු ලැබුවේ වරදකරුවන් ලෙස සැක කළ අය තමන් නිර්දොaෂී යයි කියා දිවුරීමටය. මෙකල බොරුවට දිවුරීම නොකරන නිසා දිවුරීම් කළ විට නිදහස්‌ විය. බ්‍රිතාන්‍ය ගම්සභා හා පොලිස්‌ උසාවි ද එය පිළිගනී.

ලංකාවේ කෝපි වගාව ඇතිවුණේ කඳුකරයේ බටහිර තෙත් කලාපයේය. එකල නුවරඑළි ප්‍රදේශය වනාන්තරයෙන් වැසී තිබිණි. "හැමීලියා වෙස්‌ටරික්‌ස්‌" කොළ රෝගය නිසා කෝපි වතු විනාශ වූ විට නැඟෙනහිර වියළි කඳුකර ප්‍රදේශවල තේ වගාව ආරම්භ විණි. මේ 1874 න් පසුවය. නිර්මල වනාන්තර  පළමු වරට එලිවී තේ වගාව ඇති විය. අධික ශීතල නිසා සිංහලයන් මෙහි කිසිදින ජනාවාස ඇති නොකළහ. වී සහ වියළි ධාන්‍ය, එළවළු ආදිය සඳහා කඳු බෑවුම් භූමියත්, ශීතල දේශගුණයත් නොගැලපීම නිසා මේවා ජනාවාස විණි. වනාන්තරවල සීතා ජනප්‍රවාද ද ඇති නොවීය. තේ වතුවලට දකුණු ඉන්දියානු කුලීකරුවන් ගෙන ආවිට ඔවුන් සමඟ කෝවිල්ද පූසාරීන් ද ආහ. ශීතල දේශගුණය නිසා ශීත පොකුණ, ශීත එළිය, ශීත ඇල්ල, ශීත ගුහාව ආදී නම් භාවිතා විය. මේ "ශීත" යන වචනය ඇසුනු පූසාරීහු එය "සීතා" ලෙස වරදවා ගෙන රාමාගේ බිසව වූ "සීතා" නුවරඑළියට සම්බන්ධ කරමින් කතා ගෙතූහ. මේ වැරදීමක්‌ නොව "මලබාර් සම්ප්‍රදායයි.

පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් ලංකාවට ගෙන ආ දෙමළ බස කතාකරන දකුණු ඉන්දියානුවන් හැඳින් වූයේ මලබාර් මිනිසුන් ලෙසිනි. මුලින් මොවුන් මලබාර් වෙරළින් නැවට නංවා ගත් නිසා පෘතුගීසීන් විසින් මලබාරියන් ලෙස හැඳින් වුවද ඉංග්‍රීසීන් විසින් කොරමන්ඩල් වෙරළින් ගෙන ආ දෙමළ කතා කළ දකුණු ඉන්දියානුවන්ටද මලබාර්වරු යයි කීහ. මොවුහු රටක්‌ හෝ ජාතියක්‌ නැති අය වූහ. එබැවින් සුද්දන් විසින් අලුත් රටක සේවයට ඔවුන් ගෙනගිය විටදී එම අලුත් රටේ තම උරුමයන් පෙන්වීමට කතා ගෙතීම පුරුද්දක්‌ විය. ලන්දේසි වෙළෙඳ සමාගම විසින් දුම්කොළ වගා කිරීමට යාපනයට ගෙන ආ මලබාර්වරුන් අතින් පළමුවරට එම කතා ගෙතුණි. වෛයාපඩාල් කෛයිල්‍යමාලෙයි, පරරාජසේකරන් උලේ ආදිය එසේ ගෙතුණු කතාය. එහි අග්‍ර ඵලය වූයේ ඕලන්ද ආණ්‌ඩුවේ ජාන් මක්‌කාර්ගේ ඉල්ලීම පරිදි මයිල්වාකනම් පුලවර් ගෙතූ "යාල්පානම් වෛපවමාලෙයි" කෘතියයි. අද මීට "දෙමළ මහාවංශය" ලෙස ව්‍යවහාර කරමින් ඔවුහු ගරු කරති. නමුත් පුරාණ යාපනය (Ancient Jaffna) ලියූ රාසනායගම් මුදලි (1920) පවසන්නේ මේ අම්මලා තම දරුවන් නිදිගැන්වීමට කියූ රසවත් කතාවන් බවය. මෙම වර්ගයේ දෙවැනි කතාව 1875 න් පසු නුවරඑළි පූසාරීන් ගෙතූ "සීතාදේවී" ප්‍රබන්ධයන්ය.

කෝපි වගා යුගයේදී නුවරඑළිය ප්‍රදේශය එලිවී නොතිබුණු අතර සීතාදේවි කෙනෙක්‌ ගැන ප්‍රවාදයන් ද කඳුකරයේ නොවීය. හින්දු වතුකම්කරුවන් සමඟ ආ පූසාරීහු "ශීත" ශබ්දය "සීතා" හැටියට ගෙන රිසිසේ කතාන්තර ගෙතූහ. සීතා පොකුණ සීතා ස්‌නානය කළ තැනයි. සීතාඑළිය යනු ඇයව අඳුරු උමගය දිගේ ගෙන අවුත් එළිය දුටු තැන යයි එක්‌ කතාවකි. ඇස්‌ රෝගයකින් පෙනීම දුර්වල වූ ඇයට නැවත ඇස්‌ හොඳින් පෙනී එළිය දුටු තැනයයි තවත් කතාවකි. නුවර - මහියංගන පාරේ ගුරුළුපොත තානායම අසළ පාර අයිනේ ගිනි අව්වේ දවල් 12.00 ට වාහනය නවතා දහඩිය දමමින් පහළට යාමට ඇති අඩි පාර දිගේ යාර 250-300 දුර බැසගිය විට ඇති ගුහාවක්‌ බඳු ස්‌ථානය ශීතල බවින් යුතුය. මේ "සීතා ගුහාවය" කොණ්‌ඩගල සීතා කොණ්‌ඩය පීරූ තැනය. පහන් කන්ද සීතා පහන් තැබූ කන්දය. පාළු ගෙයි වලන් බිඳින්නා සේ සිංහල ගම්මාන නැති එනිසාම ජනප්‍රවාද නැති නුවරඑළිය ප්‍රදේශයේ මෙසේ හින්දු ජනප්‍රවාද වපුරන්නට වූහ.

අප්‍රේල් මාසය නුවරඑළිය සීසන් නමැති සැණකෙළි
සමයයි. ලංකාව පුරා සිටින ඉංග්‍රීසි සිවිල් නිලධාරීන්, යුද නිලධාරීන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, වැවිලිකරුවන් එකට හමුවන්නේ වසරේ අප්‍රේල් මාසයේදීය. එවිට එංගලන්ත ශීත දේශගුණය තුළ මස්‌ කමින්, මත්පැන් බොමින්, ආලිංගන නැටුම්වල යෙදෙමින් උදේ සිට සැන්දැවන තුරු කාලය කා දමති. මධුවිත තොලගාමින් දොඩමළු වන  මොවුනට වතු අධිකාරීහු වතුවල ඇති ඕපාදූපද එකතු කරති. නුවරඑළි ආ සීතා කතාව ඉන් ප්‍රමුඛ වේ. මේ අසන කේම්බ්‍රිඡ් උපාධිධාරී සිවිල් නිලධාරීහු සීතා කතාවන් තව තවත් ඔපදමා තම පර්යේෂණ පත්‍රිකා ලෙස රාජකීය ආසියාතික සංගමයටත් පුවත්පත්වලටත් සපයති. එවිට එය ලංකා ඉතිහාසය කතා හා සම්ප්‍රදායික ඉතිහාසය වෙයි. අප්‍රේල් සීසන්වල නුවරඑළිය යන මරී මියුසියස්‌ හිගින්ස්‌ටද (සුදු අම්මා) මෙම වාචාල කතා අසන්නට ලැබිණි. සීතා තරහින් වකගසාගෙන නිදා සිටි තැන "සීතාවක" ලෙස ඇය තම Historical Tales for School Children හි ලිව්වේ 1902 දීය. ගලේ පැහැරූ බළලා ලෙස සාවද්‍ය වූ මෙය සඟවන්නට නොහැකි ප්‍රබල සාක්‍ෂියක්‌ ඇත. 1830 දී මුරිසියේ සිටි ඇහැලේපොල මහනිලමේ විසින් කෝල්බෲක්‌ කොමිසමට සිංහලෙන් සන්දේශයක්‌ එවා තිබේ. එහි මෙසේ ඇත. "මට ඩොයිලි උන්නාන්සේ මුණගැහෙන්ට හීතවක දෙදොහක්‌ සුනංගු වුණා." 1830 දීත් "හීතවක" 1900 වන විට නුවරඑළියේදී සීතාවක වුණේ කෙසේද ?

1833 මේජර් ෙµdaබ්ස්‌ගේ වාර්තාවේ සඳහන් වුණු "දිවුරුම් ගස" පූසාරීන්ගේ ඉලක්‌කයක්‌ විය. "දිවුරුම්" ශබ්දය නිසා මේ සීතා දේවිය තම පතිවෘත්තතාවය ගැන දිවුරුම් දී ගින්නට පැන්න ස්‌ථානය ලෙසට ඔවුහු කතාන්තරය ගෙතූහ. මෙයද නුවරඑළිය සීසන් තුළින් ඔපමට්‌ටම් වී පුරාණ ජනප්‍රවාදයක්‌ ලෙස ආ විට ප්‍රදේශවාසී ජනතාව විසින් පිළිගත්හ. ඉංග්‍රීසි ආධිපත්‍යය තුළ ගැමියන්ට ඒත්තුගන්වා තිබුණේ සුද්දාට කිසිදින නොවරදින බවය. එබැවින් දිවුරුම් ගස තිබූ ප්‍රදේශයට දිවුරුම්වෙල යයි තිබූ ව්‍යවහාරය ඉතා මෑතකදී "දිවුරුම්පල" ලෙස නම් මාරුකර ඇත්තාහ. මේ නිශ්චිතවම සීතා විසින් දිවුරුම් දී ගින්නට පැන්න ස්‌ථානය බව ඉන් පැහැදිලි වන්නේය.

මාරි මියුසියස්‌ට ඇහැලේපොල මහ අදිකාරම්ගේ වචන හරස්‌ වූවාට වඩා තදින් දිවුරුම්පලට විරුද්ධව රාමායණය හරස්‌ වේ. වාල්මිකී පවසන්නේ සීතා දේවිය සිරකර තිබුණේ මුහුද අයිනේ රෝස පැහැති හිරිගල්  වලින් සෑදූ මාලිගාවක බවය. හුදකලාව සිරවී සිටින ඇයට ජනේලයෙන් එන මුහුදු සුළඟ විසින් ගීත ගායනය කරමින් ඇය සැනසූ බවය. එමෙන්ම ලක්‍ෂමණ විසින් සීතාට දිවුරුම් දී පැනීම සඳහා ගිනිමැලය සෑදුවේ මුහුදු වෙරළේ බවය. දැන් මුහුදු වෙරළ වැලිමඩ කැප්පෙටිපොලට ආවේ කෙසේද යනු විසඳිය නොහැකි ප්‍රශ්නයකි.

කපා දමා ලෑලි ඉරූ බෝධින්වහන්සේ වටකළ ශිලාමය පවුරේ ඇති සිහිවටන ඵලකයකි. එහි කියෑවෙන්නේ අධ්‍යාපන, සංස්‌කෘතික හා දේශීය වෛද්‍ය අමාත්‍ය වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මැතිතුමාගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී සීතා දේවිය දිවුරුම් දුන් ශුද්ධ භූමියේ පිහිටි බෝ සමිදුන් වටා කළ මෙම ශිලාමය පවුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කොට බු.ව. 2538 (ක්‍රි.ව. 1994) මැයි 24 දින (වෙසක්‌ පුර පසළොස්‌වක) පූජනීයත්වයට පත් කරන ලද බවය. රාමායණ කර්තෘ වාල්මිකීගේ මුහුද අයිනේ ප්‍රවෘත්තිය හිටපු අමාත්‍ය ලොකුබණ්‌ඩාර මැතිතුමන්ට ද එකසේ වලංගු වන්නකි. එම ඵලකයෙහි සඳහන් විහාරාධිපති ගරු (පූජ්‍ය යනුවෙන් නැත) උණපාන චන්දවිමල ස්‌ථවිරයන් වහන්සේ විසින් 1994 දී පූජනීයත්වයට පත් කළ බෝධින්වහන්සේ 2016 අප්‍රේල් 28, 29 දිනවල කපා ලෑලි ඉරූ බවට ප්‍රධාන සැකකරු ලෙස දැන් රිමාන්ඩ් භාරයේ පසුවේ. කර්මය විපාක දෙන බව උන්වහන්සේ දැන නොසිටියේ දැයි අපට මහත් විමතියකි.

දකුණු ඉන්දියානු දෙමළ හින්දු පූජකයෙක්‌ (ශ්‍රී රවිශංකර්) 2016 මැයි මස මැද දී ලංකාවට අවුත් ජනාධිපති අගමැති හා හිටපු ජනාධිපති මුණගැසී ඉහළම රාජ්‍ය මට්‌ටමින් නුවරඑළියේ "සීතාඅම්මාන්" කෝවිල අභිෂේක කර ගියේය. එම සීතා කෝවිල ඇරඹුවේ 1999 දී ත්‍රස්‌තවාදී යුද්ධය දිනීමේ බාරයක්‌ ලෙසට බව පුවත්පත්වල පළවී තිබිණි. මෙය ඇරඹුණ පසු ඉන්දීය හින්දු බැතිමතුන් නුවරඑළි ඒමට පටන්ගත්හ. ඒ එන අයට සීතා දිවුරුම් දුන් දිවුරුම්වෙලට ද ගොස්‌ වැඳ පුදාගෙන (වන්දනාකර) යන ලෙස සීතාඑළිය පූසාරින්ගෙන් උපදෙස්‌ ලැබිණ. කැප්පෙටිපොල රජමහ විහාරයට (දිවුරුම්වෙල) මුදල් උනන්නට වූයේ මෙම ධනවත් හින්දු බැතිමතුන්ගෙනි. මේ 2007 අවධියයි. මීට සමාන්තරව ලංකා සංචාරක මණ්‌ඩලය ක්‍රියාත්මක වුණි. ඉන්දියාවේ ඉතිහාසඥයන් විසින් රාමායණය ඓතිහාසික නොවන හුදු මහා කාව්‍යයක්‌ බව නිගමනය කර තිබූ නිසා ලංකාවේ රාවණට සම්බන්ධ ස්‌ථාන දියුණු කර වසරකට ඉන්දියානු සංචාරකයන් දසලක්‍ෂයක්‌ ගෙන්විය හැකි බව කියූ මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් තුලෙයිසෙල්වම් ඒ සඳහා පියවර ගති. රාවණට සම්බන්ධ යයි ඔහු කියූ ස්‌ථාන 52 ක්‌ (දිවුරුම්වෙල සහිතව) තෝරාගෙන සංචාරකයන් අද්දවා ගත හැකි පරිදි එම ස්‌ථාන 52 සංවර්ධනය කිරීමට උපදේශක කමිටුවක්‌ද පත්කෙරිණි. සංචාරක ගයිඩ්ලා, සංචාරක හෝටල් කළමනාකරුවන්, ගුවන් ටිකට්‌ අලෙවි කරන්නන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතවරුන් එහි විය. රාවණ මංපෙත් කමිටුව (Rawana Trails Committee) ලෙස එය හැඳින්විණ. මෙහි යටි අරමුණ ගැන සැක කළ දෙදෙනෙක්‌ ද බලයෙන්ම වාගේ කමිටුවට ඇතුළත්ව කමිටුවට අවශ්‍ය ලෙස ක්‍රියාකරන්නට ඉඩ නුදුන්හ. සංචාරක ඇමැති මිලින්ද මොරගොඩ ලවා රාවණ මංපෙත් පරිපාලන කමිටුවක්‌ (Rawana Trails Administrative Committee) පත්කරවාගෙන රාවණ මංපෙත් කමිටුවේ වැඩකටයුතු හසුරුවන්නට විය. වැඩේ වැරදුන බව දැනගත් අධ්‍යක්‍ෂ ජනරාල්ගේ උනන්දුව මදවී කමිටුව ක්‍රියාත්මක වීම වසර 1 1/2 ක්‌ තුළ නතර විය.

2008 වසරේදී දිවුරුම්වෙල විහාරාධිපති හිමියන් විසින් එම ස්‌ථානය ඉන්දියානු බැතිමතුන්ට හඳුනා ගැනීම පහසු වන පරිදි "සීතාදේවි විහාරය' ලෙස නාමපුවරුවක්‌ සවිකරන බවට ආරංචියක්‌ ලැබිණි. ඉංග්‍රීසියෙන් පන්සලත් කෝවිලත් දෙකම Temple ය. නමුත් ඉහත සඳහන් කළ රාවණ කමිටු සාමාජිකයන් දෙදෙනා විසින් විහාරාධිපතිට බරපතළ ලෙස ඇඟවීමක්‌ කරන ලදුව නාමපුවරුව සවිකිරීම නතර විය.

2002 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දිවුරුම්පල විහාරස්‌ථානය පුරාවිද්‍යා ස්‌ථානයක්‌ ලෙස පිළිගෙන ගැසට්‌ නිවේදන නිකුත් කරන ලදී. එබඳු පුරාවිද්‍යා ස්‌ථානවල වෙනසක්‌ කිරීමට නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය. නමුත් විහාරාධිපති විසින් මීට අවුරුදු 3 කට පමණ ඉහතදී බෝධීන්වහන්සේගේ මල් ආසනය කඩා එතැන සීතා කෝවිලක්‌ තනා ඇති බව දායක සභාව පවසයි. ඒ තුළ සීතා රූප හනුමන් රූප ඇතුළු විවිධ හින්දු රූප තබා ඇත. ඊට යාව අඩි 9 1/2 උස බුරුත පැහැ ඇති ඔප දැමූ දැවැන්ත හනුමන් රූපයක්‌ ඇත. කොන්ක්‍රීට්‌ බේස්‌ වළවල් මත කොන්ක්‍රීට්‌ කණු ඉදිකිරීම සඳහා කම්බි බැඳ තිබේ. මෙම කෝවිල සෑදීමට අපහසු වන අන්දමින් අවුරුදු 1300 ක්‌ පැරණි බෝධිය පැවතුණි. නමුත් බෝධිය කපා ලෑලි ඉරීමට හේතුව පැහැදිලි නැත. මේ හින්දුන්ගෙන් වැඩියෙන් මුදල් ලබාගැනීමට විය හැකි බව දායක සභා සාමාජිකයන්ගේ අදහසය. බෝධීන් වහන්සේ කැපීමට ලබාගත් මුදල කවුරුත් නොදනිති.

16.05.2016 දින ශ්‍රී රවිශංකර් නමැති දකුණු ඉන්දියානු හින්දු පූජක තැන අවුත් සීතාඑළියේ "සීතා අම්මාන්" රූපය හා එම කෝවිල අභිෂේක කර ගිය බව පුවත්පත්හි පළවිය. ඔහු එය කළේ ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති මුණගැසී සාළුවක්‌ කරට දමා ගෞරව කර තමා ආ කාරිය දැන්වීමෙන් පසුවය. පුරාණ ඉන්දියාවේ හින්දු කෝවිලක්‌ හා දේව රූපයක්‌ අභිෂේක කිරීමේ අදහස වූයේ අධිරාජ්‍ය ගොඩනංවන හින්දු රජෙක්‌ තවත් ප්‍රධාන හින්දු කෝවිලක්‌ ඇති ප්‍රදේශයක්‌ අත්පත් කරගත් විට තම ආධිපත්‍යය ප්‍රකාශ කිරීමටය. මේ අධිරාජ්‍ය ගොඩනගන අශ්වයා ඒ රටවල් හරහා ගමන් කිරීමෙන් ලද ආධිපත්‍යයයි. අන්තිමට අශ්වයා ගමන් කළ මාර්ගයේ රටවල් සියල්ල අධිරාජ්‍යය ගොඩනංවන රජුට අයත් වී ඔහු අධිරාජ්‍යයකු වේ. අශ්වයා මරා උගේ ලේ වලින් "අශ්වමේධ පූජාව" පැවැත්වේ. 1919 දී මදුරාසියේ පිහිටවූ ජස්‌ටිස්‌ පක්‍ෂය  විසින්ද ප්‍රකාශ කර තිබුණේ මදුරාසි ප්‍රෙසිඩන්සිය හා ලංකාවේ, මලයාවේ, මුරුසියේ, දකුණු අප්‍රිකාවේ තමිල් ජනතාව වසන කොටස්‌ ඒකාබද්ධ කර "ද්‍රවිඩස්‌ථානයක්‌" ගොඩනැංවීමය. මෑතදී ඉන්දියානු මහ කොමසාරිස්‌ ලෙස ලංකාවේ සිටි ඩික්‌සිත් ලියූ "කොළඹ භූමිකාව" ග්‍රන්ථයේද මේ බව දක්‌වා ඇත. උතුරු නැගෙනහිර නිජබිම ලංකාණ්‌ඩුව විසින් 1987 ජුලි මස පිළිගත් බවද, පළාත් සභා පවතින තුරු එම ගිවිසුම වලංගු බවද අප දත යුතුය.

ගිනිකන්ද මත හිඳගෙන විනෝද සුවයෙන් අයිස්‌ක්‍රීම් අනුභව කරන අප "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" බයිලය තම ජීවන රටාව බවට පත් කරගෙන සිටීම කනගාටුදායකය. දිවුරුම්වල විහාරස්‌ථානයේ බෝධි ගල් පවුරේ ඵලකයෙහි ඇති වැකිය මෙසේය. රාමායනයේ සඳහන් (එසේ සඳහන්ව නැත) ශ්‍රී සීතාදේවිය පතිවෘත්තා ධර්මය ආරක්‍ෂා කළ බවට දිවුරුම් දී ගින්න තරණය කොට ගින්න සිසිල් කළ ශුද්ධ භූමියේ පිහිටි දෙතිස්‌ ඵලරුහ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වටා කළ මෙම ශිලාමය පවුර පුරාවිද්‍යාව විසින් තදබල ලෙස Rෂි පාලක රාවණ ප්‍රතික්‍ෂේප කළත් සීතා අම්මාන් පිළිගන්නා බවත් එම ඵලකය කියයි." පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සරක්‍ෂණය කොට පූජනීයත්වයට පත් කළ වගයි.

යුරෝපීයන්ගේ මලබාර්වරු  ලංකාවේදී දැන් තමිල් වී ඇත. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඔවුන්ගේ නිජබිම බව ප්‍රකාශ කරන අතර රජය එය 1987 ජුලි 29 දින පිළිගන්නා ලදී, මේ සියල්ල සඳහා අවශ්‍ය වූයේ කතාන්තර තුනක්‌ ගෙතීම පමණි.

(i) යාල්පාලම් වෛපවමාලෙයි (1740 අවට කාලයක)

(ii) සීතාට නුවරඑළි පුරවැසිකම 1880 දශකයේදී ලැබී 16.05.2016 ආධිපත්‍යය ලැබීම

(iii) වඩුක්‌කොඩේ සම්මුතියේ පිළිගත් දෙමළ නිජබිම (14.05.1976)

අවසාන වශයෙන් නීති තර්කයක්‌ ඉදිරිපත් කරමි. ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රටේ සෑම පුරවැසියකුටම මෙරට පාලනය කිරීම සඳහා අවශ්‍ය පරමාධිපත්‍යය (පරම Ý ආධිපත්‍යය) හිමිය. නමුත් හැමදෙනාම රට පාලනය කිරීමට ගියොත් මහා ජංජාලයක්‌ ඇතිවේ. (1786 දී ප්‍රංශයේ ලුවි රජු නෙරපා හැර මහජනයාගේ මහජන සමූහ ආණ්‌ඩුවක්‌ පිහිටවු ගිරොන්ඩින්ස්‌ පාලනයට මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවිය. ඉන් එම පාලනය කඩා වැටුණි. "ජැකොබින්වරු" බලයට ආහ. කිසියම් දහස්‌ ගණනක්‌ මහජනයාට හෝ කිසියම් වර්ග ප්‍රමාණයක භූමි කොටසක වසන අයට එක්‌ නියෝජිතයෙකු බැගින් ඡන්දය මඟින් තෝරා ගැනීම ඔවුහු ඇරඹූහ. අද ලංකාවේ ඇති ඡන්දයේ ආරම්භය එයයි.) තම පරමාධිපත්‍ය ඡන්දය දිනයේදී කතිරයක්‌ ගසා "මට එපා" කියා පාවා නුදුන්නොත් එසේ කළ අයට රට පාලනය කිරීමේ බලය අහිමිද යන්නට ලංකාවේ නීති විශාරදයන් පිළිතුරු සැපයිය යුතුය. කෝවිල් හා දෙවිවරු අභිශේක කළවිට එදින රාත්‍රියට එම දෙවියන්ට පහනක්‌ පත්තුකර එම නව ආක්‍රමණිකයා එම දෙවියන් මගින් ප්‍රකාශ කළ (අභිෂේක) ආධිපත්‍යය පිළිගැනීම පුරාණ හින්දු සම්ප්‍රදායයි. 16.05.2016 දින වතුකරයෙන් හින්දුන් එය ඉටුකරන්නට ඇතැයි සිතිය හැක. ආක්‍රමණිකයාගේ ආධිපත්‍ය පිළිගෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය නොදී තම පරමාධිපත්‍යය තමා වෙත තබා ගැනීමට නුවරඑළි හින්දුන් අදහස්‌ කළොත් රජයට කළ හැක්‌කේ කුමක්‌දැයි නීති විශාරදයන් විසින් රටට කියන්නේ නම් මැනවි. මෙය අපට අද දින ඇති ප්‍රශ්නයකි. එය විසඳාගත යුතුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.