එදා වේල ටුවර්ස්‌ කාරයන් නිසා
අර්බුදයට යන එෆ්. ඇන්ඩ් ජී සමාගම



දහසක්‌ පැතුමන් පොදි දරා ගත් ජීවිත, කඩා වට්‌ටවන ලද සෙලින්කෝ අර්බුදය තවම නිමාවට පත්වී නැත. දුර දිග නොබලා හෙවත් ආයෝජනයේ දිග පළල හරි හැටි නොදැන ගිය ගමනක අර්බුදයක කතාව ඇරඹෙන්නේ, 2008 වසරේ දෙසැම්බර් මාසයේදීය. එම බංකොලොත් භාවයට වගකිවයුතු ලේඛනය සොයා එහි කතාව යළි යළිත් මඩේ දමා වැඩක්‌ නොවන හෙයින් එහි එක්‌ රිදුම්වේදනා ලද පාර්ශ්වයක වර්තමාන කතාව වෙත අපි හැරීබැලීමු.

සෙලින්කෝ එෆ් ඇන්ඩ් ජී සමාගමේ කඩා වැටීම හමුවේ අසරණභාවයට පත්වූ තැන්පත්කරුවන් තවම සිය බලාපොරොත්තුව පමණක්‌ අත දරා හුස්‌ම ගන්නා බව කිව යුතුය. එදා සමාගම කඩා වැටී තම තැන්පතු පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොදැමූ පිරිසට අද සිදුවී ඇත්තේ තමන් අතරම රණ්‌ඩු සරුවල් හේතුවෙන් ඊළඟ පරම්පරාව දක්‌වාත් විසදුමක්‌ සොයා ගත නොහැකි ප්‍රශ්නයක්‌ බවට එෆ් ඇන්ඩ් ජී අවුල පත්වීමේ ෙ€දවාචකය අත්දකින්නටය.

මුල් අවස්‌ථාවේදී, තැන්පත් කරුවන් හයදෙනකු විසින් සිය මුලික අයිතිවාසිකම් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට එෆ් ඇන්ඩ් ජී ප්‍රශ්නය ගෙන යන්නේ 2010 ඔක්‌තෝම්බර් මාසයේය. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව වූයේ අර්බුදයට ලක්‌වූ සමාගම භාරයක්‌ බවට පත් කිරීමය. 30/18 සහ 30/19 යන භාර ඔප්පු මත එෆ් ඇන්ඩ් ජී සමාගමට ඒ අනුව ඒ ආයතනය රියල් එස්‌ටේට්‌ සහ ප්‍රොපටි ඩිවලොප්මන්ට්‌ ලෙස පවතින සමාගම් දෙකක්‌ ලෙස භාර බවට පත් කර තිබුණි.

මෙම භාරය සදහා අධිකරණය විසින් කමිටුවක්‌ පත් කරන ලෙස පෙත්සම්කරුවන්ට දන්වා සිටි අතර එහි සංයුතිය වූයේ තැන්පත්කරුවන් තිදෙනෙක්‌ සහ පරිපාලන කාර්යයයේ නිමග්නව සිට විශ්‍රාම ලැබූ ප්‍රධානින් කිහිපදෙනකුය. හිටපු විගණකාධිපතිවරයකු වූ මායාදුන්නේ, ලංකා බැංකුවේ හිටපු මහ කළමනාකරු සරත් සිල්වා, තක්‌සේරු දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කොමසාරිස්‌වරයකු ඒ අතර විය. නිතිඥ රවී අල්ගම, වරලත් ගණකාධිකාරිවරයකු ඒ සදහා නියෝජනය කරන ලද අතර එහි සභාපති බවට පත් වූයේ හිටපු විගණකාධිපති මායාදුන්නේ මහතාය. එම කමිටුව වෙත අධිකරණය විසින් පරිපාලනය, සමාගමේ වත්කම් සහ වගකීම් ගණනය කිරීම ඇතුළු කාර්යය භාරයක්‌ නියම කරන ලද්දේය.

සමාගමක කඩා වැටීමක්‌ සහ තැන්පත්කරුවනගේ බලාපොරොත්තු සිය පදනම බවට පත් කර ගත් මායාදුන්නේ පරිපාලනය විසින් එෆ් ඇන්ඩ් ජී සමාගමේ වත්කම සහ වගකීම් ලැයිස්‌තු ගත කරමින් සිය කාර්යය ඉටුකරන ලද්දේය. එසේම රුපියල් මිලියන 48ක මුදලක්‌ද මෙම පරිපාලනය විසින් ඉතුරුම් ගිණුම් ගත කරමින් ගරා වැටී සුන්නද් දුලි බවට පත්වීමට නියමිතවට්‌ තිබූ සමාගමකට වාරුවක්‌ දෙන්නට සමත් වී තිබුණි.

මුලික අවස්‌ථාවේ සිය කාර්යය භාරය සාර්ථකව එම කමිටුව ඉටු කරන විට එෆ් ඇන්ඩ් ජී ගනුදෙනු කරුවෝද ද එකම පිරිසක්‌ ලෙස ස්‌වාධීන තැන්පත් කරුවන්ගේ සංගමය ලෙස කටයුතු කරමින් සිටියෝය. මෙම කමිටුවේ කාර්යභාරය අවසන් වන්නේ ස්‌වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයේ එවකට සභාපතිව සිටි බ්‍රිගේඩියර් රන්ජන් ද සිල්වා විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක්‌ අනුවය. ඒ අනුව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් එම කමිටුව විසුරුවා හරින ලද අතර, ශ්‍රීS ලංකා මහ බැංකුව හරහා මෙම සමාගම් දෙක සඳහා ආයෝජකයන් සෙවීමේ අවස්‌ථාව ස්‌වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයට ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

වත්කම් ඉක්‌මවා ගිය වගකීම් ප්‍රමාණයක්‌ තිබූ සහ අර්බුදයක්‌ බවට පත්ව තිබූ මෙම සමාගම් දෙක සඳහා ආයෝජකයෙක්‌ සොයා ගැනීම පහසු කාර්යයක්‌ නොවූ අතර දේපළ වෙළඳාම් සමාගම් ඇතුළු සමාගම් කිහිපයක්‌ සමගම ස්‌වාධින තැන්පත්කරුවන්ගේ සංගමය සාකච්ඡා කිරීමේදී තැන්පත්කරුවන්ට යළි ලැබෙන මුදල 36% ක ප්‍රමාණයක තිබෙන බැවින් එවැනි තැන්පත්කරුවන් එයට නොකැමතිවීම තුළ ආයෝජකයන් සෙවීමේ වෑයම ද අසාර්ථකත්වයට පත් විය. සමහරුන්ට තැන්පත්කරුවන්ගේ සංගමය සිය නිලබලය පෙන්වන විනෝද උයනක්‌ වෙද්දී දින දින ඇදී යන මේ කටයුත්ත දෙස බලා අහිංසක ගනුදෙනුකරුවෝ සුසුම් ලමින් සිටියෝය.

සතුටුදායක ආයෝජකයකු සොයා ගැනීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැලෑන් ඔµa ඇක්‌ෂන් හෙවත් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ මෙම සමාගම් දෙක සදහා ඉදිරිපත් කරන ලද්දේ පැවති තත්ත්වයට විසඳුමක්‌ ලෙසය. සමාගමේ තිබූ වත්කම් උපයෝගී කරගෙන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට්‌ සමාගමේ තැන්පතු සදහා 51% ද රියල් එස්‌ටේට්‌ සමාගම සදහා 61%කුත් තැන්පත්කරුවන්ට ගෙවීම සදහා මෙමගින් යෝජනා සැලැස්‌මක්‌ ඉදිරිපත් කර තිබුණි. 2013 අගෝස්‌තු මාසයේදී පැවති ස්‌වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයේ මහ සභා රැස්‌වීමේදී එහි ලේකම් ඈශ්ලි විලත්ගමුව එම තනතුරෙන් ඉවත් කරන්නේ මේ අතරේදීය. සභාපති රන්ජන් ද සිල්වාගේ නායකත්වය යටතේ නව විධායක සභාවක්‌ එදින පත්විය.

2013 නොවැම්බර් මාසයේ විධායක සංගමයේ මාසික රැස්‌වීමේදී ඇක්‌ෂන් ප්ලෑන් හෙවත් මහ බැංකුවේ ක්‍රියාකාරී සැලැස්‌ම අනුව 51% සහ 61% ගෙවීමට සැලසුම් වූ මුදල වෙනුවට තම සැලස්‌ම අනුව 110%ක මුදලක්‌ ගෙවීමට හැකියෑයි චන්ද්‍රගුප්ත කල්දේරා විසින් ප්‍රකාශ කරන ලද්දේය. මහ බැංකුවට පවා නොහැකි වූ දෙයක්‌ කියමින් කරන ලද මේ ප්‍රකාශය හේතුවෙන් චන්ද්‍රගුප්ත කල්දේරා සභාපති තනතුරට සහ මහින්ද විඡේසූරිය ලේකම් තනතුරට පත් වෙමින් ස්‌වාධින තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති තනතුරෙන් රන්ජන් ද සිල්වා ඉවතට විසිවිය.

මෙතෙක්‌ ස්‌වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය ලෙස එකට සිටි පිරිස දෙකඩ වන්නේ මේ සමගය. එහිදී තැන්පත්කරුවන්ගේ සංගමය ලෙස නව සංගමයක්‌ බිහිවෙන අතර උපාලි රාජපක්‌ෂ එහි සභාපති ලෙස පත් විය. එහි ලේකම් ලෙස පත්වන්නේ ජිනලාල් කලන්සූරියය.

උසාවි තීන්දු සංගම් අර්බුද අතර සිය බලාපොරොත්තු දෝලනය කරගන්න ගනුදෙනුකරුවන් හට යළිත් 2015 මාර්තු මාසයේදී උසාවි නියෝගයක්‌ ලැබෙන්නේ මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලසුම සදහා පස්‌ දෙනකුගෙන් යුත් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත්කරගන්නා ලෙසය. එහි ව්‍යqහය තැන්පත්කරුවන් තිදෙනෙක්‌ සහ විශේෂඥයන් දෙදෙනෙක්‌ගෙන් සමන්විත විය යුතු බවට අධිකරණය විසින් සිය නියෝගයේ දක්‌වා තිබුණි. මෙහිදී ප්‍රධාන ගැටලූ පැන නැඟුණේ සංගම් දෙකෙන් තුන්දෙනෙක්‌ නම් කිරීමේ ප්‍රශ්නයය. මෙය දිගින් දිගටම ඇදී ගිය අතර අවසානයේදී සංගම් දෙකෙන් දෙදෙනා බැගින් හතර දෙනකු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා පත්විය. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති උපාලි රාජපක්‌ෂ සහ එහි ලේකම් වෙනුවට ඇශ්ලි විලත්ගමුව ද ස්‌වාධින තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති සී. කල්දේරා සහ ලේකම් මහින්ද විඡේසූරිය පවර් ඔµa ඇටර්නි හෙවත් ඇටර්නි බලය යටතට පත් විය.

නව බලතල සහිත ව්‍යqහයක්‌ මෙම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ලැබුණි. µsන්ගාරා කන්ට්‌රි කලබ්, µsන්ගාරා ජාත්‍යන්තර ක්‍රිකට්‌ ඇකඩමිය ඇතුළු ආදායම් ජනනය කරන සමාගම් හතරක්‌ මෙය සතු වුවත් ඒවායේ පරිපාලනය විසින් කරන ගසාකෑම නිසා එවා ද තවත් 'වැලට බර ගෙඩි' බවට පත්වෙමින් තිබුණි. µsන්ගාරා කන්ට්‌රි කලබ් ආයතනය මෙම අවස්‌ථාව වන විට එම්සීඑස්‌ එල් ආයතනයට කොන්දේසි මත කරන ලද පැවරුමක්‌ මත ලබා දී රුපියල් මිලියන 110ක මුදලක්‌ ලබාගෙන තිබුණි. එම ඉඩම සහ ව්‍යාපාරය නැවතත් µsන්ගාරා කන්ටි්‍ර ක්‌ලබ් ආයතනයට නැවතත් එම්සිඑස්‌එල් ආයතනය විසින් බදුදී තිබුණි. මුලදී මෙම බඩු මුදල මසකට රුපියල් ලක්‌ෂ දහතුනකටත් පසුව එය රු.ලක්‌ෂ දහ හතරකට ආසන්න මුදලකට වැඩි කර තිබුණි. 2014 වසරේ සිට ආදායම් නොමැතිවීම හේතුවෙන් මෙම මුදල පවා ගෙවීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ.

2016 ජුනි මාසය වන විට රු.මිලියන 111ක මුදලක්‌ තැන්පත්කරුවන් අතර බෙදාදී තිබුණි. එයද බෙදා දී තිබූ අතර රුපියල් ලක්‌ෂ හතලිහ දක්‌වා වන තැන්පත්කරුවන්ගෙන් තෝරාගත් පිරිසක්‌ අතර මෙම මුදල බෙදා දී තිබුණි. ඇත්ත වශයෙන්ම මෙම මුදල සමස්‌ත තැන්පත්කරුවන්ගේ මුදලින් 1.5% කී. මහ බැංකුවේ ක්‍රියාකාරී සැලැස්‌මේ ගණනය කිරීමේ ගෙවීම් අනුව එය 2.7% ක පමණ ප්‍රමාණයකි. වටේ යැම් වැඩිවෙද්දී තවම තැන්පත්කරුවනගේ ලැබීම තවම ඇත්තේ එතැනය.

මේ සදහා හේතුව ලෙස සදහන් කළ හැක්‌කේ පවතින අධ්‍යCක්‌ෂ මණ්‌ඩලයට වෘත්තීයවේදීන් නොමැති වීමය. මේ ගැන වගකීම පවතින්නේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට සහ අවසාන වගකීම ඇත්තේ සභාපති උපාලි රාජපක්‌ෂ වෙතය. මේ වගකීම හේතුවෙන් සභාපතිවරයා විසින් වෘත්තීයභාවය, පුර්වාදර්ශ සහ විශ්වාෂනීයභාවය සලකා නව පිරිසක්‌ අධ්‍යක්‍ෂක මණ්‌ඩලය වෙත අවශ්‍ය බව සහ ඒ සදහා වන තිදෙනකුගේ නම් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සභාපතිවරයා කටයුතු යොදා තිබුණි. තැන්පත්කරුවන් දුක්‌ සුසුම් හෙළද්දී තමන්ගේ බඩ වඩා ගැනීම සදහා මෙම ව්‍යාපාරය පල්වලක්‌ කර ගත් පිරිස මෙයින් කලබලයට පත්විය. දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල් කල්යාණි දහනායක මහත්මිය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ නිමල් දිසානායක මහතා වැනි චරිත අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට පත්වීම තැන්පත්කරුවන්ට සහනදායි ප්‍රවෘත්තියක්‌ වුවත් එයා පලවළක්‌ සේ එෆ් ඇන්ඩ් ජීය අනුභාව කරන පිරිසගේ සතුටට හේතු නොවීය.

මිට පෙරද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වැනි වෘත්තිකයන් පත් කර තිබියදී ලැබූ ප්‍රතිපල දන්නා පිරිස මෙම පත් කිරීම් සදහා අනුමැතිය ලැබේ යෑයි සතුටින් සිටියදී මෙම පත්කිරීම් තවම යෝජනාවලට සිමාවෙද්දී කලබල වූ පිරිස එයට කැලෑ පාරෙන් වළ කපන්නට පටන් ගෙන තිබෙන බව පෙනේ.

තැන්පත්කරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ මුදල් ලබා ගැනීමය. එක්‌ පිරිසකට අවශ්‍යව ඇත්තේ අර්බුදය තමන්ගේ වේල සදහා සරි කර ගැනීමටය. එෆ් ඇන්ඩ් ජී අර්බුදය මේවන විට ඇත්තේ මෙතැනය.

ඔසිත අත්තනායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.