ලංකාවේ අම්මා බ්‍රිතාන්‍යයේදී දුව මරන්න හදලා?

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ

එක්‌සත් රාජධානිය යන රාජ්‍යය නිර්මාණය වී තිබෙන්නේ එංගලන්තය, ස්‌කොට්‌ලන්තය, වේල්ස්‌ සහ උතුරු අයර්ලන්තය යන ප්‍රදේශ හතර එක්‌ වීමෙනුයි. මේ ප්‍රදේශ හතරේ සමස්‌ත එකතුවට මහා බ්‍රිතාන්‍යය කියාත් ව්‍යවහාර කරනවා.

මහා බ්‍රිතාන්‍යයේ රූ රැජන තරගය පැවැත්වෙන විට ඉහත සඳහන් ප්‍රදේශ හතරේ රූ රැජනන් ඉදිරිපත් වීම සාමාන්‍ය සිරිතයි.

මේ ප්‍රදේශ හතරේ රූ රැජන තරග අතුරින් වඩාත්ම උණුසුම් තරගය පැවැත්වෙන්නේ වේල්සයේ. එම තරගයේ ප්‍රධාන අමුත්තා වන්නේ වේල්ස්‌ කුමාරයා හෙවත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමාරයායි. පසුගියදා පැවැති එම තරගයට ශ්‍රී ලාංකික තරුණියකුත් සහභාගි වුණා. ඇගේ නම කුමාරි මහේJද්‍රන්. ඇගේ වයස අවුරුදු 26 යි. වේල්සයේ පිහිටි කාඩිµa විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවක වූ ඇය සිංහල කාන්තාවක වූ තම මව වන 74 හැවිරිදි චිත්‍රානි මහේJද්‍රන් සමඟ වේල්සයේ ජීවත් වූහ.

චිත්‍රානි මහේJද්‍රන් දියණියගේ තනි නොතනියට සිටියත් ඇත්තටම සිදු වී තිබුණේ ඒකේ අනෙක්‌ පැත්තයි. එනම් කුමාරි මහේJද්‍රන්ට සිදු වී තිබුණේ සිය මව බලා ගන්නටය. එයට හේතුව ඇය කිසියම් මානසික රෝගයකින් පෙළීමයි. කුමාරි සිය මව වේල්සයට ගෙන්නා ගත්තෙත් ඇගේ මානසික අවුලට පිළියමක්‌ වශයෙන් කිසියම් විවේකයක්‌ ලබා දෙන්න සිතාගෙන. එහෙත් දවසින් දවස චිත්‍රානි මහේJද්‍රන්ගේ මානසික තත්ත්වය නරක අතට හැරුණා. එබැවින් මාස කිහිපයකට පසු ඇය කල්පනා කළා ඇගේ මව ආපසු ශ්‍රී ලංකාවට යවන්න.

"අම්ම කැමැති නම් මට පුළුවන් තව සති දෙකකින් විතර ආපසු ලංකාවට යන්න ලෑස්‌ති කරන්න" යි කුමාරි දවසක්‌ සිය මව වන චිත්‍රානිට කිව්වා.

"මට මෙහෙ හොඳයි. මට බැහැ ආපසු ලංකාවට යන්න" චිත්‍රානි මහේJද්‍රන් කිව්වේ කෝපයෙන්. ඒත් ඇය ආපසු ලංකාවට යා යුතු බව තමයි කුමාරිගේ කල්පනාව වූයේ.

මෙහෙම දවස්‌ කිහිපයක්‌ ගත වුණා. චිත්‍රානි මහේJද්‍රන් හිටියේ හොඳ හිතින් නොවෙයි. ඇය සිය දියණිය සමඟ කතා කිරීම පවා අත් හැර තිබුණා. මව මානසික රෝගියකු බව දන්නා නිසා කුමාරි ඒ ගැන පුදුම වුණේ නැහැ.

ඒත් සිකුරාදා දවසක කුමාරි කාඩිµa විශ්වවිද්‍යාලයේ දේශන කිහිපයකට සහභාගි වී රෑ වෙලා ගෙදර ආවා. මහන්සිය නිසා කුමාරිට බඩගින්නක්‌වත් දැනුනේ නැහැ. ඇය ආපු ගමන් කාමරයට වැදිලා නිදා ගත්තා. අඩ නින්දේ සිටි ඇයට හිටි හැටියේම ඇහුනා කාමරයේ දොර ඇරෙන හඬ. ඒ එක්‌කම සිය ගෙල මතට කැපෙන ආයුධයක්‌ පතිත වූ බවත් ඇයට තේරුණා

කුමාරි වහාම අවදි වුණා. ඒ වෙනකොටත් කාමරයේ විදුලි බුබුල කවුදෝ දල්වලා. ඇය ඉදිරිපිට බියකරු දර්ශනයක්‌ මැවී තිබුණා. ඇගේ මව වන චිත්‍රානි ලේ වැකුනු මස්‌ කපන විශාල පිහියක්‌ අත දරාගෙන ඇය ඉදිරියෙහි වියරුවෙන් වගේ බලාගෙන හිටියා.

තමාගේ ගෙල පෙදෙසින් ලේ ගලන බව කුමාරිට ඇසිල්ලකින් අවබෝධ වුණා. අම්මා මස්‌ කපන පිහියෙන් තම ගෙළට පහර දී ඇති බව ඇයට එවිට වැටහුණා. එසැනින්ම කුමාරි කළේ මරහඬ තලමින් කාමරයෙන් එළියට පැන ගැනීමයි.

මේ පිළිබඳව නඩු විභාගය දැන් වේල්සයේ කාඩිµa නගරයේ උසාවිය ඉදිරිපිට විභාග වෙනවා. ඒ නඩු විභාගයෙන් කොටසක්‌ මෙහෙමයි.

උසාවිය - එදා ඔබ නින්දට යන්න ඉස්‌සර මව ඔබට කිසිවක්‌ කිව්වද?

කුමාරි - නැහැ

උසාවිය - ඊට ඉස්‌සර දවසෙ නින්දට යන්නට පෙර මව ඔබට කීවේ මොනවද?

කුමාරි - මම ඇඳේ වැතිරිලා හිටියා. අම්මගෙ උකුලෙ හිස තබාගෙන එයා මගේ කොණ්‌ඩෙ පීරුවා. ඒ අතර හැම තිස්‌සෙම කිව්වා ඉක්‌මනට නිදා ගන්න කියලා.

උසාවිය - අම්මා ඔබට අනතුරක්‌ කරයි කියන සැකය ඔබ තුළ තිබුණෙ නැද්ද?

කුමාරි - ඇත්තටම නැහැ. එයා මගේ අම්මා. එයා මගේ බෙල්ලට පිහියෙන් කොටයි කියලා මම කවදාවත් සැක කළේ නැහැ. හැබැයි මට දැන් හිතෙනවා එදා අම්මා මට ඉක්‌මනට නිදා ගන්න කියලා කිව්වේ බෙල්ලට කොටන්න ප්ලෑන් එකක්‌ තිබ්බ නිසා වෙන්නැති කියලා.

කුමාරිට මව පිහියෙන් කෙටූ විට ඇය ඇගේ අතින් පිහිය ගැනීමට බලවත් සටනක්‌ කර තිබිණි. ඒ සටනින් අම්මා ජය ගත්තාය. ඒ සමගම කුමාරි කළේ කාමරයෙන් පිටතට පැන, නිවසින් ද එළියට දිව ගොස්‌ උදව් ඉල්ලා කෑ ගැසීමය.

කුමාරිගේ අසල්වාසී තරුණියක වූ එලින් කූපර් බෙල්ලෙන් ලේ පෙරෙමින් පාර දිගේ දිවයන කුමාරිව දැක ඇත.

සිය දියණියගේ ගෙල කැපීමට තැත් කළ චිත්‍රානි මහේJද්‍රන් සම්බන්ධයෙන් නඩුව මේ දිනවල විභාග වුවත් එම නඩුවට ඇය පෙනී සිටින්නේ නැත. හේතුව ඇය වේල්සයේ නොටිංග්හැම් ප්‍රදේශයේ කැල්වර්ටන් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවීමය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.