දෛවය මෙහෙමයි...
සුනාමියෙන් වසර දොළහකට පසු
අම්මා තාත්තා ළඟට ආ ශරීෆා

ශිරාන් රණසිංහ

* ශරීෆා අතුරුදන්වන විට වයස අවුරුදු තුනයි
* සැක හැරදැනගන්නට වෛද්‍ය පරීක්‍ෂණයක්‌

 

සුනාමි ව්‍යසනය අපට කිසිදා අමතක නොවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරු 9.00 ට පමණ ඇති වූ සුනාමියෙන් මියගිය දස දහස්‌ ගණන් පිරිසගේ මළ සිරුරු උතුරු නැඟෙනහිර, දකුණ, බටහිර මුහුදට යළි ගොඩ ගසා තිබූ හැටි අපට මැවී පෙනේ. ඒ සුනාමි ව්‍යසනයෙන් අතුරුදන්වූ පිරිස පිළිබඳ අදටත් සිහිකර ළතවෙන පිරිස දස දහස්‌ ගණනකි.

දැන් ඒ මහා ෙ€දවාචකය සිදුවී වසර දොළහක්‌ ගතව තිබේ. ඒ ව්‍යසනය සිදුවී වසර දොළහක්‌ ගතව ගිය පසු සිදුවූ අපූරු සිදුවීමක්‌ පිළිබඳවය.

ශරිෆා යනු හම්බන්තොට ප්‍රදේශයේ පුංචි දැරියකි. ඇයගේ වයස හරියටම අවුeදු තුනයි මාස නවයකි. සිය පියා සමඟ හම්බන්තොට ආශ්‍රිත වෙරළ තීරයේ යමින් සිටි ශරිෆා සුනාමියට හසුව පියාගේ අතින් ගිලිහී ගියේ 2004 දෙසැම්බර් 26 වැනිදාය. හරියටම මීට වසර දොළහකට පෙරාතුවය.

එදා පියාගේ ජීවිතය බේරුණද ශරිෆා හිත් පිත් නැති මුහුදු රළ මැද මැකී ගියේ ශරිෆාගේ පියාටත්, මවටත් කඳුළු සයුරක්‌ උරුම කර දෙමිනි. එතැන් පටන් ශරිෆා පිළිබඳ සොයමින් මේ පියාත්, මවත් කිසාගෝතමී සේ ගෙන් ගෙට ගියේ ළය පලාගිය දරු දුක ඉවසිය නොහැකි නිසාය. සුනාමි විපත හමුවේ අතුරුදන් වූ දරුවන්ගේ, සැමියන්ගේ බිරින්දෑවරුන්ගේ අනේක විධ විප්‍රයෝග අතර මේ සිද්ධිය එකක්‌ පමණක්‌ වූ නිසා කොයි කවුරුත් ශරිෆා ගේ මව්පිය දෙදෙනා දෙස බැලුවේ අනුකම්පා සහගත හැඟීම් පමණක්‌ තබා ගනිමිනි.

"ඔය දරුවා කොහෙ හොයන්නද? " ඇතැමෙක්‌ මේ පියාගෙත්, මවගෙත් කඳුළු පිරි දෙනෙත දෙස බලා සිතුවේ ඒ ටිකය. ඒ තරමටම සුනාමියට හසුව දස දහස්‌ ගණනක්‌ හිත්පිත් නැති මුහුදු රකුසාට බිලිsව මියෑදී තිබිණි.

නමුත් ශරිෆා දුවව සෙවීම මේ මව්පිය දෙපළ අත්හැරියේම නැත. ශරිෆා දියණියගේ කුඩා ඡායාරූපයක්‌ අඩංගු අත්පත්‍රිකාවක්‌ මුද්‍රණය කළ ඒ මව්පිය දෙදෙනා අත්සක්‌ මුල්ලක්‌ නෑ රම ඒවා අලවමින් දරුවා සොයා දෙන අයකුට රුපියල් ලක්‍ෂ පහක තෑගි මුදලක්‌ පිරිනමන බවද කියා තිබිණි.

කාලයේ වැලිතලාවට හසුව ශරිෆා පිළිබඳ තිබූ මතකයද ටිකෙන් ටික වියෑකෙමින් තිබිණි.

ශරිෆා, ශරිෆා, ශරීෆා දෙවියනේ මගේ දුව සොයා දෙන්න සිකුරාදා පල්ලි යට යන මේ පියා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ ඒකමය. මවද දෙවියන්ගෙන් ඉල්ලුවේ ශරිෆා දියණිවය.

ශරිෆාගේ මුහුණේ උපන් ලපය ඒ මවට හොඳට මතකය. නළලේ සිදුවූ තුවාල කැළලද ඒ අයට කිසිදා අමතක කළ නොහැකි මතකයන්ය.

කාලය සෑම ප්‍රශ්නයකටම විසඳුම් දෙන්නා සේ කාලයත් සමඟ ශරිෆාගේ අනපේක්‌ෂිත වෙන්ව යැමෙන් නැඟුණ කඳුළැලි ද ඒ දෙනෙත්වලින් ඉවත්ව යමින් තිබිණි. නමුත් වරින් වර සිතට එන මතකයන්වලින් නම් මේ මව්පිය දෙදෙනාට අස්‌වැසිල්ලක්‌ ලැබුණේ නැත.

තම ලෙයින් කඳුළින් හැදූ පුතෙකුට , දුවකට යම් කරදර යක්‌ වූ විට දැනෙන වේදනාව, කොපමණද? ඒ වේදනාවම මොවුන්ටද නිතර නිතර වද දෙමින් තිබිණි. තම අත රැඳි දරු පැටියා සුනාමි රළට ගසාගෙන යද්දී ඒ දරු පැටියා පමණක්‌ ගසාගෙන ගියේ මන්දැයි සිතෙන විට ශරිෆාගේ පියාට මහපොළොව පලාගෙන යැමට තරම් සිත් වේදනාවක්‌ ඇතිවිය.

කොහොමින් කොහොම හරි කාලය ගෙවී ගියද මේ දරුවා කොහේ හෝ තැනක සිටිතැයි ඒ පියාට දැනෙන්නට විය. පිය සෙනෙහසක හැටි එහෙමය. මව් සෙනෙහසක හැටි එහෙමය. අපේ ඇස්‌ පනාපිට මියෑදෙන ප්‍රියයෙක්‌ වුවද දෙවියකුවී අප දෙස බලා සිටිතැයි සිතුණ මිනිස්‌ සමාජයක ජීවත්වන අපට ඒ පුහුදුන් ගතිගුණ පිළිබඳ අමුතුවෙන් කිවයුතු ද නොවේ.

ජාතිය, ආගම කුමක්‌ වුවද දරු සෙනෙහසක හමුවේ අප තරම් සංවේදී ජාතියක්‌ ලොව වෙන රටක නැතැයි අපි දනිමු. වසර දොළහක්‌ ගියද ශරිෆා සෙවීම අතහැර නොදැමූ මේ මව්පියන් දන්නා කියන කවුරු හෝ මුණගැසුණොත් සුනාමියෙන් අතුරුදන් වූ දරුවාගේ ඡායාරූපය පෙන්වමින් දුක කියන්නට වූයේ එනිසාය.

ඒ කාලයේ අන්තර්ජාලය නොතිබුණද දැන් අන්තර්ජාලය නැති අයකු සෙවීම පවා අමාරු මට්‌ටමට අපේ අත රැඳි ජංගම දුරකථනයටම මේ ජාලය එක්‌ව ඇත.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අයකු දිනක්‌ ශරිෆාගේ පියාට කතා කර ශරිෆාගේ කුඩා කල ගත් ඡායාරූපයට සමාන ඡායාරූපයක්‌ අන්තර් ජාලයේ ඇතැයි පවසා ඇත. සෑම තොරතුරක්‌ම සැලකිල්ලට ගන්නට තරම් සංවේදීව සිටි ශරිෆාගේ පියා අන්තර්ජාලයේ ඒ ඡායාරූප පිළිබඳ සොයා බැලුවේ ඒ අතරය.

2004 දෙසැම්බර් 26 වැනිදා නත්තල් දිනයදා මහමුහුද රකුසු වෙස්‌ගෙන මහ පොළොව පුරා ගලා යද්දී ශරිෆාද ඒ මහ ජල කඳට හසුව අතුරුදන් වූ හැටි යළි සුළි සුළඟක්‌ සේ මැවී පෙනෙන්නට විය.

අන්තර්ජාලයේ දමා සිටි ඡායරූපයේ සිටින්නේ තම දියණියමැයි ඒ මවටත් පියාටත් සැණින් හඳුනාගත හැකිවිය. "සුනාමියෙන් අතුරුදන් වූ මේ දැරිය කාගේද?" අන්තර්ජාලයේ තිබුණේ එවැන්නකි.

ඒ තොරතුරු ලද සැණින් ශරීෆාගේ පියා ක්‍රියාත්මක විය. අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ මේ කියන දියණිය පදිංචිව සිටින වග දැනගත් පසු ඔවුනට නිම්හිම් නැති සතුටක්‌ දැනිණි.

"දෙවියන්ට ස්‌තුති වේවා" ඒ අපේ ශරිෆාම තමයි.

ශරිෆාව සොයාගිය ඒ මවත් පියාත්, ශරිෆාගේ උපන් ලප, නළලතේ තිබූ තුවාල කැළල ආදිය අතපත ගා කියද්දී දැන් පහළොස්‌ හැවිරිදි මේ ලොකු දියණියට අදහාගත නොහැකි, තේරුම්ගත නොහැකි සතුටක්‌ද, දුකක්‌ද සිතට දැනෙන්නට විය.

මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. ඇයට සියල්ල අවුල් ලෙස දැනිණි.

නමුත් ඇත්තටම මේ වසර දොළහකට පෙර සුනාමියට හසුව අතුරුදන්වූ ශරීෆාමද?

එය ශරිෆාට පමණක්‌ නොව කොයි කාටත් ප්‍රශ්නයක්‌ විය.

මේ ශරිෆාම දැයි හඳුනා ගැනීමට නවීන වෛද්‍ය පරීක්‍ෂණද අවශ්‍ය විය. එය අධිකරණය වෙත භාර කෙරුණේ ඒ අනුවය. ශරිෆා නම් වන මේ දියණිය සුනාමියෙන් පසු තමාට හමුවූ බව ඇය හදා වඩාගත් මව, පියා හෙළි කළහ. ඒ අය එදා සිටම මේ දරුවාගේ මව්පියවරු සොයමින් කටයුතු කර ඇතැයිද කියෑවේ.

අවසානයේදී අධිකරණය මේ පිළිබඳ සියල්ල සොයා බලා තීන්දුව දුන්නේ 2004 දෙසැම්බර් 26 වැනිදා අතුරුදන් වූ ශරිෆා සහ අප මේ කියන ශරිෆා, ශරිෆාම බවට තහවුරු කළ පසුවය. වසර දොළහකට පසුව තමා හැදූ වැඩූ සැබෑ මව පියා ශරිෆාට ලැබුණු පසු ඇය කීවේ මෙය අදහාගත නොහැකි, වාවගත නොහැකි සතුට දනවන සිද්ධියක්‌ බවය.

"මට සතුටුයි. මට සතුටුයි." ඇය කීවේ වසර දොළහක්‌ම ඇගෙන් වෙන්ව සිටි නෑ හිතවතුන් හා පියත්, මවත් මැද අමුතු ලැඡ්ජාවකිනි.

අපිට අපේ දුවව ලැබුණා. පුදුම සතුටක්‌. වසර දොළහක්‌ තිස්‌සේ අපි හොයපු අපේ දරුවා අපිට ලැබුණ එක තරම් සතුටක්‌ තව කොයින්ද? මවත්, පියාත් දරුවාගේ අයිතිය භාර ගනිමින් කීවේ ඒ ටිකය.

ශරිෆාට තම සැබෑ පියා යළි මුණගැසීමේ සතුට යට හදා වඩාගත් මව, පියා හා නෑ පිරිස සිහිවන විට දැනෙන දුකද ඇයට දරාගත නොහැකි වේදනාවක්‌ ඉතිරි කර ඇත. ඇය අලුත් ජීවිතයකට අලුත් පරිසරයකට පුරුදු වෙන්නට තනන හැටි දකින කොයි කාටත් ඇගේ වසර දොළහක ජීවිතය පිළිබඳ සිහිවේ.

සුනාමි ව්‍යසනය සිදුවී ගෙවී ගිය වසර දොළහක කාලයේ හදින් නැඟුන සුසුම්, ළය පලා නෙතට ගැටී කඳුළු ගඟ, සිඳීයද්දී ඒ මවටත් පියාටත් අපමණ සතුටක්‌ යළි එක්‌කර ඇය ජීවිතය මොනතරම් මනරම්ද? කාලය මොනතරම් නපුරුකම් කළත් කාලය ජීවිතය ජීවත් කරවන හැටි, ජීවිතය අපූර්වත්වයෙන් පරවන හැටි මේ ශරිෆාගේ කතාවෙන් අපට යමක්‌ අවෙ බාaධ කරගත හැකි නොවේද?

හමුවීම්, වෙන්වීම්, හමුවීම්. වෙන්වීම්වල හැටි ඔහොමය. සුනාමි මුහුදු රකුසා විසින් රැගෙන ගිය ශරිෆා වසර දොළහකට පසු යළි ඇය උපන් නිවසට පැමිණ සිටින්නීය. ඇය පසුගිය වසර දොළහක කාලයේදී ගතකළ ජීවිතය, මොන සිත්වේදනාවකින් ගත කළේද යන්න පිළිබඳ ඇයට කීමට බොහෝ දේ තිබුණද ඇයට අලුත් ජීවිතයට හුරුවනතුරු ඒ හැඟීම ඇයට සඟවා ගන්නට වෑයම් ගනී. ඒ තරමටම ඇය මේ වෙන්වීම, හමුවීම හමුවේ අදහාගත නොහැකි හැඟුම් වලින් මුසපත්ව, මුවැත්තියක සේ බලා සිටින බව කියන්නේ මෙවැනි අත්දැකීම් හරි ගැඹුරු බවද සිහිකරමිනි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.