එක්‌වරක්‌ නොව හයවරක්‌ දරුවා විකුණූ
ඇයට තවමත් අම්මා කියනවාද?

ගයාන් සමරසිංහ

මීගමුවෙන් ඇසෙන දරුවකුගේ අෙ`දාaනාව

වර්තමානයේ අප ජීවත් වන්නේ මුදල් මතම යෑපෙන සමාජයකය. එම නිසා සමහර මිනිස්‌සු මුදල් ඉපැයීම සඳහා සදාචාරාත්මක නොවන ඕනෑම බලු වැඩක්‌ කිසිම හිරිකිතයකින් තොරව සිදු කරති. ඒ සඳහා බොහෝ උදාහරණ අද සමාජයේ දැකිය හැකිය.

කොච්චිකඩේ ප්‍රදේශයේ දී අපට අසන්නට ලැබුණේ එවැනි හදවත කම්පා කරවන සුළු යළි ජීවිතයටවත් නෑසිය යුතු කතාවකි. එනම් තම කුසින් වැදූ සිඟිති දරුවා මුදල්වලට අවස්‌ථා කිහිපයකදීම විකිණූ මවක්‌ පිළිබඳවයි. කතාව සැකෙවින් මෙසේය.

සමන්ති තිසේරා තිස්‌හත් හැවිරිදි පස්‌දරු මවකි. පදිංචිය වෙන්නප්පුව, ශාන්ත ජෙරාඩ් මාවතේය. මීට මාස කිහිපයකට උඩදී සමන්තිගේ සැමියා හදිසියේම මිය ගියේය. ඉන්පසු පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ සමන්තිටය.

සැමියකු නොමැතිව දරුවන් පස්‌දෙනකු සමඟ ජීවිතයට මුහුණදීම ඉතාම අසීරු කර්තව්‍යයකි. සමන්තිගේ සැමියා මියයන විට ඔවුන්ගේ බාලම දරුවා මාස දෙක තුනක ළදරුවෙකි. නමුත් මේ කිසි දෙයකින් ඇය සැලුණේ නැත. හොඳින් හෝ නරකින් පවුල නඩත්තු කරන බවට ඇය ඉටා ගත්තාය.

සැමියා ජීවත්ව සිටින කාලයේ සිට ඇය සාස්‌තර කීමට පුරුදුව සිටියාය. නිවස අසල පොඩි දේවාලයක්‌ පවත්වාගෙන යන ඇය තමාට දේව වරමක්‌ ලැබුණා යෑයි පවසමින් එම කාරිය සිදු කරයි. මුල් කාලයේ නොයෙක්‌ පළාත්වල මිනිස්‌සු සමන්තිගෙන් සාස්‌තර ඇසීමට පැමිණියහ. එම කාලයේ ඇයගේ අතමිටද සරු විය. එහෙත් දිගු කලක්‌ ඇයට එය කරගෙන යැමට නොහැකි වූයේ ක්‍රමයෙන් මිනිසුන්ගේ පැමිණීම අඩුවූ නිසාය.

අන් අයගේ සෙනසුරු අපලවලට උදව් කළ සමන්තිට සෙනසුරු ලැබුවේ සැමියා මියයැමටත් පෙරයි. සැමියා මියයැම සහ දේවාලයට පැමිණෙන මිනිසුන්ගේ අඩුවීම ඇයට එල්ල කළ මරු පහරකි. නමුත් ඒ කිසිම දෙයකින් සමන්ති නමැති යකඩ ගැහැනිය සැලුණේ නැත.

වෙන්නප්පුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරකු සමන්තිගේ හොඳම යහළුවෙකි. ත්‍රිරෝද රථයෙන් කොහේ හෝ යැමට ඇත්නම් ඇය යන්නේ ඔහු සමඟය. අපි එම ත්‍රිරෝද රථ රියෑදුරු අතුල යනුවෙන් හඳුන්වන්නෙමු. සමන්ති තම ජීවිතයේ නොයෙක්‌ දුක්‌ගැනවිලි අතුලට පැවසුවාය. එම නිසා ඔවුනොවුන් අතර ලොකු මිත්‍රත්වයක්‌ ගොඩනැඟුණේය.

සාස්‌තර කියා උපයා ගන්නා මුදල සමන්තිගේ පවුල නඩත්තු කිරීමට කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. එම නිසා එන්න එන්නම ඇය ආර්ථික අහේනියකට ලක්‌වූවාය. ජීවිතය ඇයට අපායක්‌ විය. අවසානයේ සමන්ති දැඩි තීරණයක්‌ ගත්තාය. ඒ හොඳින් හෝ නරකින් මුදල් උපයන බවයි.

අතුල සමඟ ඇය මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළාය. එහෙත් ඉක්‌මනින් මුදල් උපයන ක්‍රමයක්‌ සොයා ගැනීමට ඔවුහු අසමත් වූහ. රාත්‍රියේ නිදි මරමින් පවා ඇය කල්පනා කළේ ඒ පිළිබඳවයි. දිනක්‌ ඇයගේ සිතට තිරිසන් අදහසක්‌ පහළ විය. ඒ තම මාස තුනක්‌ වයසැති ළදරුවා පිළිබඳවයි.

පසු දිනම ඇය අතුලට තමා හමුවීමට පැමිණෙන ලෙස දැන්වූවාය. මොන රාජකාරිය තිබුණත් අතුල ඇය යමක්‌ කීවොත් කිසි දිනක එය මඟහැර නොමැත. කියූ වේලාවටත් කලින් ඔහු ඇය මුණ ගැසුණේය.

"අතුල මට සල්ලි නැහැ කියලා ඔයා හොඳටම දන්නවනෙ. අපිට කිසි දෙයක්‌ කරලා සල්ලි හොයා ගන්නත් බැරි වුණානේ. ඒක නිසා මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. සාස්‌තර කීවා කියලත් මහ ලොකු ගාණක්‌ දැන් හම්බ වෙන්නේ නැහැනේ. ඒක නිසා මම තීරණයක්‌ ගත්තා පොඩි වැඩක්‌ කරලා ඉක්‌මනින් මුදල් ටිකක්‌ හොයා ගන්න..."

"මොනවද සමන්ති ඔයා කියන්නේ. මම ඔයාගේ ඕනම වැඩකට උදව් කරන්නම්. දන්නවනේ මේ අතුලගෙ හැටි"

"හැබැයි මේක දැනගන්න ඕනෙ අපි දෙන්නා විතරයි. වෙන කාටවත් එහෙම කියනවා නෙමේ"

"පිස්‌සුද සමන්ති. ගඟේ මුහුදෙ දැම්මා වගේ තමයි. ඔයා ඒ ගැන බිංදුවක්‌වත් බයවෙන්න එපා" සමන්ති ඉන්පසු තම සිතේ හිර කරගෙන සිටි දුෂ්ට අදහස අතුල හට පැවසුවේ මෙලෙසින්ය.

"මාගෙ බාල පොඩි එකාට තවම මාස ගාණයිනේ වෙන්නේ. දෙවියන්ගේ පිහිටෙන් ඒකා පෙනුමට ලස්‌සනට ඉන්නවා. මගෙ ළඟටත් සාත්තර අහන්න එනවා හොඳට සල්ලි තියෙන ජෝඩු. ඒ ගොල්ලන්ට දරුවො නැහැ. දරුවෙක්‌ අරන් හදාගන්න හරි කැමැතියි. අපි ඒ වාගේ අය බලලා මගේ දරුවාව විකුණමු මුදල්වලට. පස්‌සේ අපි ගිහින් කෑගහලා ආපහු දරුවාව අරන් එමු. ඒ වගේ කිහිප දෙනකුට දුන්නම අපිට හොඳ ගාණක්‌ සොයා ගන්න පුළුවන්.

අතුල නමැති පුද්ගලයා එම යෝජනාවට එක පයින් කැමැති වූවේය. සමන්තිගේ අදහසට අනුව ඔහු දරුවා විකිණීමේ අසමත්ජාති කටයුත්ත පටන් ගැනීමට මූලික පිඹුරුපත් සැකසුවේය. දෙදෙනා එකතු වී මුලින්ම දරුවන් නොමැති විවාහක යුවළක්‌ හොයා ගත්හ. ඒ දංකොටුව ප්‍රදේශයෙන්ය. පසුව දරුවා ගැන විස්‌තර ඔවුන්ට පැවසුවේය.

සමන්ති එම යුවළට එකපයින්ම කීවේ දරුවා හදා ගැනීමට නොහැකි නිසා සල්ලිවලට විකුණන බවයි. ඒත් තමා මේ දෙය කරන්නේ හිතකින් නොවන බවට හැටහතර මායිම්වලින් කිහිපයක්‌ භාවිතා කරමින් ඇය පැවසුවාය. ඇත්තටම එම යුවළ එය පිළිගත්තෝය. ජීවිත කාලයටම මෙය රහසක්‌ ලෙස තබා ගන්නා පොරොන්දුව මත මුදල් ලබාදී එම කිරිසප්පයාව දරුකමට හදා ගැනීමට එම යුවළ රැගෙන ගියෝය.

ගතවූයේ දවස්‌ කිහිපයකි. සමන්ති එක්‌වරම දරුවා රැගෙන ගිය යුවළගේ නිවස වෙත පැමිණියාය. තවත් මායම් කිහිපයක්‌ භාවිත කරමින් තමාට තවම කිරි එරෙන බවත්, දරුවාව අමතක කිරීමට නොහැකි බවත් පවසමින් දරුවාව යළි ඉල්ලා සිටියේය.

එම යුවළ අන්දමන්ද වූහ. තමා මුදල් දී දරුවා ලබාගත් නිසා යළි දීමට නොහැකි බව ඔවුහු පැවසුවෝය. සමන්ති එයින් සෑහීමකට පත්වූයේ නැත. ඇය එකහෙළාම කිඹුල් කඳුළු හෙළමින් තම දරුවා ඉල්ලා සිටියාය. මේ අතර අතුල මැදිහත් වී එම යුවළට පැවසුවේ පොලිසි ගියොත් මෙම සිද්ධිය දුරදිග යන බවත්, මුදල් ලබාගෙන දරුවකු මිලදී ගැනීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත්ය.

මොන දේ කීවත් එම යුවළ දරුවා දීම ප්‍රතික්‌ෂේප කළෝය. තත්ත්වය ගොඩින් බේරා ගැනීමට නොහැකි බව සමන්ති සහ අතුල තේරුම් ගත්හ. අවසානයේ සමන්ති ඇŽAම නතර කර උස්‌ හඬින් එම යුවළට තර්ජනය කර පැවසුවේ දරුවා යළි ලබා නොදුන්නොත් මුළු ප්‍රදේශයම දෙවනත් වන සේ කෑගසන බවත්ය.

එය පැවසීමත් සමඟ එම යුවළ බියවූහ. අසල්වැසියන් මේ බව දැන ගතහොත් විශාල ලැඡ්ජාවකට පත්වේ යෑයි ඔවුන්ට සිතුනි. එමනිසා අකමැත්තෙන් හෝ දරුවා යළි සමන්තිට දීමට ඔවුනට සිදුවිය. අවසානයේ ඔවුන්ට සල්ලිත්, දරුවාත් දෙකම අහිමි විය. සමාජයට මුහුණදීමට නොහැකි නිසා එම යුවළ මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක්‌වත් දැමුවේ නැත.

සමන්තිලාගේ දරුවා විකිණීමේ පළමු ජාවාරම අති සාර්ථක විය. එයින් එම තිරිසන්නු තවත් උෙද්‍යාaගයට පත් වූහ. මෙම ජාවාරම දිගටම කරගෙන ගියොත් විශාල මුදල් ප්‍රමාණයක්‌ ඉක්‌මනින් උපයා ගැනීමට හැකි බව ඔවුන්ට අවබෝධ විය.

මාස දෙක තුනක කාලයක්‌ තුළදී සමන්තී, අතුල සමඟ එකතුවී තම දරුවා, දරුවන් නොමැති පවුල් හයකට පමණ විකුණා තිබුණි. මුදල් ලබාගත් පසු මේ තිරිසනුන් යළි දරුවා ලබා ගන්නේ ඉහත සඳහන් කළ ආකාරයටමයි. එම කාලය තුළ දරුවා විකුණා රුපියල් ලක්‌ෂ ගණනක මුදල් එම තිරිසන්නු වංචා සහගත ලෙස උපයා ගත්තෝය.

කිසිම අපරාධයක්‌ කිසිවෙකුටත් දිගටම කරගෙන යා නොහැකිය. එය ලෝක ස්‌වභාවයයි. ඒ අනුව සමන්තිලාටද එය ඵල දුන්නේය. මෙම දෙදෙනා එකතුවී කරන මෙම ජාවාරම ගැන කොච්චිකඩේ පොලිසියට ඒ වන විටත් තොරතුරු ලැබී තිබුණි. එම පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති මහින්ද ගුණසේන මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර සමන්ති සහ ත්‍රිරෝද රථ රියෑදුරා අත්අඩංගුවට ගත්තේය. පසුව මිනිස්‌ ජාවාරම් කිරීමේ චෝදනාව මත ඔවුන්ට කොච්චිකඩේ පොලිසිය මගින් නඩු පැවරුවේය.

තම කුසින් මෙලොව උපන් දරුවා මුදල්වලට කිහිප අවස්‌ථාවකදී විකිණූ මවක්‌ නොවන මවට හිමිවිය යුත්තේ කුමන දඬුවමක්‌ද යන්න අපට සිතාගත නොහැකිය. සමහර විට මුදල් නොමැතිකම නිසා අනික්‌ දරුවන් ජීවත් කරවීමට ඇය එසේ කළාද යන්න අපි නොදන්නෙමු. එසේ කළත් ඇය කර ඇත්තේ සමාව දිය නොහැකි බරපතළ වරදකි.

පසුබිම් වාර්තාව - මීගමුව විමල් කීර්ති
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.