අතුරුදන්වූවන්ගේ කාර්යාලයට
පිටරට සල්ලි පිටරට කට්‌ටිය
මංගලගෙන් හෙළිවෙයි

කීර්ති වර්ණකුලසූරිය, උපාලි ද සේරම්

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යැම සඳහා විදෙස්‌ අරමුදල් ලබාගැනීමටත් අවශ්‍ය අවස්‌ථාවන්හිදී විදේශීය විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමටත් හැකියාව ඇතැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කවුන්සිලය මඟින් පත් කරනු ලබන මෙම කාර්යාලයේ සාමාජිකයන් මානව හිමිකම් පිළිබඳ පළ පුරුදු අය බවත් මධ්‍යස්‌ථ නොවන පුද්ගලයන් පත්වුවහොත් ඔවුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවද ඇමැතිවරයා පැහැදිලි කර සිටී. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධව පිළිතුරු ලෙසින් විදේශ කටයුතු ඇමැතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙම කරුණු අනාවරණය කර ඇත.

මානව හිමිකම් කොමිසම පාර්ලිමේන්තුවේ පෙත්සන් කාරක සභාව වැනි ආයතනයන්ට ඇති බලතල හා නීතිමය වරප්‍රසාදයන් මෙම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වෙතද ලබාදෙන අතර ඒ අනුව ඕනෑම පුද්ගලයකු කාර්යාලය වෙත ගෙන ඒම, ඕනෑම පුත්පතක්‌, පොතක්‌ හෝ වාර්තාවක්‌ හෝ වෙනත් ලියවිල්ලක්‌ පරීක්‌ෂා කිරීමට ඉල්ලා සිටීමට හා දේපළවලට ඇතුළුවීමට ද අවසර තිබේ.

ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන මෙම කාර්යාලයට පූර්ණ සහයෝගය ලබාදීමට බැඳීසිටින අතර රාජ්‍ය රහස්‌ පනතේ විධි විධානද බලරහිතවේ.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වෙත තොරතුරු ලබා දෙන්නන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් ලැබෙන තොරතුරු ගැන කරුණු විමසීමට ශේ්‍රෂ්ඨාධිකරණය ඇතුළු කිසිදු උසාවියකට බලයක්‌ හිමි නොවන අතර එමගින් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට පසුබිමක්‌ සැලසෙන බවද විදේශ ඇමැති මංගල සමරවීර මහතා නිකුත්කර ඇති එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.