වස විස නැති වී වගාවට හෙක්‌ටයාර් 80,000 ක්‌

ජගත් කණහැරආරච්චි

එළඹෙන මහ කන්නයේදී හෙක්‌ටයාර් 80,000 ක්‌ වස විසෙන් තොරව වී වගා කිරීම සඳහා විශේෂ කලාප තුනක්‌ රජය මගින් නම් කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. වලව විශේෂ කලාපය, මහවැලි බී කලාපය හා ත්‍රිකුණාමලය වැලිඔය එම කලාප තුනයි.

මෙම කලාප තුනේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය මගින් වස විස නැති රටක්‌ මහා වැඩසටහන ක්‍රියාත්මක කරන බවද මේ සඳහා මෙහෙයුම් කණ්‌ඩායම් තුනක්‌ ස්‌ථාපිත කළ බවද උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අසෝක අබේගුණවර්ධන මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

මෙහිදී වැඩිදියුණු කළ (දෙමුහුන්) වී වර්ග කාබනික හා දේශීය පොහොර, පරිසර හිතකාමී ස්‌වාභාවික කෘමි විකර්ශන යන තිරසාර යෙදවුම් භාවිත කර ධාර්මික ගොවිතැනක්‌ වශයෙන් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට සමගාමීව "ජාතික පාරිභෝගික ජාලය" අගෝස්‌තු මස 09 වැනිදා එළිදැක්‌වෙන බවද, වස විස නැති ආහාර පරිභෝජනය එහි අරමුණ බවද සභාපතිවරයා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.