බැඳුම්කර වංචාවට වගකිවයුත්තා ළඟදීම හෙළිකරනවා

අජිත් අලහකෝන්

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට වගකිව යුත්තා කවුරුද යන්න මෙම මස අවසානයේ දී රටට හෙළි කිරීමට කටයුතු කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකයකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළ කෝප් වාර්තාව මෙම මාසය අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසුවේය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවට අනුව තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙම 12 වැනිදා ද මහ බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

දැනටමත් මෙම ගනුදෙනුව සම්බන්ධ බොහෝ කරුණු කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙන බවද ඒ අනුව ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න මෙම මස අවසානයේ දී රටට හෙළි කිරීමට හැකිවනු ඇතැයිද ඉහත සාමාජිකයා ප්‍රකාශ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.