ලොකු හාමුදුරුවෝ හොඳයි, ටිකක්‌ සැරයි
සිඳු හි සෝරත පොඩි හාමුදුරුවෝ

මම කැමැතියි වෛද්‍යවරයෙක්‌ වෙන්න

ළමා කාලයේ සුන්දරත්ය නැවතත් හදවතට සමීප කරවන ටෙලි නාට්‍යයක්‌ ලෙස මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන සිඳු හැඳින්විය හැකිය. එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපී පෙනෙන චරිතයක්‌ වී ඇති අතර එය මේ දිනවල වැඩි වශයෙන් කතාබහටද ලක්‌වී තිබේ. මේ සිඳු හි සෝරත පොඩි හාමුදුරුවන් වන කවීෂ් විහඟ පුංචි පුතු සමග කළ කතාබහකි.

නම මොකක්‌ද? කවීෂ් විහඟ.

ඉස්‌කෝලේ යන්නෙ? පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලට.

පවුලේ විස්‌තර? අම්මයි, තාත්තයි, මල්ලියි.

මල්ලිගේ වයස? අවුරුදු දෙකයි.

අම්මා තාත්තා මොකද කරන්නේ?

අම්මා රස්‌සාවක්‌ කරන්නේ නැහැ. තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

අම්මා තාත්තා නාට්‍යයට යනවාට කැමැතිද?

ඔව්. ඒ දෙන්නම කැමැතියි.

කවීෂ මොනවාද මේ දවස්‌වල කරන්නේ ?

ඉස්‌කෝලේ නිවාඩුනේ. ගෙදරට වෙලා සෙල්ලම් කරනවා.

කවීෂ කැඩියෙන්ම කැමැති මොනවාටද?

සෙල්ලම් බඩුවලට.

පොඩි හාමුදුරුවන්ගේ චරිතයට කවුද මුලින්ම කතාකළේ?

රේඩියෝ එකේ පුංචි තරුත් එක්‌ක ආයුබෝවන් දෙරණ වැඩසටහනට මුලින්ම ගියා. ඊට පස්‌සේ දෙරණ ආයතනයේ ලක්‌සිරි මාමා තමයි මට කතාකළේ.

පොඩි හාමුදුරුවෝ චරිතය කරන කොට බය හිතෙන දේවල් වුණාද?

ඔව්.

ඒ මොනවාද?

උඩින් යන ප්ලේන් එකක්‌ ආවා අපි හිටපු තැනට. එදා මම හොඳටම බයවෙලා ඇඬුවා.

ඊට පස්‌සේ?

දවසක්‌ මට දුවලා ගිහිං වැවට පනින්න නාට්‍යයේ මාමාලා කිව්වා. එතකොට මාව ලිස්‌සලා වැටුණා. ඒ වෙලාවේ මට හොඳටම මාළු කෙටුවා. මම හොඳටම බයවුණානේ.

සිදු නාට්‍යයේ ඉන්න නැද්දලා මාමාල පුතාට මොනවාද කියන්නේ?

හොඳයි කියලා කියනවා.

සිදු නාට්‍යයේ ඔයා කැමැති කෙනා කවුද?

වැඩියෙන්ම කැමැති හීං බාබා සීයාට.

ඒ ඇයි?

හීං බාබා විහිළු කතා කියලා දෙනවා.

එතකොට ලොකු හාමුදුරුවෝ ?

ටිකක්‌ හොඳයි. ඒත් ටිකක්‌ සැරයි.

එතකොට ඔයාගේ සරණ ?

එයා පන්සලේනේ.

අම්මා තාත්තා නාට්‍ය බලනවාද?

ඔව්.

ඒ ගොල්ලෝ මොනවාද කියන්නේ ?

හොඳට කරනවා කියලා කියනවා. තවත් හොඳට කරන්න කියලා තමයි කියන්නේ.

මගදී යාළුවෝ හමුවුණහම පොඩි හාමුදුරුවෝ ගැන මොකද කියන්නේ ?

මේ දවස්‌වල ඉස්‌කෝලේ නිවාඩු හින්දා යාළුවෝ හම්බවුණේ නැහැ. කවුරුත් තාම කෝල්කළෙත් නැහැනේ.

පොඩි හාමුදුරුවන්ගේ කතා පුතාට කියලා දෙන්නේ කවුද?

නාට්‍යයේ ඉන්න මාමලා තමයි කියලා දෙන්නේ.

ඒවා කියනකොට බයහිතෙන්නේ නැතිද?

අපොයි නැහැ.

මුලින්ම කැමරාව දැක්‌කහම බයහිතුණේ නැතිද?

අනේ නැහැ. මම බය නැතිව මාමාලා කියන දේවල් කළා.

පුතා ලොකු වුණහම කවුරු වෙන්නද කැමැති ?

වෛද්‍යවරයෙක්‌ වෙන්න තමයි කැමැති.

නාට්‍යයේ වැඩවලට පුතා එක්‌ක එන්නේ කවුද?

අම්මා තමයි එන්නේ.

සිවුරු අඳින්න පුතාට පුළුවන්ද?

අනේ මට බැහැනේ. ඒ නාට්‍යයේ ඉන්න මාමලා තමයි කියලා දෙන්නේ.

ලොකු හාමුදුරුවෝ පුතාගේ වැඩ ගැන මොකද කියන්නේ ?

හොඳට වැඩ කරනවා කියලා කියනවා.

පොඩි හාමුදුරුවෝ හින්දා පුතාට රඟපාන්න ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්.

පොඩි හාමුදුරුවෝ ගැන හැමෝම කතා කරනවා. මොකද පුතාට හිතෙන්නේ ?

හොඳයි කියලා හිතෙනවා.

දිනේෂ් විතන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.