මළගමට පාර කැපෙන වී ගැටලුව

සුසන්ත අමර බන්දු

ගස්‌ වැල් වියළි පරඬැල් බවට පත් කරනා මහා අව් කූටකේ මහා පොළොවත් සමඟ දෑතේ කරගැට සහ දිය පට්‌ටා මතු වෙනතුරු හරි හරියට ඔට්‌ටුවෙන දිගාමඩුල්ල ගොවි රජවරු මෙවර තම යල කන්නයේ වී අස්‌වනු විකුණා ගැනීමට නොහැකිව අන්ත අසරණව ඇත. වෙනදා මෙන් සුපුරුදු පරිදි තමන් දැඩිසේ දුක්‌ මහන්සියෙන් වගා කර ගෙට ගත් අස්‌වැන්න නිසි මිලකට විකුණා ගැනීමට නොහැකිව ළත වෙන ගොවි රජවරුන්ගේ කතාව මෙසේ අපට මෙවරද පෙළ ගස්‌වන්නට සිදුවීම කනගාටුදායකය.

ලංකාවේ සහල් නිෂ්දනයෙන් 20%කට අධික ප්‍රමාණයක්‌ නිපදවන්නේ දිගාමඩුලු මිටියාවතෙනි. ඒ වී මිලදී ගන්නට අම්පාරේ දිස්‌ත්‍රික්‌කයේ වී ගබඩා 47ක්‌ ඉදිකර ඇත්තේය. නමුත් අවසානාවන්ත කාරණාව වන්නේ මෙම ගබඩා සියල්ලම වගේ මේ වන විට 2014 සිට පසුගිය කන්න 03ක්‌ තුළ රජය මගින් මිලදී ගත් වී කිලෝ කෝටි 05ක අස්‌වනුවලින් පිරී ගොස්‌ තිබීමය.

ලංකාවේ වී අස්‌වනු නෙළන්නේ අහම්බයකින් නොවේ. ඒ ඉඳහිට කඩා පාත්වන අකල් වැස්‌සක්‌ද නොවේ. නිසි කල බීජ වැපුරූ විට නිලට නිලේ සාර සොබාවට බටගස්‌සේ ගොයම් ගස්‌ වැඩී පූදින්නේ රන්වන් කෙත්aයායක්‌ බවට මේ සරු බිම පත් කරලවමිනි. එහි අස්‌වනු නෙළන කාලය නිශ්චිතය. ඒ වන විට ගබඩා හිස්‌කර තබා නිසි මිලට වී මිලදී ගැනීමට රජයේ ලොකු ලොක්‌කන්ට නොහැකිවීම ඉතා කනගාටුqදායකය. වී අස්‌වනු නෙලා සති කිහිපයක්‌ ගිය විට පමණක්‌ තක්‌කු මුක්‌කු වන බලධාරීන් අතීසාරයට අමුඩයේ ගසන්නාසේ විවිධ අසාර්ථක වූ පිsළියම් යොදමින් වී ගොවියා අන්ත අසරණ කරමින් ඇත.

මෙවර රජය මගින් නාඩු වී කිලෝවක්‌ රුපියල් 38කට සහ සම්බා කිලෝවක්‌ රුපියල් 41.50 ක්‌ වැනි මිලකට මිලදී ගැනීමට නියමිතය. අම්පාරේ හෙක්‌ටයාර් 70 000 ක මෙවර වී වගා කරමින් මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ 03ක අස්‌වැන්න අම්පාරේ කෘෂිකර්ම බලධාරීහු අපේක්‌ෂා කරමින් සිටිති.

එවැනි අස්‌වැන්නක්‌ අපේක්‌ෂාවෙන් මේ වන විට අම්පාරේ ගොවියෝ වී අස්‌වනු මාසයකට අධික කාලයක්‌ තිස්‌සේ නෙළමින් ඇත. නමුත් වී මිලදී ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක්‌ නොමැතිව රජයේ බලධාරීන් ගබඩා හිස්‌ කරන්නට පටන් ගන්නේ දැන්ය. ඒත් එසේ සිදුකරන්නේද මහනාගගපුර, අක්‌කරපත්තුව, තම්බැට්‌ට, සාගම ආදී ගබඩා 07ක පමණක්‌ ය. එයද පෞද්ගලික වෙළෙදුන්ට ටෙන්ඩර් මගින් දී අලෙවි කරනු ලබන්නේ රුපියල් 30 ටය. රුපියල් 38 ට ගත් වී කිලෝවක්‌ අඩු මිලට අලෙවි කරන්නට මෙවරද වී අලෙවි මණ්‌ඩලයේ බලධාරීන්ට සිදුව ඇත.

මීට පෙර පසුගිය කන්නයේද රජය මගින් විවෘත ටෙන්ඩර් දමා ගබඩාවල ගොඩගසා තිබූ වී අලෙවි කිරීමට උත්සාහ කරන්නට විය. එම අවස්‌ථාවේ නාඩු කිලෝවක්‌ රුපියල් 39.27 ට ගැනීsමට වී මෝල්හිමිකරුවෝ කැමති වුහ. නමුත් ඒ මොහොතේ ආහාර සුරක්‌ෂිත කමිටුව, ජීවන වියදම් අනුකමිටුව සහ කැබිනට්‌ මණ්‌ඩලය එය අනුමත නොකළ අතර රුපියල් 40 ට වී කිලෝවක්‌ අලෙවිකළ යුතුයෑයි ගොබ්බ තීරණයක්‌ ගන්නා ලදී. එයට වෙළෙඳ වාHපාරිකයෝ අකමැති වූහ. පසුව රුපියල් 38ට අලෙවි කරන්නට රජය උත්සාහ කරන්නට විය. පසුව රුපියල් 35ට විකිණීමට උත්සාහ දැරීය. එයත් අසාර්ථකය. ශත ගණනක ලාභය සොයන්නට ගොස්‌ හත්පොලේ ගාගත් බලධාරීන් අන්තිමේදී රුපියල් 32.50 ට වී අලෙවිකරන්නට කටයුතු කරන්නට වූවේය. ඒ අනුව අඩු මුදලට එම ගබඩා හිස්‌කර ඉන්පසු ඉතිරි ඇතැම් වී තොග තුට්‌ටු දෙකට සත්ව ආහාරවලට අලෙවි කරන බවද ඇතැම්හු පවසා සිටිති.

මේ ආකාරයෙන් හැමදාමත් වී අලෙවි මණ්‌ඩලය බොහෝ විට සිදුකරන්නේ කළ යුතු දේ නොව නොකළ යුතු දේමය. වී වැපුරූ කල සිට මාස ගණනක්‌ යනතෙක්‌ ගබඩා හිස්‌ කරන්නට කටයුතු නොකරන බලධාරීන් හට නැවත ගබඩා හිස්‌ කරන්නට මතක්‌ වෙන්නේ වී අස්‌වනු නෙළා මාස කිහිපයක්‌ ඉක්‌මගිය කල්හිය. ඉන්පසු දිගින් දිගටම වී ටික විකුණා ගැනීමට නොහැකි අසරණ වන වී ගොවීන් ඇතැම් විට තම වී ටික විකුණා ගන්නට මහපාරට බට උද්ඝෝෂණ සිදු කරන්නට සිදුවනු ඇත. එසේ නොමැති නම් තමන්ගේ රන්වන් වී අස්‌වනු තුට්‌ටු දෙකට පෞද්ගලික වෙළෙන්දෙකුට අලවි කිරීමටය.

මේ පන්නල්ගම කුමන ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු වන ටී. චන්ද්‍රසිරි කියන කතාවය.

තාමත් අම්පාරේ වී ගන්න වී ගබඩා ඇරලා නැහැ. දැන් තමයි මේ අය ගබඩා හිස්‌ කරන්නේ. ඒත් ගබඩා කිහිපයක්‌ පමණයි. එම නිසා මේ පාර අම්පාරේ ගොවීන්ගේ වී ගන්න බැරි වෙනවා ගබඩා හිස්‌ කරලා නැති නිසා. පසු ගිය කාලයේ මහින්ද මහතාගේ සමයේ නාඩු රුපියල් 45ට ගත්තා. සම්බා කිලෝවක්‌ රුපියල් පනහට වැඩියෙන් ගත්තා. ගමට ලොරි ඇවිල්ලා රජය මගින් වී ගත්තා. නමුත් දැන් ගන්නෙත් රජය මගින් තිස්‌ අටට. රජය මගින් වී ගන්නේ නැති නිසා ලොරි එන්නෙත් නැහැ හරියට වී ගන්න. සමහර අය වී ගන්න එනවා රුපියල් 30ට 32ට. සල්ලි ගන්න මාසයක්‌ විතර බලාගෙන ඉන්න වෙනවා. සමහර අය පොළේ යන්න සල්ලි නැති වුණාම ණය බේරන්න විදිහක්‌ නැති වුනාම මෝලකට හෝ කඩයකට වී කිලෝaaවක්‌ රුපියල් 26 ක 28 කට දීලා සල්ලි කියක්‌ හරි ගන්නවා. අක්‌කරයට පොහොර සහනාධාරය ලැබෙන්නේ රුපියල් පන්දාහයි. ඒකට පොහොර මිටි දෙකක්‌ පමණයි ගන්න වෙන්නේ. අක්‌කරයට පොහොර මිටි තුනහමාරක්‌ ගහන්න වෙනවා. කලින් රජයෙන් නම් ගොවියා වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළා. නමුත් දැන් රජයෙන් නම් ගොවියයි ගොවිතැනයි නැති කරන්න හදන්නේ. මේ පාර පොහොර සහනාධාර මගේ කුඹුරු අක්‌කර කිහිපයකටයි ලැබුනේ. ගොයම් කපලා ඉවර වුණත් තවමත් පොහොර සහනාධාර ඒවාට ලැබුණේ නැහැ.

ගල්ඔය වම් ඉවුර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජී. ජී. ජයසේන මහතා මෙලෙස පවසා සිටියේය.

මේ මාසේ අවසන් වන විට උහන ප්‍රදේශයේ වී අස්‌වනු සියල්ලම නෙළා අවසන් වෙනවා. තවමත් වී ගන්න ගබඩා ඇරලත් නැහැ. ගබඩා හිස්‌ කරලාත් නැහැ. ඒ නිසා පසුගිය කන්නයේ වීවලින් ඒ ගබඩා පිරිලා ගිහිල්ලා තියෙන්නේ. අපේ පැත්තේ වී කිලෝවක්‌ රුපියල් 26 සිට 30 දක්‌වා මිලකට අලෙවි වෙනවා. රජයෙන් වී මිලදී ගන්නේ නැති නිසා පෞද්ගලික අංශයෙන් වී මිලදී ගන්නෙත් අඩුවට. රුපියල් 30 ට 32 ට වී කිලෝවක්‌ දීලා අද ගොවියාට ජීවත් වෙන්න බැහැ. මටත් තවම පොහොර සහනාධාරය ලැබුණේ නැහැ. මේ පාර වපුරද්දී ගොවීන් ගොඩක්‌ මූලික පොහොර ගහන්නේ නැතිව වැපුරුවේ. එහෙම කරලා ගන්න වී ටිකත් නිසි මිලකට විකුණ ගන්න ක්‍රමයක්‌ නැහැ. අද ඉරිඟු ගොවියා සහ උක්‌ ගොවියාට මෙහෙමවත් පොහොර සහනාධාරය නොලැබීම නිසා අන්ත අසරණ වෙලා තියෙනවා. මේ කන්නයේ වම් ඉවුරේ කුඹුරු අක්‌කර 400 ක්‌ පමණ ගොවීන් වගා කරන් නැතිව අත් හැරලා තියෙනවා. මේ විදිහට ගියොත් ගොවියා ඉදිරියේදී වී ගොවිතැනින්a ඈත් වෙලාම යාවි. මේ රජයට ගොවියා නගාසිටුවා ගොවිතැන ආරක්‌ෂා කරන්න නිසි වැඩ පිළිවෙළක්‌ නැතැයිද ජයසේන මහතා පවසා සිටියේය.

මීගහපල්ලම ගොවි සංවිධානයේ වැඩ බලන සභාපති ඒ. ජී. මහින්දරත්න මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

දැන් මේ පැත්තේ සම්බා කිලෝවක්‌ පුද්ගලික වෙළෙඳුන් මිලට ගන්නේ රුපියල් 30 ට සහ 31 ට. නාඩු රුපියල් 27 ට 28 ට තමයි ගන්නේ. ඒ ගානට වී ටික පුද්ගලික වෙළෙදුන්ට දුන්නාම ගොවියාට අන්තිමේදී රුපියල් දහ පහළොස්‌ දාහක්‌ පාඩු වෙනවා. අඩුම තරමේ අක්‌කරයක්‌ වී වගා කරන්න රුපියල් 60000ක්‌ පමණ වියදම් වෙනවා. තවම දමන පැරණිගම වී ගබඩාව වී මිලදී ගන්න පටන් ගන්නවා තියා හිස්‌ කරලවත් නැහැ. මේ අය ගොයම් කපන්න ගත්තාම තමයි වී ගබඩා හිස්‌ කරන්න ටෙන්ඩර් දාලා වැඩ පටන් ගන්නේ. නිතරම මේ දේ තමයි කරන්නේ. අන්තිමේදී රජයේ ගබඩා වලින් වී මිලදී ගන්න පටන් ගද්දී ගොවියෝ ගොඩ දෙනෙක්‌ තමන්ගේ වී ටික ණය බේරන්න කියලා පුද්ගලික වෙළෙදුන්ට තුට්‌ටු දෙකට දීලා දහ අතේ ණය ගෙවා ගන්න බැරිව අන්ත අසරණවෙලා තියෙනවා. මේ යහපාලනේ ආණ්‌ඩුවවෙන් ගොවි තැනට කිsසි සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ යනුවෙන් මහින්දරත්න මහතා පවසා සිටියේය.

මේ ආකාරයෙන් දිගාමඩුලු මිටියාවත පුරා ගොවීන්ගේ මුවින් නැගෙන්න තමන් අසරණව ඇතිබව පවසමින් නඟන දුක්‌ අඳෝනාවයි. නමුත් දිsනපතා රූපවාහිනී නාලිකාවලට පැමිණ තප්පුලන යහපාලන මැති ඇමැතීන්ට මෙම ගොවීන්ගේ අඳෝනාවන් ඇසෙන්නනේ නැති ගානය. ඇසුණද ඔවුහු බීරිවුවන් විලසින් සිටිති. ගොවියා සුත මුදිත කළායෑයි මාධ්‍යයෙන් මවාපාන දේ සැබැවට සිදු නොවන බව ගොවියෝ පවසා සිටිති.

වී මිලදී ගැනීම මෙම මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අම්පාර වී අලෙවි මණ්‌ඩලයේ කළමණාකරු ආර්. එම්. රත්නායක මහතා පවසයි. නමුත් ගොවීන් පවසා සිටින්නේ ගබඩා හිස්‌ නොකිරීම නිසා එදින වී මිලදී ගැනීමද සැක සහිත බවය. වී අලෙවි මණ්‌ඩලය භාර ලොකු ලොක්‌කන්ට තවමත් මේ ගැටලුව නිරාකරණය කිරීමට නිසි වුවමනාවක්‌ නොමැතිවීම හෙට දිනයේදී වී ගොවියාගේ මළගමට පාර කැපීම බවද දුකට පත්වන ගොවියෝ පවසා සිටිති.

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.