මහා කරුණාවේ සිරස බි`ද දැමු
බාමියාන් වෙස්‌ගත් කොටි අවතාර...


දිනසේන රතුගමගේ



මහා කාරුණිකත්වයේ එකම ප්‍රතිමූර්තිය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සතු වූ කාරුණිකගුණය මෙලොව පහළ වූ කිසිදු ශාස්‌තෘවරයකුට හෝ විද්වතෙකුට පහල වූ බවට සාක්‍ෂියක්‌ නොමැත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරුණික ගුණයට මේ දිනවල උතුරු පළාතෙන් අකාරුණික බවක්‌ පළවෙමින් පවතී.

උතුරු පළාත් සභාව මුලින්ම සිය තර්ජනාංගුලිය ඇරඹුවේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයටය. එහි බුදුපිළිමයත්, විහාර මන්දිරයත් ඉවත් කොට එම විහාරස්‌ථානයේ වැඩ වාසය කරන ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන්ට ද පිටමං වන ලෙස නියෝග කළේ උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන් ය. ඒ ප්‍රශ්නය පිළිබඳව අපි 'දිවයින' පුවත්පතෙන් ඉතා දීර්ඝ ලෙස කරුණු පෙන්වා දෙන ලද නමුත් මේ දක්‌වා ඊට ලැබී ඇති සහනයක්‌ නොමැත.

කෝකිලායි ප්‍රශ්නය හමාර වන්නටත් පෙර උතුරු පළාත් සභාව ඊළඟට ආරම්භ කළේ කිළිනොච්චිය - ඉරණමඩු හමුදා කඳවුර ආසන්නයේ ඇති බුදු මැඳුර ඉදිවන අක්‌කර හතරහමාරක භූමිය පෞද්ගලික වැසියන්ට අයත් නිසා එම බුදු පිළිමය ඉවත් කළ යුතුය යන්න උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන්ගේ මතය විය.

මේ බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයටත්, ඉරණමඩු බුදු පිළිමය පිහිටි පළාතටත් පැමිණෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පාරම් බාන්නට පටන් ගෙන තිබේ. ඉතා ඉක්‌මණින් ම තම පළාතේ බුදු පිළිමත්, බෞද්ධ විහාරස්‌ථානත් ඉවත් විය යුතු බවට මේ පාරම්බාන්නන් තර්ජනය කරති.

පෞද්ගලික ඉඩම්වල බුදුÊපිළිම ඉදි කරන බවට මේ දෙමළ දේශපාලනඥයෝ බෙරිහන් දුන්නද එම ඉඩම් සඳහා බලපත්‍ර නොමැත. සිටින්නේ නාමික අයිතිකරුවෝ පමණකි. මේ ඉඩම තමයි සුප්පයියාගේ ඉඩම. අර ඉඩම තමයි කන්දයියාගේ ඉඩම. කියමින් අයිතිවාසිකම් කියන නමුත් රජයේ කිසිදු ලේඛනයක එවැනි නම් නොමැත.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පවසන ඊළඟ කතාව වන්නේ බෞද්ධයන් නොමැති පළාතේ බෞද්ධ විහාරස්‌ථාන ඉදිකරන්නේ කුමකට ද යන ප්‍රශ්නයයි. ඔවුන් බෞද්ධ ඉතිහාසය ගැන කරුණු නොදැන එසේ ප්‍රකාශ කළත් මේ වෙලාව ඔවුන්ට බෞද්ධ ඉතිහාසය ඉගැන්වීමට අවස්‌ථාව නොවේ.

අපිට මෙහෙම කියන්නට සිදුවන්නේ හදිසියේ ම යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ පිහිටි බුදු පිළිම දෙකක්‌ පසුගිය සඳුදා රාත්‍රියේදී කඩා බිඳ දැමීම නිසාය. බෞද්ධ ඉතිහාසය ගැන හෝ බුදුරජාණන් වහන්සේගේ කාරුණික ගුණය ගැන දන්නා පිරිසක්‌ නම් මේ අමන ක්‍රියාව කෙසේවත් නොකරනු ඇත.

මේ බුදුපිළිම දෙක පිහිටා තිබුණේ වවුනියාව - යාපනය මහා මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයට ආසන්නයේ ය. ආරක්‍ෂක අංශ මේ පළාත්වල සිය කඳවුරු ඉදිකරගෙන සිටි අවධියේදී ඔවුන්ට වන්දනාමාන කිරීම පිණිස මේ බුදු පිළිම දෙක ස්‌ථාපිත කොට තිබිණි. ආරක්‍ෂක අංශ සාමාජිකයෝ එම පළාත් අතහැර ගිය අවස්‌ථාවේදී බුදු පිළිම කඩා බිඳ දමා යැම මහා පාපකර්මයක්‌ නිසා එම පිළිම තිබූ තැන්වල තබා ආරක්‍ෂක අංශ නිලධාරීහු සිය කඳවුරු මාරු කළහ.

යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ හුදෙකලා වූ මේ බුදු පිළිම දෙකට මුලින් ලැබුණු පුදසත්කාර ඒ අයුරින් ම නොලැබුණත් වරින්වර හෝ පුද සත්කාර ලැබුණි. ඒ අවට සිටියේ දෙමළ වැසියන් වුවද ඔවුන් මේ බුදු පිළිම වලට මල් පහන් පූජා කළහ. මේ මාර්ගයේ ගිය සිංහල බෞද්ධයෝ ද බොහෝ විට එම බුදුපිළිම වහන්සේලාට වන්දනාමාන කළහ. පුද සත්කාරාදිය පෑහ.

එහෙත් උතුරු පළාත තුළ බුදු පිළිම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වීමත් සමඟම හදිසියේ ම කනගරායන් කුලමේ පිහිටි බුදු පිළිම දෙක කවර හෝ අමන රැළක්‌ කැබලි බවට පත් කළහ. එක්‌ පිළිමයක සිරස කඩා බුදුÊමැඳුරේම වෙනත් තැනක තබා තිබුණි. ඇතැම් විට උතුරේ සෙසු බුදු පිළිමවල ඉරණමද මෙය යෑයි කීමට කළ පූර්ව දිනුම් දීමක්‌ විය හැකිය.

විනාශ කළ බුදුÊපිළිම දෙකෙන් එකක්‌ අඩි තුනක්‌ උස වේ. අනෙක්‌ පිළිමය උස අඩි එකහමාරකි. සඳුදා (29) දා රාත්‍රියේ මේ බුදු පිළිම දෙක විනාශ කොට දැමුවද කිසිවකු හෝ ඒ පිළිබඳව පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට පෙරමුණ ගත්තේ නැත. කනගරායන්කුලම පොලිසියේම නිලධාරීන් මේ පුවත වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත දන්වා තිබිණි. මේ නිසාම දැන් පොලිස්‌ පරීක්‍ෂණයක්‌ සිදුවෙයි. එහෙත් විනාශ කොට දැමූ බුදු පිළිම දෙක කනගරායන්කුලමේ යළි ස්‌ථාපිත කිරීමට උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් අවසරයක්‌ ලැබේද යන්න ප්‍රශ්නයකි.

මෑත කාලයේ සිට උතුරේ සිදුවන බොහෝ ගැටලු සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල තත්ත්වය ඉතාම කනගාටුදායක ය. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට ප්‍රහාර එල්ල වූ අවස්‌ථාවේදී සිදුකළ පරීක්‍ෂණවලින් කිසිදු සාධාරණයක්‌ ඉටු නොවුණි. කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ ගුණරතන හිමියන්ට තර්ජනය කළ දෙමළ දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිණි. කිළිනොච්චියේ බුදු පිළිමය කැබලි බවට පත් කළ ද සිදුවන්නේ මේ ඉරණමම පමණක්‌ බව දැන් ඉතාම පැහැදිලිය.

උතුරේ බෞද්ධ සිද්ධස්‌ථානවලට මෙවැනි කෙණෙහිලිකම් සිදුවෙද්දී රටේ මහානායක හිමිවරුන් නිහඬය. බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්‌වරයා පමණක්‌ නොව මුළු බුද්ධ ශාසන අමාත්‍යාංශයම නින්දේය. නමුත් මේ සියලු දෙනාම මතකයට ගත යුතු එක්‌ කාරණයක්‌ වන්නේ අපේ රටේ ඉතිහාසය තුළ ආගමික යුද්ධයන් තිබූ බව පමණකි.

රටෙන් කොටසක්‌ කඩා ගැනීමට පැවැති යුද්ධය වසර තිහක්‌ ම පැවතුණේය. එය අවසන් වුවත් මිනිසුන්ගේ සිත් තුළ වූ මතවාදී යුද්ධය මෙතෙක්‌ අවසන් වී නොමැත. යුද්ධය හමාර විය යන්නෙන් සිදුව ඇත්තේ වෙඩි හඬවල් හා බෝම්බ පිපිරවීම් නතර වී තිබීම පමණකි. බොහෝ මිනිසුන් තුළ පැවැති ඊනියා මතවාද යුද්ධයේ වෙඩි හඬ මෙන් පහව ගොස්‌ නොමැත. උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ඉවත් කරන ලෙසත්, බුදු පිළිම ඉවත් කරන ලෙසත් බොල් හඬවල් නැගෙන්නේ මේ ඊනියා මතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලිනි. බුදුපිළිම කඩා බිඳ දමන්නේ ද ඊට උඩගෙඩි දෙන අමනයෝ ය.

බුදු පිළිම කඩා බිඳ දැමීම තුළින් උතුරු පළාතෙන් බුදුÊදහම සදහටම ඉවත් කිරීමට හැකි යෑයි යම් පාර්ශ්වයක්‌ සිතන්නේ නම් එය ඉතා අනුවණ ක්‍රියාවකි. බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ පිරිසට අත් වූ ඉරණම මෙනෙහි කර ගැනීමට හැකි නම් කිසිවෙකුත් බුදු පිළිමවලට අත නොතබනු ඇත.

උතුරේ බුදු පිළිම දෙකක්‌ විනාශ කොට දැමීම ඉතා සුළු සිද්ධියක්‌ ලෙස හුවා දැක්‌වීමට මේ රටේ විශාල පිරිසක්‌ පෙළ ගැසෙන බව නියතය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ මතවාද පළ කරන මෙවන් රටක බුදුපිළිම සම්බන්ධයෙන් ගෞරවයක්‌ පවතින්නේ යෑයි කෙසේ සිතිය හැකිද? අපේ බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක්‌ නොමැති තැන අන්‍ය ආගමිකයන්ගෙන් බුදු පිළිම කෙරෙහි භක්‌තියක්‌ ඇති වේ යෑයි සිතන්නට අපි මෝඩයෝ නොවිය යුතුය.

කෙසේ වෙතත් මෙවැනි සිද්ධීන් නිසා හට ගන්නා වෛරයේ කෙළවර කොතැනද යන්න ඉතාම බියකරුය. උතුරු පළාතේ බුදු පිළිම ක්‍රමයෙන් විනාශ වෙද්දී රටේ නීතිය ඊට ක්‍රියාත්මක නොවන්නේ නම් මහජනතාව නීතිය අතට ගැනීම වළක්‌වාලිය නොහැක. මහජනතාව ක්‍රියාත්මක කරනු නීතිය පොතක ඇති නීතියක්‌ නොවේ. ඊට සදාචාරයක්‌ ද නොමැත මේ නිසා රට කරවන පිරිස මෙවැනි ප්‍රශ්න ගැන මීට වඩා සිතා බැලිය යුතු වෙයි.

කනගරායන්කුලම් පොලිස්‌ වසමේ ප්‍රජා පොලිස්‌ උපදේශක කමිටු සාමාජිකයින්ගේ ඉල්ලීම පරිදි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මගපෙන්වීමෙන් සිංහල බළමුද්‍රdව සංවිධානයේ මහලේකම් අරඹවෙල රතනසාර හිමියන් හා වව්නියාව ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සමායෝජක උළුක්‌කුලම සිරිසුමනතිස්‌ස හිමියන් ඇතුළු බෞද්ධ සැදැහැවතුන් හා කනගරායන්කුලම් කුවිසුට්‌ටිකුලම් අම්මාන් කෝවිලේ කුරුක්‌කල්තුමන් ඇතුළු ගම්වාසීන් රැසකගේ සහභාගීත්වයෙන් නව බුදු පිළිමවහන්සේ නමක්‌ පසුගිය 31වැනිදා වැඩම කර තැන්පත් කරවන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.