විජය රජු ගොඩ බැස්‌ස
කුවේණිගේ මාලිගාව තිබු අශ්ව කන්ද අනාථයි


කුදිරමලේ තුඩුව පිහිටන්නේ ලංකාවේ බටහිර කෙළවරේය. සියලු සිංහල ග්‍රාම නාමයන් දෙමළට පරිවර්තනය කිරීමේ වර්ගවාදී වුවමනාව සමඟ අශ්ව කන්ද, කුදිර මලේ බවට පත් විය.

අනුරාධපුරයෙන් බටහිර සීමාව අශ්වයන් සඳහා වෙන් කර තිබූ බව ඉතිහාස කතාවෙන් සනාථ වේ. ඒ හේතුවෙන් අශ්ව රූපයක්‌ හෝ ලාංඡනයක්‌ මේ කන්දේ තිබෙන්නට ඇත. නැති නම් අශ්ව රූපයකට සමාන බවක්‌ එම කන්දේ නිරුපණය වන්නට ඇත. කවර හේතුවක්‌ නිසා හෝ අද එම ප්‍රදේශය හඳුන්වන්නේ කුදිරමලේ හෙවත් අශ්ව කන්ද නමිනි. බටහිර දිශාව අශ්වයනට වෙන් කිරීමේ හේතුවෙන් මේ කන්ද මුදුනට නිතරම අශ්වයන් පැමිණෙනවා විය හැක. එලෙස අශ්වයන් පැමිණි කල අශ්වයන් සහිත කන්ද යන අර්ථයෙන් කුදිරමලේ (අශ්ව කන්ද) වූවා ද විය හැක.

මේ සියල්ලටම වඩා ඈත ජාත්‍යන්තර ඉතිහාසයක තොරතුරු කුදිරමලේ හා සම්බන්ධව පවතී. ක්‍රිස්‌තු පූර්ව දහය පමණ කාල නිර්ණය කරන එක්‌තරා ප්‍රාග් ඓතිහාසික කාලයක කුදිරමලේ ප්‍රකට ජාත්‍යන්තර වරායක්‌ව තිබූ බවට සාධක හමු වී තිබේ. මේ සාධක වැලලී තිබුණු මොහොර බෑවුමේ පතුලේ අශ්ව පාදයක්‌ කොටා තිබේ. කුදිරමලයේ තැනින් තැන දකින්නට ඇති ගඩොල් ගොඩැල්ල පිළිබඳ ප්‍රමාණාත්මක පරීක්‌ෂණ සිදුකර නැතත් එය තැනින් තැන හාරමින් නිධන් හොරුන් විසින් කරන ලද අවකල් පරීක්‌ෂණ ලක්‌ෂණ වලින් එය ගහනය.

1923 දී ආර්. එල්. බ්රෝහියර් මහතා අශ්ව කන්ද වෙරළ ප්‍රදේශය පිළිබද සොයා බලා ඇති අතර එහි හුණුගල් ස්‌ථර අතර ඇති වටිනා පුරා වස්‌තු පිළිබඳව ඔහු විසින් විස්‌තර කර තිබේ. ගොඩබිම සහ මූද අතර වූ සෝදා ගිය ඉවුරේ මේ පුරාවස්‌තු ඝනීභවනය වී පැවති බව ඒ මහතා වාර්තා කරයි. ඒ අතර බොහෝ මැටි බඳුන් තිබී ඇත. තවද වටකුරු දීසි කැබලි, ජල බඳුන්, ඉවුම් පිහුම් උපකරණ, කළ සහ ගුරුලේත්තු බඳුන් ආදී දෑට අමතරව වඩාත් වටිනාකමින් වැඩි කුඩා ආභරණ, හක්‌ගෙඩි සහ පිරිපුන් ගඩොල් ද ඒ මහතා දැක තිබේ.

ආර්. එල්. බ්රෝහියර් මහතාට පෙර ඉංගී්‍රසි ආණ්‌ඩුවේ මුල් කාලයේදී ලංකාවේ වෙරළ අවට තිබූ ඓතිහාසික වරායන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු නාවික ප_යේෂක නිලධාරියෙකි ඡේම්ස්‌ ස්‌ටුවට්‌. ස්‌ටුවට්‌ ලංකාව වටේම කරන ලද සොයා බැලීම් අනුව කුදිරමලේ පිළිබඳ සුවිශේෂ වාර්තාවක්‌ සපයයි. ඔහුගේ පැහැදිලි කිරීමට අනුව මේ ක්‍රිස්‌තු පූර්ව 10 වන සියවස යෑයි සැක කරන යුගයක මහා සොලමන් රජුගේ නැව් නැංගුරම් ලූ "හිපුරෝස්‌" වරායය. පෙරදිග හිපුරෝස්‌ වරාය පිළිබඳ ශුද්ධ බයිබලය කරන භූගෝලීය පැහැදිලි කිරීම කුදිරමලේ තුඩුවට නිසි ලෙස ගැලපෙන්නේ යැයි ස්‌ටුවට්‌ විශ්වාස කරයි.

ක්‍රිස්‌තු වර්ෂ 45 දී මහා රෝම නැවියකු වන ඇනියෝස්‌ ප්ලැකැමුෂ්ගේ නැව රතු මුහුදේ අය බදු එකතු කරන්නට ගොස්‌ හදිසියේ ම කුණාටුවකට හසු විය. ප්ලැකෑමුෂ් වනාහී වස්‌කෝද ගාමා, කොළම්බස්‌, ඇමරිගෝ වෙස්‌පුචි, චෙං හුවෝ තරම් ම රෝම ඉතිහාසයට වටිනා නාවිකයෙකි. ඔහු රෝමයට නැති විය. රෝම ඉතිහාසය ලියූ ජ්‍යෙෂ්ඨ ප්ලිනි ජීවත්ව සිටියේ මේ කාලයේදීය. ක්‌ලෝදියස්‌ රජුගේ රාජ සභාවේ සිටි ප්ලිනි, ප්ලැකැමුෂ්ගේ අතුරුදහන් වීම පිළිබඳ ඡේදය ඔහුගේ ඉතිහාස වාර්තාවට එක්‌ කළේය. ඒ වනවිට හිපලෝස්‌ විසින් මෝසම් සුළං සොයාගෙන නොතිබූ නිසා ප්ලැකැමුෂ්ගේ නැව ගසාගෙන ගියේ කොයි දිශාවට දැයි කිසිවකුටවත් සොයාගත නො හැකි වීලු.

එහෙත්, මාස හයකට පසු ප්ලැකැමුෂ් යළි රෝමයට ආවේය. ප්ලිනි විසින්, රෝම ඉතිහාසයේ සඳහන් කරන ඇනියෝස්‌ ප්ලැකැමුෂ්ගේ මූදුබත් වීමේ කතන්දරයේ ලංකාවත්, කුදිරමලේ තුඩුවත් ගැන සඳහන්ව ඇත. ප්ලැකැමුෂ්ගේ නැව ගොඩබැස්‌සේ ද "හිපොරෝස්‌" හෙවත් "හිපාරු" වරායට යි. රෝම භාෂාවෙන් "හිප්පාරෝස්‌" කියන්නේ අශ්ව කන්දට ය. අශ්ව කන්ද යනු කුදිරමලේ ය. විජයාවතරණයටත් පෙර ජාත්‍යන්තර වරායක්‌ ලෙස අශ්ව කන්ද නාගරීකරණය වී තිබූ බව ඉන් පෙනී යයි.

ක්‍රි(පූ(543 වකවානුවේ විජය කුමරු සහ පිරිවර මෙම ප්‍රදේශයෙන් ලක්‌බිමට පය තබන ලද්දේ මෙම ස්‌ථානයෙන් බව වංශකතා සාහිත්‍ය( අනුව තහවුරු වී තිබේ. එදා තඹවන් වැල්ලක්‌ ලෙස දිලිසෙමින්, විජය ඇතුළු පිරිසගේ අත්ල තඹ පැහැයට හැරවූ, තම්බපණ්‌නිය මෙම ප්‍රදේශයය.

විල්ලු 40 ක්‌ ඇති මෙරට එකම ජාතික උද්Hdනය වන විල්පත්තු වනාන්තරය මධ්‍යයෙන් කුදිරමලය ප්‍රදේශයට පිවිසිය හැකිය.

විජය - කුවේණි සිටි මාලිගාවල ගල් කණු, පුරාණ විහාරාරාම 65 ක පුරාවිද්‍යාත්මක නටබුන් සමඟ තවත් පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් ස්‌ථාන රැසක්‌ විල්පත්තු ප්‍රදේශයේ පිහිටා තිබේ.

ශෝකජනක සිද්ධිය වන්නේ, කුදිරමලේ තුඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි අශ්වයකුගේ රුවක්‌ තිබු ස්‌ථානය හා පැරණි ප්‍රභුවරයකුගේ සොහොන තිබූ ස්‌ථාන දිනෙන් දින විනාශ වන බව දක්‌නට ලැබිමයි.

මන්නාරම් බොක්‌ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්‌ථානයේ විවිධ පුරා විද්‍යා වටිනාකම් රැසක්‌ කියා පාන ස්‌ථානයක්‌ වන අතර එම ස්‌ථානය කිසිදු සංරක්‌ෂණයක්‌ සිදු නොකිරීම නිසා එහි පුරා විද්‍යාත්මක වටිනාකම්ද පොළවටම පස්‌වී යයි.

කුදිරිමලේ තොට හෙවත් අශ්ව කන්ද නම් විවිධ නම් වලින් අතීතයේ මෙම ස්‌ථානය නම් කර ඇති අතර ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක්‌ මෙම ස්‌ථානයේ තිබී ඇති අතර එය එල්.ටි.ටි ත්‍රස්‌ත ක්‍රියා හමුවේ මුලින් විනාශවී තිබේ. පසුව එම ස්‌ථානයේ යකඩ ආවර්ණයකින් ආරක්‌ෂාවක්‌ යොදා ඇති නමුත් එම ස්‌ථානය දැන් විනාශවී තව නොබෝ දිනකින් මුහුදට බිලිවිය හැකි බව දක්‌නට ලැබේ. තවද මෙම ස්‌ථානයට පහළින් ප්‍රභූවරයකුට අයත් යෑයි සැලකෙන සොහොනක්‌ද දක්‌නට ලැබේ. එයද කිසිදු සංරක්‌ෂණයක්‌ නොමැති කමින් විනාශ වෙමින් පවතින බව දක්‌නට ලැබේ.

මෙම ස්‌ථානයේ විශාල පැරණි ගඩොල් ගල් රැසක්‌ද තැනින් තැන විසිරී තිබෙනු දක්‌නට තිබේ. වර්තමානයේ මේ ප්‍රදේශවල විවිධ ස්‌ථාන වල නාවික හමුදා නිළධාරීන් පමණක්‌ සිටින ආකාරය දක්‌නට ලැබෙන අතර වෙනත් කිසිවකු දක්‌නට නොලැබේ.

මේ ආකාරයෙන් විල්පත්තු අභය භූමිය තුළ පිහිටා ඇති මෙවැනි ස්‌ථාන දිනෙන් දින විනාශ වීමට ඉඩ නොදී ඒවා ආරක්‌ෂා කිරීමට මේ පිළිබඳ වග කිවයුතු නිළධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ඉපැරණි පෞරාණික වටිනාකමකින් යුක්‌ත ඉපැණි කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි මෙම ස්‌ථානය සංරක්‌ෂණය කොට ඉදිරි පරපුරට ආරක්‌ෂා කර දීම ජාතික වගකීමකි.

ඔසිත අත්තනායක
- නලින් හෙන්දුරුගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.