ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව - 2016

AAT Sri Lanka දින දර්ශනයේ ප්‍රමුඛතම අංගයක්‌ වන වාර්ෂික සමුළුව 14 වන වරට නොවැම්බර් මස 1 සහ 2 දෙදින තුළ (අඟහරුවාදා සහ බදාදා) කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.

නූතන ව්‍යාපාරික ලෝකය තාක්‌ෂණය මත පදනම්ව තෝරාගෙන ඇත. "Digitalization-Accountants’ Role" යන තේමාව යටතේ 2016 නොවැම්බර් මස 1 වන දින සන්ධ්‍යාවේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වන සමාරම්භක උළෙලෙහිදී ප්‍රධාන දේශනයන්ට අමතරව සහභාගී වන්නන් අතර අෙන්‍යාන්‍ය සුහදත්වය වර්ධනය කරගැනීමේ සන්ධ්‍යාවකින්ද සමන්විත වේ. නොවැම්බර් මස 2 වන දින පුරාවට වාර්ෂික සමුළු තේමාව පාදක කොටගත් “Digitalization-A Game Changer”, “Revolutionized Finance in a Digital Era”, “How to Reimagine HR in today’s Context” & “How Safe is Your Data” යන මාතෘකා ඔස්‌සේ දිවෙන දැනුම් සැසි කිහිපයක්‌ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‌ෂේත්‍රයේ ප්‍රවීණ සම්පත් දායකයන් 16 දෙනෙකු සහභාගීවීමට නියමිතය.

මෙම සමුළුව කාලීන මාතෘකා ඔස්‌සේ, තෝරාගත් ක්‌ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමට මං පෙත් විවර වනු ඇත. සිය ප්‍රධාන ක්‌ෂේත්‍රය වන ගිණුම්කරණය ආශ්‍රිත මාතෘකාවන්ට අමතරව නූතන තාක්‌ෂණයේ බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීම මෙවර වාර්ෂික සමුළුවෙහිදී සිදුවීමට නියමිතය. සමුළුව සඳහා සහභාගීවීමට අපේක්‌ෂිත පුද්ගලයන් අතර ව්‍යාපාර ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයන් හා ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය ක්‌ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්, AAT Sri Lanka ආයතනයේ සාමාර්කයන් මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද ඇතුළත් වේ.

සමුළුවට සහභාගිවීම තුළින් සහභාගීවන්නන්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කරගත හැකි වන අතර කුසලතා සංවර්ධනයට ද අවස්‌ථාව උදාවේ. එසේම මෙම සමුළුව හරහා AAT Sri Lanka සාමාජිකයන්ට සුහදත්වය වර්ධනය කරගැනීමට ද ඉඩ ප්‍රස්‌ථාව සැලසේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.