හදවතේ දුක

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ගෙවී යන 2016 වර්ෂය වෙනුවෙන් පසුගිය අයවැය ලෙස රුපියල් කෝටි 18597 ක්‌ වෙන් කර තිබිණි. 2017 වසර වෙනුවෙන් ඒ සඳහා වෙන් කර තිබෙන්නේ රුපියල් කෝටි 7694 කි. එය පසුගිය වසරට වඩා රුපියල් කෝaටි 10903 ක අඩුවීමකි. පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතේa සඳහන් මේ කාරණය සලකා බලන විට අපට අධ්‍යාපන ඇමැතිවරයා ගැන මහා දුකක්‌ හිතේ. අධ්‍යාපනය හදාරන දරු දැරියන් ගැන මෙන්ම ඒ හාදයාගේ දුකත් අපට බෙදා ගන්නට සිදුව තිබෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්නට සැලසුම් කරගෙන සිටි බොහෝ දේ ගැන හිතන විටය. ආණ්‌ඩුව පත්වන විට රටට කීවේ අධ්‍යාපනය ගැන පසුගිය ආණ්‌ඩුව හිතනවාටත් වඩා හිතන බවය. මේ සිතුවිලි දැන් හීනයක්‌ බවට පත් ව තිබේ. අපට පුදුම ගමේ පාසල හොඳම පාසල කරන්නට හිතන ආණ්‌ඩුවක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නට හිතාගෙන සිටි මුදල පොල්ලෙන් ගැහුවා සේ එක්‌වරම අඩු කරන්නට හිත හදාගත්තේ කොහොමද කියන කාරණයය. ආණ්‌ඩුව මේ වගේ මෝඩ වැඩ කරන්නට ගියොත් අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවන්නේ දොස්‌තර මහත්වරුන්ට පරාජය වන්නටය. අධ්‍යාපන ඇමැතිවරයා කටක්‌ හැර ගමේ පාසලට දරුවා දමාගන්නට යෑයි දොස්‌තර මහත්වරුන්ට කියන්නේ කොහොමද? මේ මෑතකදී අධ්‍යාපන ඇමැතිවරයා කීවේ අපොස සාපෙ අසමත් සිසුන් 1,20,000 කට උසස්‌ පෙළ හැදෑරීම සඳහා පහසුකම් සැපයීමට 2017 වර්ෂයේ අධ්‍යාපනයේ ප්‍රතිපාදන වෙන් කරන බවය. දැන් ඒකත් හබක්‌ ය. දැනටත් බදු බර නහය ළඟටම තිබෙන හෙට අනිද්දාට වැට්‌ බද්දත්a ඔළුවට පාත්වෙන අපට කරන්නට දෙයක්‌ නැතිමුත් මේ ප්‍රශ්නය ගැන අපට අධ්‍යාපන ඇමැතිවරයාගෙන් අහන්නට ම හිතේ. ඒ, ඊළඟ වාරයට සුදු රෙදි වවුචර් ලබාදෙන්නට අතේ මිටේ කීයක්‌ හෝ ඉතිරිව ඇත්ද යන්නයි.

මේ කපන කැපිල්ලට හෙට අනිද්දා වනවිට ගමේ පාසල හොඳම පාසල කරන එක කොහොම වෙතත් තිබෙන පාසල් ටිකවත් නඩත්තු කරන්නට හැකියාව තිබේද යන්න සැක සහිතය. ලෝකයේ බලවත්ම රටවල අධ්‍යාපනයට වෙන් කරන මුදල් ගැන අපි පැත්තකින් තබමු. බොහෝ දෙනෙක්‌ ලෝකයේ තිබෙනවා යෑයි අහලවත් නැති රටවල් දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රතිශතය ගැන ඇසුවොත් අධ්‍යාපන ඇමැතිවරයා පවා ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වන බව නියතය. සුඩානය යනු දිළිඳු බව, සාගතය, ප්‍රචණ්‌ඩත්වය උපරිමයේම ඇති රටකි. එහෙව් රටක්‌ අධ්‍යාපනයට 27.8% ක ප්‍රතිශතයක මුදලක්‌ වෙන් කරයි. ටිමෝරය 16.8% ක්‌ ද ලෙසතෝව 12.4% ක්‌ ද මාලේ 11.2% ක්‌ ද, අධ්‍යාපනය සඳහා වෙන් කරති. මයික්‍රෝනීසියාව යනු ලෝක සිතියමේ තිතක්‌ වැනි, ඔස්‌ටේ්‍රලියාව ආසන්නයේ පිහිටි රටකි. එහි ජනගහනය 1,30,549 (එක්‌ලක්‍ෂ තිස්‌දහස්‌ පන්සිය හතළිස්‌නවයකි.) මේ රටේ පාලකයෝ අධ්‍යාපනය සඳහා 6.9% ක මුදලක්‌ වෙන් කරති. (අපේ රටේ අධ්‍යාපනයට සියයට හයක්‌ වෙන් කරන්න කී කතාව අමතක කරමු). එරිත්‍රියාව යනු ලෝකයේ සිටින දූෂිතම මිනිසුන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ත්‍රස්‌තවාදී නායකයන්, සැඟවී සිsටින්නට තෝරා ගන්නා රටකි. කිසිදු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක්‌ නොමැති කුඩා රටකි. එවැනි රටකට අධ්‍යාපනයක්‌ අවශ්‍ය වේදැයි යන්නද සැක සහිතය. එහෙත් එවැනි රටක්‌ පවා 2% ක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරයි. කරුණු කාරණා එසේය. ඉතින් අපේ රට ගැනත් අධ්‍යාපන ඇමැතිවරයා ගැනත් හදවතින්ම දුක්‌වෙනවා හැර වෙන මොනවා කරන්නද?
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.