එච්. ආර්. ජෝතිපාල "සුමිතුරෝ" චිත්‍රපටය ගලවන්න
ආපු හෝල්කාරයින්ට එළව එළවා ගැහුවා


කරුණාරත්න අබේසේකර වෙලාවට
වැඩ කරන්න කියලා මට බැන්නා

ගාමිණී "ප්‍රභාකරන්" චරිතය සිනමාවට
නගන්න පිටපතත් ඉවර කළා

විජය ගෙදරට එන්න කියලා "වරදට දඬුවම්" චිත්‍රපටයේ ඇඩ්වටයිසින්
ලියුමකින් මට දුන්නා


එස්‌. ඒ. බෙනට්‌ කලා ලොවට ප්‍රවිශ්ට වන්නේ කරුණාරත්න අබේසේකරගේ "සරස්‌වතී" මණ්‌ඩපයෙනි. එදා කරු අයියාගේ සෙවණේ සරස්‌වතී මණ්‌ඩපයෙන් කලා ක්‍ෂේත්‍රයට ඇදී ආ නවක තරුණ තරුණියන් ගණන දහස්‌ ගණනකි. කෙමෙන් කරුණාරත්න අබේසේකරයන් සමඟ ගුවන් විදුලි චිත්‍රපට ප්‍රචාරක කටයුතුවලට පිවිසෙන එස්‌. ඒ. බෙනට්‌ මෙරට බොක්‌ස්‌ ඔෆීස්‌ තැබූ චිත්‍රපට බොහොමයක ගුවන්විදුලි හා චිත්‍රපට දැන්වීම් නිර්මාණකරණයට දායක වූවෙකි. ලංකාවට රේඩියෝ කැසට්‌ ආගමනයත් සමගම කැසට්‌ ප්‍රචාරක කටයුතුවලට ද අතගැසූ ඔහු මේ සියලු ක්‍ෂේත්‍රයන් හා ප්‍රවීණයන් සමග උරෙනුර ගැටී කලා ක්‍ෂේත්‍රයේ ගත කළ කාලය ගැන කරන මේ විග්‍රහය ලිතව සුරැකිය යුතු කලා ඉතිහාසයක්‌ වනු නොඅනුමානය."

මම සෙනවීර ආරච්චිගේ බෙනට්‌. අද පරම්පරාව නම් මං ගැන දන්නවා දැයි ටිකක්‌ කුහුලක්‌ තියෙනවා. කවුරුත් දන්නේ මාව එස්‌. ඒ. බෙනට්‌ යන නමින්. කලා ලෝකයේ කා අතරත් මගේ නම ප්‍රසිද්ධ ඒ විදියට.
මෙරට කලා ක්‌ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් ඇති මා කවර ජනසන්නිවේදන මාධ්‍යයකින්වත් ඒ අත්දැකීම් බෙදා හදා නොගැනීම ගැන මගේ බොහෝ හිතමිතුරන් මට දොස්‌ පැවරූ වාර අනන්තයි. කලා ලෝකයේ යුග සටහනක්‌ වැනි මාගේ මතකය මෙතෙක්‌ කිසිදු ජනසංනිවේදන මාධ්‍යයකින් අනාවරණය වූවක්‌ නොවේ.

මගේ උපන් ගම මාතර වැවහමන්දූවයි. මා අවසන් වශයෙන් අධ්‍යාපනය ලැබුවේ මාතර රාහුල මහා විදුහලටය. පාසල් ජීවිතයෙන් පස්‌සේ මම ආවේ වැල්ලවත්තට. එතකොට මගේ අයියා එස්‌. ඒ. මාටින් ග්‍රොසරිය පටන් අරන්. මම ආවේ කැෂියර් එකට.

ඉස්‌කෝලෙ යන කාලේ ඉඳන් මගේ ලෝකයේ වීරයා කරුණාරත්න අබේසේකර, මම නිතරම "සරස්‌වතී මණ්‌ඩපයට" ලිපි යවනවා.

කරු අයියා හැම පෝයටම බෙල්ලන්විල එනවා. අපේ කඩෙන් තමයි පලතුරු පූජා වට්‌ටිය ගන්නේ. මම ආපු ගමන් පැනලා පූජා වට්‌ටිය හදලා දෙනවා. මං ඒ කාලේ ගුවන්විදුලියේ වැඩසටහන්වලට ප්‍රශ්න අහලා යවනවා. සින්දු ඉල්ලනවා. මාතර එස්‌. ඒ. බෙනට්‌ කියලා දවසක්‌ කරු අයියා කිව්වා " අයිසේ තමුසේ එනවා මගේ සරස්‌වතී මණ්‌ඩපයට" කියලා. මම හා කිව්වා. ඒත් මට බයයි රේඩියෝ සිලෝන් එකට යන්න.

කියපු දවසේ මම රේඩියෝ සිලෝන් එකට ගිහින් ඉඳගෙන හිටියා. ප්‍රේමකීර්ති ද අල්විස්‌ එකපාරටම ආවා නම් ලිස්‌ට්‌ එකක්‌ අරගෙන. මාලනී බුලත්සිංහලත්, පෝල් ප්‍රනාන්දුත් මුල් වරට එදා ඇවිල්ලා හිටියා. පොඩි ඈයෝ. නම් ලිස්‌ට්‌ එකේ මගේ නමත් තිබුණා. අපි ඔක්‌කොම හයවැනි මැදිරියට එක්‌කගෙන ගියා.

පී. එල්. ඒ. සෝමපාල හිටියේ සංගීතය සපයන්න. පෝල් ප්‍රනාන්දුට පී. එල්. ඒ. කිව්වා තමුසේ සින්දුවක්‌ කියනවා කියලා. පෝල් හදාගත්ත සින්දුවක්‌ කිව්වා. තමුසේ තව මදි ඊළඟ සුමානේ එනවා කියලා පී. එල්. ඒ. කිව්වා. පෝල් අඬන්න පටන් ගත්තා කඳුළු පෙරාගෙන.

එවෙලේ කරු අයියා ඇවිල්ලා හිටියේ නෑ.

මොකද අයිෂේ අඬන්නේ කියලා කරු අයියා ආවා. පාල තමුසේගේ මෑන්ව එන සුමානෙට දානවා මේ කොල්ලව අද සින්දු කියන්න ගන්නවා කිව්වා.

කරු අයියා මුලින්ම මට ලෝකේ ඉන්න අගමැතිවරුන්ගේ නම් ලිස්‌ට්‌ එකක්‌ දුන්නා. සමහර නම් කියාගන්නත් බෑ. අයිෂේ එස්‌. එස්‌. සී. ත් පාස්‌වෙලා නමක්‌ හරියට කියාගන්න බෑ කියලා මට බැන්නා. පෝල් ප්‍රනාන්දු පී. එල්. ඒ. සෝමපාලත් එක්‌ක වෛර බැඳගත්තා. මම කවදාහරි ඕකගෙන් පළිගන්නවා කිව්වා. විජය කොරයාව අඳුරගෙන එයාගේ ප්‍රොaග්‍රෑම්වලට පෝල් ගියා.

සරස්‌වතී මණ්‌ඩපයට කවුරු වුණත් වෙලාවට එන්න ඕන. මාලනී බුලත්සිංහලලා, නිරංජලා සරෝජනීලා ඒ කාලේ ෆීල්ඩ් එකට අලුත් මූණු. මම දවසක්‌ විනාඩි 5 ක්‌ පරක්‌කු වුණා. කරු අයියා වෙලාවට වැඩ කරන කෙනෙක්‌. මට හොඳටම බැන්නා. අයිෂේ මම එංගලන්තෙ බී. බී. සී. එකේ. ඉන්ටර්විව් එකට විනාඩි 5 ක්‌ කලින් ගිහිල්ලත් වෙලාවට එනවා කියලා මට බැන්නා. තමුසෙලත් වෙලාවට වැඩ කරනවා කියලා මට බැන්නා. සරස්‌වතී මණ්‌ඩපය පටන් ගන්න විනාඩි 10 කට කලින් කරු අයියගේ ධඡෑඛ කාරෙක එන බව අපි හොඳට දන්නවා.

මේ කාලේ තමයි මම ටිකෙන් ටික ගුවන්විදුලි ප්‍රචාරක කටයුතුවලට යොමු වුණේ

රේඩියෝ සිලෝන් එකේ හිටපු අපි තුන්දෙනෙක්‌ සමුදුර ඇඩ්වර්ටයිසින් කියලා ඒජන්සියක්‌ පටන්ගත්තා. හඩ්සන් සමරසිංහ, ලීලානන්ද රණසිංහ දෙන්නත් එක්‌ක මම තමයි කොටස්‌කාරයෝ වුණේ.

ගුවන්විදුලිය ඉස්‌සරහා මාරගහ යට පෙට්‌ටි කඩයෙ තමයි අපි එකතු වුණේ ඒවා දුවනගිරි ඔෆීස්‌. "නිකාඩෝ විනාඩියක්‌ පමණයි" අපි තමයි පටන්ගත්තේ. බණ්‌ඩාර කේ. විඡේතුංගගේ චිත්‍රපටයේ ඇඟ කිලිපොළා යන ටේලරයත් ගුවන්විදුලි වැඩසටහනත් අපි තමා කළේ.

මම ඇඩ් ගෙනාවා කොමිෂන් එකට වැඩිපුරම. කොමිෂන් එකෙන් බාගයක්‌ ඒජන්සියේ තියෙන්න ඕන කිව්වා. හදිසියක දී ගන්න. මම ඒකට කැමැති වුණේ නෑ. මං බැලුවා මේක හරියන්නේ නෑ.

මම අලුතෙන් උදය ඇඩ්වටයිසින් කියලා තනියෙන් එකක්‌ පටන් ගත්තා. ගුවන්විදුලි ඉතිහාසයත් නළු නිළියන්, කලාකාරයන් ඉන්ටර්විව් කළ මුල්ම වෙළෙඳ වැඩසටහන කළේ මගේ ඒජන්සියෙන්. ඒකෙ නම "කිංස්‌ කලා තරංග" වැඩසටහන මෙහෙය වූයේ ආරියසිරි විතානගේ. මේ වගේ වැඩසටහනකට කරු අයියා දැවැන්ත මුදලක්‌ අය කළ නිසා අනුග්‍රාහකයො වෙච්ච මාතර කිංග්ස්‌ පපඩම් ආයතනයට ඒ මුදල අභියෝගයක්‌ වුණා.

මේ අතර මම සිනමා ප්‍රචාරක කටයුතුවලට යොමු වුණා.

මගේ මුල්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවපු චිත්‍රපටය බී. එස්‌. පෙරේරාගේ රොඩීගම. මම ඒකේ චරිතයකුත් රඟපෑවා. ජයසේකර අපෝන්සුව මම ලොකේෂන් එකට එක්‌කගෙන ගියා. තොටළඟ රොඩී ගම්මානයක්‌ හදලා තිබුණා. ඔස්‌වල්ඩ් ජයසිංහ, බී. එස්‌. පෙරේරා, මර්වින් ජයතුංගත් රඟපෑවා.

බී. ඇස්‌ට චිත්‍රපටයක්‌ කරන්න තරම් මුදලක්‌ තිබුණේ නෑ. බී. ඇස්‌ සල්ලි හොයන්න අපූරු දෙයක්‌ කළා. පත්තරේක දැන්වීමක්‌ දැම්මා නළු නිළියෝ ඉල්ලලා. ගොඩක්‌ සල්ලිකාරයෝ සල්ලි දීලා රඟපෑවා. ඒ සල්ලිවලින් තමයි චිත්‍රපටය හැදුවේ. රේඩියෝ එකේ ඇඩ් ඔක්‌කොම දැම්මේ ණයට. චෙක්‌ ඔක්‌කොම රිටර්න්. මම යන්තං පාඩුවක්‌ නොවී මගේ ජාම බේරගත්තා.

ඒ කාලේ ලංකාවේ වැඩිම ආදායම් ලබපු "අජාසත්ත" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම මට කවදාවත් අමතක වන්නේ නැහැ.

අජාසත්ත ගුවන්විදුලි දැන්වීම මුලින්ම ප්‍රේමනාත් ජයතිලක මෙහෙම කියාගෙන යනවා. එකල්හි ඒ අජාසත්ත කුමාරයා දේවදත්ත ස්‌ථවිරයන්ගේ පවිටු බස්‌ අසා කියලා ප්‍රේමනාත් කියනකොටම බණ කියන්න ඉස්‌සෙල්ලා ඇහෙන හේවිසි හඬ පසුබිමේ ඇහෙනවා. ඊට පස්‌සේ කරු අයියගේ දෙබස්‌ එනවා. එදා ඔබ බණ කතාවෙන් ඇසූ අජාසත්ත අද චිත්‍රපටයක්‌ ලෙස රිදී තිරයේ කියලා කරු අයියා දැන්වීමේ ප්‍රතාපවත් ලෙස කියනවා. අප්‍රේල් අග දැන්වීම ප්‍රවෘත්තිවලට කලින් දිගට හරහාට ගැහුවා. චිත්‍රපටයට බලන් ඉන්නකොට ලක්‍ෂ ගණන් සෙනඟ එන්න පටන් ගත්තා.

මාස 6 කට පස්‌සේ මහානායක හාමුදුරුවෝ වගයක්‌ චිත්‍රානන්ද අබේසේකර හමුවෙන්න ගුවන්විදුලියට ඇවිල්ලා මොකද මහත්තයෝ මේ බුදු බණ විකුණන් කන්නේ කියලා ලොකු අඩව්වක්‌ අල්ලපු එක මට නම් කවදත් අමතක වන්නේ නැහැ.

හාමුදුරුවෝ අහලා තිබුණා අජාසත්ත දැන්වීමට දාන්නේ අපේ බණ ඔයෑපැ එකද කියලා. " කරුට එන්න කියහං" කියලා මට කිව්වා. කරු අයියා ආවා. ඇයි හාමුදුරුවනේ මාස 6 ක්‌ ගිහිල්ලද ඕක මතක්‌ වුණේ කියලා චිත්‍රා ඔය දැන්වීම නවත්තලා දාහං කියලා කිව්වා.

විජය කුමාරතුංග මගේ හොඳ යාළුවෙක්‌. විජය පැණි රස කන්න හරිම ආසයි. මගේ වැඩසටහන්වලට විඡේව ගේනකොට මම මේක දැනගෙන හිටියා. "ස්‌විට්‌ හවුස්‌" රේඩියෝ දැන්වීම් කළේ මම. ස්‌විට්‌ හවුස්‌ අධිපතිගේ පුතා විඡේට හරි ආසයි. අපි ලොකු රසකැවිලි පෙට්‌ටියක්‌ අරගෙන විඡේ බලන්න ගියා. තෑගි දැකලා විඡේට තරහ ගියා. ඔයගොල්ලො ආවම ඇති තෑගි මොනාටද කියලා මට බැන්නා. අපි කැමරමන් කෙනෙක්‌ අරන් ගිහින් පින්තූරත් ගත්තා. දවස්‌ දෙක තුනකින් මට ආයෙ එන්න කිව්වා. පස්‌සෙ මම ගියාම විමුක්‌ති චිත්‍රපට නො 65, රොස්‌මිඩ් පෙදෙස, කොළඹ 07 ලෙටර් හෙඩ් එකක "වරදට දඬුවම්" චිත්‍රපටයේ ඔක්‌කොම ඇඩ්වටයිසින් කරන්න බලය පවරලා ලියුමක්‌ දුන්නා.

එච්. ආර්. ජෝතිපාලගේ සුමිතුරෝ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා කරු අයියා යොමුකළෙත් මාව. කරු අයියා මට දවසක්‌ ලියුමක්‌ දුන්නා ජෝතිව" හම්බවෙන්න කියලා. දවල් 12.00 ට විතර ජෝතිගෙ ගෙදර ගියේ. ඒ වෙලාවෙත් බොනවා. මටත් බොන්න දුන්නා. දෙන හින්දා බොන්න කිව්වා. එතැන බේකරියක පාන් පිටි අනන්න ගන්න වගේ දිග මේසයක්‌ තිබුණා. ඒ කොනේ ඉඳගෙන මේ කොනටම රසික රසිකාවියෝ එවපු ලියුම්. බලන්න මල්ලි මට මේ කෙල්ලො ඔරමැ ඛදඩැ කියලා ජෝති කිව්වා.

මට ලියුමකින් සුමිතුරෝ ප්‍රචාරක කටයුතු බලය පැවරුවා. "මල්ලි මං ගාව සල්ලි නෑ මොකද කියන්නේ" කියලා ජෝති ඇහුවා. මට මාළු කඩේ ජෝකින් අයියා හම්බවෙන්න ලියුමක්‌ දුන්නා.

මම ජෝකින් අයියා හම්බවෙන්න ගිහින් ලියුම දුන්නා. ලියුම කියෝලා ඔළුවේ අතගහගෙන කොහෙන් මේවට සල්ලි හොයන්නද කියලා බෙල්ලේ තිබ්බ පවුම් දහයක මාලේ ගැලෙව්වා. කොල්ලෙක්‌ බැංකුවට යවලා ෙච්න් එක උකස්‌ තියලා සල්ලි ටික මට දුන්නා. සුමිතුරෝ ප්‍රචාරක කටයුතු පටන්ගත්තේ ඒ සල්ලිවලින්. ටිකක්‌ දවස්‌ යනකොට ඒ සල්ලිත් ඉවරවේගෙන ගියා. ජෝති කතා කළා තේවිස්‌ ගුරුගේට "ණයට" ගුවන්විදුලියේ දැන්වීම් ටික දාන්න. ගුරුගේ මහත්තයා කිව්වා උදව්වක්‌ කරන්නම් "ජෝති" එන්න කියලා.

සල්ලි හොයන ක්‍රමයක්‌ ගුරුගේ මහත්තයා කියලා දුන්නා. චිත්‍රපට සංස්‌ථාවේ ලොක්‌කා හම්බවෙලා චිත්‍රපටය දුවන සල්ලිවලින් මුලින්ම ලැබෙන ටික ගුවන්විදුලියට එන විදියට ඡ්හ දරාeර එකක්‌ අරන් එන්න කිව්වා.

චිත්‍රපටය එන්න කලින් ජෝති ෆීල්ම් හෝල් හැම එකකටම ගියා. "මල්ලි මේක මගේ එකක්‌ හොඳට දුවවපන්" කිව්වා. ෆීල්ම් හෝල් කළමනාකරුවෝ ජෝතිට කිව්වා අයියේ එකෙක්‌ හිටියත් අයියා වෙනුවෙන් ෆීල්ම් එක දුවනවා කියලා. මාසයක්‌ විතර යනකොට ෆීල්ම් එක ගලවන්න කළමනාකාරයෝ චිත්‍රපට සංස්‌ථාව ආව නිසා සංස්‌ථාවෙන් ජෝතිට කතා කළා.

ජෝතිට යකා නැගල සංස්‌ථාවට ආවේ මාරාවේශයෙන් "තෝ නේද යකෝ එක මිනිහෙක්‌ හිටියත් ෆීල්ම් එක ගලවන්නෙ නෑ කියපු එකා" කියලා ජෝතිපාල අර ආපු මිනිහට පස්‌සෙන් ගහලා එළෙව්වේ. එහෙම එන දෙතුන් දෙනකුට ජෝති ගැහුවා. ඒත් අන්තිමේ ඔක්‌කොම සංවිධානය වෙලා ඇවිල්ලා සංස්‌ථාවට කියලා සුමිතුරෝ ගැලෙව්වා.

කලා ලෝකයේ අය අතරින් ගාමිණී ෙµdන්සේකා සම්භාවනීය තත්ත්වයක්‌ රැකගත් පුද්ගලයෙක්‌.

මගේ "සවනට ගී මධු" වැඩසටහන 300 ක්‌ පිරෙන කොට සාකච්ඡාවට ගාමිණීට එන්න කිව්වා. කවුරු ආවත් ගාමිණී ආවේ නෑ. වැඩේ කතා කරගන්න අයිෂේ එනවා අපේ ගෙදර කියලා. මම ගියා ජා - ඇල ගෙදරට දවසක්‌ හවස 4.00 ට විතර. එවේලේ දැවැන්ත ව්‍යාපාරිකයකු සමඟ ගාමිණී විස්‌කි වගයක්‌ බිබී හිටියේ. හවස 4.00 ට පටන්ගත්ත කතාව පහුවැනිදා උදේ 11.00 ටත් ගාමිණී කළා, එකක්‌ ඉවරවෙන්න එකක්‌ සිගරැට්‌ බිබී.

ගාමිණී මට කියපු විදියට "ප්‍රභාකරන්" චරිතය සිනමාවට නගන්න ඔහුගේ පුදුම ආසාවක්‌ තිබුණා. චිත්‍රපටයේ තිර පිටපත පවා ලිව්වේ ගාමිණීමයි.

තිරපිටපත ඉවර කර චන්ද්‍රිකා මැඩම්ට පෙන්නන්න අරලියගහ මැඳුරට ගියා. ඕක සෙන්සර් බෝඩ් දාන්න ඕනේ නෑ ගාමිණී කරන්න කියලා මැඩම් කිව්වා. ගාමිණී එවෙලේ සිගරැට්‌ එකක්‌ පත්තු කරගෙන අළු දාන්න ටේ්‍ර එකක්‌ හෙව්වා. තිබුණෙ නැති නිසා ළඟ කාමරයක්‌ ඇරියා. දොර ඇතුළෙන් තල්ලු කරනවා වගේ දැනිච්ච නිසා ගාමිණී දොර බලෙන් ඇරියේ. ඇතුළේ කතාව අහගෙන හිටියේ සනත් ගුණතිලක.

මැඩම් මේ වගේ කන්න දීපු අත හපාකන ඔඩොක්‌කු කුක්‌කන් ගාවගන්න එපා කිව්වා. මගේ "සවනට ගී මධු" ඒකේ තමයි ගාමිණී මේක කිව්වේ. මේක ගියාම සනත් මාවයි, ශ්‍රීමත්වයි මරනවා කියලා හැම තැනම කිව්වා කියලා තිස්‌ස නාගොඩවිතාන මට කිව්වා.

කැසට්‌පට ප්‍රචාරයේ මා තැබූ වාර්තාව අදටත් එහෙමමයි. ඒත් බොහෝ දෙනා සිතා සිටින්නේ ලංකාවේ පළමු කැසට්‌ පටය කළේ මිල්ටන් මල්ලවආරච්චි කියලයි. එය වැරදි මතයක්‌.

ලංකාවේ පළමු කැසට්‌ එක කළේ බෙග් මාස්‌ටර්. අන්තිමට විජය රාමනායක මාව විකුණන් කනවා කියලා බේග් මාස්‌ටර් නඩුත් දැම්මා. ඒ හින්දයි ඒක ගැන වැඩිය කවුරුත් දන්නේ නැත්තේ.

කරු අයියගේ මරණය මගේ ජීවිතයේ ඉතිරි කර ඇත්තේ අදටත් වේදනාකාරී මතකයකි. ඒ ශෝචනීය දිනය මගේ මතකයට එන්නේ මේ පරිද්දෙනි.

මම දවසක්‌ කරු අයියා හම්බවෙන්න ගෙදර ගියා. භාග්‍යා කැසට්‌ එකටයි ජෝ මයිකල්ගේ චිත්‍රපටයකටයි දැන්වීම් ලියාගන්න. එදා මාත් එක්‌ක සෑහෙන්න කතා කළා. මම ගෙදර ගියා උදේ හයට රේඩියෝ එකේ කිව්වා කරුණාරත්න අබේසේකර මියගියා කියලා. මම එවෙලේම මළගෙදර ගියා. රානි අක්‌කා කිව්වා බෙනට්‌, මහත්තයා මැරිලා තියෙන්නේ ඔයාගේ දැන්වීම් දෙකත් ලිව්වට පස්‌සේ කියලා.

මෙතෙක්‌ අනාවරණය නොකෙරුණු මගේ කලා ඉතිහාසය කියවූ ඔබට කීමට ඇත්තේ ලබන නොවැම්බර් 05 වැනිදා මගේ ජීවිතයේ තවත් කඩඉමක්‌ පසුකරන බවය. ඒ මගේ "සවනට ගී මධු" වැඩසටහන 600 වැනි කඩඉම පසු කිරීමයි. බොහෝ දෙනා සිතා සිටින්නේ කෝපිකඩේ මෙරට දීර්ඝතම වෘත්තාන්තය බවය. එහෙත් එය ෂඔභ ආයතනය නිෂ්පාදනයක්‌ බැවින් "සවනට ගී මධු" හා සැසඳිය හැකි නොවේ. සවනට ගී මධු බාහිර පටිගත කිරීමකි. පිටතින් දැන්වීම් සොයාගෙන වැඩසටහන් 600 කිරීමේ වාර්තාව නිසාම එය ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවීම ලංකාවේ අපට ආඩම්බරයක්‌.

සවනට ගී මධු 600 වැනි වැඩසටහන වෙනුවෙන් නොවැම්බර් 05 වැනිදා "තරු අරුන්දතී" නමින් උත්සවයක්‌ තියෙනවා තුන්මුල්ලේ සම්බුද්ධ ජයන්ති රඟහලේ. හවස හයට පටන් ගන්න උත්සවයට කලාකාරයෝ, ක්‍රීඩකයෝ, දේශපාලකයෝ, වෛද්‍යවරු වගේ බොහෝ දෙනා මේ උත්සවයට සහභාගි වෙන්න නියමිතයි. නැටුම් ගැයුම් පිරි මේ මනස්‌කාන්ත උළෙලට සහභාගි වන හැටියට මෙතෙක්‌ මගේ කලා ජීවිතයේ යට ගියාව කියවපු ඔබටත් ආරාධනා කරන්නේ හදපිරි සතුටිනි.

සැකසුම - භාග්‍යා කුමුදුනී
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.