මේඩ් ඉන් ශ්‍රී ලංකා සීනි ලෝකයට බෙදන්නට ඇල්ජීරියාවෙන් එන සීනි රඡ්ජුරුවෝ

හකුරු සහ පැණි ලෙස පැවතුණු මිනිසාගේ කෘත්‍රීම රසකාරක යුගයට සීනි කැට එක්‌ කරන්නේ භාරතීයන් විසිනි. උක්‌ගස්‌ වගාව අතීතයේ සිටම ඉන්දියාවෙහි පැවතියේය.


පහසුවෙන් ගබඩා කිරීමට හා ප්‍රවාහනයට පහසු පරිදි උක්‌ යුෂ සෑදීමේ ක්‍රමවේදයක්‌ භාරතයේ බිහිවනතුරු සීනි සදහා ලෝකයේ වැදගත් ස්‌ථානයක්‌ හිමි නොවීය. ගුප්ත අධිරාජ්‍යය සමයේදී කැට බවට පත් කරන ලද සීනි නිර්මාණය වීම සමග ලෝකය පුරා කෝටි සංඛ්‍යාත දිවවල් රසයෙන් පිනවීමේ සීනි විප්ලවය ආරම්භ විය. ගිතෙල් සහ සීනි රැගෙන ගිය භාරත නාවිකයන් වෙළඳ ගමනාගමනයේදී, සීනි පිළිබඳ වෙනත් ජාතිකයන්ට දැනුමක්‌ සපයා දෙන ලදී. බෞද්ධ භික්‌ෂූන්, ධර්ම ප්‍රචාරණය සදහා ගමන් කරන අතරේ සීනි කැට කිරීමේ ක්‍රමවේදය චීනයට හඳුන්වා දෙන ලද්දේය. දකුණු ඉන්දියානු හර්ෂ අධිරාජ්‍ය සමයේ චීනයේ සිටි ඉන්දියානු දූතයෙක්‌, තයිසෝං ඔµa තෑô අධිරාජ්‍යයාගේ සීනි කෑදරකම සංසිඳවීම සඳහා චීනයට උක්‌ වගාව පුරුදු කළේය. ඉන් පසු චීනය තම පළවෙනි උක්‌ වගාව 7 වන සියවසේ ආරම්භ කළේය.

මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ හමුදාවේ සිටි, ලේඛකයන් විසින් "ඒ මිනිසුන් සිත්ගන්නා බටපඳුරකින් ගත් ඊයක්‌ හපමින් සිටියෝය. ඒවායෙහි මී මැස්‌සන්ගේ මැදිහත් වීමක්‌ නොමැතිව පැණි මෙන් යුෂයක්‌ තිබිණ" යෑයි සඳහන් කරන්නේ එදා භාරතයේ පැවති උක්‌ කර්මාන්තය පිළිබඳවය. ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉදිරියට යාම ඉන්දු නදියේ වෙරළ අසළින් නැවතුනේ, ඔහුගේ යුද්ධ භටයෝ තවදුරත් පෙරදිගට යාම ප්‍රතික්‌ෂේaප කළ නිසාය. ඔවුන් ඉන්දියාවේ උප මහද්වීපවල වෙසෙන ජනයා උක්‌ වගා කරන ආකාරය සහ දේශීය ශක්‌ර ලෙස හඳුන්වන හා සක්‌කුරුම් ලෙස හඳුන්වන ලුණු වැනි පැණි රස කුඩු වර්ගයක්‌ වන සීනි සාදන ආකාරය දකින ලදී. ආපසු එන ගමනේදී යුද්ධ භටයෝ පැණි පවතින දඬු, සිය නිවෙස්‌ බලා රැගෙන ගියෝය. උක්‌ පිළිබද දැනුම යුරෝපයට ලැබෙන්නේ ඇලෙක්‌සැන්ඩර්ගේ භටයෝ එදා සිය නිවෙස්‌ කරා රැගෙන ගිය උක්‌ දඬුq කැබලි සමඟය. .

ක්‍රිස්‌ටෝපර් කොලොම්බස්‌ 1942 අගෝස්‌තු මාසයේ කැනේරි දූපත්වල ලා ගොමේරාහි වයින් හා වතුර ලබාගැනීමට දවස්‌ හතරක්‌ නතර විය. දූපතේ පාලිකාව වන බියටි්‍රස්‌ දි බොබඩිල්ලා සහ කොලොම්බස්‌ අතර ආදර පටලැවිල්ලක්‌ ඇති වීමත් සමග දවස්‌ හතරේ නැවතුම මාසයක්‌ දක්‌වා දික්‌ ගැස්‌සිනි. බ්‍රියටි්‍රස්‌ විසින් තමන් හැර දා යන යාත්‍රිකයාට තිලිණ කරන ලද්දේ උක්‌ දඬු කැබැල්ලකි.

18 වන සියවසේ පූර්ව භාගයේදී සීනි බහුලව පැවති සුඛෝපභෝගී දිව්‍ය ඖෂධයක්‌ විය. 19 වන සියවස වන විට එය අත්‍යවශ්‍යම අංගයක්‌ බවට පත් විය.

අත්‍යවශ්‍යම ආහාර රසකාරකයක්‌ ලෙස සීනි සඳහා තිබෙන ඉල්ලුම් සහ කැමැත්තේ විකාශනය, ආර්ථික හා සමාජීය වෙනස්‌කම් රාශියකට හේතු පාදක විය. උක්‌ වගාකිරීමෙන් හා සීනි නිපදවීමෙන් දියුණු වන, ඒ සඳහා ශ්‍රමය භාවිතා කරන රටවල් හා දූපත් ආදීයේ ජනපද ඇතිවන්නේ ජනතාවගේ සීනි වුවමනාව මතය. මිලෙන් අඩු, කීකරු සහ විශාල ප්‍රමාණයේ වැඩ කළ හැකි ශ්‍රමය සඳහා සීනි කර්මාන්ත බිම්වල ඉල්ලුම් උපන්නේ ඒ සමගය. අප්‍රිකාවෙන් හා දකුණු ඉන්දියාවෙන් වහල් ශ්‍රමය මේ සඳහා ගෙනවන ලද අතර ලක්‌ෂ දහයක්‌ පමණ වූ වහල්ලු කැරිබියන් දූපත්, ඉන්දියාව, පැසිµssක්‌ දූපත්, නැගෙනහිර අප්‍රිකාව, නටල්, දකුණු ඇමරිකාවේ උතුරු හා නැගෙනහිර කොටස්‌ සහ දකුණු ආසියාවට ගෙන එන ලදී. පසුගිය ශතවර්ෂම දෙක ඇතුළත රටවල් ගණනාවක ජනවාර්ගික මිශ්‍ර්‍රණය ඇතිකිරීමෙහිලා සීනි ඉවහල් වූයේ දිව පිනවන මිහිර වෙනුවට මානව සංහතියේ වහල් සේවය නම් තිත්ත පන ගන්වමිනි.

ඒ සීනි කතාවේ උපත කෙටියෙනි

2013 අගෝස්‌තු මාසයේදී ලෝක සීනි සංවිධානයේ අසු හත්වෙනි සාමාජිකයා බවට ශීS්‍ර ලංකාව පත් විය. සීනි නිෂ්පාදනය සදහා ශීS්‍ර ලංකාව අත් පොත් තබන ලද්දේ, රජයේ මැදිහත් වීම සමඟය. රජයේ කර්මාන්ත ලෙස ආරම්භ වූ පැලවත්ත, හිඟුරාන, සහ කන්තලේ යන සීනි කර්මාන්ත ශාලා විසින් මුළුමනින්ම නොවුණත් ලංකාවේ සමස්‌ත සීනි අවශ්‍යතාවෙන් යම් ප්‍රතිශතයක්‌ ශ්‍රී ලංකාව තුළ නිපදවා, ලංකාවේ සීනි නිෂ්පාදනය සදහා සවිමත් පදනමක්‌ ඇති කළේය. විවෘත ආර්ථික ක්‍රියාදාමය, අකාර්යක්‌ෂම පරිපාලනය සහ භාණ්‌ඩාගාරය පාඩු පියවීම සඳහා ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන් කෑමේ ප්‍රතිපදාවට යට වී එම සීනි කම්හල් විනාශය කරා තල්ලුවී ගියේය. වාර්ෂික සීනි අවශ්‍යතාවය මෙටි්‍රක්‌ ටොන් හයලක්‌ෂ පනස්‌ දහසක්‌ වන ශ්‍රී ලංකාව එයින් 94% ක්‌ම ආනයනය කරන තැන දක්‌වා තල්ලුවී සිටින්නේ මේ කාරණා නිසාය.

ඇල්ජීරියාවේ ඉෂාඩ් රෙබාබ් නමැති ලෝකප්‍රකට සීනි මුදලාලි සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධය ගොඩ නැගෙන්නේ දැන්ය. ඇල්ජීරියාවේ සීනි රඡ්ජුරුවන් වන ඔහු පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමක්‌ කරන බව ප්‍රකාශ කර තිබුණේ ආයෝජකයෙකු ලෙසය. දකුණු පළාතේ අක්‌කර සිය ගණනක ව්‍යාපෘතියක්‌ ලෙස සීනි නිෂ්පාදන කර්මාන්තය ඔහු විසින් ආරම්භ කිරීම සඳහා සූදානම් වන බව වාර්තා කර තිබුණේ, ලෝක ප්‍රකට ව්‍යාපාරික සඟරාවක්‌ වන ෙµdර්බ්ස්‌ය. ලෝක සීනි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන රෙබාබ් විසින් ශ්‍රී ලංකාව සඳහා පමණක්‌ නොව මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ කෙවිටාල් ලේබලයෙන් ලෝකයට සීනි විකිණීම සදහා දැන් සූදානම් වෙමින් සිටියි. ඔහු සිය ව්‍යාපාරය වෙනස්‌ මගකට යොමු කරමින් ඇල්ජීරියාවේ මාධ්‍ය හිමිකාරිත්වය සදහා අත තබන ලද්දේ එහි වැඩිපුරම අලෙවි වන, පුවත් පත සිය අයිතියට ගැනීමෙනි. එම මාධ්‍ය ආයතනය සතුව, රුපවාහිනී නාලිකාවක්‌ ද තිබෙන අතර, අප්‍රිකානු කලාපයේ ධනවත්ම දස දෙනා අතරට අයත්ව සිටිනා රෙබාබ්ගේ මීළඟ සූදානම එරට ජනාධිපතිවරණය සඳහා තරග කිරීම බව පැවසේ.

සීනි සමග ලෝකයේ නම කියවෙන තැනට පැමිණ සිටින රෙබාබ්, එළවළු තෙල් මෙන්ම, විදුලි බලාගාර සදහා නම දිනු ව්‍යාපාරිකයෙකි. එම කර්මාන්ත සඳහා ද ශ්‍රී ලංකාවේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන ඔහු, එළවලු තෙල් ඇසුරෙන් මාජරින් නිෂ්පාදනය සදහා ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනු ඇතැයි වාර්තා වේ.

ඔසිත අත්තනායක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.