බැන් කී මුන්ගේ තනතුරට එන
පෘතුගාලයේ හොඳම පාසල් සිසුවා


අනුර සොලමන්ස්‌



අන්තර්ජාලයට පිවිස අන්තෝනියෝ ගුතෙරස්‌ (Antonio Guterres) යන නම ටයිප් කළ විට එම නම ඇති පුද්ගලයන් සිය ගණනකගේ තොරතුරු මතුවෙයි. මිනීමරුවෛක්‌, හොරෙක්‌, මංපහරන්නන් දෙදෙනෙක්‌, දාමරිකයන් හත්අට දෙනෙක්‌, ගායකයන් පස්‌දෙනෙක්‌, ස්‌පාඤ්ඤ ජාතික ශෘංගාරාත්මක නාට්‍යකාරයෙක්‌, පීරු නමැති ලතින් ඇමරිකානු රාජ්‍යය තුළ 1829 ජුනි සිට සැප්තැම්බර් දක්‌වා එකම එක මාසයක්‌ පමණක්‌ ජනාධිපතිකම් කළ පුද්ගලයෙක්‌ ඒ අතර සිටිති. එහෙත් අපට අවශ්‍ය පුද්ගලයා එතැන නැත. කවරෙක්‌ ද මේ අපට අවශ්‍ය පුද්ගලයා? ඒ වූකලී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අභිනව මහලේකම් අන්තෝනියෝ මැනුවල් ඩී ඔලිවේරා ගුතෙරස්‌aය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ දැනට සිටින මහලේකම් බන් කී මුන් විශ්‍රාම යන බැවින් ලබන අවුරුද්දේ ජනවාරි 7 වැනිදා සිට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් තනතුරට පත්වන්නේ අන්තෝනියෝ මැනුවල් ඩී. ඔලිවේරා ගුතෙරස්‌a ය. ඔහු පෘතුගාලයේ හිටපු අගමැති ය. ඔහු හිටපු අගමැති ලෙස නව මහලේකම් තනතුර භාර ගැනීමට එන අතරතුර හිටපු මහලේකම් බන් කී මුන් යන්නේ තම මවු රට වූ දකුණු කොරියාවේ මීළඟ ජනාධිපති ධුරයට තරග කිරීමටය. අන්තෝනියෝ ගුතෙරස්‌a යනුවෙන් අන්තර් ජාලය මත ටයිප් කළ විට එකම නම සහිත මිනිසුන් සිය ගණනක්‌ මතුවන්නේ එය ස්‌පාඤ්ඤ බස සහ පෘතුගාල බස කතා කරන රටවල ළමයින්ට බහුල ලෙස තබන නමක්‌ නිසාය.



1500 දී මේ ලෝකයෙන් භාගයක්‌ පාලනය කරන ලද්දේ පෘතුගාලයේ ලිස්‌බන් නුවර සිටය. එකල පෘතුගීසි ආක්‍රමණිකයා දේශගවේෂකයකුගේ මුවාවෙන් ආගම පතුරුවමින් රටවල් ආක්‍රමණය කිරීමෙහි නියුතු විය. අන්තෝනියෝ ගුතෙරස්‌a උපදින්නේ ද මෙන්න මේ පෘතුගාලයේ මෙන්න මේ ලිස්‌බන් නුවරය. ඔහු උපන්නේ 1949 දී ය. ඔහුගේ පියාගේ වාසගමට "ඩයස්‌" යනුවෙන් කෑල්ලකුත් තිබුණ ද එය ඔහුගේ උප්පැන්නයට දමා නැත. 1965 දී ඔහු පෘතුගාලයේ හොඳම පාසල් ශිෂ්‍යයා තේරීමේ තරගයෙන් මුල් තැන ලැබුවේය. 1971 දී අධ්‍යාපනය අවසන් කළ ඔහු විදුලි සංදේශ සංඥ පිළිබඳ සහකාර මහාචාර්ය තනතුරක්‌ භාරගෙන සරසවි සිසුන්ට උගන්වන්නට විය. පෘතුගාලයේ මහාචාර්ය පදවි තුළ ඇති සංයුතිය ලංකාවේ සරසවිවල දෙන එවැනි තනතුරුවල තිබිය හැකි සංයුතියට වඩා වෙනස්‌ බව මෙයින් පැහැදිලිය. ලංකාවේ සරසවියක මහැදුරු කමක්‌ ලබන්නට නම් අඩු ගණනේ වසර 10 ක්‌ වත් කැඹිරිය යුතුය. එහෙත් පෘතුගාලයේදී වැඩේ පටන් ගන්නේම සහාය මහාචාර්ය කමකිනි.

ඈත අතීතයේදී ජීවත් වූ පෘතුගීසිකාරයා අධිරාජ්‍යවාදියකු සහ ව්‍යාප්තවාදියකු වුවද ගුතෙරස්‌ එහෙම නොවීය. 1974 දී දේශපාලනයට බසින ඔහු එරට වාමවාදී 'සෝෂලිස්‌ට්‌' පක්‍ෂයට සම්බන්ධ වන්නේය. පෘතුගාල සෝෂලිස්‌ට්‌ පක්‍ෂය 1973 දී පටන්ගත් පක්‍ෂයකි. "සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්" යන මාක්‌ස්‌ ලෙනින්වාදී මොඩලයට හෝ "සඟ වෙද ගුරු ගොවි කම්කරු" යන සිංහල වාමාංශික මොඩලයට වඩා වෙනස්‌ පෘතුගාල සෝෂලිස්‌ට්‌ පක්‍ෂය ධනවාදයේම මානුෂීය මුහුණුවරකි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක හතර ජනතාව සතුවිය යුතු බවට මාක්‌ස්‌ කියූ කතාව ඔවුන් කියන්නේ නැත. මන්ද නිෂ්පාදන සාධක සියල්ල ජනතාව අතට පත්වූ විට එයින් කුමක්‌ කළ යුතුද යන්න ගැන හරිහැටි වැටහීමක්‌ නූතන ජනතාවට නැති හෙයින් ජනතාව පිස්‌සු කෙළින්නට පටන් ගන්නා නිසාය. ධනවාදයේ මානුෂික මුහුණුවරට ලස්‌සන නමක්‌ තිබේ. ඒ වූකලී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ය. කෙසේ හෝ වේවා 1992 වන විට පෘතුගාල සෝෂලිස්‌ට්‌ පක්‍ෂයේ මහලේකම් කමත්a පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත්වයත් ගුතෙරස්‌aට හිමි විය. මෙකල පැවැතියේ ඇනිබල් සිල්වා නමැති මැතිතුමාගේ ආණ්‌ඩුවය.

1995 දී පැවැති මහ මැතිවරණයෙන් සෝෂලිස්‌ට්‌ පක්‍ෂය ජය ගත්තේය. ගුතෙරස්‌ අගමැති විය. පාලනයේ මුල් අවුරුදු කිහිපය තුළ ඔහු ඉතා ජනප්‍රිය අගමැතිවරයෙක්‌ විය. තම රටේ මිනිසකු වූ දේශගවේෂක වස්‌කෝද ගාමාගේ දේශ සංචරනයට අවුරුදු 500 ක්‌ පිරුණු 1998 දී ඔහු මහ උළෙලක්‌ පවත්වා එම සිද්ධිය සැමරීය.

නත්තල් හැමදා නැත. එය දෙසැම්බර් 25 වැනිදා සමරනු ලැබේ. දෙසැම්බර් 26 වැනිදා වන විට නත්තල ආගිය අතක්‌ නැත. නත්තල් ප්‍රීතිය තිබූ තැනකින් සොයා ගැනීමට බැරිය. ඒ අනුව ගුතෙරස්‌aගේ ආණ්‌ඩුවේ ජනප්‍රියත්වය හැමදා නොපැවැති අතර එක්‌ දවසක්‌ උදේ බලන විට එය නැත්තටම නැති වී තිබිණි. ඒ වූකලී වසර 2001 පෘතුගාල පළාත් පාලන ඡන්දයට පසු දිනයයි. එදින ගුතෙරස්‌ගේ සෝෂලිස්‌ට්‌ පක්‍ෂය පළාත් පාලන ඡන්දයෙන් පැරදී තිබිණි. තම ජනප්‍රියත්වය අවසන් වී ඇති බව තීන්දු කළ ගුතෙරස්‌ එදිනම අගමැතිකමින් ඉල්ලා අස්‌විය.

****************



වසර 2005 දී අන්තෝනියෝ ගුතෙරස්‌ට අලුත් රැකියාවක්‌ ලැබෙයි. ඒ වූකලී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස්‌ තනතුර ය.

එක්‌සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහා කොමසාරිස්‌ කාර්යාලය වූකලී ලොව විශාලතම මානුෂීය මෙහෙයුම් ආයතනවලින් එකකි. එහි කාර්ය මණ්‌ඩලය 10000 කි. රටවල් 126 ක එහි ශාඛා කාර්යාල පිහිටුවා තිබේ. ලොව පුරා සිටින අනාථයන් හයකෝටියක්‌ එමගින් නඩත්තු කරනු ලැබේ.

නව තනතුරුලාභී ගුතෙරස්‌ට මුහුණ දීමට සිදුව තිබුණේ ඉතා නරක කාලයකටය. 1948 න් පසු මැදපෙරදිග මුහුණ දුන් සුවිශාලතම අනාථ ප්‍රශ්නය 2007 වන විට පටන් ගත්තේ ය. ඇෆaගනිස්‌ථානය සහ ඉරාකය යන රටවල් ඇමරිකාව විසින් ආක්‍රමණය කරනු ලැබීම සහ ඒ ආශ්‍රිතව හටගත් යුද අනාථයන් පිළිබඳ අර්බුදය ඉතාම සංකීර්ණ විය. ඒ අතර කොංගෝවේ යුද්ධයක්‌ ඇතිවිය. බිලියන ගණන් අප්‍රිකානුවෝ එමගින් අනාථ වූහ. ඉන්පසු සිරියාව තුළ සිවිල් යුද්ධයක්‌ ඇතිවිය. ඉන් අනාථ වූ බිලියන ගණනක්‌ අදටත් මහපාරේය. මේ අයට කූඩාරමේ පටන් වැසිකිලියට ගෙන යන වතර= බාල්දිය දක්‌වාත් බනිස්‌ ගෙඩියේ සිට පැරසිටමෝල් පෙත්ත දක්‌වාත් සපයන්නේ එක්‌සත් ජාතීන්ගේ අනාථයන් භාර කොමසාරිස්‌ සහ රතු කුරුස සංවිධානය විසිනි. වසර 2015 දී ගුතෙරස්‌ගේ ප්‍රධානත්වයෙන් සිරියානු යුද අනාථයන් සඳහා වැය කෙරුණු මුදල ඩොලර් බිලියන 5 කි.

මේ අතර සිරියානු යුද අනාථයන් යුරෝපයට එන්නට පටන්ගත් අතර අර්බුදය දරුණු විය. ඒ අතර ගුතෙරස්‌ගේ ධුර කාලය නිමා විය. මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි හොඳම මිනිසා ඔහු වූ බැවින් එක්‌සත් ජාතීහු ඔහු හට මාස හයහමාරක සේවා දිගුවක්‌ දුන්හ. අන්තිමේදී 2015 දෙසැම්බර් 31 වැනිදා ගුතෙරස්‌ තනතුරෙන් විශ්‍රාම ගියේ එක්‌සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහකොමසාරිස්‌ ධුරය දීර්ඝතම කාලයක්‌ දැරූ පුද්ගලයා ලෙසය.

එක්‌සත් ජාතීන්ගේ ඊළඟ මහලේකම් තනතුර සඳහා ඉල්ලුම් කරමින් 2016 පෙබරවාරි 29 වැනිදා ගුතෙරස්‌ ඉල්ලුම්පතක්‌ ඉදිරිපත් කළේය. එක්‌සත් ජාතීන්ගේ මහාලේකම් තෝරා ගත්තේ රහස්‌ ඡන්දයකිනි. එය එම සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලයේ රටවල් 15 ක රහස්‌ ඡන්දයෙන් සිදු කෙරේ. එහිදී ගුතෙරස්‌ට පසුව ඡන්ද 13 ක්‌ ලැබුණේය.

මේ වූකලී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සුවිශාල අර්බුදයකට මුහුණදී සිටින කාලයකි. මධ්‍යම අප්‍රිකානු ජනරජය, කාම්බෝජය, මොසැම්බික්‌, බොස්‌නියා වැනි රටවල සිවිල් යුද තත්ත්වයන් මැඩපැවැත්වීමට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා ගිය විට ස්‌ත්‍රී දූෂණ සහ ළමයින් අපහරණය කිරීම් බහුල ලෙස සිදු විය. සිවිල් යුද්ධය නිමාවී එම සාම හමුදා ආපසු ගිය විට ඒ රටවල ගණිකා ව්‍යාපාරය ඇති විය. මේ ගණිකාවන් වැඩි දෙනා ස්‌වදේශික ත්‍රස්‌තවාදීන් සහ සාම හමුදාකාරයන් වෙතින් දූෂණය වූ කාන්තාවෝ වෙති. එසේම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අද බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින්නේය. ඒ අනුව ගුතෙරස්‌ කරගහන්නට යන්නේ කීර්තිමත් ලෙඩ ගොඩකටය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.