හමුදාව ගත් උතුරේ අක්‌කර 6124
ජනතාවට භාරදිය යුතුයි

සුළු ජාතීන් පිළිබඳ එජා විශේෂ නියෝජිතවරිය

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා හමුදාව යටතේ ඇති උතුරේ ඉඩම් අක්‌කර 6124 ක්‌ එම පළාතේ ජනතාවට මුදා හැරීමට ක්‍රියා කළ යුතු බව සුළු ජාතීන් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වූ රීටා අයිසැක්‌ මහත්මිය ශ්‍රී ලංකාවේ සිදුකළ දින දහයක සංචාරය නිමා කරමින් රජයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් යෝජනා කර ඇත.

සිය වාර්තාවෙන් ඇය රැඳවුම් භාරයේ සිටින රැඳවියන්ට එල්ල වී ඇති චෝදනා විමර්ශන කර ඔවුනට චෝදනා නැත්නම් නිදහස්‌ කළ යුතු බවද සඳහන් කර තිබේ.

ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කළ යුතු බවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට ප්‍රමාණවත් වැය ශීර්ෂයක්‌ ලබාදිය යුතු බවද ඇය සඳහන් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.