අගමැති සිවිල් සංවිධාන කඩිනම් හමුවක්‌

අකිත පෙරේරා

රජය සහ සිවිල් සංවිධාන අතර ඇතිව තිබෙන මත ගැටුම නිරාකරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම සංවිධාන හමු වී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

අගමැති බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර සිට අගමැතිවරයා සිකුරාදා (21 දා) දින මෙරටට පැමිණි අතර ඉහත දෙපාර්ශ්වය අතර හටගෙන තිබෙන මත ගැටුම් නිරාකරණය කිරීමට හෙතෙම ඉදිරි දින දෙක තුළ දී පෞද්ගලිකවම සිවිල් සංවිධාන නියෝජිතයෝ හමුවීමට නියමිතය.

වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒමට දායක වූ සිවිල් සංවිධාන සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීමට ඒ අනුව අගමැතිවරයා පූර්ණ ලෙසම මැදිහත් වනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.