මහින්දගේ ආණ්‌ඩුවෙන්
බන්දුල ගුණවර්ධනට අලුත් ඇමැති පදවියක්‌

බුලිත ප්‍රදීප් කුමාර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනක කරන ලද ආන්දොaලනාත්මක කතාව පිළිබඳ උණුසුම මේ සතියට ද ගලා ආවේ ඒ සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් දිගින් දිගටම පැවති නිසාය. කැපී පෙනෙන ක්‍රියාකාරකම ලෙස කතා බහට ලක්‌ වූයේ එම කතාවෙන් පසුව පසුගිය බදාදා අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිය තනතුරින් ඉල්ලා අස්‌වීමට තීරණය කිරීමය. එම ඉල්ලා අස්‌වීම චකිතයකින් තොරව එකවරම ජනාධිපතිවරයා බාර ගැනීම නිසා ඔහු එම කතාව තුළ ඉලක්‌ක කළ සමහර කරුණු කීවේ කාට ද, කුමට ද කියා සමාජයේ පැතිර තිබූ මතය තහවුරු වී ගියේය.

ඒත් සමඟම තවත් පැත්තක්‌ සමාජය තුළ කැපී පෙනෙන්නට පටන් ගත්තේය. ඒ වූ කලී ජනාධිපතිවරයාගේ කතාවට විවිධ අර්ථකථන සපයන්නට රජයේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලනිපයේ අමාත්‍යවරු නිරර්ථක උත්සහයක යෙදී සිටීමයි. ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ ජනාධිපතිවරයා පවා නොදන්නා විවිධ අරුත් සමාජයට ලැබෙන්නට වූයේ ඉන් පසුවයි. එය අපේ රටේ දේශපාලනය පිළිබඳ සංවේදී කොයි කාටත් ඉමහත් රසය ගෙනදුන් මාතෘකාවක්‌ම වූහ.

මේ අතර රජයේ මැති ඇමැතිවරු මේ සතිය ආරම්භයේ පටන්ම ඉතා කාර්යබහුලව සිටි තවත් කාරණයක්‌ තිබිණි. ඒ වූ කලී 2017 වසර සඳහා අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ලහිලහියේ පිළියෙළ වීමයි. රජයේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් දරන මැති ඇමැතිවරු මෙන්ම රටේ නායක කාරකාදීහු ද මේ නිසා අධික වැඩ රාජකාරි ගොන්නක සිරව සිටියා යෑයි කිවහොත් නිවැරදිය. මෙකී අයවැය පිළිබඳ කාර්යබහුල බව නිසා පසුගියදා රටේ තිබූ තවත් අන්දොaලනාත්මක මාතෘකාවක්‌ යටපත්ව ගියේය. ඒ වූකලී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පතයි.

මෙකී ව්‍යවස්‌ථා පනත් කෙටුම්පත, වැට්‌ පනත, අයවැය විසර්ජන පනත ආදී මාතෘකා ගණනාවක්‌ම රට හමුවේ එක්‌ එක්‌ මට්‌ටම් වලින් පැවති සතියක්‌ ලෙස පසුගිය සතිය අපේ දේශපාලන ලෝකයේ කැපී පෙනෙන්නට විය.

රනිල් චොක්‌ලට්‌ හදලා

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්‌තරා අන්දමක ආර්ථික වාසි රැසක්‌ ගෙන එන ගමනක්‌ සඳහා විදේශගත වූයේය... ඔහු ගියේ යුරෝපා සංගමයේ අගනගරය වන බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර බලාය. අග්‍රාමාත්‍ය රනිල්ගේ මේ ගමනේ ප්‍රමුඛ ඉලක්‌කය ලෙස ඔහු සැලකුවේ පසුගිය සමයේ නැතිවී ගිය යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි රටට දිනා ගැනීමටය. මෙය රනිල් සැලකුවේ රටවල් 28 ක්‌ හා රු. දශලක්‍ෂ 550 ක්‌ යළි රටට ලබා දීමක්‌ ලෙසය.

බෙල්ජියම් ගමනේදී අග්‍රාමාත්‍ය රනිල්ට මුණගැසුණ සුවිශේෂීම පුද්ගලයා වූයේ බෙල්ජියමේ ලොව්රාන් කුමරුය. පරිසරහිතකාමී පුනර්ජනනීය බලශක්‌ති මැදුරකදී ලොව්රාන් කුමරු හා මෙම හමුව සිදුවිය. බලශක්‌තිය පරිසර හිතකාමීව භාවිතා කිරීම ගැන ලොව්රාන් කුමරු කළ විශේෂ හඳුන්වාදීම රනිල්ගේ හිත ගත්තේය.

කුමරුන් හමුවූ පසු රනිල්ට මුණගැසුණු ඊළඟ ප්‍රමුඛ අමුත්තා වූයේ යුරෝපා කවුන්සිල සභාපති ඩොනල්ඩ් ටස්‌ක්‌ ය.

දෙදෙනා අතර සිදු වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සියල්ලට පසු අගමැති රනිල්ට බෙල්ජියමේ ප්‍රකට චොකලට්‌ කර්මාන්ත ශාලාවක්‌ බලන්න යන්නට විශේෂ ආරාධනාවක්‌ ලැබිණි. ඒ ලොව්රාන් රබාඩ් චොකලට්‌ කම්හලයි.

චොකලට්‌ හදන්න කොකෝවා හැර අන් කිසිම දෙයක්‌ අපේ රටේ නෑ. අපි චොකලට්‌ හදන්නේ ලංකාවෙන් ගෙන්වන කුළුබඩු යොදා ගෙනයි.ඔබ කැමැති නම් ඔන්න ඔබටත් චොකලට්‌ සෑදිය හැකියි.

ලොව්රාන් රබාඩ් කළ ආරාධනයෙන් පසු ඒප්‍රනයක්‌ ඇඳගත් අගමැති රනිල් චොකලට්‌ සෑදීමේ කටයුත්තකට මුල පිරීය.

ටික වේලාවකින් රනිල් නිම වූ චොකලට්‌වලින් ලොව්රාන් අන්අයට සංග්‍රහ කළේ නිසි ප්‍රමිතියට ඔබ චොකලට්‌ සාදා තිබෙනවා යෑයි කියමිනි.

මේ රසවත් අත්දැකීම්වලට පසු රනිල් යුරෝපා සංගමයේ විශේෂ පුද්ගලයන් ගණනාවක්‌ම හමුවන්නට ගියේය. ඒ සෑම හමුවකම අවසන් ප්‍රතිඵලය වූයේ ලංකාවට වාසිදායක වන විශේෂ ගනුදෙනුවකි.

යුරෝපා රටවල් 28 ක මන්ත්‍රීවරු 751 ක්‌ සිටින යුරෝපා සංගමයේ විශේෂ පුද්ගලයන් ගණනාවක්‌ම හමුවන්නට ගියේය. ඒ සෑම හමුවකම අවසන් ප්‍රතිඵලය වූයේ ලංකාවට වාසිදායක වන විශේෂ ගනුදෙනුවකි.

යුරෝපා රටවල් 28 ක මන්ත්‍රීවරු 751 ක්‌ සිටින යුරෝපා පාර්ලිමේන්තුවට ගිය ගමන රනිල්ට සදා නොමැකෙන ඉමිහිරි අත්දැකීමක්‌ විය.

මේ දින කිහිපය තුළ ලංකාවේ ද තවත් බොහෝa දේ සිදුවෙමින් පැවතිනි. ජනාධිපතිවරයාගේ කතාවට පසුව විවිධ මාධ්‍ය, ප්‍රචාර මෙන්ම ඒවාට එල්ලවූ ප්‍රතිචාර ද අගමැති රනිල් අධ්‍යයනය කළේය. ඔහු ලංකාවට ආවේ ඒ සියල්ල හොඳහැටි වටහා ගෙන යෑයි කිව්වොත් එය නිවැරැදිය.

කරුත් ආපසු ඇවිත්

අගමැතිවරයා බෙල්ජියමේ සංචාරය කරන අතර වරායේ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් කණ්‌ඩායමක්‌ සමඟ චීනයේ අති සාර්ථක සංචාරයක නිරතව සිටි කථානායක කරු ජයසූරිය ලංකාවට පැමිණියේය.

චීන සංචාරය නිමවා පැමිණි කථානායකවරයාට එම උණුසුම පහව යැමටත් මත්තෙන් තවත් බැරෑරුම් කටයුත්තක වගකීම කර මතට ගන්නට සිදුවිය. ඒ වූ කලී රටේ ස්‌වාධීන කොමිෂන් සභාවල ගැටලු ඇත්නම් ඒවා ගැන සොයා බලා ප්‍රශ්න නිරාකරණය කර දීමේ වගකීමයි.

ජනාධිපතිවරයාගේ කතාවත් සමඟ ම මේ ස්‌වාධීන කොමිෂන් සභා සියල්ල බරපතළ ගැටලුවකට මැදි වූයේය. ස්‌වාධීන කොමිෂන්, ස්‌වාධීන නැත්තේ ඒවා දේශපාලන පක්‍ෂ න්‍යාය පත්‍රවලට අනුව හැසිරෙනවාය කියා රටේ ජනාධිපතිවරයා කියද්දී ඔවුන් මුහුණ දුන්නේ ලිහාගත නොහැකි අවුලෙන් අවුලකටය.

කරු ජයසූරිය දිවයිනට ආ බව දැනගත් කොමිෂන් සභා සභාපතිවරු වහාම ඔහු හමුවන්නට ගොස්‌ ඔහුගෙන් පිහිට පැතූහ. අන්තිමේ කරු කළේ මේ සියලුම කොමිෂන් සභා පාර්ලිමේන්තුවට කැඳවා උද්ගතව ඇති ප්‍රශ්නය විස¹ ගැනීමට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට සාකච්ඡා කිරීමය.

මහින්දගෙන් වෙල්ගමට ඇමතුමක්‌

හිටපු ජනාධිපති පසුගිය සඳුදා හවස කුමාර වෙල්ගමට කතා කර විශේෂ පණිවුඩයක්‌ කීවේය.

කුමාර දන්නවද වැඩක්‌.. ඔයාගේ මතුගම වත්ත සර්ච් කරන්න සීඅයිඩී එකෙන් 25 ක්‌ ඇවිත්...

මොනව බලන්නද වත්තේ...... රබර් ගස්‌ තියෙනවා....

වාහන තියෙනවද කියලා බලන්නලු.....

මේ පණිවුඩය නිසා අන්දමන්ද වූ කුමාර වෙල්ගම තම මතුගම නිවසට කතාකොට වත්ත වටේම පරීක්‍ෂා කර බලන්න යෑයි කීවේ කිසිවෙක්‌ අනවසරයෙන් වත්තට ඇතුළු වී ඇත්ද කියාය... කිසිවකුත් නැති බවත් ඒ ගැන කිසිදු හෝඩුවාවක්‌ නැති බවත් කුමාර වෙල්ගම යළි මහින්දට කීවේය.

හරි ..... බලන්නකෝ...... හෙට වෙනකොට ආරංචි වෙයි. මහින්ද කීවේ.

හිටපු ජනාධිපතිවරයා කීවේ සැබෑවකි. පසුදා විශාල පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැමිණ වත්ත පරීක්‍ෂා කරන්නට අවශ්‍ය බව කුමාර වෙල්ගම මහතාට කියා තිබිණි. අවසර ගෙන වත්ත පරීක්‍ෂා කර බැලූ මේ 50 දෙනකුගේ කණ්‌ඩායම පැය කිහිපයකින් පසු ගොස්‌ තිබුණේ හිස්‌ අතිනි.

අඟහරුවාදා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමේදී ද මේ ගැන ලොකු කතාබහක්‌ ඇතිවිය. කුමාර වෙල්ගම කතාව කීවේ තරමක නාට්‍යානුසාරයෙන් විස්‌තර කරමිනි.

50 ක්‌ ඇවිල්ල බලලත් මොනවද හොයාගත්තෙ..... වෙඩි නොවදින කාර් හොයන්නයි ඇවිත් තියෙන්නේ. පොලිස්‌ කාන්තාවෝ 4 දෙනකුත් හිටියානේ. පුදුමෙට..... වෙල්ගම කීවේය.

ඉතින් ඔබතුමා කාන්තාවෝ එනවට අකැමැති නැහැනේ..... බන්දුල විහිළුවක්‌ කළේය.

මෙතැන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයිනේ හරි. අපි පරම්පරාවක්‌ ජීවත් වුණ තැනක්‌ මේක. මේ ගම්වල අපි ඉහළ පුරවැසියෝ විදියට නම්බුවක්‌ තියාගෙන ජීවත් වුණ අය. නිකම් නොවෙයි. ගම්වල හැමෝටම උදව් පදව් කරගෙන හැමෝගෙම ගෞරවය දිනාගෙන අන්න ඒ ගෞරවය කෙළෙසන්න තමයි මේ වගේ පහත් වැඩ කරන්නේ.. නැතිනම් මෙහේ මොකටද වෙඩි නොවදින වාහන හංගන් ඉන්නේ. වෙල්ගම තම දැඩි පිළිකුල හා කෝපය ප්‍රකාශ කළේය.

මේවා කරන්නේ පළිගන්න .. මහින්ද කීවේය.

මේකට විරෝධයක්‌ මතුකරන්න ඕන. වරප්‍රසාද ප්‍රශ්න මතු කරන්න වෙනවා. කථානායකවරයා මේ ගැන සද්දයක්‌ම නෑ.

ඉන්පසුව මේ පිරිස කතා කරන්න පටන් ගත්තෙ ජනාධිපති මෛත්‍රිපාලගේ කතාව ගැනය. බන්දුල දැඩි විවේචනයක්‌ ඊට එල්ල කළේය.

මේක තනිකරම රංගනයක්‌. ටෙලිනාට්‍යයක්‌ වගේ.. මෙයාට මේවා නවත්තගන්න ඕන නම් ඒකට ඉඩ තිබුණේ නැද්ද? හමුදාපතිවරු කුදලගෙන ගියා කියලා මෙයා දන්නේ නැද්ද?... ඔක්‌කොම පච...

මේක තනිකරම දහං ගැටයක්‌... මේ ඔක්‌කොම කරන්නේ අපේ වැඩ නවත්තන්නනේ.... පවිත්‍රා කීවාය. මේ කතාව ගියාට පස්‌සේ මහින්ද අමරවීර මට දුරකථනයෙන් කතා කළා. ජනාධිපතිතුමාත් මේ වගේ කතා කරන්න පටන් අරන් ඉන්න නිසා අපිට බැරිද මේ දෙන්නව සමගි කරවන්න... කියලා අමරවීර ඇහුවා. මහින්ද යාපා කීවේය.

ඔබතුමා මොනවද කිව්වේ..

මම කිව්වා අමුතුවෙන් සමගි කරවන්න දෙයක්‌ නෑ. ඔයාලයි ජනාධිපතිට කියන්න මේ යූ.ඇන්. පී. ආණ්‌ඩුව විසුරුවලා දාන්න කියලා..... මම එහෙම කිව්වා.

මේ අයුරින් දිගු කතාබහක්‌ ඇතිවිය. එදා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීම පැවැත්වී තිබුණේ ඉන්පසුවයි.

ආණ්‌ඩුව වගේ ඇඳුමක්‌

විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විසින් වාර්ෂිකව මාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන සුහද හමුව ඇමැතිනී තලතා අතුකෝරාලගේ හා මනුෂ නානායක්‌කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රී තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ දී පැවැත්විණි. මේ මාධ්‍ය හමුවේ සංවිධානය පිළිබඳ වැඩි වගකීම් භාරව තිබුණේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මාධ්‍ය ඒකකයටයි.

මාධ්‍යවේදීන් 200 කට ආසන්න පිරිසක්‌ සහභාගි වූ මෙම මාධ්‍ය හමුවට ඇමැති තලතා හා මනුෂ පැමිණියේ එකම වෙලාවකය. දෙදෙනාම මේසයෙන් මේසයට ගොස්‌ ඉතාම කුළුපගව හා ළෙන්ගතුව මේ තෝරාගත් මාධ්‍යවේදීන් පිරිස සමඟ කතාබහ කරනු ලැබීම කැපී පෙනුණ කාරණාවක්‌ විය. මෙහිදී මාධ්‍යවේදීන් ඇමැතිනියගේ ඇඳුම පිළිබඳවද විශේෂයෙන් කතා කරන්නට පටන් ගත්හ.

ඔබතුමිය අද මොකද නිල්පාට තියෙන ඇඳුමක්‌ ඇඳගෙන ඇවිත් තියෙන්නේ... මාධ්‍යවේදීන් ඇසූහ.

නිල්පාට විතරද මේකෙ කොළ පාටත් තියනවානේ. මොකද මේ ඇඳුම ආණ්‌ඩුව වගේ... යහපාලන ආණ්‌ඩුවේ නිල් කොළ අපි ඔක්‌කොම සමගියෙන් එකට ඉන්නවානෙ. මගේ ඇඳුමෙන් විතරක්‌ නොවෙයි වැඩවලිනුත් ඒක පැහැදිලි වෙනවා ඇති... තලතා කීවාය.

සමහර අමාත්‍යාංශවල නම් ඇමැතියි නියෝජ්‍ය ඇමැතියි දෙන්නා ගහ ගන්නවා. සමහර විට එකම පක්‍ෂයේ... මාධ්‍යවේදියෙක්‌ කීවේය.

අනේ අපිට නම් එහෙම ප්‍රශ්නයක්‌ නෑ... මනුෂ සිනාවෙමින් කීවේය.

මෙහිදී මාධ්‍යවේදීන් වඩාත් ලෙන්ගතුව ඇසුරු කරනු ලැබුවේ මනුෂවය. සමහර අය මාධ්‍ය ලෝකයේ දී මනුෂ සමඟ එකට කටයුතු කළ අය වූහ. එකම ආයතනයේ එකට වැඩ කළ අයද සිටියහ. සමහරු ඇමැතිවරු සමඟ සෙල්µs ඡායාරූප ගත්හ. මාධ්‍යවේදීන් සඳහා ඉතා හොඳින් ආහාරපානවලින් සංග්‍රහ කරමින් තිබූ මේ සාදය මධ්‍යම රාත්‍රියට ආසන්න වෙන තුරුම පැවැත්විණි.

මේ අතර නියෝජ්‍ය ඇමැති මනුෂ එතැනින් පිටව ගියේ විශේෂ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීම සඳහා ය. ප්‍රිය සම්භාෂණය පැවැත් වුණේ අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවසේය. රජයේ සිටින නියෝජ්‍ය ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු වෙනුවෙන් දුමින්ද එදා තම නිවසේ ප්‍රිය සාදයක්‌ පවත්වමින් තිබිණ.

සැබවින්ම එදා ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට වැඩ අධික දවසකි. වැඩ අධික වූවා සේම සාදවලින්ද අඩුවක්‌ පාඩුවක්‌ නොතිබූ දවසකි. එබඳු සාද කිහිපයක්‌ කොළඹ මහ හෝටලවලද පැවැත්වෙමින් තිබිණි.

අඟහරුවාදා රාත්‍රියේ එබඳු තවත් ඉහළ ගණයේ සාදයක්‌ හා උත්සවයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ බෝල්රූම් ශාලාවේ පැවැත්වුණේ, ලංකාවේ එස්‌.එල්.එස්‌. සහතිකය දිනූ ප්‍රථම එල්.ඊ.ඩී. බල්බය හඳුන්වා දීම සඳහාය.

මෙම බල්බය හඳුන්වාදුන් එන්.එම්.අයි. ඉන්µ්‍රd ආයතනයේ සභාපති රත්නපුරය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික්‌ ව්‍යාපාරික පවුලක අයකු නිසා විනිල් මැණික්‌ ඇතුළුව රත්නපුර සියලුම මැණික්‌ ව්‍යාපාරිකයන්ද, මැණික්‌ අපනයනකරුවන්ද මේ සාදයට පැමිණ සිටියහ. ප්‍රධාන අමුත්තන් ලෙස පැමිණ සිටියේ සුසිල් ප්‍රේම් ජයන්ත, රංජිත් සියඹලාපිටිය, ආරක්‌ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි ඇතුළු තවත් මැති ඇමැතිවරු පිරිසකි. සාදය ඉතා උත්කර්ෂයෙන් ඇදී යද්දී සුසිල් ප්‍රේම් ජයන්ත හා රංජිත් සියඹලාපිටිය ඇතුළු ඇමැතිවරු එතැනින් ඉවත්ව ගියේ හදිසි කැබිනට්‌ රැස්‌වීමකට සහභාගි වෙන්නට අවශ්‍ය බව කියමිනි.

සැබවින්ම එදා කාර්යබහුල දවසක්‌ වූහ. කැබිනට්‌ රැස්‌වීමද පැවැත්විණි. ඊට අමතරව අයවැය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට විශේෂ රැස්‌වීම් ගණනක්‌ද පැවැත්විණි.

අයවැයට නිල් සහාය

එදා දහවල් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරු සියලුම දෙනා ආපදා කළමනාකකරණ අමාත්‍යාංශ රැස්‌වීම් ශාලාවට එක්‌ව සිටියේ මේ අයවැය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කෙසේ හැසිරිය යුතු දැයි තීරණය කිරීමටය. කලක සිට ශ්‍රීලනිප මැති ඇමැතිවරු පාරම්බාමින් සිටි කරුණක්‌ ලෙස තම පක්‍ෂයේ යෝජනා කැපී පෙනුණි. තමන් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු මෙන් නොව ඊට වඩා ජනතාවාදී බව පෙන්වමින් විවිධ අවස්‌ථාවල ජනතාව අතරට ගිය විටදී කතා කළ මේ ඇමැතිවරු නිතර කීවේ වැට්‌, රජයේ විවිධ බදු, බඩු මිල ආදී ජනතාවට රිදෙන යම් යෝජනා වීද, ඒවායෙහි දී තම යෝජනා සැලකිල්ලට නොගන්නේ නම් අයවැයට කිසිදු සහයෝගයක්‌ නොදෙන බවය. එහෙත් ඒ කතා කළ අය අයවැය කිට්‌ටු වෙද්දී කතාබහ නතර කර නිහඬව සිටීම කැපී පෙනෙන කාරණාවක්‌ විය.

ශ්‍රීලනිප මැති ඇමැතිවරු මේ යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කර අවසානයේ තම යෝජනා ඇතුළත් ලියවිල්ලක්‌ සකස්‌ කළහ. මේ ලියවිල්ල

රැගෙන ලක්‍ෂ්මන් යාපා, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේම්ජයන්ත යන තිදෙනා ජනාධිපතිවරයා හමුවන්නට ගියහ. මේ සාකච්ඡාවට අමාත්‍ය රවි කරුණානායක හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංගද පැමිණ සිටියහ.

මේ සාකච්ඡාවේදී ශ්‍රීලනිපය ඉදිරිපත් කළ යෝජනාවලින් 90% ක්‌ම පිළිගනු ලැබූ බව හෙළිවුවත් ඉතිරි එකඟ නොවූ 10% පිළිබඳ කරුණු අනාවරණය වූයේ නැත. කෙසේ වෙතත් ශ්‍රීලනිප ඇමැතිවරු සිය සතුට පළ කළේ තම යෝජනාවලින් 90% ක්‌ම පිළිගත් බව සංකේතාත්මකව පිළිගෙන සතුට ප්‍රකාශ කර සිත හදා ගනිමිනි. එහෙත් ප්‍රතික්‌ෂේපිත යෝජනා පිළිබඳ කිසිදු කතාබහක්‌ නොවීය.

විපක්‍ෂයේ වැට්‌ අරගල

ඒකාබද්ධ විපක්‍ෂයේ සතියේ පක්‍ෂ නායක රැස්‌වීම අඟහරුවාදා සවස මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. දිනේෂ්, වාසු, තිස්‌ස, උදය, වීරකුමාර, ධම්මරංසී හිමි, අසංක යන පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ රැස්‌වීම පැවැත්වෙන අතර බැසිල්, වෙල්ගම, පවිත්‍රා, මහින්ද යාපා, බන්දුල, කෙහෙළිය, මහින්දානන්ද, රංජිත් රෝහිත යන ශ්‍රී ලංකා නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

මෙහිදී මේ දිනවල ව්‍යවස්‌ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සිදුවන දේවල් පිළිබඳ ලොකු විස්‌තරයක්‌ දිනේෂ් කරනු ලැබුවේය. බුදු දහමට ප්‍රමුඛස්‌ථානය, රටේ ඒකීය බව, ජාතික කොඩිය වෙනස්‌ නොකිරීම, ජාතික ගීය වෙනස්‌ නොකිරීම, අගමැති පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තේරීම, විපක්‌ෂ නායක විපක්‍ෂයේ බහුතරයෙන් තේරීම, විධායක ජනාධිපති පවතින ක්‍රමය වෙනස්‌ කිරීම, භූමිය විදේශිකයන් සතු නොකිරීම ආදී නව ව්‍යවස්‌ථාවේ තිබිය යුතු කාරණා 15 ක්‌ පිළිබඳ යෝජනාවලියක්‌ ඒකාබද්ධ විපක්‌ෂය මේ වන විටත් ව්‍යවස්‌ථා කමිටුවට ඉදිරිපත් කර තිබිණි. දිනේෂ් පෙන්වා දුන්නේ අගමැති රනිල් ඒ කරුණුවලට තම නොකැමැත්ත ප්‍රකාශ කළ බවය.

ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව එයාලගේ නව ව්‍යවස්‌ථාවට එකඟ නොවන්නේ නම් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට දන්වලා ඒක විසුරුවා හරිනවා කියල අගමැති තර්ජනය කළා.

එයාට ඒක විසුරුවා ගන්න කියන්න. ඔය ඇමරිකන්වාදී ව්‍යවස්‌ථාව නතර කරන්න පුළුවන් නම් ඊට වඩා ජයග්‍රහණයක්‌ මේ රටට නෑ... වාසු කීවේය.

ඉන් පසුව වැට්‌ පනත ගැන කවුරුත් උනන්දුවෙන් කතා කළේය. උදය ඒ ගැන විස්‌තරයක්‌ කීවේය.

"අපි ශේ්‍රෂ්ඨාධිකරණයට කාරණා 4 ක්‌ ඉදිරිපත් කළා. පළමු තර්කය පිළිගත්තොත් ආණ්‌ඩුවට සිදුවනවා පළාත් සභා 9 ම අදහස්‌ විමසලා නැවත පනත ඉදිරිපත් කරන්න. දෙවැනි තුන්වැනි තර්ක පිළිගත්තොත් ජනමත විචාරණයකට යන්න වෙනවා. සිව්වැනි තර්කයට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරන්න ඕන. මීට කලින් දෙපාරක්‌ම ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කළ නිසාත්, රනිල් ශේ්‍රෂ්ඨාධිකරණයට බැණ වැදුණ නිසාත් ශ්‍රේෂ්ඨාධිකරණය රට ජාතිය ගැන සාධාරණයක්‌ ඉටු කරාවි..." උදය පැහැදිලි කළේය.

"නීතියෙන් විතරක්‌ මේ ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා. අපි දෙපැත්තක්‌ බලමු. නීතියෙන් කෙරෙන අතරම අපි 27 වැනිදා පැවැත්වෙන වැට්‌ විවාදයටත් ලෑස්‌ති වෙමු..." එසේ කියමින් මහින්ද රාජපක්‌ෂ ඉදිරියේ වැට්‌ පනතට එරෙහිව කරන වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. ඒ අනුව වැට්‌ පනතට එරෙහිව මහනුවර කරන පත්‍රිකා බෙදීම මහින්දානන්දටත්, කෙහෙළියටත් භාර දුන්නේය. 24 වැනිදා කොළඹ දී කරන පත්‍රිකා බෙදීම භාර වූයේ රෝහිතට හා මහින්දානන්දටය. වැට්‌ පනතට පක්‍ෂව අත උස්‌සන අයට "දේව ශාපය" පතා මෝදර කාලි කෝවිලේ කරන පළිගැසීම හා පොල් ගැසීම බාර කළේ බන්දුලටය.

අපේ අනාගත පොල් සංවර්ධන ඇමැතිටම පොල් ගහන්න බාර දුන්න එක හොඳයි... රෝහිත විහිළුවක්‌ කළේය.

ඔන්න ඉතින් වැඩේ නොකෙරෙන තැනට කතා කරනවා. එතුමා හිතන් ඉන්නේ මුදල් ඇමැති වෙන්නනේ... උදය ඒ විහිළුවට එක්‌ වුණේය.

හරි හරි... අපි ඇමැතිකම මුදල් හා පොල් කියල වෙනස්‌ කරමුකෝ... ඔය දැන් උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග කියලත් ඇමැතිවරු ඉන්නේ... ඉතින් මොකෝ මහින්ද මහතාද ඊට එක්‌වූයේ එසේය.

පාර්ලිමේන්තුව තුළ කෙරෙන නිර්මාණශීලී විරෝධතා සංවිධානය කිරීමේ වගකීම ලැබුණේ පවිත්‍රාට ලොකුගේට හා රංජිත්ටය. එය අවසන් මොහොත දක්‌වා රහසක්‌ ලෙස තබා ගන්නට කවුරුත් ගිවිස ගත්හ. බැසිල් රාජපක්‌ෂ කරළියට ආවේ මෙතැනදීය. මෙබඳු දේවල් සැලසුම් කිරීමට නමගිය සංවිධායකවරයෙක්‌ වන බැසිල් එම විරෝධතා ගොනුවිය යුතු ආකාරය පැහැදිලි කළේය. එය මාධ්‍යවලට අනාවරණය වූයේ නැත.

මේ සාකච්ඡාව අතරතුර උදයගේ ආගිය තොරතුරු විමසමින් සිටි මන්ත්‍රීවරු පසුගිය සති අන්තයේ ඔහු ගිය ඉන්දියානු සංචාරය පිළිබඳවද කරුණු විමසුවෙන් උදය ඒ ගැන ලොකු විස්‌තරයක්‌ කළේ සාටකය අද ඉන්දියාවේත් ලෙළ දෙනවා යෑයි කියමිනි.

පසුගිය සති අන්තයේ මහින්ද රාජපක්‍ෂටත්, උදය ගම්මන්පිලටත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඕරන්ගබාද් නුවර පැවැති බෞද්ධ ජාත්‍යන්තර සමුළුවකට ආරාධනයක්‌ ලැබී තිබිණි. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂටත්, ආරාධිත දේශකයා ලෙස උදය ගම්මන්පිලටත් ආරාධනා ලැබී තිබිණි. මේ නම් දෙක ඉදිරිපත් කර තිබුණේa මහාරාෂ්ඨයේ ධම්මජෝති හා නේපාලයේ වජිර යන හිමිවරුන්ය. ලංකාවේ අධ්‍යාපනය ලද මේ ස්‌වාමීන් වහන්සේලා දෙනමම ලංකාවේ බෞද්ධ දේශපාලන නායකයන් පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවූහ.

කෙසේ වුවත් මහින්ද මහතාට බෙදුම්වාදීන්ගෙන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් එල්ල වී ඇති තර්ජන ගර්ජන සලකා බැලූ මහින්ද මහතාගේ හිතවත්තු ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ ගමන නොයන ලෙසය. එමනිසා මහින්ද මහතාගේ පණිවිඩය රැගෙන මේ ගමනට උදය සමඟ එක්‌ව සිටියේ ශෂීන්ද්‍ර රාජපක්‌ෂය.

කලාපයේ බෞද්ධ රටවල්a ගණනාවක සහභාගිත්වයෙන් පැවති මේ සමුළුවට ප්‍රධාන අමුත්තෙක්‌ ලෙස මහාරාෂ්ඨ මහ ඇමැති දේවේන්ද්‍ර µදිනාවිස්‌ සහභාගි විය. ඉන්දියාවේ ආර්ථික කේන්ද්‍රය වූ මුම්බායි නගරයේ සිනමා කේන්ද්‍රය වූ බොලිවුඩ් පුරයත් මහා රාෂ්ඨයේ පිහිටීම නිසාත් මිලියන් 112 ක ජනගහනයක්‌ මහාරාෂ්ඨයේ සිටින නිසාත් මහ ඇමැති µදිනාවිස්‌ ඉන්දියාවේ ප්‍රබල දේශපාලන චරිතයක්‌ විය. ඔහු බුද්ධාගම ගැනද බොහෝ කරුණු දැන සිටියේය. µදිනාවිස්‌ මහින්ද රාජපක්‌ෂ නම් බෞද්ධ නායකයා ගැන කතා කළේ මහත් ප්‍රශංසාවකින් යුතුවය. ඉන්දියානු බෞද්ධයන්ගෙන් 75% ක්‌ම සිටින මහාරාෂ්ඨයේ මහ ඇමැති ලංකාව හා මහින්ද ගැන කියූ කරුණු ගෙනහැර පාමින් උදය මේ විස්‌තරය කීවේ ඉන්දියාවෙත් දැන් සාටකය ලෙළ දෙනවා කියා කියමිනි. මහින්ද යෑයි කියා රැවටී සමහරු ශෂීන්ද්‍ර ළඟට විත් සෙල්µs පවා ගත් බව උදය විස්‌තර කර දුන්නේය.

එකට දෙපාරක්‌ ඇතුළේ

මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක්‌ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තිස්‌ස අත්තනායක බලන්නට ගියේ පසුගිය බ්‍රහස්‌පතින්දා ය.

"බලන්නකෝ සර්.... මම එකම චෝදනාවට දෙපාරක්‌ මේක ඇතුළට ඇවිත් තියෙනවා" තිස්‌ස කීවේය.

පළිගැනීම තමයි. වෙන මොනවද ඒත් තිස්‌ස. ඔයාට චෝදනාව තියෙන්නේ කූට ලේඛන සකස්‌ කිරීම කියලනේ. දැන් වෙන දේවල් අනුව ඇත්තටම ඒ ලේඛන කූට ද නැද්ද කියල දැනගන්න පුළුවන්. ඒවයි තිබුණ දේවල් ඇත්ත වුණා කියල දැන් මේ රටම දන්නවා." මහින්ද කීවේය.

මේ අයුරින් ආගිය දේශපාලන කතා ටිකක්‌ රස කරමින් කතා කර කර සිට තිස්‌සට යම් ධෛර්යයක්‌ දුන් මහින්ද ආපසු ආවේ විශේෂ රාජකාරි කීපයකුත් එදිනට ඉතිරිව තිබූ නිසාය.

රාජිත කැපී පෙනෙයි

පසුගිය සතියේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රටේ ජනතාවගේ කතාබහට ලක්‌ වූයේ ඉකුත් බදාදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ රැස්‌වීමේදී මාධ්‍යවේදීන් අමතා කරන ලද කතාව නිසා ය. එහිදී රාජිත මාධ්‍යවේදීන් සමඟÊබහින්බස්‌ වෙමින් සිටියදී ඇති වූ උණුසුම් තත්ත්වය නිසා ඔහු කාගේත් කතාබහට ලක්‌ විය.

සත්තකින්ම රාජිත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පසුගිය ආන්දෝලනාත්මක කතාවට එක්‌තරා අර්ථකථනයක්‌ දුන්නේය. ජනාධිපතිවරයා තම කතාවෙන් කීවේ වෙන දෙයකි. මාධ්‍යවලින් ඒ කතාව ගැන රටට කීවේ තවත් දෙයකි. ජනාධිපතිවරයා නාවික හමුදාපතිවරු තුන්දෙනා ගැන කියූQ අදහසට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත් ඈ¹ගෙන මේ රටේ මාධ්‍ය ඊට ලබා දුන් අනවශ්‍ය ප්‍රසිද්ධිය නිසා රාජපක්‍ෂලා චූන් වී ඇති බව ඔහු කීවේය. ඊට මාධ්‍යවේදීන්ගෙන් විවිධ ප්‍රතිචාර එක්‌විය. මාධ්‍යවලින් ප්‍රචාරය කළේ ජනාධිපති මාධ්‍ය ඒකකය ලබාදුන් වීඩියෝපට බව මාධ්‍යවේදීන් පෙන්වා දුන්නත්, රාජිත තම මතයේම සිටිමින් මාධ්‍යවලට පුළුල් ප්‍රහාරයක්‌ එල්ල කළේය.

රාජිත පමණක්‌ නොව දැන් එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරු ද ජනාධිපති මෛත්‍රීගේ කතාව විග්‍රහ කරන්නේ තම තමන්ගේ වෙන වෙනම අර්ථකථන වලට අනුව බව ජනාධිපතිගේ කතාව ඇසූ ජනතාව මේ කාටත් වඩා හොඳින් දැන සිටියේය.

පසුගිය සතියේ රාජිත සේනාරත්න ඇමැතිවරයා ගැන තවත් පුවතක්‌ අසන්නට ලැබුණේ සති අන්තයේ ඔහු ගිය සංචාරයක්‌ පිළිබඳවය.

පසුගිය සෙනසුරාදා අමාත්‍ය රාජිත කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඔහු එහි යන විට කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාදාස හා එහි සිටින ලාංකිකයෝ බලවත් ගැටුමකය. තානාපති එක පැත්තකය. කුමුදු පොන්සේකා නම් ව්‍යාපාරිකයා හා ශ්‍රී ලාංකිකයෝ තවත් පැත්තකය. ලාංකික දරුවන් ඉගෙන ගන්නා පාසලක්‌ වැසීම, දහම් පාසලක්‌ වැසීම බඳු චෝදනා රාශියක්‌ කුමුදුලාගේ පාර්ශ්වය නඟති. කුමුදුලා ජවිපෙ සාමාජිකයන් බවට තානාපතිවරයා චෝදනා නඟති. ගැටුම උග්‍රව තිබිණි.

රවි - රාජිත ගැටුමක

සුපුරුදු පරිදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවරත් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවැත්වුණු අතර එදින කතාබහට ලක්‌ වූ ප්‍රමුඛ මාතෘකාව වූයේ අය වැයයි. ඒ වන විට බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබූ අය - වැය පිළිබඳ විසර්ජන පනත් කෙටුම්පත සාදා නිම කර තිබිණි. ඇමැතිවරු බොහෝ වේලාවක්‌ කතා කළේ මෙහි අඩංගු යෝජනා පිළිබඳවයි.

මුලින්ම ජනාධිපතිවරයා පදනම් ආයතනයේදී කළ zපසුගිය කතාවZ පිළිබඳ විග්‍රහයක්‌ කරනු ලැබීය. ඉන් පසුව කැබිනට්‌ පත්‍රිකා සාකච්ඡාවට ගැනිණි.

මෙහිදී රාජිත රජයේ දුර්වලතාවක්‌ පෙන්වා දුන්නේ zවැඩ කටයුතු ප්‍රමාදවීම්Z පිළිබඳවයි.

"සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය දීලා ආර්ථික කමිටුවට ලබාදෙන ඇතැම් යෝජනා ප්‍රමාදයි. ආර්ථික කමිටුව කඩිනම් තීන්දු තීරණ ගන්නේ නෑ. මේක ලොකු ප්‍රශ්නයක්‌ " රාජිත කීවේය.

ජර්මන් ආධාර යටතේ පානදුර රෝහල සංවර්ධනයට මම ව්‍යාපෘතිය බාර දුන්නේ 2015 මාර්තු. තාම අනුමැතිය නෑ. රාජිත කීවේය. ඒ වුණාට දෙනියාය රෝහල, බියගම රෝහල සංවර්ධනයට කඩිනමින් මුදල් දීලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?

"නෑ.. එහෙම තීන්දු අරන් නෑ. රවි කීවේය. දැනට කරගෙන යන සංවර්ධන වැඩ නතර කරන්න කියලද ඔබ ඉල්ලන්නේ......" රවි අසයි.

"නෑ මේ ගැන අගමැතිතුමයි, ජනාධිපතිතුමයි දෙන්නම ඉන්න තැන කතා බහ කරලා විස¹ගත යුතුයි" රාජිත කීවේය.

මේ අතර මහාචාර්ය සරත් විඡේසූරියගේ ක්‍රියාකලාපය හා ඔහු රජය මෙහෙයවන බලවේගය බව හුවා දක්‌වමින් තැන තැන කරන කතා ගැන අමාත්‍ය

විඡේදාස රාජපක්‍ෂ දැඩි විවේචනයක්‌ එල්ල කළේය. එහෙත් ඒ විවේචනය ඒ තරම් දුරදිග නොගියේ ජනාධිපතිවරයා සරත්ට බනිනවාට එතරම් කැමැත්තක්‌ නොදැක්‌වූ නිසාය. දැන හෝ නොදැන සරත් ඒ තරමට ම වත්මන් රජයේ පීඩක බලවේගයක්‌ව ඇති බව සමහර මැති ඇමැතිවරු අවබෝධකර ගත්හ. වත්මන් රජයේ දූෂිතම ඇමැතිවරු 6 දෙනෙක්‌ සිටින වගත්, තමන්ට බලය තිබේ නම් මේ 6 දෙනා රටට හෙළිකර පන්නා දමන බවත් සරත් තම විවේචන තුළ කියා තිබුණත්, ඒ 6 දෙනා කවුද කියා කියන්නට තරම් ඔහු එඩිතර නොවීය. එහෙත් මේ මහප්‍රාණ කතා නිසා වසඟයට පත් වී ඇති රාජ්‍ය නායකයන්ට ඇති බිය නිසා රජයේ ඇමැතිවරු විශාල පිරිසක්‌ සරත් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලද්දේ නිහඬ ප්‍රතිපත්තියකි. විඡේදාස රාජපක්‍ෂ කළ විවේචනය අමාත්‍යවරු සිතින් අනුමත කළත් වචනයෙන් යමක්‌ ඊට එකතු කරන්නට පසුබට වූයේ ජනාධිපතිවරයා සරත් විඡේසූරිය පිළිබඳ දැක්‌වූ ප්‍රසාදජනක ස්‌ථාවරය නිසාය.

පසුගිය සතියේ තවත් කැපී පෙනෙන සිදුවීමක්‌ ලෙස වාර්තා වූයේ එක්‌තරා ප්‍රශ්න කිරීමකට හිටපු හමුදාපතිවරයකු වන මේජර් ජෙනරාල් දයා රත්නායක ජනාධිපති පරික්‌ෂණ විශේෂ කොමිසම වෙත කැඳවීමය.

පසුගිය බ්‍රහස්‌පතින්දා මෙසේ ගෙන්වන ලද හමුදාපතිවරයාගෙන් කොමිසම පැය 05 කට අධික කාලයක්‌ ප්‍රශ්න කර තිබීම කා අතරත් විමතිය දනවන කාරණාවක්‌ විය.

ඊට එක්‌ හේතුවක්‌ වූයේ පසුගිය දිනක හමුදාපතිවරු කුදලාගෙන ගෙනවිත් ප්‍රශ්න කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද තම කනස්‌සල්ල හා විරෝධය පළ කර තිබීමය. ජනාධිපතිවරයා මෙසේ කියා තිබියදීත් දයා රත්නායක මහතාගෙන් මෙසේ ප්‍රශ්න කරමින් පසුගිය ආපදා සමයන්හි යුද හමුදා සුභසාධන අරමුදලට ලැබුණු රුපියල් මිලියන පනහක මුදලක්‌ වියදම් කළ ආකාරය ගැන විමසීම ජනාධිපතිවරයාගේ zඅදහසටZ මුලුමනින්ම එකඟ නොවන කාරණාවක්‌ විය. හමුදාපතිවරයා මෙම මුදල් යොදවා තිබුණේ ආපදාවන්ට හසුවී අසරණ වූ පොදු ජනතාව වෙනුවෙන් සහන සලසන්නටය.

දයා රත්නායක මහතා මේ පිළිබඳව සිටියේ දැඩි කණස්‌සල්ලෙනි. ඔහුගෙන් මාධ්‍යවේදීහු මෙසේ ප්‍රශ්න කර සිටියහ.

ජනාධිපතිතුමා මේ ප්‍රශ්න කිරීම් ගැන නොදන්නේදැයි ඔහුගෙන් මාධ්‍ය විමසා සිටියහ. ඊට ඔහු හරි අපූරු උත්තරයක්‌ දුන්නේය.

"එතුමා ඒක හෙට අනිද්දා පත්තරයක්‌ බලලා දැන ගනීවි".

මේජර් ජෙනරාල්වරයා කට කොනකට නගා ගත් සිනහවකින් යුතුව කීවේය. මේ සෑම කටයුත්තකින්ම තහවුරු වූයේ එදා ජනාධිපති කවර හෝ හේතුවක්‌ නිසා කියූ කතාව කිසි ලෙසකත් බොරු නොවන බවයි. කවුරු ඉල්ලා අස්‌වුවත් කවුරු කළකිරී සිටියත් මොන තරම් බහුජන සංවිධාන උද්ඝෝෂණ කළත් දිගටම සිදුවන්නේ මෙයම බව මෙමගින් මහජනයාට තහවුරු විය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.