2016 ඔක්‌තෝබර් 30 ඉරිදා
 

 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

යාපනයේ සෙල්ලම් මඬින්න හමුදාව අවසර ඉල්ලයි

උතුරේ ක්‍රියාත්මක වන "ආවා ගෲප්" නමැති මැර කල්ලියට ආවරණය දීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනකු ක්‍රියා කරන බව අනාවරණය වී ඇත.

මොකක්‌ද මේ කෝප් කොටු කළ බැ`දුම්කර හොරු
අල්ලස්‌ කොමිසමටත් මාට්‌ටු... හැබැයි යට ගහලා

මේ ජය ග්‍රහණය යථාර්ථයක්‌ වනු ඇත්තේ මේ කෝප් නිර්දේශ ප්‍රකාරව ජනාධිපතිවරයා නීතිමය පියවර, අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් පමණක්‌ බව අපි කියා සිටිමු.


ආණ්‌ඩුව දෙන්න බෑ කියු විජේවීර පවුල අන්තිමට සිටි
අත්තනායක බංගලාවේ ඇත්ත කතාව මෙන්න...

රුපියල් ලක්‌ෂ 08 ක්‌ ගෙවා, මිලදී ගත් නව බංගලාව හා ඉඩමට ඔප්පුව ලිවීමේදී එහි වටිනාකම ලෙස දක්‌වා තිබුණේ රුපියල් ලක්‌ෂ හතරක්‌ පමණි.


රට බෙදීමේ මාර්ග සිතියමේ න්‍යායාත්මක පදනම

ප්‍රභාකරන් ආයුධ පෙන්වා ඉල්ලා සිටි බලය සහ දැන් සම්බන්ධන් මහත්තයලා සහ සෙයිඩ් අල් හුසේන්ලා එකට එක්‌වී මානව හිමිකම් කෙවිට පෙන්වා ඉල්ලා සිටින බලය අතර ඇති වෙනස කුමක්‌ද?


සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් ගේම...

සිංහලෙන් නවතිනු කිව්වාම දෙමළ ළමයින්ට තේරෙන්නේ නැතිව ඇති. ඇයි දෙමළ පොලිස්‌කාරයෝ දාන්න බැරි?  සිංහලෙන් අණ දෙනවා, ඇහුවේ නැත්නම් වෙඩි තියනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?  - වික්‍රමබාහු


තරුණයන් වෙඩි කෑ පසු යාපනේ අලුත්ම කතාව...

පොලිස්‌ වෙඩි පහරට ලක්‌ව මිය ගියා කියන නඩරාජා ගජන් සහ සුදන්දිරාජා සුලක්‌ෂන් යන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ද 'සුදෝ සුදු' චරිත නොවේ. කාලයක්‌ ශිෂ්‍යභාවය අහෝසි කර තිබී........


බිරිඳගේ ශරීර අවයව විකුණා දැමූ අධමයකු ගැන කතාවක්‌

අක්‌කා මරලා වකුගඩු විකුණලා තියෙනවා. ඇස්‌ දෙකත් තිබුණේ නෑ. ඒ ලැබුණු සල්ලිවලින් කොටසක්‌ වෙන්න ඇති දුවගේ පොතට එවන්න ඇත්තේ. මේ පිළිබඳව මහව පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා....


මෙහෙම ආණ්‌ඩුවකින් රටට සත පහක වැඩක්‌ නෑ - මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

අද රටේ ආණ්‌ඩු දෙකක්‌ තියෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ බරට කරගැහුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්‌ඩුව මොනවා කරනවද කියල කියන්ඩ බෑ.


හොරෙන් අලි අල්ලන මහා ජාවාරමේ ඇතුලු පැත්ත මෙන්න...

සමහර වෙලාවට පැටිය ගන්න ඇතින්න මරනවා. කැලේ කරක්‌ ගහන කොට කිහිප වතාවක්‌ම ඔය පව්කාර වැඩේ ඇහැ ගැහිලා තියෙනවා. ගහකට මුවා වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න කාට කියන්නද...


චන්ද්‍රිකා ලසන්ත ගුටි කෙළිය ඇරඹෙයි

චන්ද්‍රිකා සහ ලසන්ත අතර මුල් වතාවට ප්‍රශ්නයක්‌ ඇති වන්නේ ඔහු සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ලේකම්ව සිට එම තනතුරින් ඉවත් වී යූ.එන්. පියට ගිය මොහොතේදී ය.


මකර තොරණක්‌ කරේ තියන් ගිය හොරෙක්‌

පල් හොරුන්  පුසුල්පිටිය රජමහා විහාර පුරාවස්‌තු කොල්ලය සිදු කරන්නේ පොලිසියවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවත් නොදත් බොහෝ වටිනාකම් එහි ඇති බව පුරාවිද්‍යා කොල්ලකරවන් හොඳින් දන්නා බැවිනි.....


මාස්‌ටර්ප්ලෑන් එක්‌ක හැප්පෙන කුඩුම්බිගල පුරා විද්‍යා ප්ලෑන

අක්‌කර 640 වන අරණ පුරාවට මෙම පුදබිමෙහි විවිධ වූ පුරාවස්‌තුන් විසිර ඇත. මෙම සෙනසුනෙ පර්වත මස්‌තකයේ දාගැබ් 08 ක්‌ පමණ තිබී ඇත. අතිතයේ සගරුවනට නිබදවම සෙවන දුන් කටාරම් කෙටූ ළෙන් සියයකට........


ගසා කන්නන්ගෙන් දුක්‌ විඳින උනවටුන

මොවුන් විදේශීය සංචාරකයකු මුණගැසූ විට පළමුව අසන්නේ බෝට්‌ටු සවාරියක්‌ යමුද කියාය. ඉන්පසු ඉල්ලන්නේ දුම්වැටියකි. පසුව එම විදේශීය සංචාරකයා සමඟ හිතවත් වන මේම කල්ලිය නුඹට ගංජා, මරුජුවානා,....


උක්‌කුං කල්ලිය
තක්‌කු මුක්‌කු කළ
මට්‌ටක්‌කුළියේ
චිකාගෝ කල්ලිය

චූටි උක්‌කුං නමැති ඇම්බැට්‌ටයා වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ මන්නා පිහිවලින් මිනිසුන්ට පහරදීමටය. ඔහුගේ කල්ලියේ සෑම සාමාජිකයෙක්‌ ළඟම මන්නා පිහියක්‌ අනිවාර්යෙන්ම තිබුණි.


ත්‍රස්‌ත අරමුණු වෙනුවෙන් උතුර අස්‌ථාවර කිරීම

උතුර අස්‌ථාවර කිරීමෙන් වාසිය සැලසෙන්නේ කවුරුන්ටද? කොටි හිතවාදී බලවේගවලට පමණි. ඉදිරියේදී තව තවත් උද්ඝෝෂණ හා පෙළපාලි සංවිධානය නොවනු ඇතැයි කවරකුට හෝ අනාවැකි පළකළ හැකිද?


 
  • විවෘත විශ්වවිද්‍යාලයේ අරුම පුදුම වැටුප් ගෙවීමක්‌
    මහාචාර්යවරයාට රු. 500 යි
    සේවකයාට ලක්‌ෂ දෙකයි

    අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් 1200 ක්‌ පමණ සිටින මෙම විශ්වවිද්‍යාලයේ වැටුප් අංශයේ නොසැලකිලිමත්කම මෙම අවුලට හේතු වී ඇත.

  • මහ බැංකුවේ ආරක්‍ෂාවට
    ප්‍රබල ඇමැති බෑනා කෙනෙක්‌

    අදාළ අයෑදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කොට ඇති මෙම බෑනා එම ඇමැතිවරයා හරහා මහ බැංකු අධිපතිවරයා වෙත අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ ද යොමු කොට ඇත.
     

  • මැතිවරණයක්‌ තිබ්බා කියලා කිසිම දෙයක්‌ වෙන්නෑ - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පුබුදු කියයි

    දිනෙන් දින උසස්‌ අධ්‍යාපනයට වෙන් කරන වියදම අඩු කරනවා. ඒවා කරන ගමන් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න යන්නෙ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට සටන් කරන්න නොදී, ඔවුන්ට ඉගෙන ගන්න දීලා රටේ අනිකුත් දෙමාපියන්, කම්කරු ඇතුළු බලවේග අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ යුතුයි.

  • පාර්ලිමේන්තුවේ විපක්‍ෂයෙන් අගමැති රනිල්ටත් ඇමැති සජිත්ටත් නව රැකියා දෙකක්‌

    ඇත්තටම සජිත්.... මේ ගෙයක්‌ හදන්න කීයක්‌ යනවද? * සර් හිතන්නේ කීයක්‌ විතර...
    * පෙනුමෙන් නම් ලක්‍ෂ 7 ක්‌ 8 ක්‌ යනවා වගෙයි.
    *අපි දෙන්නේ ඉඩමයි ලක්‍ෂ 3 ක ණය මුදලකුයි විතරයි. ප්‍රජාව සහභාගිවෙලා තමයි ගෙවල් හදන්නේ. මේ ඉතාම සාර්ථක ක්‍රමයක්‌... සජිත් වටහා දුන්නේය.
    * මේ වසරේදී වගේම සජිත් 2017 දීත් මේ වැඩපිළිවෙළ සාර්ථකව කරයි කියල තමයි මම බලාපොරොත්තු වන්නේ... ජනාධිපති මෛත්‍රී කීවේය.

  • මොබිටෙල් eChannelling
    සේවාව සවිබල ගන්වයි

    මෙරට ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල්, මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් නව මානයකට ගෙනයාමේ අරමුණ ඇතිව eChannelling සේවාව සිය සේවාවන් රැස අතරට එක්‌කරගැනීමට කටයුතු කර තිබේ. ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් මෙරට මහජනතාව වෙත වැඩිවැඩියෙන් සමීප කරවීම සඳහා මෙම පියවර ගත් බව සමාගම පවසයි.

  • මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත Dialog වෙතින් විශේෂ දීමනාවක්‌

    මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් හට, පහසු ගෙවීමේ ක්‍රමයට Smart ජංගම දුරකථන මිලදී ගැනීමේ වඩාත් පහසු ක්‍රමවේදයක්‌ හඳුන්වාදීමට Dialog සමාගම කටයුතු කර ඇත.

 

  • මනමේ හැදුවේ කොහොමද?
    මහාචාර්ය සරච්චන්ද්‍ර එදා පැහැදිලි කළ හැටි

    මගේ අදහස වූයේ බිසව අහිංසක ස්‌ත්‍රියක ලෙස නිරූපණය කිරීමය. සිදු වූ දෙයින් ඇය තිගැස්‌සුණාය. අන්දුන්කුන්දුන් වූවාය. ඒ අවස්‌ථාවෙහි ඇයට පිහිට වීමට සිටියේ වැදි රජු පමණි. එබැවින් ඇය ඔහුට සමීප වූවාය. තමා අනාථ වූ බැවින් අන්දුන්කුන්දුන් වී වැදි රජු වෙත තම සහාය දැක්‌වූවාය.

  • බැඩ්මින්ටන් කන්නයි අපි ආවේ...
    සල්ලිත් කාලයි අපි යන්නේ...

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු මුදල්, නවාතැන් පහසුකම්, ආහාර, ගුවන් ගමන් සඳහා ලැබෙන සහනදායී මුදල් ද මහ දවාලේම මංකොල්ල කමින් පාටි දමමින් කති. බොති. මේ විෂමාචාර ක්‍රියාවන් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය වීම කනගාටුදායකම කරුණ බවට පත්ව තිබේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.