කෲරත්වය හමුවේ පරව ගිය මිතුදමේ සුවඳ කුසුම
බෲනෝ, සැමුවෙල් හා කටුකම්බි වැට

ඈත කඳුවැටියට උඩින් හඳ තැටිය මා දිහා බලාගෙන ඉන්නව. මම ඉන්නෙ අපේ ගෙදර ආලින්දයේ උසට තියන කණුවකට පිටදීල වාඩිවෙලා. එන්න එන්නම කථවර වැඩි වේගන එනව. මම කල්පනා කළේ මගේ යාථවො ගැන. ඒ යාථවො සේරම දාල මට මේ පාථ කතරට එන්න වුණා තාත්ත හින්ද. මගේ තාත්ත ඉස්‌ටේසන් මාස්‌ටර් කෙනෙක්‌. රස්‌සාවෙ හැටියට කියපු තැනකට යන්න වෙනව කියලයි තාත්ත කිව්වෙ.

ඉත්sන් අපි ගෙදර සේරම බඩුමුට්‌ටු පොදි බැඳ ගෙන මෙහාට ආව. මම ඉතින් කෝච්චි දිහා බල බල ඉන්නව.

මට එකපාරටම කවුරු හරි උගුර පාදනව වගේ ඇහුණ. හරි පුදුමයක්‌නේ අපේ ගෙදර මිදුලට ටිකක්‌ ඈතින් තියන මාර ගහ යට ළමයෙක්‌ වාඩි වෙලා ඉන්නව. ඒයා මගේ වයසෙම වගේ කෙනෙක්‌. එයාගේ මුහුණ නම් ඒතරම් හොඳ නෑ. බොහොම කණගාටුවෙන් වගේ ඉන්නෙ. ඇඳගෙන ඉන්නෙ සුදු ඉරි වැටුණු පිජාමා ඇඳුමක්‌. එයාගේ හිස සහමුලින්ම මුඩු කරල.

ඔහ්, එයාගේ ඉස්‌සරහින් වැටක්‌. උස කම්බි වැටක්‌. මම මීට කලින් මේ වගේ වැටක්‌ මෙතැන තියනව දැකල නෑ. හරි පුදුමයි. දැනුයි දැක්‌කෙ. වැටට එහා පැත්තෙ තවත් ළමයෙක්‌ වාඩිවෙලා ඉන්නව. එයා අර ළමයට වඩා සහමුලින්ම වෙනස්‌. හොඳ කමීසයක්‌ නිල් පාට කොට කලිසමක්‌ ඇඳල පාවහන් දෙකකුත් දාල. කොණ්‌ඩෙත් හොඳට පීරල එහෙම. ඒ ගොල්ල කතා කරනව. මම නැගිටලා මාර ගහට ටිකක්‌ ඈතින් තිබුණු ගල උඩින් වාඩි වෙල අහගෙන හිටිය.

"මම ඉන්නෙ වැටෙන් මෙහා පැත්තේ තියන ගේක. මගේ නම බෲනෝ" හොඳට ඇඳ පැළඳ සිටි ළමයා කිය.

"මම සැමුවෙල්" අනිත් පැත්තෙ සිටි ළමයා කිSවේය.

"ඔයා මගේ වයසේම කෙනෙක්‌ නේද? මට නම් දැන් අවුරුදු 9 යක්‌ වෙනව 1934 අප්‍රෙල් 15 තමයි ඉපදිලා තියෙන්නෙ"

"පුදුමයි. මගේ වයසත් 9 යයි නෙ. උපන්නෙත් 1934 අප්‍රේල් 15 දාමයි. ඔයා කෙහේ ඉඳල ආව කෙනෙක්‌ද?"

"මම ආවෙ බර්ලින් නුවර ඉඳල. ඔයා ජර්මනියේ කෙනෙක්‌ නෙවිද?"

"නැහැ. මම පෝලන්තයෙ කෙනෙක්‌."

"එහෙ ජර්මනිය තරම් හොඳ නැතුව ඇති"

"ඒ මොකද?" සැමුවෙල් ඇසීය.

"අපේ තාත්ත කියන්නේ සේරම රටවලට වඩා ජර්මනිය ශ්‍රේෂ්ඨ ය කියලයි එයා මෙහේ අණ දෙන නිලධාරි නෙ"

සැමුවෙල් සිනාසුණා මිස කිසිවක්‌ කීවේ නැත.

"ඒත් දැන් ඔයා ඉන්නේ පෝලන්තයෙ" සැමුවෙල් ටික වේලාවකට පසු කීවේය.

"මට ඔයාගෙන් යමක්‌ අහන්න පුථවන්ද?"

"අහන්න"

"අර තරම් විශාල සෙනගක්‌ කොටුකරල වැටෙන් එහා පැත්තෙ ඉන්නෙ ඇයි? ඔයාල මොනවද එතන කරන්නෙ?"

"ඔයා කොහොමද දන්නෙ?" සැමුවෙල් ඇසීය.

"මම දැක්‌කා. අපේ ගෙදර උඩු මහලේ මගේ කාමරය තියෙන්නෙ. ජනේලයෙන් බැලුවාම මට පෙනුණා"

ටික වේලාවක්‌ නිහඬව කල්පනා සහිතව සිටි සැමුවෙල් කතා කළේය.

"අපි මෙහාට එන්න කලින් හිටියෙ පුංචි මහල් නිවාසයක. මගේ අම්ම තාත්ත මල්ලි ජෝසප් අපි සේරම. තාත්ත කළේ ඔර්ලොසු හදන එක. එයා මට ලස්‌සන ඔර්ලෝසුවක්‌ දුන්නා....,

"ඉතින් ඒක කෝ?"

"එක එයාල උදුර ගත්තා"

"කවුද එයාල කියන්නෙ?"

"වෙන කවුද සොල්දාදුවො මිසක්‌"

ඔහොම ඉන්න කොට සේරම වෙනස්‌ වෙන්න පටන් ගත්ත. අම්මා අපට අත්පටි මහලා දුන්න. ඒවා අපි කවුරුත් පැළැඳ සිටිය යුතු වුණා. මාස කීපයක්‌ම අපි එහෙම හිටියා. දවසක්‌ අපට ස්‌sදු වුණා ක්‍රැකෝ නගරයේ උස තාප්පයක්‌ බැඳපු තැනකට යන්න. තවත් පවුල් තුනක්‌ එක්‌ක අපි සේරම හිටියේ එකම කාමරේ.

ඒක මහ ජරා පැත්තක්‌. හැම තිaස්‌සෙම සද්දේ සද්දේ. ඔහොම ඉන්න කොට දවසක්‌ සොල්දාදුවො ඇවිත් අපි ලොකු ට්‍රක්‌ එකකට පැටෙව්ව. සමහර කෙනෙක්‌ හැංගුනා යන්න බැහැ කියල. ඒත් ඒ හැම කෙනෙක්‌ම අල්ලාගෙන ට්‍රක්‌ එකට දැම්මා.

ඊට පස්‌සෙ ට්‍රක්‌ එක කෝච්චියක්‌ නවත්තපු තැනකට අරගෙන ගියා....... සැමුවෙල් කතාව නවතා නිහඬව සිටියේය.

ඒ කෝච්චිය මහ එපා කරපු එකක්‌. කෝච්චියේ පෙට්‌ටිවල ඕනවටත් වඩා තද කරල මිනිස්‌සු පැටෙව්වා. සුළගක්‌ කියා දෙයක්‌ නැහැ. හුස්‌ම ගත්තෙත් හරි අමාරුවෙන්. ඒ වගේම උහුලන්න බැරි තරමට ගඳයි. කෝච්චියේ දොරවල් අරින්න බැරි විදියට ලෑලි ගසා තදකර ඇණ ගසා වහලා. අන්තිමට අපි දරා ගන්න බැරි තරමේ සීතල තැනකට ආවා. කෝච්චියෙන් බැහැලා පයින් යන්නත් වුණා ගොඩක්‌ දුර. ඒගොල්ල මගේ මමා අපෙන් වෙන් කළා. තාත්තවයි මායි මල්ලියි වෙන තැනකට ගිහින් දැම්මා." කියූ සැමුවෙල් මෙසේ ඇසුවේය.

"ඔයා ළග කෑම හෙම මොකුත් තියෙනවද? මට හරි බඩගිනියි."

"නැහැ ගෙදර නම් චොකලට්‌ වගයක්‌ තියෙනවා. ගේන්න අමතක වුණා"

"ඔය පාන් වගේ දෙයක්‌ නැද්ද?

සැණකින් අඳුරු වී දර්ශනය මාරු විය.

", මම අද ටිකක්‌ පරක්‌කු වුණා. මට සමාවෙන්න" බෲනෝ තමා රැගෙන ආ පාන්a හා චොකලට්‌ කම්බිවැට අතරින් සැමුවෙල් වෙත තල්ලු කරමින් කීය.

"මම මාරියා එක්‌ක කතා කළා. " ගිජු ලෙස පාන් ගිල දමන සැමුවෙල් දෙස බලමින් බෲනෝ කීය.

"කවුද මාරියා කියන්නෙ?"

"එයා අපේ ගෙදර සේවිකාව නෙ. එයා හරි හොඳයි. එත් කතා කරන්න හරි බයයි. අපේ ගෙදර ඉන්නවා පවෙල් කියලා කෙනෙක්‌ එයා වයසක කෙනෙක්‌ එයා තමයි ගෙදර කෑම මේසය සූදානම් කරන්නෙ.

දවසක්‌ මම ඔංචිල්ලාවෙන් වැටිලා කකුල තුවාල වුණාම එයා තමයි බේත් දැම්මෙ දොස්‌තර කෙනෙක්‌ වගෙ. මෙහාට එන්න කලින් එයා දොස්‌තර කෙනෙක්‌ කිව්වම මට හිනා යන්නත් ආව. මම ඒක මාරියාගෙන් ඇහුව. ඒක ඇත්ත. එයා මෙහාට එන්න කලින් පෝලන්තයෙ දොස්‌තර කෙනෙකු විදියට වැඩ කරල තියෙනවා. ඒත් දැන් එයා දොස්‌තර කෙනෙක්‌ නෙවි. එයා දැන් අපේ කුස්‌සියෙ කැරට්‌ කපනවා.

එයාට මෙහේදී දොස්‌තරකම කරන්න ඉඩ දීල නැහැ. සොල්දාදුවන් කැමති නැහැ මිනිස්‌සු හොඳින් ඉන්නවා දකින්න. ඒත් වෙන රටවල නම් හොඳ සොල්දාදුවන් එහෙම නැහැ"

"හොඳ සොල්දාදුවන් කියලා ජාතියක්‌ නැහැ. " සැමුවෙල් වහා කීය.

"ඔයා ඒ මනුස්‌සයා අ\qනනවද? බොහොම වයසක කෙනෙක්‌. රෑ කෑම මේසෙ වැඩ කරන කොට සුදු ජැකට්‌ එකක්‌ ඇඳන් ඉන්නෙ. එයා තමයි පවෙල්.

"නෑ මම එහෙම කෙනෙක්‌ ගැන දන්නෙ නැහැ. ඔය වගේ කොච්චර අය මෙහාට පෝලන්තයෙන් ඇවිත් ඉන්නවද? අපි මෙහේ දහස්‌ ගණනක්‌ ඉන්නවා. ඒ වගේම වෙනත් රටවලින් ආපු අයත් ඉන්නවා. චෙකොච්ලෝවේකියාව වගේ."

"මට ඔයාගෙන් කාරණාවක්‌ අහන්න තියෙනව."

"එ මොකක්‌ද?"

"ඇයි ඔයා හැම වේලෙම ඔය ඉරි දාපු පිජාමා එකම අඳින්නෙ? උදේට වෙනත් ඇඳුමක්‌ අඳින්නේ නැත්තෙ ඇයි?"

"මට වෙන ඇඳුම් නෑ. මම මෙහාට ආවට පස්‌සෙ අපේ ඇඳුම් ඒ ගොල්ල ගලව ගත්ත. මේ පිජාමා එක තමයි හැම තිස්‌සෙම ඇඳන් ඉන්නෙ."

මීදුමක්‌ වැනි දුමාරයක්‌ ඔවුන් වසා ගෙන යන්නට විය. ඊට පසු දිස්‌වූයේ පිරිමි ළමයෙකු හා ගැහැනු ළමයෙකු සිටින කාමරයකි. ගැහැනු ළමයා බෲනෝගේ සොයුරිය ග්‍රේටල් ය.

"අක්‌කේ. මට දැනගන්න ඕන අර කම්බිවැට ගැන. මොන එකකටද ඒක ගහලා තියෙනනෙ කියලා මට දැනගන්න ඕන"

"ඇයි ඔයා ඒ ගැන දන්නෙ නැද්ද?"

" මට තේරෙන්නෙ නැහැ අපිට ඒ පැත්තට යන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියල. ඒ පැත්තට ගිහිල්ලා සෙල්ලම් කරාම ඇති වැරැද්ද මොකක්‌ද?"

"බෲනෝ, ඒ වැට තියෙන්නෙ අපි ඒ පැත්තට යන එක නවත්තන්න නෙවි. ඒ පැත්තෙ අය මෙහාට එන එක නවත්තන්නයි. ඒගොල්ල එකට තියන්න ඕන නිසා. "

"ඒ කියන්නේ "

"ඒ කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ජාතියෙ කට්‌ටිය එකට තියන්න ඕන නිසා"

"ඒ ගොල්ලන්ගෙ ජාතියෙ කට්‌ටිය කිව්වේ?"

"ඒ ගොල්ල යුදෙව්වො ඒ අයට අපිත් එක්‌ක එකට ඉන්න බැහැ"

"අපි යුදෙව්වො නෙවිද"

"නැහැ." ගැහැනු ළමයා තදින් කීය. ඇගෙ මුහුණේ වූයේ කෝපයක්‌ හා පිළිකුලකි.

"එහෙනම් අපි කවුද?" බෲනෝ ඇසීය.

"ඒක මම දන්නෙ නැහැ. කොහොම උනත් අපට එවුන් එක්‌ක එකට ඉන්න බැහැ"

"මට තේරෙනවා, යුදෙව්වො වැටෙන් එහි පැත්තෙ විරුද්ධ කට්‌ටිය වැටෙන් මෙහා පැත්තෙ"

"හරියට හරි"

යළිත් පැමිණි මීදුමකින් වැසී දර්ශන තලය මාරු වි ගියේය. නැවතත් බෲනෝ හා සැමුවෙල් කම්බිවැට දෙපැත්තේ ඉඳගෙන සිටිනු දක්‌නට ලැබුණි. ටික වේලාවක්‌ කතාකරමින් සිටි බෲනෝ මෙසේ ඇස්‌ය.

" මටත් බැරිද ඔය පැත්තට එන්න. එතකොට අපට සෙල්ලම් කළ හැකිනෙ. බලන්නකො තාත්ත මගේ හිස බූ ගෑව නෙ උකූණෝ බෝවෙල කියල. මාත් දැන් ඔයා වගෙයි. "

"ඒක ඇත්ත මම වගේම තමයි. ඒත් කොහොමද ඔයා මේ පැත්තට ගන්නෙ?"

"මටත් ඔය වගේ ඇඳුමක්‌ තියෙනව නම් වැඩේ හරි. මට මේ වැටෙන් රිංගල එන්න පුථවන් නෙ"

"හරි මම බලන්නම් කො ඇඳුමක්‌ ගේන්න පුථවන්ද කියල"

යළිත් දර්ශනය මාරු විය. මීදුම පහව ගිය පසු ළමයි දෙදෙනා පැහැදිලිව දිස්‌ විය. සැමුවෙල් අතෙහි කුඩා පොදියක්‌ විය.

"මෙන්න මම ඇඳුම් ගෙනාවා දැන් ඉක්‌මණට ඇඳ ගන්න."

බෲනෝ තම ඇඳුම් ගලවා ඉරි සහිත පිජාමාව ඇඳගනී. පාවහන් ගලවා පසෙකින් තබයි. සැමුවෙල් කමිබිපොට ඔසවා ගෙන සිටී බෲනෝ ඉතා අපහසුවෙන් බිම දිගේ ඇදී එයින් රිංගා අනිත් පැත්තට පැන ගනී.

"හරි ඔන්න මං ආවා" බෲනෝ තම මිතුරාගේ අත් අල්ලා ප්‍රීතියෙන් කියයි. අනතුරුව දෙදෙනාම කඳවුරේ ඈතට දිව ගොස්‌ නොපෙනී යතිs. "

ඉන්පසු මට පෙනුනේ කිසියම් ගුහාවකට ඇතුථ වන මිනිස්‌ පේළියක්‌. ඔවුන් පේළියට එයට අතූථ වනු පෙනිණ. බෲනෝ හා සැමුවෙල් ඒ අතර විය. ඉන්පසූ දොර වැසිණ. අනතරුව ගුහාව මුදුනේ වූ කවුථවෙන් දුම්රැලි නැගිණ. ඒ දුම් ගොබ අතරේ මා දුටුවේ දුම් වැදී පිලිස්‌සී ගිය බෲනෝ හා සැමුවෙල්ගේ මුහුණු දෙකය,

මහත් සේ බියට පත් වූ මට ඉබේටම කෑගැසිණ. අම්මා නිවසේ සිට මා දෙසට දුව එනු මට යාන්තමට පෙනිණ.

පසු සටහන -- මේ දරුවන් දෙදෙනා පිළිබඳ කිසිම තොරතුරක්‌ ඉන් පසු අසන්නට ලැබුණේ නැත. බෲනෝගේ මව දරුවා ආපසු එතැයි සිතා කලක්‌ එහි නැවතී සිට යළි බර්ලිනයට ගියේ පුතා එහි ගොස්‌ ඇතැයි සිතාය. එහෙත් ඔහු එහි නොවීය. අණදෙන නිලධාරී බෘනෝගේ පියා දරුවා ගැන සිතමින් පසුව සිහි විකල්ව මිය ගියේය.

මෙය නිර්මාණයක්‌ වුවද මෙවැනි ෙ€දාවාචකයන් කොතෙක්‌ එකල සිදුවෙන්නට ඇත්ද? නිර්මාණය හැමවිටම සැග වූ සත්‍යය මතුපිටට ගෙන දක්‌වන බැවිනි.

ලීලානන්ද වික්‍රමසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.