රජය සතු නාඩු වී තොග නිකුත් කිරීමෙන්
මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්

චෝදනා ගැන ඩඩ්ලි කතා කරයි

සාකච්ජා කළේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත

රජය සතු වී තොග නිසි පරීදි වී මෝල් හිමියන්ට නොදී වෙනත් අතරමැදියන් පිරිසකට ලබාදීමට අදාළ විෂය භාර ඇමැති පී. හැරිසන් මහතා ක්‍රියා කිරීම දැනට සහල් මිලේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක්‌ බව පසුගියදා මාධ්‍ය හමුවක්‌ පවත්වමින් අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන චෝදනා කර තිබුණි.

ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ සොහොයුරෙකි. එසේම ඔහු රටේ ප්‍රධාන සහල් අලෙවි කරුවෙකි. රටේ දැනට සහල් මිල ඉහළ යැම සම්බන්ධයෙන් ඔහුට ද චෝදනා එල්ල වී ඇති නිසා ඔහු මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක්‌ පවත්වා කරුණු පැහැදිලි කළේය. ඒ පිළිබඳව අප ඇසූ ප්‍රශ්නවලට අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඇයි මේ දවස්‌වල සහල් මිල මේ තරම් ගණන්?

පිළිතුර - දැනට රජය සතුව නාඩු සහල් ටොන් ලක්‌ෂ එකහමාරක පමණ වී තොගයක්‌ තිබෙනවා. මේවා පසුගිය අස්‌වැන්නට කලින් ගත් වී තොග. මේ නාඩු වී තොගය වී මෝල් හිමියන්ට නිසි පරිදි නිකුත් කළා නම් ප්‍රශ්නයක්‌ වන්නේ නෑ.

ප්‍රශ්නය - රජය කියනවා නේද මේ වී තොග නිකුත් කරනවා කියලා?

පිළිතුර - එහෙත් විෂයභාර ඇමැතිවරයා අදාළ වී තොග වී කිලෝවක්‌ රු. 43. 65 ගානෙ ඇතැම් අතරමැදියන් පිරිසකට ලබා දෙනවා. ඔවුන් තවත් ලාභයක්‌ ලබාගෙන එම වී කිලෝවක්‌ නැවත රු. 55 කට පමණ අලෙවි කරනවා. මේ පියවර නිසා කිසිසේත්ම සහල් මිල අඩු කළ නොහැකියි. මෙහෙම අතරමැදියන්ට වී දීම නිසා සහල් කිලෝවක්‌ රු. සියයක්‌ දක්‌වා ඉහළ යන එක පුදුමයක්‌ නෙවෙයි.

ප්‍රශ්නය - ඒ කොහොමද?

පිළිතුර - අතරමැදියන් රු. 55 කට වී කිලෝවක්‌ මිලදී ගත් විට ඉන් හාල් කිලෝවක්‌ නිෂ්පාදනය කිරීමට වී කිලෝවකුත් ග්‍රෑම් 600 ක්‌ අවශ්‍ය වෙනවා. එවිට රු. 82 ක පමණ වී අවශ්‍ය වෙනවා එක සහල් කිලෝවක්‌ හදන්න. ඒ සඳහා නිෂ්පාදන වියදම් සහ ප්‍රවාහන වියදම් ඇතුළු වෙනත් වියදම් දැරූ විට හාල් කිලෝවක්‌ වීම රු. 100 ක්‌ වීම නතර කළ නොහැකියි. මේ සඳහා සම්පූර්ණයෙන්ම විෂයභාර ඇමැතිවරයා වගකිව යුතුයි. වී මෝලක්‌වත් නැති අතරමැදියන්ට වී දීමෙන් තමයි, මේක වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - අස්‌වැන්න අඩු වීමත් මේ සහල් මිලේ ප්‍රශ්නයට හේතුවක්‌ නේද?

පිළිතුර - ඔව් නියඟය නිසා අස්‌වැන්නත් අඩු වෙලා තියෙනවා. එහෙත් රජය සතුව තිබෙන වී තොග සහල් කිරීමෙන් ලබන වසරේ (2017) මැයි වෙනකම් සහල් මිල ඉහළ යැමේ ප්‍රශ්නයට අපට මුහුණ දිය හැකියි. ඒ සඳහා රජය සතු නාඩු වී තොග අතරමැදියන්ගෙන් තොරව නිසි පරීදි මෝල් හිමියන්ට ලබා දිය යුතුයි. එවිට සහල් නිෂ්පාදනයේදී අතරමැදියන්ට ලාභ ලබන්න බෑ.

ප්‍රශ්නය - නාඩු සහල් මිල මෙතරම් ඉහළ ගියේ ඇයි?

පිළිතුර - මේකයි ගොවීන් වැඩි වශයෙන් කීරි සම්බා තමයි, වගා කළේ. ඊට හේතුව වුණේ රජය කීරි සම්බා වී කිලෝවක්‌ රු. 50 ගණනේ මිලදී ගැනීමයි. නාඩු වී කිලෝව රජය ගත්තේ රු. 38 ට. සම්බ වී කිලෝව මිලදී ගත්තෙ රු. 41 ට. මේ හැම වී වර්ගයකටම ගොවියා දරන්නේ එකම මහන්සියක්‌. එකම මහන්සියක්‌ වෙලා අඩු මිලක්‌ ලැබෙන නිසා ගොවීන් කළේ නාඩු වගා නොකර වැඩි වශයෙන් ඉහළ මිලක්‌ ගන්න කීරි සම්බා වගා කිරීමයි. ඒ නිසා පසුගිය කන්නයේ අස්‌වැන්නෙන් නාඩු වී සියයට 15 ක්‌ වත් නෑ. සියයට 65-70 ක්‌ම කීරි සම්බා තමයි තියෙන්නේ. අපි ගාවත් කීරි සම්බා තියෙනවා. නාඩු තමයි ප්‍රශ්නය. එහෙත් රජය ඊට පෙර මිලදී ගත් නාඩු වී ටොන් ලක්‌ෂ එකහමාරක පමණ තොගයක්‌ තිබෙනවා. ඒවා නිසි පරීදි මෝල් හිමියන්ට නිකුත් නොකර විෂය භාර ඇමැතිවරයා සිදුකරන අසතුටුදායක ක්‍රියාකලාපය නිසා සහල් මිල අඩු කිරීමට බැහැ. ඇත්තවශයෙන්ම වී අලෙවි මණ්‌ඩලයේ ඇති වී තොග මේ හි`ගය අවස්‌ථාවේ නිසි පරීදි නිකුත් කිරීමෙන් ලබන මැයි මාසය වෙනකම් සහල් හ`sගයක්‌ ඇති වෙන්නේ නෑ. මිල ඉහළ යැම පාලනය කරගන්නත් පුළුවන්.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.